හිතන්න.. අපි පාරේ යනවිට හෝ මේ පොළව මතුපිට ඉන්න පුංචි සතුන් ගැන. කුඹි, හැකරැල්ලන්, ගැඩවිලන් ආදි සතුන්. මේ අය පාරක් මැද්දෙ යනවිට මේ අයට හිතෙනවාද තමන්ගෙ ජිවිතේ ඉතාම අනතුරක පවතින්නෙ කියලා.. එයාලට ඒ ගැන කිසිම විදියක හැගිමක් නැහැ. නමුත් ඉහල ඉදම් ඒ අය දෙස බලන අපිට නම් පේනවා මෙයාල කොයි වෙලාවක පෑගිලා, වාහනයකට යට වෙලා මැරෙයිද දන්නෙ නැහැ කියලා. නමුත් එයාලට ඒ ගැන කිසිම හැගිමක් නැහැ. ඉතිම් ඒ සතුන්ගේ ජිවිතේ ඕනිම වෙලාවක නැතිවෙන්න පුලුවන්.
ඔන්න ඔය වගේම තමයි අපේ ජිවිතත්. අපිටත් ඔය සතුන්ට වගේම කිසිම හැගිමක් නැහැ අපේ ජිවිතේ ගැන. අපේ ජිවිතේද ඕනිම වෙලාවක ඕනම විදියකට නැතිවෙන්න පුලුවන් කියලා. ඒකට හේතු තමයි අපේ මනස හිතන්නෙ අපේ කයට සාපෙක්ෂවයි. එතනින් එහාට අපිට හිතන්න බැහැ. ඒ වගේ අපි තුල කය ගැන සතිමත් බාවය නැහැ. ඉතිම් අපිට අපේ අවිනිශ්චිත බාවය පේන්නෙ නැහැ. අපි මේ ඉන්න ගමන් පාරෙ යනවිට අනතුරක් වෙන්න බැරිද.., කොහේ හරි ඉදම් බල්ලෙකු කඩා පනින්නබැරිද,
ඒ වගේම එකපාරටම ශරීරික අබාධයක් ඇතිවෙන්න බැරිද, ඒ කුමන ආකාරයකට හෝ ජිවිතෙ නැතිවෙන්න පුලුවන්.
ඒකයි බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ ජිවිතේ හරියට තණ අඟ රැදි දිය බිදුවක් වගේ.
කොයි මොහොතක වැටෙයිද දන්නෙ නැහැ වගේ
අපේ ජිවිතෙත් කොයි මොහොතක නැතිවෙයිද දන්නෙ නැහැ.
ඔන්න ඔය අපේ ජිවිතේ තියෙන අවිනිශ්චිත බාවය දකින පිරිසකුත් ඉන්නවා. ඒ අය අපේ ජිවිතේ පවතින අවිනිශ්චිත බාවය දකිනවා. ඒ තමයි දෙවියන්. ඒ අයට පේනවා මනුස්‍යයාගෙ ජිවිතේ පවතින අවිනිශ්චිත බාවය ගැන. දෙවියන් දකිනවා මනුෂ්‍යයාගේ ජිවිතේ ඕනිම වෙලාවක මොනම විදියකට හෝ නැතිවෙන්න පුලුවන් කියලා.
මොකද එයාලා ඉන්නෙ අපිට වඩා ඉහලින් නිසා.
හැබයි දෙවියන්ටත් ඔය ටිකම තමයි. දෙවියන්ට අපිට වඩා අමතක වෙනවා. මොකද එයාලට සැප වැඩියි සැප වැඩි නිසා එයාලට එයාලගේ ජිවිතේ පවතින අවිනිශ්චිත බාවය ගැන හාන්කවිසියක්වත් නැහැ. මොකද දිව්‍ය ලෝකවල අපිට වගේ හානිදායක පරිසරයක් නැති නිසා. හැබැයි දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්ට අපිට වඩා පින වැඩි නිසා හොද අවස්තාවක් තියෙනවා. ඒ තමයි අය දිව්‍ය ලෝකවලින් චුත වෙන්න සතියකට කලින් ඒ අයට ඒ බව දැනගන්න ලැබෙනවා. සතියකට කලින් ඒ් අයගේ මල්මාල පරවෙනවා, ඇදුම් කිලිටි වෙනවා කුනු ගැවෙනවා. එතකොට ඒ අය දැනගන්නවා මම දැන් දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න යන්නෙ , ඉක්මනට පිං ටිකක් වැඩි කරගන්න ඕන, සුගතියෙ හිත පිහිටුවා ගන්න ඕන කියලා.
ඒ වගේම තමයි දෙවියන්ගෙ ජිවිතේ පවතින අවිනිශ්චිත බාවය දකින පිරිසකුත් ඉන්නවා. ඒ තමයි
බ්‍රහ්මයන්. මොකද බ්‍රහ්මයන් ඉන්නෙ දෙවියන්ටත් වඩා ඉහලින්. ඉතිම් බ්‍රහමයන් දකිනවා දෙවියන් කොයි වෙලාවක හරි දිව්‍ය තලයෙන් චුතවෙන්න පුලුවන් නමුත් දෙවියන්ට ඒ බව ගානක් නැහැ කියලා.
හැබැයි බ්‍රහ්මයන්ටත් ඔය ටිකම තමයි. මොකද බ්‍රහ්මයන්ටත් තමන්ගෙ ජිවිතේ අවිනිශ්චිත භාවය ගැන අවබෝදයක් නැහැ. මොකද ඒ අය ඉන්නෙ ධ්‍යාන වල , ධ්‍යාන වල ඉන්නවිට අනිත් දේවල් ගැන සංඥාවක් නැහැ. ඒ නිසා බ්‍රහ්මලෝකයෙන් අතුරුදහන් වෙනකම් දන්නෙත් නැහැ. නමුත් කිසිම ප්‍රස්නයක් නැහැ. මොකද බ්‍රහමයන් කවදාවත්ම එකවැරම අපායට වැටෙන්නෙ නැහැ. දෙවියන්ට අපිට වගේ සුදානම් වෙන්න ඕන නැහැ ඒ අයගේ පින වැඩියි කෙලෙස් අඩුයි ඒ නිසා එකවැරම අපායට යන්නෙ නැහැ. එහෙම වෙන්නෙම නැහැ. ඒ නිසා ඉතිම් ලොකු ආරක්ෂාවක් තියෙනවා.
( මෙතනදි කියන්න ඕන, මේ ලෝක තුනේම ඉන්න මාර්ගඵල ලාබින්ට සිහිය පිහිටලා තියෙන නිසා අවිනිශ්චිත බාවය ගැන දන්නවා , ඒ ගැන සිහිය පවතිනවා. ඒ වගේම සුද්දාවාස බ්‍රහ්ම තල 4 ඉන්න බ්‍රහ්මයන් වහන්සේලා ආයෙම පහලට වැටෙන්නෙම නැහැ, එහිදිම නිවන් දකිනවා. මොකද අනාගාමි නිසා.)
ඒ වගේම ඔය තුන්ගොල්ලන්ටම වඩා ජිවිතේ අවිනිශ්චිත බාවය දකින පිරිසකුක් ඉන්නවා. ඒ තමයි.. රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා ඔය හැමදෙනාටම වඩා ජිවිතේ තියෙන අනිත්‍ය තාවය දකිනවා. මොකද රහතන් වහන්සේලා ධර්මතාවය දකින නිසා. සහ නිවන් අවබෝද කරලා ඉන්න නිසා.
හැබැයි අවසානයේ හැමදෙනාටම ඉහලින් මේ සියල්ම අංශු මාත්‍රයක් නෑර දකින කෙනෙකුන් ඉන්නවා. ඒ තමයි අපේ සම්මා සම්බුදු රජාණන්වහන්සේ
ඉතිම් ඔබත් ජිවිතේ මේ අවිනිශ්චිතාවය දකින්න උත්සාහවත් වෙන්න..
තෙරුවන් සරනයි ..
Dhamma Walk
#Dhamma #Mindfulness #Sati #wisdom
#meditation #Peace #DahamSakmana
#dhammwalk