ආදර වැස්සේ තෙමෙන්නට හදන නතාෂා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ආදර වැස්සේ තෙමෙන්නට හදන නතාෂා



බැලූ බැල්මට ඇය නම් පිටරටක සිටින තරුණියකැයි කියා ඔබ හිතාවි. නමුත්, මේ සුරූපී තරුණිය පිටරටක කෙනෙක් නම් නොවෙයි. එදා අවුරුදු 13 ක් පමණ කාලයේදී ”සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” ගීතය ගැයූ නතාෂා පෙරේරාය. පසුගිය කාලයේදී නතාෂා බොහෝ ගීත ගායනා කර නොතිබුණද, අදටත් ඇය ගැන බොහෝදෙනා කතා කරන්නේ මේ ”සුළඟක් වී” ගීතය නිසාය. එදා පුංචි සුරංගනාවියක ලෙස පැමිණ ඒ අපූරු ගීතය ගැයීමට දායකවූ නතාෂා අද සූදානම් වන්නේ ”ආදර වැස්සේ” තෙමෙන්නටලූ?

මොකක්ද මේ ආදරවැස්ස? ඒ ගැන සහ නතාෂාගේ ජීවිතයේ නවමු තොරතුරු ගැන කියන්නට ඇය සඳැල්ල කතාබහ හැඩකළ විදියයි මේ.





”නතාෂා” හැබෑටම ඔබගෙ ඒ නාමයෙහි තේරුම මොකක්ද?
ජේසුතුමාගේ උපත කියන එක.


නතාෂා විතරද නම?
නතාෂා ෂෙලීන් පෙරේරා.


ඇයි ඒ විදියෙ නමක් ඔබට ලැබුණෙ?
මම උපන්නෙ ඉතාලියෙදියි.


ඉතාලියේ කොහේදීද?
රෝමයේදී.


රෝමය ගිනි ගනිද්දීත් එහේ හිටියද?
ආ... ආ.... එතකොට හිටියෙ ලංකාවේ.


ඇත්තටම ඔයා හරි වෙනස්වෙලා නේද?
එහෙම නැහැ. එදා හිටිය නතාෂාම තමයි. වෙනසකට තියෙන්නෙ විලාසිතා කලින් කලට වෙනස් කළ විදිය විතරයි.


ශ්‍රී ලංකාවේ කෙනෙක් නෙවෙයි වගෙයි පෙනෙන්නෙ? මොකක්ද මේ වෙනස?
හදවතින්ම සහ ගතිගුණ සියල්ල වෙතින්ම මම සියයට - සියයක්ම ශ්‍රී ලාංකිකයි. කාලයෙන් කාලයට විලාසිතාවලින් විතරයි වෙනස් වෙන්නෙ. ඒකට මම හරි කැමතියි. එහෙම කළාම මගේ හිතට සතුටුයි.


නමුත් එක්වරම මේ විදියට ඔබ දකින අය, ඔබ ශ්‍රී ලංකාවේ කෙනෙක් කියලා හිතන එකක් නැහැනේද?
බාහිර ස්වරූපයෙන් මොන විදියට පෙනුණත්, මම ශ්‍රී ලාංකීයයි. හොඳ ශ්‍රී ලාංකීය දියණියක්.
Untitled-24.jpg




මොකක්ද මේ ”ආදර වැස්සේ” තෙමෙන්න හදනවා කියන කතාව?
පෙබරවාරි 14 වැනිදා මම ආදර වැස්සේ තෙමෙන්නයි හදන්නෙ.


ඒ කිව්වෙ?
පෙබරවාරි 14 වැනිදා ශාන්ත ජෝෂප් විද්‍යාලයේදී පැවැත්වෙන සංගීත ප‍්‍රසංගයක්. ශිහාන් මිහිරංග, දසුන් මධුශංඛ, ප‍්‍රදීප් රංගන කියන තාරුණ්‍යයේ සුපිරි ගායකයින් තිදෙනා තමයි මේ ”ආදර වැස්ස” ආදරයෙන් හැඩකරන්නෙ.


