මචං නාමල්...,

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
සැපෙන් ඇතත් සතුටින් නැතැයි හිතෙනා නිසා යමක් ලියන්නට හිතුණා. මට මතකයි උඹලගෙ තාත්ත මේ රටේ ජනාධිපති වෙන්න 2005 දි ඉස්සෙල්ලම ආපු ගමනේදි ඒ වෙද්දි රටේ තිබුණ දේශපාලන තත්වය. චන්ද්‍රිකා ඇන්ටි දෙපාරක් බලයේ ඉදලා ගෙදර යන්න ඕන්න මෙන්න තිබුණ තත්වෙකදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයෙන් නම් කරන්න ලොකු කලබැගෑනියක් වුණා. මං මේවා කියන්නෙ ඒ කාලේ උඹලා පොඩි නිසා නෙමෙයි. ඒ කාලේ උඹලා දේශපාලනේ ගැන මේලෝ මලදානයක් නොදන්න නිසා. චන්ද්‍රිකා ඇන්ටිට ඕන වුණේ පක්ෂ නායකත්වය උඹලගෙ තාත්තට දෙන්න නෙමෙයි. මලයා වෙච්චි අනුරට දෙන්න. ඒක ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යේශ්ඨ දේශපාලඥයෝ පට්ට ගේමක් ඉල්ලුව. උඹලගේ තාත්තට පක්ෂ නායකත්වය දෙන්න ඉතාම පක්ෂග්‍රාහී විදියට නොබියව පත්තරේ මෙහෙව්ව මිනිහෙක් තමයි නාමලෝ ලසන්ත වික්‍රමතුංග කියන්නෙ. අර අත්තිඩියෙදි වෙඩි කාලා මැරුනේ. පව්බං හෙන ගහනවා කවුරු උනත් ඒක කරපු එකාට. හරි කොහොමහරි ඒ වෙලාවෙ අනුරට පක්ෂ නායකත්වය දුන්නනම් අනිවාර්‍යෙයන්ම මේ රටේ 2005 දි ජනාධිපති වෙන්නෙ රනිල් අංකල්. මොකද 2005 දි උඹලගෙ තාත්ත දිනුවේ ඡන්ද ලක්ෂ එකහමාරකින් වගේ පුංචි පරතරයකින්. ප්‍රතිශතය දශම ගානක් බං. ඒත් අනුර ඉල්ලුව නම් ඔය දශම ගාන හොල්ලන විදිහ රනිල් අංකල් දන්නවා හොදටම. රනිල් අංකල්ට ළමයි නෑ කියලා හැමෝම කෝචෝක් එක දැම්මට ඒක ඒ මනුස්සයගෙ පුද්ගලික ප්‍රශ්ණයක්නෙ බං. මිනිහට තියෙන දේශපාලන දැනුම සහ උගත්කම උඹලගෙ තාත්තට තියා සීයටවත් නැතිබව තාත්තගෙන් අහල දැනගනිං. රනිල්ගෙ වයිෆ් ඇන්ටි උනත් මහාචාර්ය වරියක්නෙ මචං. ඒ උනාට උඹලා ඒ මිනිහට කතා කලේ උගත් බුද්ධිමත් මිනිහෙකුට කතා කල යුතු ආකාරයට නෙමෙයිනෙ. හරි ඒ කතා පැත්තක තියමු. දැන් බලපං මචං අවුරුදු දහයක් අතුපතු විහිදාගෙන ඉදපු උඹලා පන්නන්න ඕන කියන තීරණෙ අරගෙන ගේම ගැහුවෙ කවුද. අර නාග විහාරෙ නායක හාමුදුරුවොයි, නාකි චන්ද්‍රිකා ඇන්ටියි, රනිල් අංකලුයි.කොහොමද පස්සෙ ගේම නැගලා ගිය හැඩ. මුලු බලපරාක්‍රමයක්ම නාය ගියානේ බං. හිත රිද්දනවා නෙමෙයි. ඒකට තමයි නාමලෝ දේශපාලනේ කියන්නෙ.
ඉතින් මට මතකයි උඹලගේ තාත්ත මුලින්ම දිවුරුම් දෙද්දි උඹයි, පොඩි මල්ලියි, චූටි මල්ලියි පිටිපස්සෙ ඉදපු හැඩ. උඹ බෝලේ වගේ. යෝෂතය නං ඒ තරං හැඩ නැහැ. චූටිම එකා පට්ට හැන්ඩියා. ඒකගේ හීනයක් තිබුණා නළුවෙක් වෙන්න. ඒ හීනෙත් උඹල කෑවා. දැන් කවුද බං චූට්ටව රගපාන්න ගන්නෙ. රජ පැටව් තුන්දෙනෙක්. එහෙමයි එදා අපිට හිතුනේ. තාත්ත දිහා බලාන ඉදන් අනාගතේ මේ රටට ජාතියට මාර සේවයක් කරයි කියලා මිනිස්සු හිතුව. ඒ නැතත් අඩුම තරමින් මොකුත්ම නොකලත් මිනිස්සුන්ට වදයක්නොවී ඉදිවී කියලා මිනිස්සු හිතුවා. ටික ටික උඹලා හරි ඉක්මනට ලොකු වුණා. උඹේ උසස්පෙළ ප්‍රතිඵල අපි දන්නෙත් නැහැ. එක පාරටම උඹ නීතිඥ නාමල් වුණා. ඒ මදිවට තාරුණ්‍යට හෙටක් කියලා එකක් හදාගත්තා. ඒක පටන් ගන්න දවසේ පත්තරේකට උඹ කියලා තිබුණා මේක කවදාවත් දේශපාලන සංවිධානයක් නෙමෙයි කියලා. ඒකෙන් කවදාවත් දේශපාලන වැඩ කරන්නෙ නැහැ කියලාත් තිබුණා. ඊට පස්සෙ ඔන්න පාර්ලිමෙන්තු ඉල්ලන්න ගත්තා. ඒ කාලෙ මං හම්බන්තොට පැත්තෙ යාළුවෙක්ගේ ගෙදර ගියා. ඇළ ඉවුරක පුංචි ටොයිලට් එකක් වගේ ටකරන් හතරක් වට කරලා අට්ටාලයක් තිබුණ. ඒ නාන්න එන ගෑණුන්ට රෙදි මාරු කරන්න හදාපු අට්ටාලයක්. අනුග්‍රහය නිල් බලකායෙන්. අපි විහිළුවට හිනා උනා මූ ගමේ කොල්ලන්ට දිය රෙද්දක් ඇදන් නාන කෙල්ලෙක් බලාගන්න තියෙන සෞන්දර්යාත්මක, අයිතියත් නැතිකරලනෙ කියලා. ඒ මදිවට පුංචි උන් ඉස්කෝල ඇරිලා ගියේ නාමල් අයියා දීපු බෑග් අරන්. හැම එකක්ම හොද වැඩ හැබැයි නාමලෝ රබර් සෙරෙප්පු දෙක දාගෙන සියඹලා ගැට කකා ගිණි අව්වෙ පයින් යන 4 වසරේ පුංචි උන් පිටේ එල්ලන් යන බෑග් එකේ නාමල් අයියා කියලා තඩියට ගැහුවේ උන්ට තියෙන ආදරේට නෙමෙයි කියලා උඹ පිළිගන්න ඕන. ඒ බෑග් එකකට රුපියල් 150 යයි මචං. උන් ඒ බෑග් එක අවුරුද්දක් පාචිච්වි කලත් දවස් 365 ක් උඹව පිටේ එල්ලන් උඹට කඩේ යනවා. පව් මචං. ඒ උඹගෙම ගමේ දුප්පත් පුංචි උන්. උඹලගෙ ගම මොන තරං දුක්විදින මිනිස්සු ඉන්න ගමක්ද කියලා අපි දන්නවා. හම්බන්තොට ඉදලා කොළඹ එන පාරේ ලුණු පැකට් විකුණන මිනිහෙක්ගෙන් අහපං මචං දවසක ආදායම කීයද කියලා. උඹලා හදාපු එයාර් පෝර්ට් එකේ, ග්‍රවුන්ඩ් එකේ පාරවල් වල ගමේ මිනිස්සු තල වේලනවා නාමලෝ. දැන් කවුද නාමලෝ ඔහෙන් රට යන්නෙ. නෑ මට නිකං කියහන් උඹලගෙ ඔය රටගිය බාප්පලා දෙන්න කොහෙන්ද රට ගියේ. ඇත්ත ඕකනේ මචං.
