බලය නොදීමේ කුමන්ත්‍රණය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බලය නොදීමේ කුමන්ත්‍රණය

    c451e441c414c38e27426a0b77d55489_L.jpg


    ජනාධිපතිවරණ දින රාත්‍රී සිදුකිරීමට ගිය බව කියන කුමන්ත්‍රණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට පවත්වාගෙන යන පරීක්ෂණයේ වාර්තාව සතියක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය යන එකඟතාවයට අද රැස්වූ ජාතික විධායක සභාව පැමිණි බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    නව රජය යටතේ ජාතික විධායක සභාව අද රැස්වූයේ දෙවන වරට වන අතර මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් සහභාගි විය.
    ඒ අනූව ජයග්‍රාහි පාර්ශවයට බලය නොදීම සඳහා සැලසුම් කළ බව කියන කුමන්ත්‍රණය ගැන අද දිනයේ ජාතික විධායක සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කර තිබේ.
    එසේම රහස් පොලීසිය විසින් අදාළ පාර්ශවයන්ගෙන් කටඋත්තර ලබාගෙන සතියක් ඇතුළත එහි වාර්තාවක් සකසා ඉදිරිපත් කළ යුතු බවට එකඟතාවයට පැමිණි බව සඳහන්.
    තවද අදාළ පරීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කිරීමටද තීරණය වූ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද රැස්වූ ජාතික විධායක සභාවේදී තීරණයකට එළඹි බව කියා සිටියේය.
    තවද මෙරට සිදුව ඇති මහජන කොල්ලකෑම් පමණක් නොව පැහැරගෙනයාම්, ඝාතන, පහරදීම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා චෝදනා ලැබූවන් නීතිය හමුවට පැමිණවීමටද, වංචා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කොට වෙනත් අයෙක් පත්කිරීමට තීරණය වූ බව ඒ මහතා කීවේය.
    මේ අතර යුද්ධයෙන් පසු උතුරේ දේපළ, වාහන, රත්තරන්වලට සිදුවුයේ කුමක්දැයි සොයා බැලීමටද ජාතික විධායක සභාව එකඟතාවයට පැමිණි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද අන්තිමට නින්දිත වෙලා නිරුවත් වෙලා තමයි නවතින්නේ ,
    හොරා කන මැරකම් ජඩකම් කරන හැමකෙනෙක්ටම නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන ..
    මැති වරණ වංචාවක් කරන්න හැදුවානම් එක බරපතල වරදක් වැඩේ ඔප්පු උනොත් කුරුගණන් කරන්න තමයි වෙන්නේ ...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අන්න කොමා නම් කියලා එහෙම දෙයක් උනේ නැහැ කියලා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපේ පැත්තේ මහින්දට ඡන්දේ දුන්නා කියලා ප්‍රා.මන්ත්‍රී කෙනෙක්ගේ අම්මට ගැහුවාෙ..අක්කරේපත්තු සෙට් එකක්ම පල්ලියෙන් දීපු නියෝග වලට පිටුපෑව කියලා ගෙවල් වලට ගල් ගහලා /පයික් එකක් ගිණි තියලා හෙන සීන් එකක් ගියා..මෙව්වා නම් පත්තරවල ගියේ නැහැ.. මෙව්වත් හොයයි නේද ? :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපේ පැත්තේ මහින්දට ඡන්දේ දුන්නා කියලා ප්‍රා.මන්ත්‍රී කෙනෙක්ගේ අම්මට ගැහුවාෙ..අක්කරේපත්තු සෙට් එකක්ම පල්ලියෙන් දීපු නියෝග වලට පිටුපෑව කියලා ගෙවල් වලට ගල් ගහලා /පයික් එකක් ගිණි තියලා හෙන සීන් එකක් ගියා..මෙව්වා නම් පත්තරවල ගියේ නැහැ.. මෙව්වත් හොයයි නේද ? :D

    අයි එතින් පොලිසියට පැමිණිලි කරලා නැද්ද?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අයි එතින් පොලිසියට පැමිණිලි කරලා නැද්ද?

    පැමිණිලි කරාට වැඩක් නැහනේ බං....
    කටවුට් ටික මෛත්‍රීපාල කියනකම්ම පොලිසීය දැක්කේ නැහැ.කිව්වට පස්සේ තමා ගැලෙව්වේ :P
    පාලිත අල්ලන්න කියනකම් බලං හිටියා :P
    තව ලැම්බොගිනි හෙව්වා.:sorry:සල්ලි කන්ටේනර් හෙව්වා.:sorry:පාවෙන ගිණි අවි ගබඩා හෙව්වා:sorry:ගෝඨාග් එකවුන්ට් එකක් හොයා ගත්තා කෝටි 75ක:sorry:
    උන්ට හරි දේ හොයා ගන්න බෑ ;)
    පව් :lol:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ප්‍රශ්නය - පසුගිය 08 වැනි දා පැවැති ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට විවිධ අදහස්‌ ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද?

    පිළිතුර - විශේෂයෙන් සඳහන් කරන්න දෙයක්‌ නෑ. ඡන්දදායකයන්, ඡන්දය ප්‍රකාශ කළා. අපි එය ගණනය කරලා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළා.

    ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණය පැවැති ජනවාරි 08 වැනි දින රාත්‍රියේ දී එම මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම නවතා දැමීම සඳහා යම්කිසි සැලසුමක්‌ ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.එම චෝදනා පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කුමක්‌ද?

    පිළිතුර - එහෙම කිසිදු ක්‍රියාමාර්ගයක්‌ තිබුණේ නෑ. ඒක පට්‌ටපල් බොරුවක්‌.


    ප්‍රශ්නය - මැතිවරණයට පසු දින ජාතික රූපවාහිනියේ විකාශය වූ "සුළඟට පසු" නම් වූ වැඩ සටහනට සහභාගි වෙමින් අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා, මැතිවරණය දා රාත්‍රියේ සිදුවීමට ගිය දේ පිළිබඳවත් මැතිවරණ කොමාසාරිස්‌තුමා ප්‍රකාශයක්‌ කරනවා නම් හොඳයි කියලා. ඒ පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කුමක්‌ද?

    පිළිතුර - මගේ ප්‍රකාශය තමයි, මට කවුරුවත් බලපෑම් කිරීමට ආවේ නැහැ කියන එක. කවුරු හරි කියනවා නම් ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද වූවා කියලා, ඇත්තටම පැය බාගයක්‌ පමණ ප්‍රතිඵල ප්‍රමාද වී තිබෙනවා. එයට හේතුව තමයි පරිගණකවල ස්‌වර් වල වැඩිපුර ෆයිල් තැන්පත් වීම නිසා, මාධ්‍ය ආයතන වල පරිගණකවලින් ලබා ගැනීමට නොහැකි වීම. පරිගණකවලින් ප්‍රතිඵල ලබාදීමේ යම්කිසි ප්‍රමාදයක්‌ සිද්ධ වුවත් ෆැක්‌ස්‌ මගින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සහ කච්චේරිවලට ප්‍රතිඵල ලබාදීම අඛණ්‌ඩව සිද්ධ වූවා. නමුත් කිසිවෙකු අපට බලපෑම් කළේ නෑ.

    ප්‍රශ්නය - ඒ වගේම මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලය පවා හමුදා රථවලින් වට කරල, හමුදා මැදිහත් කිරීමට සූදානම් වූ බවත් සමහරුන් ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශ පිළිබඳව ඔබට කුමක්‌ද ප්‍රකාශ කිරීමට තිබෙන්නේ?

    පිළිතුර - එහෙම සූදානමක්‌ තිබ්බද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් හමුදාව නම් අපිව වට කිරීමට ආවේ නෑ. එස්‌.ටී.එෆ්. එක නම් සිටියා.

    නමුත් මට වෙනත් ස්‌ථාන පිළිබඳව නම් මොකුත් කියන්න බෑ. නමුත් මම එකක්‌ විශ්වාස කරනවා. අපේ රටේ හිටපු ජනාධිපතිතුමා හෝ ඒ වගේ ප්‍රමුඛ දේශපාලනඥයන් තමන් පරාජයට පත් වූ පසු බලෙන් බලයේ රැඳී සිටීමට උත්සාහ කරාවි කියා මම විශ්වාස කරන්නේ නෑ. ආසියාවේම රටවල්වලින් හමුදා හෝ ඒකාධිපති පාලනයක්‌ තිබිලා නැත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි. අපේ දේශපාලන සංස්‌කෘතියට එහෙම දේවල් ඔරොත්තු දෙන්නේ නෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    පැමිණිලි කරාට වැඩක් නැහනේ බං....
    කටවුට් ටික මෛත්‍රීපාල කියනකම්ම පොලිසීය දැක්කේ නැහැ.කිව්වට පස්සේ තමා ගැලෙව්වේ :P
    පාලිත අල්ලන්න කියනකම් බලං හිටියා :P
    තව ලැම්බොගිනි හෙව්වා.:sorry:සල්ලි කන්ටේනර් හෙව්වා.:sorry:පාවෙන ගිණි අවි ගබඩා හෙව්වා:sorry:ගෝඨාග් එකවුන්ට් එකක් හොයා ගත්තා කෝටි 75ක:sorry:
    උන්ට හරි දේ හොයා ගන්න බෑ ;)
    පව් :lol:

    පැමිණිලි කරන්නේ නැතුව වැරැද්දට දඩුවම් කරන්නේ කොහොමද ? පොලිසියට පේන බලන්නද කියන්නේ ?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    පැමිණිලි කරන්නේ නැතුව වැරැද්දට දඩුවම් කරන්නේ කොහොමද ? පොලිසියට පේන බලන්නද කියන්නේ ?

    ඇත්ත කියනකොට රිදිලා රෙප් කැපවට ඇත්ත යටපත් වෙන්නේ නැහැ සහෝ.:Pපැමිණිලි නම් පොලිස් පොතේ තියනවා:yes:.ඒත් ඒක ජනාධිපති හරි අගමැති හරි කෝල් එකක් දීලා මතක් කරන්න ඕනේනේ.හා නැද්ද :rofl:
     
    • Like
    Reactions: neonz

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඇත්ත කියනකොට රිදිලා රෙප් කැපවට ඇත්ත යටපත් වෙන්නේ නැහැ සහෝ.:Pපැමිණිලි නම් පොලිස් පොතේ තියනවා:yes:.ඒත් ඒක ජනාධිපති හරි අගමැති හරි කෝල් එකක් දීලා මතක් කරන්න ඕනේනේ.හා නැද්ද :rofl:

    මම උබේ රේප් කැපුවේ නෑ මචන්. උබ කියන එක ඇත්ත වෙන්න පුලවන්. එකට කලින් හිටපු පාලකයන් වගකියන්න ඕන. අපිට ඕන ඒ සංස්කෘතිය වෙනස් කරන්න. පොලිසිය/අදිකරණය ස්වාදීන කරන්න.
     
    • Like
    Reactions: laknath123
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    මම උබේ රේප් කැපුවේ නෑ මචන්. උබ කියන එක ඇත්ත වෙන්න පුලවන්. එකට කලින් හිටපු පාලකයන් වගකියන්න ඕන. අපිට ඕන ඒ සංස්කෘතිය වෙනස් කරන්න. පොලිසිය/අදිකරණය ස්වාදීන කරන්න.

    :yes::yes::yes:
     

    Similar threads