ලෝකයේ_සිරාම_සර්පයෝ_10ය_බලමු.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලෝකයේ_සිරාම_සර්පයෝ_10ය_බලමු.

    1. දිගම – RETICULATED PYTHON
    1337_1403519403_0_p.jpg

    මේ තමයි ලෝකයේ දිගම සර්පයා එහෙමත් නැත්තන් ලෝකයේ දිගම උරඟයා. ගිණිකොණදිග ආසියාවෙන් හමුවෙන මෙම සර්ප විශේෂයේ වැඩුණු සර්පයකුගේ දිග මීටර 6.95ක් පමණ වන අතරම මිනිසකු ගොදුරුකරගැනීමට පවා ශක්තිමත් වුනත් මිනිසුන්ට පහර දීම පිලිබඳ එතරම් වාර්තා නොවේ.

    2. බරම – GREEN ANACONDA
    emerald_tree_boa_amazon_equador-facebook_covers.jpg

    කොළ ඇනකොන්ඩාගේ බර කිලෝ 30ත් 70ත් අතර අගයක් වන්නට පුළුවන්. ලෝකයේ දිගම සර්ප විශේෂ අතරටද අයත් වනවා.

    3. වේගවත්ම – BLACK MAMBA
    Black-Mamba.jpg

    ගොඩබිම ජීවත් වන ලෝකයේ වේගවත්ම සර්පයා ලෙස සැලකෙන මම්බා අපට හමුවන්නේ අප්‍රිකාවෙන්. පැයට කිලෝමීටර 20ක වේගයෙන් ගමන් කල හැකි මෙම සර්ප විශේෂය ඉතා ප්‍රහාරකාරි උග්‍ර විෂ සහිත සත්ව විශේෂයකි. අප්‍රිකාවේ වෙසෙන පුද්ගලයින් වැඩියෙන්ම බියවන්නේ මෙම සර්පයාට බව සැලකේ. මේවගේ සර්පයෙක්ට අහු උනොත් එහෙම දුවල බේරෙන්නත් ටිකක් අමාරු වෙයි නේද?

    4. විෂම – INLAND TAIPAN
    Yilan14.jpg

    Western Taipan යන නමින් ද හැඳින්වෙන මෙම සර්ප විශේෂය ලෝකයේ වඩාත් විෂ සහිත සර්ප විශේෂය ලෙස සැලකෙනවා. එක් සපා කෑමකදී ලෝකයේ ඇති විෂම සර්ප විෂ මිලිග්‍රෑම් 110ක් ශරීරගත වෙන්න පුළුවන්. මේ විසෙන් මීයෝ 1,085,000ක් එහෙම නැත්තන් මිනිසුන් 183දෙනෙක් මරණයට පත් කරන්න පුළුවන්. කොච්චර ලොකු විසක්ද කියල තේරෙනවා ඇති නේ. මේගොල්ලෝ අපිට හමුවෙන්නේ ඔස්ට්‍ර්ලියාවෙන්.

    5. සද්දේ වැඩිම – RATTLESNAKE
    4dcc96081e3dc.image.jpg

    මෙයාව ඕගොල්ලෝ TV එකෙත් දැකල ඇති නේ. සද්දේ වැඩි කිව්වේ මෙයා ළඟ ඉද්දි අමුතු සද්දයක් අපිට ඇහෙන හින්ද. මේ සද්දේ එන්නේ මෙයාගේ නැට්ට කෙලවර තියන විශේෂ කොටසක් නිසා. මෙගූලොන්ගේ විවිධ විශේෂ 32ක් ඉන්නවා. අමෙරිකාවෙන් තමයි අපිට හම්බුවෙන්නේ.



    6. ආරක්‍ෂිත පිහිටීම – COBRA
    Indian-Cobra-New-326x235.jpg

    ඔව්. නයා. නයාව ඕගොල්ලෝ කොහේදී හරි දැකල ඇතිනේ. නයින්ගේත් විවධ විශේෂ 20ක් විතර ඉන්නවලු. ඒගොල්ලෝ ලොකුම, විෂම , වේගවත්ම සර්පයෝ නොවුනට ඒගොල්ලෝ කෙලින් වෙලා පෙනේ පුප්පලා අපේ ඇස දිහා බලන් ඉන්න එක බිය ගන්වන එහෙත් අලංකාර දසුනක්. වැදුණු නයෙක් මීටර 5.6 – 5.7 ක් වගේ වෙනවා. ඒගොල්ලෝ සාමාන්යෙන් ඇඟේ දිගෙන් 1/3ක් වගේ කෙලින් කරනවා. එහෙම බැලුවම ඒගොල්ලොන්ට ඕනෙනං පුළුවන් අඩි 6.2 වගේ කෙලින් වෙන්න !! ඒවගේ නයෙක් අපේ ඉස්සරහ හිටියොත් නං මොනවා වෙයිද දන්නේ නෑ නේද?

    7. වර්ණවත්ම – TEXAS CORAL SNAKE
    6913372678_53fb91e54e_b.jpg

    ඔව්. ඕගොල්ලොන්ට විවිධ තර්ක ගෙන්න පුළුවන් මොකද එක එක විදියේ පාට පාට සර්පයෝ ඉන්න හින්ද. ඒත් මේ සර්පයාව බලන්න. කළු සහ රතු මුදු ටික කහ පාට මුදු වලින් ලස්සනට වෙන් වෙලා තියන හැටි. මෙගොල්ලෝ මීටරයක් වගේ ලොකු වෙනවලු. අමෙරිකාවෙන් හම්බුවෙන්නේ.

    8. හොඳම වසන්විම(CAMOUFLAGE) – GABOON VIPER
    17-pio-epikindina-fidia-kosmo-www.aggouria.net-12.jpg

    තමන් ජීවත් වන පරිසරයෙන් වහන් වෙලා තම ආරක්ෂාව ආහාර පාන අඩිය ලබාගෙන ජීවත් වෙන්න සුදුසු ලෙස සතුන් හැඩගැසී තිබෙනවා. එහෙත් මේ සර්පයා දෙස බලන්න. අපි දැකල තියන අනිත් සත්තු එක්ක බලද්දී කොළ රොඩු ගොඩේ ඇඟිල ඉන්න මෙයාව එක පාරටම බැලුවට පෙන්නේ නෑ නේද ? මෙයා සතුන්ව හැංගිලා ඉඳන් ගොදුරු කරගන්න දක්ෂයි. වැසිවනාන්තර වලින් හමුවෙනවා. මෙයා දෂ්ඨ කරොත් නං විෂ මිලිග්‍රෑම් 2400ක් ශරීර ගත වෙනවා. එක තමයි සර්පයෙක් ඇතුල් කරන විශාලම විෂ ප්‍රමාණය ලෝකයේ දැනට වාර්තා වෙන විදියට. මෙය පොලොන් විශේෂයක්.

    9. මුහුද ඇතුලේ – SEA SNAKES
    BBZ-2.jpg

    මුහුදු සර්පයෝ විෂ සහිත සර්පයෝ කොටසක්. මේගොල්ලෝ පෙනුමෙන් ආඳාට සමානයි. මෙගොල්ලොන්ට කරමල් නා. එක හින්ද මුහුද මතුපිටට ඇවිල්ල තමයි හුස්ම ගන්න ඕනේ. Dubois’ මුහුදුනයා තමයි මුහුදේ ඉන්න විසම සර්පයා. ඒවගේම මුළු ලෝකයේම විෂම සර්පයෝ තුන්දෙනාගෙනුත් කෙනෙක්.

    10. ගුවනේ – FLYING SNAKE
    news-1416656435-6888.jpg

    පියාඹන මාළුවෝ , ලේන්නු දැකල තිබ්බට පියාඹන සර්පයෝ ? ඇහුවම ටිකක් පුදුමයි නේද? මේගොල්ලෝ මද විෂ සහිත සර්පයෝ කොටසක්. මෙගොලෝ දකුණු ආසියාතික රටවල් වල ජීවත් වෙනවා. ලංකාවෙත් ඉන්නවා කියල කියනවා. එගොල්ලොට පුළුවන් වාතයේ පපීනලා වගේ ලිස්සල යන්න. ඒගොල්ලෝ කරන්නේ උස ගහකට නැගල ඊට පස්සේ බිමට පින එක. උදරය හකුලාගෙන ඇඟ තරංග ආකාරයට හසුරුවමින් වාතයේ ගමන් කරන ප්ලේන් තට්ටක් ආකාරයෙන් ගමන් කරනවා.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පින්තූර වල පැහැදිළි බාවය පිලිබඳ සතුටට පත් වීමි..:D

    සර්පයි නම් දුටු තැන ගාතනය කරන පුද්ගලයෙක් මි :frown:

    +++
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,952
    113
    Dubai
    මේ සර්පයො වගේම පොටොස් පට්ට ලොකුයිනෙ බන්.. සයිස් එක පොඩි කරලා දාපන්...
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේක කලින් බැලුවා දැන් ඩේටා ‍වලට කෙලවෙලා ඇති.