ඉතින් උඹලා කියපු කරපු දේවල් වලට මිනිස්සු උත්තර දුන්නා. ඒක දෙමළය. මුස්ලිම්ය කියලා අංකල් ලොකු ගොං කතාත් කියනව. යකෝ යුද්ධයක් ඉවර කරපු මිනිහෙක් මේ. හිටපු ජනාධිපති. එයා කොහොමද බං මේකා දෙමළා., මේකා තම්බියා කියන්නෙ.. රට බාර ගනිද්දි කිව්වෙ මේ හැමෝම මගේ දරුවො කියලනේ. ඒවට ජාති භේදයක් නැතිව මිනිස්සු ඇගිලි දෙක කටේ ගහලා විසිල් ගැහුව බං. අපරාදේ ඔය මනුස්සයගේ චරිතෙ. බාප්පලා නම් උඹලව කාලා කාලා දැන් ඉතින් මාරු උනානේ. දැන් උඹලා තනි වෙච්ච එකට දුක් වෙන මිනිස්සු ඉන්නවා. හැබැයි ගොඩක් අය ඒ දිහා බලල කාලකන්නි සතුටක් විදිනවා. බොරු ඕන නැහැ මමත් ඒ ගොඩේ ඉන්නවා. මගේ සමහර යාළුවෝ උඹලගේ තාත්තට මාර ලව්. උන් කියනවා රටට ආදරේ අයලු උඹලගෙ තාත්තට ආදරේ. මං ඉතින් හිනාවෙලා නිකං ඉන්නවා.
ඉතින් ආරංචි වෙනවා උඹ ආයෙත් හම්බන්තොටින් ඉල්ලනවා කියලා. හීනයක් ඇති උඹටත් අනාගතේ දවසක මේ රටේ ජනාධිපති වෙන්න. මේක මේ තරහින් කියන කතාවක් නෙමෙයි මචං. ඒක නම් කවමදාවක් වෙන දෙයක් නෙමෙයි. මේවා කියද්දි සමහරු අපිට බනිනවා නාමලෝ. සමහර අය කියනවා නාමල් එක්ක මේ රටේ තරුණ පරම්පරාව ඉරිසියයිලු. අර නායක හාමුදුරුවෝ එපා කියද්දි උඹලා ගිහින් දළදා හාමුදුරුවෝ වටේ කාර් පදින එක හරියි කියන්නද කියහං අපිට කියන්නෙ. මොන ඉරිසියාවක්ද බං. රජාගේ පුතා කුමාරයා. ඒක අපි දන්නවා. ඒත් කුමාරයා කුමාරයා කියලා තමන්ගෙ වත්තට ඇවිත් නංගිව උස්සනකං කොල්ලො බලන් ඉන්නෙ නැහැනෙ බං. ඒ වගේ වැඩක් උනෙ. දළදා හාමුදුරුවෝ මේ රටේ හැම පුරවැසියෙක්ගෙමයි. ඉතින් නාමලෝ මං හිතනවා උඹ ජීවිත කාලෙටම ඇති වෙන්න හම්බ කලා කියලා. ඒ වගෙම උඹේ උගත්කමේ ප්‍රමාණෙටත් වඩා සැහෙන්න ගෞරවයකුත් ලැබුණ. උඹ තාම අවුරුදු විසිතිස් ගානක කොල්ලෙක්. දැන් ඇති මචං දේශපාලනෙන් හම්බ කලා. ඒවා කොහොමත් නීත්‍යනුකූල නැහැ කියලා උඹ දන්නවනේ. ඉතින් දැන් දේශපාලනෙන් අයින් වෙයන්. තාත්ත නිසා හම්බන්තොටින් දින්න එක පාරක්. මේපාරත් ඉල්ලුවොත් දිනයි. ඒත් මං හිතන්නෙ නැහැ මචං උඹට ඊට වඩා දේශපාලන ගමනක් ඇති කියලා. මොකද තාත්ත වගේ නෙමේ මචං උඹ හැසිරුන විදිහ හරි නැහැ. එදා තාත්තට පක්ෂ නායක කම දෙන්න දර දිය ඇදපු මිනිස්සුන්ට පස්සෙ කාලෙක උඹ කුණුහබ්බෙන් බැනලා. මිනිස්සු එහෙම උන්ට කැමති නැහැ නාමල්. දැනට තාත්තව බලන්න මිනිස්සු මැදමූලනට එනවා යනවා. හිතන්න එපා ඒ හැමෝම උඹලට ඡන්ද දුන්න අය කියලා. ඒක තමයි උඹලට පහුගිය ඡන්දෙදිත් කෙළවුණ තැන. ඔය මිනිස්සු වැඩි කල් එහෙම එන්නෑ බං. උන්ට වෙන වැඩ තියෙනවා. කළගුණ සලකනවද බං ලංකාවේ මිනිස්සු. උඹලා වගේ අයනේ මේ රටේ නායකයෝ. පිස්සුනෙ බං. ඒ වා සුරංගනා කතා. ඉතින් කොහොම හරි මට කියන්න ඕන වුණේ මෙච්චරයි. එපාම වෙලා නොන්ඩි වෙලා යනවට වඩා ඊට කලින් වෙන දෙයක් කරන්න හිතුව නම් හොදයි. මොකද උඹට තාම වයස තියෙනවා. දේශපාලනේ ලොකු අනාගතයක් පේන්න නැහැ නාමලෝ උඹට. මංද උඹලා ඉතින් ටිකක් නෙමෙයි හොදටම පණ්ඩිතයිනෙ. ඒ වගේම හයිකාරයොනේ.කරපු ඒව තමයි දැන් උඹ විඳවන්නේ කරන දෙයක් කරපන්. ජීවිතේ කියන්නෙ සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න එකට මිසක් නහර පුප්පන් මිනිස්සුන්ට ගරහන එකට නෙමෙයි. දෙවි පිහිටයි උඹට.
 
Last edited:
  • Like
Reactions: ruchirarsm

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මිනිස්සු ඉස්සර තරම් මෝඩ නැ. දැන් එන්න එන්නම උගත් පරපුර වැඩි වෙනවා. ඔය රජ පාට් හරියන්නේ ගම් බයියන්ටම තමා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං නාමල්........
    දැන් ඉතිං කෑව ඇති නේහ්.....
    ගෙදරට වෙලා කුඹුරක් හේනක් කොටං ඉදිං.......
    එන පාර හරි මිනිස්සුන්ව අපි අතනට යවඥ්ඤං..........
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දවසක් උඹේ ඔෆිස් එකට ඇවිත් මගේ ජොබ් එකේ වැඩේ ගැන කිව්වම උඹ මට කතා කරේ ශීෂ්ඨ විදිහට නෙමෙයි නේ.කරපු ඒව තමයි දැන් උඹ විඳවන්නේ කරන දෙයක් කරපන්. මේ ටික කිව්වෙ.

    omba mula idan sirawata talk1 digena awa.
    meka dakkamane terune umba gena...:yes::yes::yes::yes:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කමක් නෑ, උඹ හොරට හරි ලෝයර් කෙනෙක්නේ, දැන් ඉතිං හොද නඩුවක් බලවපං. උඹට ජය...!!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උන් කියනවා රටට ආදරේ අයලු උඹලගෙ තාත්තට ආදරේ. මං ඉතින් හිනාවෙලා (කට කොනකින්) නිකං ඉන්නවා.
    :P:P:P
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    වැඩක් නෑ අට පාස් නැති නාමලේට අකුරු ලියන්න කියවන්න බෑ. :(
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පැටියා;17859873 said:
    වැඩක් නෑ අට පාස් නැති නාමලේට අකුරු ලියන්න කියවන්න බෑ. :(

    :rofl::rofl: