Former President visits Sri Dalada Maligawa

monson

Well-known member
  • May 7, 2007
    25,103
    27,360
    113
    Muge hora badu hamathanama.

    ඡන්දෙට පෙර මහින්දගේ ලිත් ටික දෙන්න බැරිවෙයි

    2015 ජනවාරි මස 20 17:26:49 | . , පුෂ්පකුමාර ජයරත්න

    ජනපතිවරණ සමයේදී බෙදා හැරීමට මුද්‍රණය කළැයි සැකකෙරෙන රුපියල් ලක්ෂ 15කට වැඩි 2015 වසරේ ලිත් ලක්ෂ එක හමාරක් කුරුණෑගල දිස්ත්‍රික් කෘෂි රක්ෂණ මණ්ඩල කාර්යාලයෙහි ගබඩා කර තිබියදී පොලිසිය භාරයට ගැනිණි.

    එම ලිත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කළ ඒවා බවද හඳුනාගෙන ඇත. - lankadeepa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,360
    113
    Sri Lanka Transport Board incurs a loss of Rs. 140 million due to presidential elections - TISL
    Tue, Jan 20, 2015, 09:27 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Jan 20, Colombo: The anti-corruption non-governmental organization, Transparency International Sri Lanka (TISL) says Sri Lanka's state-run Sri Lanka Transport Board (SLTB) is facing a staggering loss of Rs. 140 million due to bussing people to former President Mahinda Rajapaksa's campaign rallies.

    TISL said in a statement today that based on credible information, the SLTB has incurred an estimated loss of Rs. 140 million due to providing buses for the transportation of the general public to the rallies and meetings organized by the UPFA Presidential candidate former President Mahinda Rajapakse during the recently concluded Presidential election.

    TISL has already written to the newly appointed Minister of Internal Transportation Ranjith Madduma Bandara about the issue requesting him to obtain the due payments from the relevant parties urgently.

    A fleet of 1,185 buses were used to haul the public to the inaugural rally of President Rajapaksa's re-election campaign at Anuradhapura.

    According to TISL, the SLTB currently has an operational fleet of 4600 buses and TISL have evidence that 2400 buses, about half of the fleet, were used for transportation purposes during the Presidential election campaign. On an average 500 to 600 buses were used to transport public to political meetings and on a few occasions as much as 1200 buses were used, the anti-corruption watchdog said.

    "This arbitrary use of SLTB buses meant that the SLTB incurred a daily loss between Rs. 6 to 8 million as was verified by SLTB depot heads. This amounts to a total estimated loss of Rs. 140 million of which only Rs. 25 million have been recovered by the SLTB," the NGO says.

    TISL said it wrote to the former Secretary to the Ministry of Transportation Dhammika Perera several times about this matter but to no avail. However due to the massive amount owed to the SLTB and the serious nature of the misuse of public resources, TISL insisted that the payments due be obtained from the relevant parties immediately.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,360
    113
    මැතිවරණයට බෙදා ඉතිරි වු දිවිනැගුම සහනාධාර හිමිකම්පත් 15000ක් හමුවේ
    Tuesday, 20 January 2015 14:59

    ගැට‍ඹේ පිහිටි මධ්‍යම පලාත් දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ තිබි මැතිවරණ සමයේ බෙදා ඉතිරි වු දිවිනැගුම සහනාධාර හිමිකම්පත් 15000 පමණ ගබඩා කර තිබියදී අසු වු බව පොලීසිය කියයි.


    Scan10058.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,360
    113
    ජනාධිපති කාර්යාලයේ වාහන 172ක් අතුරුදන්
    20 January 2015

    ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව තිබූ රථවාහන අවභාවිතයට ලක්ව තිබෙන බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන පරීක්ෂණවලට අනුව ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන 172 ක් අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.

    පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට මේ පිළිබඳ සොයාබලන ලෙස පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.

    මේ අනුව සිදුකළ පරික්ෂණවලට අනුව ජනාධිපති කාර්යාලය සතුව වාහන 752 ක් තිබූ බවට සොයාගෙන ඇත.

    මෙම ප්‍රමාණයෙන් වාහන 379 ක් විවිධ පුද්ගලයන් විසින් රැගෙන ගොස් පසුව භාර දී තිබෙන බවට සොයාගෙන තිබෙන අතර, තවත් වාහන 201 ක් ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සතුව තිබෙන බවටද හෙළි කරගෙන තිබේ.

    එහෙත් තවත් වාහන 172 ක් අතුරුදන්ව පවතින බව අනාවරණය කරගෙන ඇති අතර, ඉදිරි දිනවලදී එම වාහන භාරදීමට කටයුතු නොකළහොත් වාහන අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,360
    113
    ඡන්දෙට සල්ලි බෙදන්න නැගෙනහිර ආඥාපතිට ලක්ෂ 250ක් !
    20 January 2015

    පසුගිය ජනාධිපතිවරණ සමයේ පොලොන්නරුව ඇතුළු නැගෙනහිර පළාතේ සියළුම ප්‍රදේශවලින් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට අනුග්‍රහය දැක්වීම සඳහා, ගංවතුර ආධාර මුවාවෙන් එම පළාත්වල ජනයාට බෙදා දීම සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරක්ෂක සේනා මූළස්ථානයේ නැගෙනහිර රෙජීමේන්තු සභාපතිගේ ගිණුමට බැර කර ඇතැයි වාර්තාවේ.

    වාර්තා වන පරිදි, මෙම මිලියන 25 ක මුදල ලැබී ඇත්තේ ඡන්දයට දින 5 කට කලිනි.

    නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරාගේ ඉල්ලීමකට අනුව මෙම රුපියල් මිලියන 25 ක මුදල මහජන බැංකුව වැලිකන්ද ශාඛාවේ ගිණුම් අංක 254-100-100000340 නැමැති නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ රෙජීමේන්තු ආයතන සභාපතිගේ ගිණුමට ආරක්ෂක අමාත්‍යංශය මගින් එවා තිබේ.

    ඉන්පසු එම මුදල් පහත සඳහන් ආකාරයට සේනාංකාධිපතිවරුන් අතර බෙදා දී ඇත.

    22 සේනාංකාධිපති (ත්‍රිකුණාමල ප්‍රදේශය) බ්‍රිගේඩියර් රෝහිත ධර්මසිරි වෙත රුපියල් මිලියන 13 ක් ලබා දී ඇත.

    23 සේනාංකාධිපති (පුනානි ප්‍රදේශය) බ්‍රිගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි වෙත රුපියල් මිලියන 5 ක් ලබා දී ඇත.

    24 වන සේනාංකාධිපති (අම්පාර ප්‍රදේශය) බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාර වෙත රුපියල් මිලියන 1 ක් ලබා දී තිබේ.

    ඉතිරි මිලියන 6 ක මුදල තවමත් ඉහත ගිණුමේ ශේෂය ලෙස පවතී.

    මෙසේ ලැබුණු මුදල් වහාම අදාළ ප්‍රදේශවලට ගොස් ඡන්ද දායකයින්ට බෙදා දෙන්නැයි නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා කෙතරම් බලපෑම් කළද ඉහත කී සේනාංකාධිපතිවරුන් යුධ හමුදා මූළස්ථානයෙන් විමසා ඇත්තේ එසේ කිරීම මැතිවරණ පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බැවින් එසේ බෙදා දීමට අවශ්‍ය නම් ලිඛිතව එය දන්වන ලෙසයි.

    නමුත් යුධ හමුදා මූලස්ථානය ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

    ඒ අනුව මේජර් ජෙනරාල් ලාල් පෙරේරාගේ නියෝගය ක්‍රියාත්මක වී නැත.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,360
    113
    මීගමුවේ ‘බඩ් හර්ෂ' ගෙන් චිචීට ලක්ෂ 300ක කාර් එකක්!

    වාහන බඩ් කිරීම සඳහා නම් දැරූ මීගමුවේ හර්ෂ ද සිල්වා නොහොත් ‘බඩ් හර්ෂ' නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 300 ක් වටිනා GTR වර්ගයේ සුපිරි මෝටර් රථයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ නොහොත් චිචීට තෑගි කොට ඇතැයි වාර්තා වේ. මීගමුවේ බඩ් හර්ෂ මෙම තෑග්ග චිචීට පිරිනමා ඇත්තේ ඔහු විසින් ජපානයේ සිට කෑලි ගලවාගෙන ආ මෝටර් රථ කොටස් ඇතුළත් කන්ටේනර් 40 ක් අවම රේගු ගාස්තුවක් ගෙවා නිදහස් කර ගැනීමට උදව් කිරීමට කළගුණ සැලකීමක් වශයෙනි.



    මෙම සුපිරි මෝටර් රථය චිචී විසින් WP-KE 1391 නැමති හොර අංක තහඩුව යොදා පාවිච්චි කොට ඇත. මෙකී අංක තහඩුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද්දක් නොවේ. එම මෝටර් රථය එසේ පාවිච්චි කරන අතරතුරදී අනතුරකට ලක්වී තිබේ. කෙසේ වුවද මෝටර් රථයේ එන්ජින් අංකය හා චැසි අංකය භාවිතා කරමින් බඩ් හර්ෂ නැමැත්තා මිලියන 03 ක රක්ෂණ වන්දියක් ලබා ගැනීමට කටයුතු කර තිබේ. ඒ සඳහා රෝහිත රාජපක්ෂ මෙම බඩ් හර්ෂ නැමැත්තාට අනුග්‍රහය දක්වා ඇති බවට හෙලිදරව් වී ඇත. මේ වන විට මෙම මෝටර් රථය සොයා ගත නොහැකි ආකාරයට අතුරුදන් වී තිබේ.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබෙ ත්‍රෙඩ් බම්ප් කරන්න කුලියටත් ගත්තාද කසුනො:lol: