දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!

    දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!

    10998890_359111530945741_5651625870903538915_n.jpg


    රුවන්වැලි මහ සෑය හැදුවේ කව්ද කියලා ඇහුවොත් ඕන පොඩි එකෙක්‌ කියයි 'දුටුගැමුණු' රජතුමා කියලා· පොඩි එකා ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගත්තට ඌ නොදන්නා දෙයක්‌ තියෙනවා. ඒ තමයි 'දුටු ගැමුණු' කියන නමේ තේරුම· පිච්චර් පිස්‌සත් දන්න කාලේ ඉඳන්ම කට්‌ටිය ඔක්‌කොම කියන්නෙ 'දුටුගැමුණු' කියලා· හැබැයි කට්‌ටිය දන්නෙ නෑ මේ රට එක්‌සේසත් කරලා, බෞද්ධ වෙහෙර විහාර ගොඩනඟල, බුදු දහම මේ රට තුළ ස්‌ථාවර කරපු යුග පුරුෂයට අපි දුෂ්ට ගාමිණී කියනවා කියලා.....· නමුත් අපේ ජයන්ත මහත්තයා නං තමන්ගෙ සිනමා නිර්මාණය තුළින් හරි දේ හරියටම පෙන්නල දීල තියෙනවා. මොකද 'මහරජ ගැමුණු' පිච්චර් එක බලපු හැම කෙනෙක්‌ම පිච්චර් හෝල් එකෙන් එළියට එන්නේ පුදුමාකාර තෘප්තියකින්· ඒ වගේම ගැමුණු රජතුමා ගැන ලොකු ආඩම්බරයකින්·

    ඉතිහාසය අපි අහලා තියෙන විදිහට ගැමුණු රජතුමා දෙමළ ජනතාව පෙති ගැහුවා කියලනේ කට්‌ටිය හිතාගෙන ඉන්නේ. ඉතිං ඒ නිසා වර්තමාන දෙමළ මිනිස්‌සුත් ගැමුණු රජතුමා ගැන එතරං පැහැදීමක්‌ නෑ. නමුත් 'මහරජ ගැමුණු' පිච්චර් එක බැලුවම එහෙම කිසිම ජාතිවාදී හැඟීමක්‌ ඇතිවෙන්නේ නෑ· සතුරාටත් මෛත්‍රී කළ යුතුයි. වෛරයට අවෛරයෙන් පිළිතුරු දිය යුතුයි කියන බුදු වදන අනුව ජයන්ත මහත්තයා හරිම අපූරුවට මේ පිච්චර් එක නිර්මාණය කරලා තියෙනවා කියලා පිච්චර් පිස්‌සට හිතුනා. ලේ ගලන දර්ශන, මිනිස්‌සු මරණ දර්ශන හරිම අඩුවෙන් පාචිච්චි කරලා, යුද්ධය තුළදී උනත් ජුගුප්සාව ඇති නොවන විදිහට ජයන්ත මහත්තය තමන්ගෙ රාජකාරිය කරලා තියෙනවා. හැබැයි පිච්චර් පිස්‌සා අහල තියෙන විදිහට ගැමුණු කුමාරයා විහාරමහා දේවියගේ කුසේ පිළිසිඳගත්තාම දොළක්‌ ඇති උනාලුනෙ. එළාර රජතුමාගෙ සෙනෙවියකුගෙ ඔළුව උඩ කකුල් තියාගෙන එළාර රජතුමාගෙ පොකුණෙ මල්වලින් මල් මාලයක්‌ පැළඳගෙන කඩු හෝදපු වතුර බොන්න· හැබැයි අපේ පිච්චර් එකේ නං ඒ ගැන වචනයක්‌වත් සඳහන් වුණේ නෑ. ඒ මොකද කියලා නං පිච්චර් පිස්‌සා දන්නෙ නෑ· ඒ වගේම ඌරු පැලැස්‌ස ගමට යනකොට ගැමුණු කුමාරයා තමන්ගෙ කඩුව 'දෙහෙදුගහක' හැංගුවා කියලා කතාවකුත් පිච්චර් පිස්‌සා අහලා තියෙනවා. කොයි හැටි වෙතත් පිච්චර් එකට නළු නිළියෝ තෝරගනිද්දී ජයන්ත මහත්තයා හරි අපූරු දෙයක්‌ කරලා තියෙනවා. ඒ තමයි විහාරමහා දේවියගෙ චරිතයට දෙදෙනෙක්‌ යොදා ගැනීම. අපේ රටේ ඉන්න ඉතිහාසකතා කප්පිත්තෙක්‌ ඕක කරා නං කරන්නෙ එක්‌කො තාරකා නංගිගෙ කොණ්‌ඩෙ සුදු කරලා නාකි කරයි. එහෙමත් නැත්තං කුසුම් රේණු නෝනගෙ මූණෙ පියර ගාල, තොල් රතු කරලා කෙල්ල කරයි. ඒ අතින් ජයන්ත මහත්තයා ඒක ගානට තේරුම් අරගෙන තියෙනවා. අනිත් කාරණාව තමයි අපි යෝධයෝ කියල හිතාගෙන ඉන්න චරිතවලට නිවැරැදි අර්ථකථනයකුත් ජයන්ත මහත්තයා දීලා තියෙනවා. අර අර්ජුන කොලුවටයි, අජිත් වීරසිංහ උන්නැහැටයි රඟපාන්න බැහැයි කියලා හිතුවට ජයන්ත මහත්තයා උන් දෙන්නව ගලේ ගහලා අපුල්ලලා වැඩේ අරගෙන තියෙනවා. හරි මිනිහෙකුට අහුවෙන්න එපායැ නේද...?

    mancha1.jpg
    එළාර රජතුමාගෙ චරිතෙ ඉතිං හරිම මනුස්‌සයට දීලා තියෙනවා. මොකද සමහර චරිත තියෙනවා අධි රංගනයෙන් ඉදිරිපත් කරන්න ඕන· හැබැයි ඒ අධි රංගනය හරිම පරිස්‌සමෙන් තමන්ගෙ චරිතෙට ගලපගන්නත් ඕන. එහෙම නූනොත් ඒක විහිළුවක්‌ වෙනවා. නමුත් අපේ ජැක්‌සන් මහත්තයා තමන්ගෙ අධි රංගන හැකියාව කිසිම චරිතයක්‌ නැතුව පිච්චර් එක පුරාම විසිරුවලා තියෙනවා. ඒ වගේම ජැක්‌සන් මහත්තයට පිනුම් ගහලා එහෙම නටන්න ජයන්ත මහත්තයත් බෙර පදේ හරියටම ගහලා තියෙනවා. අපේ හුඟක්‌ නළු නිළියෝ හිතාගෙන ඉන්නෙ දෙබස්‌ නැති චරිත කරලා වැඩක්‌ නෑ කියලා....· හැබැයි අපේ යශෝධා නෝන එහෙම හිතුවනං තමන්ගෙ ප්‍රතිභාව රටට පෙන්වන්න ලැබෙන්නෙ නෑ නේද නෝනෙ· යශෝධා නෝනගෙ රංගනය ගිරව් වගේ දෙබස්‌ කියන්න දඟලන නිළිs නංගිලාට කනේ පාරක්‌ කියලයි පිච්චර් පිස්‌සා කල්පනා කරන්නේ. කුමාර අවධිය - ගුත්තා - මහරජ ගැමුණු ඒ අවධි තුන ඇතුලෙ සැලකිය යුතු සාර්ථකත්වයකින් අපේ උද්දික මහත්තයා එහා මෙහා ගමන් කරා කියලයි පිච්චර් පිස්‌සා කල්පනා කරන්නෙ. ගුත්තාගේ චරිතය තමයි හැබැයි පිච්චර් පිස්‌සගෙ හිත ගත්තෙ· පිච්චර් එක ඇතුලෙ ගුත්තගෙ චරිතය තව ටිකක්‌ කතා කරන්න ඉඩ තිබුණා· කොහෙද අර පිස්‌සෙක්‌ (සෝමරත්න දිසානායක පිස්සා) ගුත්තගෙ චරිතෙ වෙන පිච්චර් එකකට දාල කෑවනෙ· ජයන්ත මහත්තයා ගුත්තගෙ චරිතෙ තව දේවල් කරා නං කට්‌ටිය හිතයි අර කලින් පිච්චර් එකේ තියෙන ඒවා කොපි කරා කියලා.....·

    පිච්චර් එක බලලා ඉවර උනාම පිච්චර් පිස්‌සට හිතුනෙ කාලෙකින් පිච්චර් එකක්‌ බැලුවා කියන හැඟීමක්‌· මොකද රංගන ශිල්පීන් සියලුදෙනාම තමන්ට ලැබුණු කොටස බොහොම හොඳින් කරලා තිබුණා· සංගීතය, කැමරාකරණය ආදී සියලු රස ගුණ දාපු කටට රහ පිච්චර් එකක්‌ තමයි මහරජ ගැමුණු· ඒ වගේම කලා අධ්‍යක්‍ෂක මහත්තයා පමුණුව පැත්ත පළාතකවත් ගිහිල්ලා නෑ. ඒකනං පිච්චර් පිස්‌සගෙ හිතට ලොකු සැනසිල්ලක්‌· ඒ වගේම එක සිදුවීමක්‌ ඉවර වෙන්න නොදී - තවත් සිදුවීමක්‌ පටන් අරගෙන ප්‍රේක්‍ෂකයාගේ කුතුහලය මනාව පවත්වා ගන්න ජයන්ත මහත්තයා සමත්වීම හරිම සතුටු දෙයක්‌· ඒ වගේම 'දුටුගැමුණු' - 'මහරජ ගැමුණු' වීම ඉතිහාසය අලුතින් ලිවීමක්‌ විදිහටයි පිච්චර් පිස්‌සා දකින්නෙ· නැන්තං රට බේරාගත්ත වීරයා දුෂ්ටයෙක්‌ වෙනවා. වර්තමානෙ වෙලා තියෙනවා වගේම.

    10460205_265869100269985_7396250371002191912_n.jpg


    පික්‌චර් පිස්‌සා

    http://www.divaina.com/2015/02/15/meewitha02.html
     
    Last edited:
    • Like
    Reactions: jsandun

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහා කාව්‍ය නායකයකුගේ භූමිකාව සමතික්‍රමණය කළ
    මහරජ ගැමුණු
    සිනමා විචාරය

    සිංහල බෞද්ධ ජන මනස තුළ දේවත්වයට පත්ව සිටින ඓතිහාසික විරුවාණන් වන දුටුගැමුණු නම් වූ පරමාදර්ශී චරිතය මෙන්ම සිංහල බෞද්ධ සංස්‌කෘතියේ කේන්ද්‍රස්‌ථානය ලෙස ඉතිහාසය විසින්ම ප්‍රදානය කරන ලද ගෞරවයට හා බුහුමනට පාත්‍ර වී තිබෙන අනුරාධපුර යුගය පිළිබඳව ද සිනමා නිර්මාණයක්‌ කිරීම යනු අතිශය දුෂ්කර අභියෝගයකි. මහා වංශය අභිරුචියෙන් දක්‌වන දුටුගැමුණු චරිතය වීර කාව්‍ය ලක්‍ෂණ අනුව යමින් කරන ලද්දක්‌ බව ද ඇතැම් ඉතිහාසඥයෝ ම සඳහන් කරති. දුටුගැමුණුට වීරත්වයේ කිරුළ පැළඳ වීම සඳහා මහාවංශය මෙන්ම ථූපවංශය ද ඔහුගේ පියා වූ කාවන්තිස්‌ස බියසුළු රජෙකු ලෙස දක්‌වා තිබේ. කාවන්තිස්‌ස රජු රාජ්‍ය තාන්ත්‍රික ඥනයෙන් අගතැන්පත් අයකු ලෙස දක්‌වා ඇත්තේ ධාතුවංශ කතුවරයා පමණි.

    10998076_359110724279155_4939512801520147048_n.jpg


    මෙම ඓතිහාසික පසුබිම හා ඒ සමග බැඳුණු ඇතැම් ජනප්‍රවාදවලින් ද උත්කර්ෂයට නංවන ලද දුටුගැමුණු වෘතාන්තය පිළිබඳ සිනමාත්මක කියෑවීමක්‌ සඳහා නව පරපුරේ ප්‍රමුඛ සිනමා කලාකරුවකු වන ජයන්ත චන්ද්‍රසිරි අපට ආරාධනා කරයි. ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා රීතියප්‍රබල නාටකීය ගුණයෙන් පිරිපුන් ආධ්‍යාත්මික ගවේෂණ මාර්ගයක්‌ ලෙස හැඳින්වීමට මම වඩාත් ප්‍රියකරමි. මක්‌නිසාද යත් ඔහුගේ සිනමා කලා භාවිතය තුළ අනන්‍යසාධාරණ ලකුණක්‌ බවට පත්ව තිබෙන්නේද මේ මානව ධර්මතාවන්හි කම්පනය ද සියුම් ඉකිබිඳුම් ද හෘදයාංගම ලෙස අනාවරණය කිරීමය. මානව සබඳතාවන් බිඳ වැටීමේ අකාරුණික ධර්මතා ගැඹුරින් හා බුද්ධිමත්ව අප අබියස විදහා දැක්‌වීමට බලපෑම් කරන සංවේදී කලාකරුවකු ඔහු තුළ සිටියි.

    10985263_358759490980945_229284467766905325_n.jpg


    මේ අනුව ඔහු ඉතිහාසය හා ජනප්‍රවාද ඔස්‌සේ හඔdයමින් ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික ආධ්‍යාත්මය විවරණය කිරීමට දරණ අව්‍යාජ ප්‍රයත්නය මහරජ ගැමුණු සිනමා කෘතිය තුළින් අපට දැක ගත හැකිය. මෙහිදී මහාවංශය, ධාතු වංශය, සීහල වත්ථුප්පකරණය වැනි ඓතිහාසික මූලාශ්‍රයන් මතු නොව නොයෙක්‌ ජනප්‍රවාදද සිනමාකරුවාගේ සමීප සම්පත් බවට පත්ව තිබේ. ජයන්ත මේ සියල්ල සියුම්ව හා ප්‍රවේශම් සහිතව භාවිත කරමින් අගනා තිර කතාවක්‌ සම්පාදනය කරයි.

    මහරජ ගැමුණු ශ්‍රී ලංකාවේ අවසන් වූ මෑතකාලීන යුද පීඩනය හා උතුර වැනසූ ත්‍රස්‌aතවාදී අනතුර පිළිබඳව ශ්‍රී ලාංකික සමාජය තුළ ඇති වූ මුග්ධ සම්මතයන්ට දෙන ලද අතුල් පහරක්‌ සේ කෙනෙක්‌ සඳහන් කර තිබුණි. එසේම ගැමුණු චරිතය ඇතැම් දේශපාලන චරිත සමග ආදේශ කිරීම් ද සිදු විය. එහෙත් ජයන්ත එබඳු සීමාවන් තුළ සිර නොවී යුද්ධය යනු මානව වර්ගයාගේ පැවැත්මට හතුරු වූ විනාශයක්‌ ලෙසට දකියි. ලොවට වුවමනා මානව බන්ධුත්වයක්‌ බවද ඔහු අවධාරණය කරයි. යුද්ධය යනු ඉක්‌මන් කෝපයට කරන ප්‍රතිකර්මයක්‌ නොවන බව ද ඔහු තිරසරව කියයි.

    මහරජ ගැමුණු ප්‍රේක්‍ෂක ආකර්ෂණයට ලක්‌වන්නේ ඒ සාධනීය ගුණ නිසා යෑයි මම සිතමි. ගැමුණුගේ ඓතිහාසික දුෂ්ටයා ලෙස ඉතිහාසය ඔස්‌සේ බොහෝ විට අපගේ ළමාවියේ පටන් උදහසට ලක්‌වන එළාර මෙම සිනමා කෘතිය තුළ හැඳින් වෙන්නේ ආක්‍රමණිකයකු ලෙසය. එළාර දුෂ්ට පාලකයකු නොවන මනුෂ්‍යත්වය පිළිබඳ අවබෝධයක්‌ සහිත අධිෂ්ඨානශීලී රජෙකු ලෙස අප ඉදිරියට එයි. සිය ප්‍රාණප්‍රිය දියණිය පෙම්බැඳ සිටින ගාමිණී පිළිබඳ සිදුවීම ඔහුගේ විමතියට හේතු වුවද ඔහු එය සංයමයෙන් ඉවසා සිටියි.

    එළාර සිය ප්‍රතිවාදියා වනගාමිණී පිළිබඳ දැඩි අවධානයකින් පසුවෙයි. තමුන්ට වඩා බෙහෙවින් ළාබාල තරුණ ගාමිණී පිළිබඳ ඔහු තුළ පවතින ස්‌aවාභාවික කෝපාග්නිය ප්‍රේක්‍ෂකයාට මැනවින් දැනෙන අවස්‌ථාව ලෙස මහමේඝ වනයේදී දැස්‌ ගැටෙන ශිලා ස්‌ථම්භය අබියස රූප රාමුව දැක්‌විය හැකිය. ගැමුණුගේ සම්ප්‍රාප්තිය නියත වශයෙන් ම සිදුවන බව ඒ ශිලා ස්‌ථම්භයත් එළාරගේ පුරෝහිතයාට හමුවන රන් සන්නසත් සාක්‍ෂි දරයි.

    සිනමාවේදී වේවා වෙනත් නිර්මාණයකදී වේවා එම කලා කෘතියේ ස්‌වාභාවික ගලා යැමට නැතහොත් රිද්මයට එරෙහිව අමුතුවෙන් හුවා දැක්‌වෙන සිදුවීම් තිබේ නම් එය සද් කලා කෘතියකැයි කිව නොහැක. මහරජ ගැමුණු චිත්‍රපටයේ එබඳු භාවතීශය දොaෂ මට හමු නොවීය. එසේම මෙහි කෙරෙන යුද්ධය බලකාමයෙන් අන්ධ වූ පාලකයකුගේ සැහැසි ක්‍රියාවක්‌ නොව ධර්මයේ හා සත්‍යයේ සුරක්‍ෂිත බව සඳහා වූ ජාතික අවශ්‍යතාවක්‌ බවද අපට හැඟෙයි.

    ජයන්ත, ප්‍රේක්‍ෂකයා අබියසයට රැගෙන එන ගැමුණු ප්‍රබල ආධ්‍යාත්මික දමනයකින් යුතු පරිත්‍යාගශීලී අයෙකි. ඔහු ආදරය, යුක්‌ති ධර්මය යනාදිය පිළිබඳ දරන අදහස්‌ අතිශය දාර්ශනිකය. එහෙත් ඔහු ඒවා වර්ධනය කර ගනු ලබන්නේ ශාස්‌ත්‍රීය පරිසරයකින් හෝ ගුරුවරයකුගෙන් හෝ නොව සිය මවගෙන් හා පොදු ජනතාව අතර ජීවත් වීමෙන්ය. වරක්‌ ඔහු කෝපයට පත්ව සිය පියාගේ රාජ සභාවට කඩා පනින අවස්‌ථාවක්‌ද ඇත. එහෙත් ඔහු දැඩි සංයමයකින් යුතු මානව දයාවෙන් පිරුණු උදාර මිනිසෙකි.

    ගැමුණු කුමරු මාළිගාවෙන් බැහැරව හිද්දලයා ලෙස වෙස්‌ වලාගෙන ජීවත් වන යුගය චිත්‍රපටය තුළ මැනවින් නිරූපණය වී ඇත. ගැමි නායකයකුගේ දියණියන් දෙදෙනකු සමග එනම් කළුමැණිකේ හා රන් මැණිකේ සමග ගෙවන ජීවිතය සිනමාකරුවා දැඩි අවධානයකින් ගොඩනඟයි. කළු මැණිකේ සමග පෙමින් වෙළී සිටි ගැමි තරුණයාට ඔහුගේ ආදරය පෙරළා දීමට තරම් ගැමුණු කුමරු පරිත්‍යාගශීලී වෙයි. ඒ වීරයකු ලෙස විනා පරාජිතයකු ලෙස නොවේ.

    ගැමුණුගේ මේ ඉන්ද්‍රිය සංවරය ඔහුගේ උත්පත්තිය නිසා හිමිවූවක්‌ද? විහාර මහා දේවියගේ කුසට ඇතුල් වන්නේ මරණ මංචකයේ වැතිර සිටින සාමණේර හිමිනමක්‌ බව ප්‍රේක්‍ෂකයා දනී. මෙම දර්ශනය ජයන්තගේ සිනමා ප්‍රතිභාවට කදිම නිදසුනකි. සාමනේර හිමියන්ගේ රූපය එක්‌වරම පා ගමනින් පැමිණ විහාර මහා දේවියගේ කුසට පිවිසෙන ඡේදනයකින් දක්‌වා තිබේ.

    ජයන්ත චන්ද්‍රසිරි සිය සිනමා ආඛ්‍යානය තුළ ප්‍රබල උපක්‍රමයක්‌ සේ භාවිත කරන්නේ රූප රාමු ක්‍ෂණික ඡේදනය කිරීමය. එළාරගේ දියණිය ගීතය ගයන අවස්‌ථාවේදීත් එහි රූපාවලිය ඡේදනය කරමින් ගැමුණු කුමරුන් සමග ඇය බැඳෙන අයුරු දක්‌වා තිබීම ද අගය කළ යුත්තකි. ගැමුණු කුමරුන් විසින් අස්‌වද්දන ලද කුඹුරුයායට රජ පෙරහරින් එන නන්දිමිත්‍ර හිද්දලයා අබියස සිට ඔහුට අසිපත පිරිනමන අවස්‌ථාවේදී සිදුවන සියල්ල සංක්‍ෂිප්ත රූප රාමු පෙළක්‌ සේ අපි දකිමු. ඔහුට සෙවණ දුන් ගම් ප්‍රධානියා මේ රජ කුමරකු බව දැනගත් සැණින් සිහි මූර්ජා වී ඇද වැටෙයි. ගැමියෝද ගැමිලියෝ ද විස්‌මිතව බලා සිටිති. තමාට හිද්දලයා රජෙක්‌ වැනි යෑයි කී රන් මැණිකා ද එහි ගල් වී සිටින්නීය. හේ තමන්ගේ නෑය්නට ආචාර කර රන් මැණිකා හා සිඟිති පුතු සමග රජවාසලට යන තැනින් චිත්‍රපටයේ ඒ සිදුවීම් පෙළ අවසන් වෙයි.

    සිනමාකරුවා මේ සියලු සිදුවීම් තුළින් ගැමුණු චරිතයේ අව්‍යාජ බවත් නිරංහාකර බවත් විදහා දක්‌වයි. ගැමුණුqගේ ආපසු ගමනට පෙර අපට ප්‍රබල රූප රාමුවක්‌ හමුවෙයි. ඒ ගැමුණු කුමරුන්ට බීමට කටට ගත් ජලය පිට උගුරේ යන අවස්‌ථාවයි. මෙය ප්‍රබල සංකේතයකි. ඒ සමගම රූපය ඡේදනය වන්නේ කාවන්තිස්‌ස රජුගේ අවසන් මොහොතටය.

    මහරජ ගැමුණු චිත්‍රපටයේ අවසාන අංකය ලෙස දැක්‌විය හැකි ජවනිකා පෙළට, ගැමුණු හා තිස්‌සඅතර සිදුවන ගැටුම මෙන්ම ගැමුණු සහ එළාර අතර සටන ද අයත් වේ. ගැමුණු රජෙකු ලෙස ප්‍රබල චරිතයක්‌ සේ අපට හමුවන ඒ අවසානය සිනමාකරුවා ගැමුණුගේ චරිතයෙහි ප්‍රබල ආධ්‍යාත්මික ගුණ විදහා දැක්‌වීමට මෙන්ම ඔහුගේ සටන සාධාරණීකරණය කිරීමට ද භාවිත කළ අයුරු පෙනේ. සිනමාකරුවා ගැමුණු මහරජුගේ මුවට නංවන සංවාද මෙබඳුය.

    "කුමක්‌ද මේ නිහැඬියාව මගේ පියාත්, ගෝඨාභය මුත්තාත් මහත් වැර වෑයමෙන් එක්‌ සේසත් කළ දකුණත් බෙදී තිබීමේ සතුට ද මේ?

    මතක තබා ගන්න. මේ දැනෙන්නේ කිඹුලා ගොදුර වෙත පිහිනා යැමේදී දැනෙන නිහඬ බවයි.

    මතක තබා ගන්න. මේ දැනෙන්නේ කොටියා ගොදුර වෙත යැමේදී බිහි කරන නිහඬතාව බව".

    ජයන්ත චන්ද්‍රසිරි සිනමාකරුවකු ලෙස තමන් තෝරා ගත් ඉතිහාස වාර්තාවලින් ඔබ්බට ගොස්‌ ගැඹුරු යථාර්තය ස්‌වභාවය දකියි. තමා යුදකාමියකු නොව යථාර්ථ ඥනයෙන් යුතු පාලකයකු බව මෙයින් අපට තහවුරු කරයි. කවර ජාතියක්‌ වුවද විමුක්‌ති අරගලයකට තල්ලු වන්නේ බැරිම තැන බව නොවේද මෙයින් �වනික වන්නේ?

    ගැමුණු රජු විසින් දියත් කරන ලද යුද්ධය එළාරගේ බලකොටු එකින් එක සිඳලමින් ඉදිරියට ගමන් කරයි. මෙම යුද්ධයේදී කිසිම විටෙක වට කර ප්‍රහාර එල්ල කිරීමක්‌ද නැත. එළාරගේ අණසකට යටත්ව ජීවත් වූ ජනතාවට නිදහසේ පලා යැමට අවකාශ ලැබේ. මෙය ගැමුණු රජුගේ චරිතයේ උදාර ලක්‍ෂණයකි. එසේම තිස්‌ස කුමරුන් සටනින් පරාජය වී පන්සලක සැඟවෙද්දී භික්‍ෂූන් වහන්සේලා කර පිටින් පලා යන අවස්‌ථාවද ගැමුණුගේ චරිතය බබලවන සිද්ධියකි. ඔහු කුලදේවාතාවන්ට දක්‌වන ගෞරවය අපි දකිමු.

    මෙම චිත්‍රපටයේ ප්‍රබලම රූපමය සිද්ධිය ගැමුණු හා එළාර ද්වන්ද සටනයි. එය ගැමුණුqගේ උදාර ප්‍රබල ආධ්‍යාත්මය විදහාලන අවස්‌ථාවක්‌ ලෙස මම දකිමි. මේ යුද දර්ශනයේ පරිසමාප්තිය භාවතීශය තත්ත්වයට නොපමුණුවා මනුෂ්‍යත්වයේ ආචාරශීලය තීව්‍ර කිරීමට සිනමාකරුවා භාවිත කරයි. ගැමුණු සිය හෙල්ල පහරින් තුවාල වන එළාරගේ හිස උකුල මතට ගෙන ඔහුගේ විවෘත වූ දැස සුරතින් වසා දැමීමට තරම් දෘඨතර ආත්ම ශක්‌තියක්‌ සහිත නරපතියකු බවට පත්වන්නේ එතැනදීය. සිය සතුරාට එබඳු ගෞරවයක්‌ කළ හැකි වන්නේ උදාර ආධ්‍යාත්මයක්‌ සහිත ශේ්‍රෂ්ඨ මිනිසකුට පමණි.

    ජයන්ත චන්ද්‍රසිරිගේ අභිමතය වී ඇත්තේ රණගොස නඟන යුද උත්තේජනයකින් ප්‍රේක්‍ෂකයා මෝහනය කිරීම නොවේ. ඔහු ඒ වෙනුවට ඉතිහාසය විසින් උත්කර්ෂයට නංවන ලද ක්‍රියාදාමයක්‌ හා එයට ජීවය දුන් වීරයකු ලෙස වන්දනා කළ චරිතයක්‌ හා එයට සම්බන්ධ වූ චරිත කීපයක්‌ම ගැඹුරු සමාජ හා දේශපාලන දෘෂ්ටියකින් විමසා බලයි. ඉතිහාස වාර්තාව උඩු යටිකුරු කරමින් එහි මානව හරය වෙත ඔහු කිමිදෙයි.

    කාවන්තිස්‌ස ලෙස රඟන ශ්‍රියන්ත මෙන්ඩිස්‌ විහාරමහා දේවී ලෙස රඟන කුසුම් රේණු එළාර ලෙස ජැක්‌සන් ඇන්තනී මෙන්ම භික්‍ෂු චරිතයට සමාරෝපනය වන බුද්ධදාස විතානආරච්චි ද ජයන්තට අප්‍රමාණ ශක්‌තියක්‌ වූ බව කිව යුතුය. මේ අතර එළාරගේ භූමිකාව අති විශිෂ්ට යෑයිද මම සඳහන් කරමි. සිය අප්‍රමාණ රංගන කුසලතාවන්ගෙන් ඔප් නැඟුණුq අත්දැකීම් සංයමයෙන් භාවිත කරන ජැක්‌සන් එළාරගේ සංකීර්ණ මනෝ භාවයන් මනාව අප අබියස තීව්‍ර කළ අයුරු වෙසෙසින් දැක්‌වුවමනාය. උද්ධික ප්‍රේමරත්න ගැමුණු කුමරුන් හා රජු ලෙස ද කරන නිරූපණයේ අභියෝගය ජය ගැනීමට වෑයම් කර තිබුණි.

    ජයන්ත යනු රූපණය පිළිබඳ පුළුල් අවබෝධයක්‌ මෙන්ම අගනා පරිචයක්‌ ලද සිනමා අධ්‍යක්‍ෂවරයෙකි. හේ කිසි විටෙක නළුවකුට අනවශ්‍ය ඉඟියක්‌ කිරීමට තරම් සුළු අවකාශයක්‌ හෝ ලබා නොදෙන දැඩි එහෙත් සුමට ලෙස නළු නිළියන් හසුරුවන්නෙකි. සංවාදයක්‌ යනු හුදු වචන උච්චාරණයක්‌ නොව චරිතයක අභ්‍යන්තර ප්‍රකාශනයක්‌ ලෙස ජයන්ත භාවිත කළ අයුරු මේ චිත්‍රපටය තුළ මම දිටිමි. ඔබ මොහොතක්‌ එළාර සිහියට නඟා ගන්න ඒ නම් විස්‌මිත රංගනයක කූට ප්‍රාප්තියකි. එළාරගේ බිරිඳ ලෙස යශෝධරාගේ භූමිකාව මොන තරම් විශිෂ්ට නිරූපණයක්‌ද?

    මහරජ ගැමුණු චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිත වන්නේ ගැමුණු හා එළාරය. එය ශිෂ්ටයා හා දුෂ්ටයා ලෙස චිරසම්මතව එන ගැටුමකි. ගැමුණුගේ විකුම් සමග එළාරගේ මානව ගුණයටද ඉතිහාසය ඉඩ දී තිබුණත් එයට වඩා ඉඩක්‌ මෙම චිත්‍රපටය තුළ එළාරට හිමිවී තිබේ. කෙසේ වුවද මේ චිත්‍රපටයේ සෙසු සියලුම චරිත දොaලනය වන්නේ ගැමුණුගේ භූමිකාව උද්දීපනය වන අයුරිනි. උද්දිකට ඒ නිසා රංගශිල්පියකු ලෙස වඩාත් කැප වෙමින් සිය චරිතය නිරූපණය කිරීමට සිදු වෙයි. ඔහුගේ භූමිකාව වඩාත් දාර්ශනික හා සංයමයෙන් යුතු එකකි. ඇතැම් තැනක ඔහු වෙතින් ලිහිල් වූ තැන්ද අපට හමුවෙයි.

    10801757_355755041281390_391580426990854876_n.jpg

    චිත්‍රපටයේ එන දස මහ යෝදයන්ගෙන් අපට දැනෙන රංගනයක්‌ ඉදිරිපත් වන්නේ වේළුසුමන, සුරනිමල හා නන්දිමිත්‍ර යන භූමිකාවලින් පමණි. තිර නාටකය තුළ ඔවුන්ට ඊට වඩා අවකාශයක්‌ ලබා දීමට ද නොහැකිය. විහාරමහා දේවිය ගැමුණු කුමරුගේ දැවැන්ත සෙවනැල්ල වන්නී නැණවත් රැජිනක්‌ හා මවක්‌ ලෙස බව අපට දැනෙයි. සිය සැමියාගේ වියෝගය ඇය ඉවසා සිටින්නී උදාර රැජිනක්‌ ලෙසිනි.

    මහරජ ගැමුණු චිත්‍රපටයට අගනා මෙහෙවරක්‌ ඉටු කළ රුවන් කොස්‌තාගේ කැමරාව හා රවීන්ද්‍ර ගුරුගේ සංස්‌කරණය ද මගේ පැසසුමට ලක්‌ වන්නකි. අධ්‍යක්‍ෂවරයාට වුවමනා රූපය කැමරා අධ්‍යක්‍ෂවරයා හඳුනා ගත යුතුය. විශේෂයෙන් මෙහිදී භාවිත කර තිබෙන ග්‍රැµsක්‌ තාක්‍ෂණය ද සිනමා කෘතියේ රිද්මය සමග සැසඳී තිබෙන බව සඳහන් කිරීම නම් සංග්‍රාම භූමියේ රූප රාමු පෙළ මුතු පොටක්‌ සේ මනාවද සියුම්ව ද ප්‍රේක්‍ෂක අබියස දිග හැරෙයි. එහෙත් මෙහි එන ඇත්පොරය සජීවි ලෙස රූපගත කරන ලද විශිෂ්ට අවස්‌ථාවකි.

    මේ රාජකීයයන් සැරිසරන මැදුරු, සරුසාර කෙත්, ගලා හැලෙන දියවැල් යනාදියද මැනවින් අපට දැක බලා ගත හැකිය. නදීක ගුරුගේ සංගීතයෙන් ජයන්තට ලබාදෙන අනුබලය ගැන ඔහුට පින්දිය යුතුය. එළාරගේ දියණිය වෙනුවෙන් ගැයෙන "දුරක සිට සිඹිමි" ගීතයට නැඟෙන රූපාවලිය සංගීත සන්�වනියක්‌ වැන්න. චලනය, භාවමය ප්‍රකාශනයන් සත්සර සමග මුසු කරමින් ප්‍රතිරාව දෙන ඒ සංගීතය මොන තරම් අර්ථවත් ද? නදීක ඔබ හෙට ලොව බබළවන අපූර්ව ගාන්ධර්වයෙකි.

    මෙලෙස ප්‍රේක්‍ෂක දැස්‌ අබියස ප්‍රති නිර්මාණය වන ඓතිහාසික වෘතාන්තයේ අපූර්ව සිනමා ප්‍රකාශනය සමග ජයන්ත අපට ගැමුණු එළාර මෙන්ම ඔවුන් සමග අප එක්‌ කළ සංස්‌කෘතික සබඳතාවයටද විචිත්‍ර හා සෞන්දර්ය ආලෝක ධාරාවක්‌ එල්ල කර තිබේ. ගැමුණුගේ වීර චාරිකාවට පෙම් බැඳ එළාර කෙරෙහි නොසතුටු සිතින් සිනමාහලට පිවිසෙන ප්‍රේක්‍ෂකයා මේ අපූර්ව අර්ථ සංයෝජනයේ මානුෂික රූපය දකියි.