එතකොට ඔබ?
මම තමයි එම ප‍්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවන්නෙ. එය මට අපූරු අත්දැකීමක් වේවි. මොකද මේ දක්වා මම නිවේදිකාවක ලෙස රූපවාහිනියෙ විතරයි කටයුතු කළේ. සජීවීව කරන මෙම ප‍්‍රාසාංගික කටයුත්ත මට හරි අපූරු දෙයක් වේවි. ඉතින් හැමෝම එන්න ආදර වැස්සේ තෙමෙන්න මා එක්ක.


ඉතාම නුදුරේදී ”නීතිඥවරියක” ලෙස දිව්රුම් දීමට නේද සූදානම?
ඔව්, මගේ වසර හතරක නීති අධ්‍යාපනය හමාර කළා. දැන් දිව්රුම් දීමට සූදානමින් සිටින්නෙ.


කොහොමද නීතිඥතුමිය, එතකොට මොනවගේ නඩුද කතා කරන්න කැමති?
මම මේ නීතිඥ විභාගයට පෙනී ඉඳලා ප‍්‍රතිඵල ගන්න ගොඩාක්ම මහන්සි වුණා. ඉතින් දැන් මට ආඩම්බරයි. මොනවගේ නඩුද කතා කරන්නෙ කියලා විශේෂයක් නැහැ. හැබැයි අපරාධ නඩු වෙනුවෙන් පෙනී සිටීමේ කැමැත්ත වැඩියි.


ඉදිරියේදී පූර්ණ කාලීනව නීතිඥවරියක ලෙසද කටයුතු කරන්නෙ?
කොහොමටත් මම කලාවේ යම් යම් දේ කළේ පූර්ණ කාලීනව නෙවෙයි. අර්ධකාලීනවයි. නීතිඥ වෘත්තිය මගේ ජීවිතයේ ප‍්‍රධාන දේ වේවි.


”ආදර වැස්සේ” තෙමෙන්නට හීන දකින ඔබගෙ සැබෑ ආදර සිහිනය දිග හැරියොත්?
ජීවිතයේ හරි කාලයේදී ආදරය ඕනෑ, විවාහය ඕනෑ. ඉතින් තරුණියක ලෙස මගේ ජීවිතයේදීත් ඒ දෙවල් සිද්ධ වේවි.


නතාෂා අද ඔබට ඔබ ගැන හැෙඟන්නෙ කොහොමද?
ඇත්තටම මං කියන කෙනා ගැන මම දන්නෙ නැහැ. මම මාව දකින්නෙ ඉවසිලිවන්ත, ධෛර්යවන්ත, ඒ වගේම වැටෙන අවස්ථාවලදී වැටිච්ච, එය පන්නරයක් කරගෙන ආයෙත් නැගී සිටි තරුණියක ලෙසයි. ඒ සියල්ල තුළදී මම කාටවත් ඊර්ෂ්‍යා වෛර කළේ නැහැ. මාව ඒ තැනට ගෙනාව මගේ ”අම්මාට” තමයි ඒ සියලූ ගෞරවය.





 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපෝ පපුවේ ඒවා බඩේනේ දැන්. හරිම අස්වාභාවික ලුක් එකක් තියෙන්නේ. පස්සෙන් විතරයි වටින දේකට තියෙන්නේ
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අපෝ පපුවේ ඒවා බඩේනේ දැන්. හරිම අස්වාභාවික ලුක් එකක් තියෙන්නේ. පස්සෙන් විතරයි වටින දේකට තියෙන්නේ

    :lol:

    ඔක්කොම ඩිවොර්ස් නඩු ලු කතා කරන්න හදන්නේ නාකියන්ට දෙන්න :lol: