බොකුටු කෙහෙරැල්
බිදෙන් බිද වැටෙන
කෙමින් වැඩිවෙන
දොඹගෙඩි කදුලු කැට
උනනවද තව නුබෙ නෙතට
කඨොර කාලයෙන්
කරවි ඉරිතැලුනු සිහින නිම්නයේ
සිදෙන දියකඩිති තුලට
යොමමි නෙතු
දකිනු රිසිව ඔය රුව
මතකයට ඉහලින් පිම්මක් පැන
දිවෙමි හනිකට
යුගාන්තයේ දොරකඩට
නොතිත් ආශා රාගයන් මැඩ
දුරින් දුර ගොස් නැවත ආ ගමන්
දැල්වි දැල්වි කොපි කුඩු පැහැගත්
පලිගු කැටතුල සිරගතව සිටි යුගය
වෙදනා දෙයි මිදුනු
හදවතට
මිරිකෙමින් මෙඝයක
පස්වසක් ගිය තැන
හිත යොමමි කාලයට
කෙසේ ගලවම්ද ලයෙහි බැදි යදම්
ඇටමිදුලු විදගත් සිතට ඉගිලුන නුඹ
සුපුශ්පිත සිහින කුමට
ඇදිරියට නිදිවරයි
මේ දෙනෙත් විඩාබර
සිහිය ශේෂව අන්ධ හදවත
ගැහෙයි පෙරමෙන්
අදත් නිරතුරු
බොකුටු කෙහෙරැල්
ලෙලෙනු සුලගට සුවද දෙන්න
නුඹ එන්න
මල් තුහින වැටෙන දිනක
ආලය අනන්තමැයි නුඹට
මගේ කලු දියමන්තිය.........
බිදෙන් බිද වැටෙන
කෙමින් වැඩිවෙන
දොඹගෙඩි කදුලු කැට
උනනවද තව නුබෙ නෙතට
කඨොර කාලයෙන්
කරවි ඉරිතැලුනු සිහින නිම්නයේ
සිදෙන දියකඩිති තුලට
යොමමි නෙතු
දකිනු රිසිව ඔය රුව
මතකයට ඉහලින් පිම්මක් පැන
දිවෙමි හනිකට
යුගාන්තයේ දොරකඩට
නොතිත් ආශා රාගයන් මැඩ
දුරින් දුර ගොස් නැවත ආ ගමන්
දැල්වි දැල්වි කොපි කුඩු පැහැගත්
පලිගු කැටතුල සිරගතව සිටි යුගය
වෙදනා දෙයි මිදුනු
හදවතට
මිරිකෙමින් මෙඝයක
පස්වසක් ගිය තැන
හිත යොමමි කාලයට
කෙසේ ගලවම්ද ලයෙහි බැදි යදම්
ඇටමිදුලු විදගත් සිතට ඉගිලුන නුඹ
සුපුශ්පිත සිහින කුමට
ඇදිරියට නිදිවරයි
මේ දෙනෙත් විඩාබර
සිහිය ශේෂව අන්ධ හදවත
ගැහෙයි පෙරමෙන්
අදත් නිරතුරු
බොකුටු කෙහෙරැල්
ලෙලෙනු සුලගට සුවද දෙන්න
නුඹ එන්න
මල් තුහින වැටෙන දිනක
ආලය අනන්තමැයි නුඹට
මගේ කලු දියමන්තිය.........
Last edited:




rep++