තාත්තගේ අබිනික්මණ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    තාත්තගේ අබිනික්මණ...


    යාපනේ චාවකච්චේරියේ
    සාමයේ ඒ නයින් මාවතේ
    නුඹ තියපු අඩි සලකුණු දිගේ
    ඇවිදිනා මම රාහුල නොවේ...

    එදා සුදු පරවියන් අතර බිම වැටී
    මිදී කඳුලෙන් උපන් ලේ කැටී
    බදා උන් පොළව කාටත් නොදී
    අද නුඹට ඒ පොළව ණය ගැතී...

    අම්මාටත් කියා අබිනික්මන්
    හැර ගියත් අත් නොහැර රජ කම්
    ගැබ්බර උනු කුසට එපිටින්
    දනිමි නුඹ දුටු නිමිති කිමවන්...

    සුලැඟිල්ල කොහේදැයි සොයමින්
    ආ ගිය කතන්දර කියමින්
    නුඹ එක්ක මං ඉස්කෝලේ ගිහින්
    තව හීන නම් ඇති කොයි තරම්...

    කර පිටින් මහ සේනා එක්ක
    සුදු කොඩි වනා දිනා ආ යුද්ධ
    පැන් වැඩූ අම්මා තනියෙන්ම
    සක්විති නුඹයි නැති පරසිද්ධ...

    තවමත් ඉඳ හිටක ඇවිදින්
    නින්දෙන් මා හඬවන ගමන්
    රහසේම ළිප නිවන කඳුලින්
    පතිණි මවුණුත් බලා පලයන්...

    හැබැහින් කවදාවත් නොදුටු
    දැන් උස් කර දඬු වලට නතු
    හැමදාමත් නුඹට නිවණ පැතු
    රාහුල වගෙ නොවෙයි නුබෙ පුතු....




    පසු සටහන : එළකිරි එකේම මල්ලි කෙනෙක් මීට කාලෙකට ඉහතදී මගෙන් නිර්මාණයක් කරලා ඉල්ලුවා. එයාගේ තාත්තා රට වෙනුවෙන් ජිවිතේ පුජා කරපු වීර සොල්දාදුවෙක්. නමුත් මට ඒ දවස් වල හිතට දැනෙන තරමේ වචන ටිකක් නිර්මාණය උනේ නැහැ කොයි තරම් උත්සහ කලත්. ඒ වගේ ජීවිතෙත් සමු ගත්ත හැම සොල්දාදුවෙක් වෙනුවෙනුත් එයාලගේ ආදරය රැකවරණය නොලැබුණු දාහක් දුවරු පුතුන් වෙනුවෙන් මේ නිර්මාණය උපහාරයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. අපේ රට බේරා ගන්න ජීවිත පුජා කරපු සියලුම දෙනාට අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.


    දෙව්රංගි
    පෙබරවාරි 15, 2015
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හරිම ලස්සන හිතට වදින පද පේලියක්
    2.gif
     
    • Like
    Reactions: Dewrangi

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජීවිතෙත් සමු ගත්ත හැම සොල්දාදුවෙක් වෙනුවෙනුත් එයාලගේ ආදරය රැකවරණය නොලැබුණු දාහක් දුවරු පුතුන් වෙනුවෙන් මේ නිර්මාණය උපහාරයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. අපේ රට බේරා ගන්න ජීවිත පුජා කරපු සියලුම දෙනාට අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.

    සංවේදී කවි පේලියක්. තාත්තලාට ආදරේ කරන අයට ගොඩක් දැනෙනවා ඇති
     
    • Like
    Reactions: Freeway90

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ජීවිතෙත් සමු ගත්ත හැම සොල්දාදුවෙක් වෙනුවෙනුත් එයාලගේ ආදරය රැකවරණය නොලැබුණු දාහක් දුවරු පුතුන් වෙනුවෙන් මේ නිර්මාණය උපහාරයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. අපේ රට බේරා ගන්න ජීවිත පුජා කරපු සියලුම දෙනාට අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.

    සංවේදී කවි පේලියක්. තාත්තලාට ආදරේ කරන අයට ගොඩක් දැනෙනවා ඇති

    ගොඩක් ස්තුතියි මල්ලි. තාත්තලාගේ ආදරේ දැනෙන්නේ තාත්තල නැති කාලෙට.
     
    • Like
    Reactions: machan :D