    කලාකරුවා යනු බොහෝ විට ඉතිහාසකරුවාට වඩා වෙනස්‌ සොඳුරු මිනිසෙකි. ඔහු ඉතිහාස වාර්තාවට යට වී ගිය සියලු සංසිද්ධීන් හා එමගින් පුද්ගල මනසට රිංගවන ලද අන්තවාදී දෘෂ්ටිවාද සියල්ලම සිඳ බිඳ දමන්නෙකි. කලාව යනු යථාර්ථය ඥනය කරන්නාවූද මානව හැඟීම් සියුම්ව හා සංවේදීව මතු කරන්නා වූද සද් ව්‍යාපාරයකි.

    වෝල්ටර් බෙන්ජමින් වරක්‌ ප්‍රකාශ කළ පරිදිම සිනමාව යනු අපගේ සංජානනය දහස්‌ ගුණයෙන් තීව්‍ර කරන අපූර්ව අත්දැකීමකි. ජයන්ත චන්ද්‍රසිරි ඒ අගනා කියමන අර්ථවත් කරයි. සිනමාකරුවකු ලෙස ඔහු තුළ තිබෙන නිර්මාණාත්මක පරිකල්පනය මනාව විශද කළ අවස්‌ථාවක්‌ ලෙස මහරජ ගැමුණු ප්‍රේක්‍ෂක පැසසුමට ලක්‌ වනු ඇත. ඔහුගේ ප්‍රයත්නය ඉතිහාසය ගවේෂණය කරමින් සුරම්‍ය වූද මධුර වූද මානව සබඳතාවන් විදහා දක්‌වමින් ප්‍රේක්‍ෂකයා ඥනනය කිරීම බවද ඉතා පැහැදිලිය.

    ගාමිණි සුමනසේකර



    http://www.divaina.com/2015/02/15/cineart.html
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහරජ ගැමුණු on location 1




    මහරජ ගැමුණු on location 2


     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ මේ නිර්මාණය IMDB website එකේ ratings වලින් උඩට ගන්න පුළුවන් අය vote එකක් දෙන්න...

    http://www.imdb.com/title/tt3471472/
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    good film....

    ඔව් මචන්...සමනල සන්ධ්‍වනියෙන් පස්සේ ආපු හොදම සිංහල film එක කියල කියන්න පුළුවන්...නදීක ගුරුගේ ගේ music එක නම් හොදටම වදිනවා... ඒ වගේම නන්දිමිත්‍ර යෝධයාගේ act එකත් නියමයි...අජිත් වීරසිංහ නියමෙටම ඒකට ගැලපෙනවා සහ ඔහු උපරිමයෙන්ම මේකට දායක වෙලා තියෙනවා කියල පේනවා..ඇත්තටම මට නම් ගැමුණු කුමාරයට ඉන්න උද්දිකට වඩා අජිත් වීරසිංහගේ රංගනය සාර්ථකයි කියල හිතුන මේ ෆිල්ම් එක බලන සමහර තැන් වලදී...

    බලපු නැති අය මේක අනිවාර්යෙන් බලන්න...ජයන්ත චන්ද්‍රසිරි වගේ දක්ෂ නිර්මාණකරුවෙක්ව අධෛර්යයට පත් කරන්න එපා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,855
    99,051
    113
    කොහෙද අර පිස්‌සෙක්‌ ගුත්තගෙ චරිතෙ වෙන පිච්චර් එකකට දාල කෑවනෙ· ජයන්ත මහත්තයා ගුත්තගෙ චරිතෙ තව දේවල් කරා නං කට්‌ටිය හිතයි අර කලින් පිච්චර් එකේ තියෙන ඒවා කොපි කරා කියලා.....·
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මහත් වැර වෑයමෙන් එක්සත් කළ දකුණත් බෙදී තිබීමේ නිහඬ සතුටද මේ?
    මතක තබා ගන්න. මේ දැනෙන්නේ කිඹුලා ගොදුර වෙත පිහිනා යෑමේදී දැනෙන නිහඬකම බව. කොටියා ගොදුර වෙත පනින්නට පෙර බිහි කරන නිහඬකම බව. ආක්‍රමනිකයාගෙන් ණයට ගත ධෛර්යයෙන් තිස්ස මට අභියෝග කරනවා. එතැන්දී නිහඬ වන්නැයි
    ඔබ මට කියනවා.
    ...කුල දේවතාවෝ නිහඬයි! අමාත්‍යවරු නිහඬයි! "
    -මහරජ ගැමුණු චිත්‍රපටයේ ගැමුණු මහ රජු-
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;17901295 said:
    කොහෙද අර පිස්‌සෙක්‌ ගුත්තගෙ චරිතෙ වෙන පිච්චර් එකකට දාල කෑවනෙ· ජයන්ත මහත්තයා ගුත්තගෙ චරිතෙ තව දේවල් කරා නං කට්‌ටිය හිතයි අර කලින් පිච්චර් එකේ තියෙන ඒවා කොපි කරා කියලා.....·
    :rofl::rofl::rofl::rofl::rofl:

    අනිවා මචන්...සිරි පැරකුම් ද මොකක්ද එකේ ඒ මනුස්සයා කරලා තිබ්බේ තනිකරම ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු පිටපත කොපි කිරීමක්.. නිර්මාණශීලී බවක් නැති මිනිස්සුන්ට පුළුවන් අනුන්ගේ නිර්මාණ තමන්ගේ අදහස් වගේ කොපි කරලා සල්ලි හොයන එක...ඒකයි මං හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ මහරජ ගැමුණු නිර්මාණයට ගිය වියදම වත් අපේ රටේ මිනිස්සු හොයල දෙන්න ඕන කියල, නැවතත් ජයන්ත මහත්තටය නිර්මාණයක් බය නැතුව පටන් ගන්න ඒක හයියක් වෙයි...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,855
    99,051
    113
    "මහත් වැර වෑයමෙන් එක්සත් කළ දකුණත් බෙදී තිබීමේ නිහඬ සතුටද මේ?
    මතක තබා ගන්න. මේ දැනෙන්නේ කිඹුලා ගොදුර වෙත පිහිනා යෑමේදී දැනෙන නිහඬකම බව. කොටියා ගොදුර වෙත පනින්නට පෙර බිහි කරන නිහඬකම බව. ආක්‍රමනිකයාගෙන් ණයට ගත ධෛර්යයෙන් තිස්ස මට අභියෝග කරනවා. එතැන්දී නිහඬ වන්නැයි
    ඔබ මට කියනවා.
    ...කුල දේවතාවෝ නිහඬයි! අමාත්‍යවරු නිහඬයි! "
    -මහරජ ගැමුණු චිත්‍රපටයේ ගැමුණු මහ රජු-

    කිව්වෙ අවුරුදු 2000කට කලින් නෙවෙයි වගේ බන් මේක කියවද්දි හිතෙන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,855
    99,051
    113
    අනිවා මචන්...සිරි පැරකුම් ද මොකක්ද එකේ ඒ මනුස්සයා කරලා තිබ්බේ තනිකරම ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු පිටපත කොපි කිරීමක්.. නිර්මාණශීලී බවක් නැති මිනිස්සුන්ට පුළුවන් අනුන්ගේ නිර්මාණ තමන්ගේ අදහස් වගේ කොපි කරලා සල්ලි හොයන එක...ඒකයි මං හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ මහරජ ගැමුණු නිර්මාණයට ගිය වියදම වත් අපේ රටේ මිනිස්සු හොයල දෙන්න ඕන කියල, නැවතත් ජයන්ත මහත්තටය නිර්මාණයක් බය නැතුව පටන් ගන්න ඒක හයියක් වෙයි...
    එක පාරක් බැලුව දෙවනි පාර ලග පාත හෝල් එකකින් බලනව ඊගාව සතිය දිහාට.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;17901353 said:
    "මහත් වැර වෑයමෙන් එක්සත් කළ දකුණත් බෙදී තිබීමේ නිහඬ සතුටද මේ?
    මතක තබා ගන්න. මේ දැනෙන්නේ කිඹුලා ගොදුර වෙත පිහිනා යෑමේදී දැනෙන නිහඬකම බව. කොටියා ගොදුර වෙත පනින්නට පෙර බිහි කරන නිහඬකම බව. ආක්‍රමනිකයාගෙන් ණයට ගත ධෛර්යයෙන් තිස්ස මට අභියෝග කරනවා. එතැන්දී නිහඬ වන්නැයි
    ඔබ මට කියනවා.
    ...කුල දේවතාවෝ නිහඬයි! අමාත්‍යවරු නිහඬයි! "
    -මහරජ ගැමුණු චිත්‍රපටයේ ගැමුණු මහ රජු-

    කිව්වෙ අවුරුදු 2000කට කලින් නෙවෙයි වගේ බන් මේක කියවද්දි හිතෙන්නෙ.
    :D:D:D:D:D

    අවුරුදු 2000 කට කලින් කතා කරපු භාෂාවෙන් ඉතින් ෆිල්ම් එකක් හදන්න බෑ නේ මචන්...ඔය Lord of the Rings වල උනත් හොද කඩ්ඩෙන් නේ කතා කරන්නේ...ඉතින් මං හිතනවා, නොදන්නා දෙමළයක් කියනවට වඩා මේ විදිහට සිංහලෙන්ම භාෂාව හසුරුවපු එක හොදයි කියල...නැත්නම් ඉතින් විහිළුවක් වෙයි...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,855
    99,051
    113
    :D:D:D:D:D

    අවුරුදු 2000 කට කලින් කතා කරපු භාෂාවෙන් ඉතින් ෆිල්ම් එකක් හදන්න බෑ නේ මචන්...ඔය Lord of the Rings වල උනත් හොද කඩ්ඩෙන් නේ කතා කරන්නේ...ඉතින් මං හිතනවා, නොදන්නා දෙමළයක් කියනවට වඩා මේ විදිහට සිංහලෙන්ම භාෂාව හසුරුවපු එක හොදයි කියල...නැත්නම් ඉතින් විහිළුවක් වෙයි...
    අපෝ උබත් මම කිව්වෙ ඒක අද කාලෙ තියෙන තත්වයට ගැලපෙන්න කියල තියෙනව කියල.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චිත්‍රපටයේ චරිත තෝරා ගැනීම උපරිම තාත්විකයි...

    විහාරමහාදේවියගේ (කුසුම් රේණු) තරුණ කාලය ඉදිරිපත් කරන තාරුකා....


    කොයි හැටි වෙතත් පිච්චර් එකට නළු නිළියෝ තෝරගනිද්දී ජයන්ත මහත්තයා හරි අපූරු දෙයක්‌ කරලා තියෙනවා. ඒ තමයි විහාරමහා දේවියගෙ චරිතයට දෙදෙනෙක්‌ යොදා ගැනීම. අපේ රටේ ඉන්න ඉතිහාසකතා කප්පිත්තෙක්‌ ඕක කරා නං කරන්නෙ එක්‌කො තාරකා නංගිගෙ කොණ්‌ඩෙ සුදු කරලා නාකි කරයි. එහෙමත් නැත්තං කුසුම් රේණු නෝනගෙ මූණෙ පියර ගාල, තොල් රතු කරලා කෙල්ල කරයි. ඒ අතින් ජයන්ත මහත්තයා ඒක ගානට තේරුම් අරගෙන තියෙනවා.



    10689867_358761497647411_1328744732835600109_n.jpg


    10635885_357276974462530_1762090204041781297_n.jpg
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    "පාරගගං ගමිසසාමි ජොතෙතුං සාසනං අහං"
    (මහාවංශය, පරි. 24, ගාථා 02)

    "රටේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්‌ථිතිය සඳහා යුද්ධය මෙහෙයවමි."
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;17901470 said:
    අපෝ උබත් මම කිව්වෙ ඒක අද කාලෙ තියෙන තත්වයට ගැලපෙන්න කියල තියෙනව කියල.

    :yes::yes: