සප්ත ආර්ය ධනය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

    සද්ධා ධනං සීල ධනං
    හිරිඔත්තප්පියං ධනං
    සුත ධනං ච චාගො ච
    පඤ්ඤා මෙ සත්තමං ධනං

    යස්ස එතෙ ධනා අත්ථි – ඉත්ථියා පුරිසස්ස ච
    අදලිද්දොති තං ආහු - අමොසං තස්ස ජීවිතං

    සැදැහැවත්නි,

    මා මාතෘකා කරගත් ඉහත ගාථා දෙක සඳහන්ව තිබෙන්නේ සංඛිත්ත ධන සූත්‍රයෙහිය. එහි සරල අර්ථය නම් ‘සද්ධාව, සීලය, ලජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව යන මේවා සප්ත ආර්ය ධනය නම් වේ. මෙම ධන සම්පත්තීන් කිසියම් ස්ත්‍රියක් තුළ හෝ පුරුෂයෙක් තුළ පිහිටා තිබෙත් ද, ඔවුහු දිළින්දෝ නො වෙති. ඔවුන්ගේ ජීවිත හිස් ජීවිත නො වෙති. යනුයි.

    ධනය යන වචනය ඇසූ සැණින්ම අප මතකයට නැගෙනුයේ මිල මුදල්, ගේ දොර වතුපිටි, යාන වාහන ආදී දේ පිළිබඳව යි. එහෙත් ඉහත සඳහන් සප්ත ආර්ය ධනයට එම කිසිවක් ඇතුළත් නො වේ. එය ලෝකෝත්තර ධනය යි. මිල මුදල් යනාදිය ලෞකික ධනය යි. මෙම ලෞකික ධනය ඉතා සුලු වේලාවක් තුළ විනාශ වී යා හැකිය. ගින්නෙන්, ජලයෙන් සොර සතුරන් අතට පත්වීමෙන් හෝ රාජසන්තක වීමෙන් යනාදී වශයෙන් එකී විනාශයට ඇති අවස්ථා බොහෝ ය. උදාහරණයක් ලෙස සුනාමි වැනි විපත්තින් හිදී විනාශයට පත් වී ගියේ මිනිසුන් ජීවිත කාලය පුරාවට ම රැස් කරගත් ලෞකික ධනයයි. එහෙත් ඉහත මාතෘකාවේ දැක්වූ ලෝකෝත්තර ධනය එවැනි ක්‍රම කිසිවකින් විනාශයට පත් කළ නොහැකිය. එසේ බැලූ කළ අප කෙතෙක් ආශාවෙන් රැස් කළ ද ලෞකික ධනය තාවකාලික දෙයක් බවත්, ලෝකෝත්තර ධනය තාවකාලික නොවන නිවන දක්වාම අඛණ්ඩව ගමන් කරන ස්ථිර ධනයක් බවත් අප වටහා ගත යුතු ය. දැන් ඒ එකින්එක පිළිබඳ කෙටියෙන් විමසා බලමු.

    01...සද්ධාව -
    මෙය බෞද්ධ ජීවිතයේ පදනමයි. පුහුදුන් අප සිත් තුළ පවත්නේ ලෞකික සද්ධාවයි. සෝවාන් ආදී මාර්ගඵලලාභී උතුමන් තුළ පවත්නේ ලෝකෝත්තර සද්ධාවයි. ලෞකික වූ අපේ සද්ධාව ‘ඵල’ සද්ධාව ලෙසත් දැක්වේ. ඵල යනු සෙලවීමයි. එනම් අප පුහුදුන් පුද්ගලයන් ගේ සද්ධාව විටෙක ඉතා ඉහළ මට්ටමක ද විටෙක මධ්‍යස්ථව ද, විටෙක ඉතා අඩුවෙන් ද පිහිටා තිබීමට අවකාශය තිබීම යි. එහෙත් ලෝකෝත්තර සද්ධාව අචල සද්ධාවකි. එය කිසිදාක නොසෙල් වී පවතියි. තෙරුවන් කෙරෙහි සිතෙහි ඇති කරගනු ලබන පැහැදීම ශ්‍රද්ධාව ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකියි.

    02...සීලය -
    කය වචනය දෙක සංවර කර ගැනීම සීලය ලෙස හඳුන්වා දිය හැකියි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය යි. විශේෂ අවස්ථාවන් හිදී සමාදන් වන ඊට ඉහළ අධි සීලයන් පවතියි. පංච සීලයට වඩා අෂ්ටාංග සීලය ද ඊටත් වඩා දස සීලයද ක්‍රමයෙන් අධිසීල බවට පත්වේ. මෙම ක්‍රමයෙන් බැලූ කළ මේ සියල්ලටම වඩා අධිසීල බවට පත්වන්නේ භික්ෂු උපසම්පදා සීලය යි. එනම් චතුපාරිසුද්ධ සීලය යි. එහෙත් සප්ත ආර්ය ධනයෙහි දක්වා ඇත්තේ පංචසීලය ආදී ගිහි සැදැහවතුන් අනුගමනය කළ යුතු සීල ප්‍රතිපදාවන් පිළිබඳවයි.

    03...හිරි -
    හිරි යනු ලජ්ජාවයි. මෙය දේව ධර්මයක් ලෙසද දැක්වෙයි. ලජ්ජාව යනුවෙන් මෙහි අදහස් කොට ඇත්තේ පවට ලජ්ජාවීම යි.

    04...ඔත්තප්ප-
    දේව ධර්මයක් වන මෙමගින් අදහස් කොට ඇත්තේ භය යි. එනම් පවට බිය වීමයි. එයට කරුණු සතරක් ද පදනම් කරගත හැකිය.

    1. අත්තානුවාද භය - අකුසල් කළහොත් තම සිත තමාටම දොස් නගන්නේ ය. යන බියෙන් තුරන් වීම.
    2. පරානුවාද භය - අන්‍යයන්ගෙන් තමාට චෝදනා ලැබෙන්නේ ය. යන බියෙන් ඉන් තුරන්වීම.
    3. දණ්ඩ භය - දඬුවමට බියෙන් ඉන් තුරන්වීම
    4. දුග්ගති භය - දුගතියට බියෙන් ඉන් තුරන්වීම

    05...සුත ධනය -
    ‘ශ්‍රැතිය ශ්‍රවණය කිරීමයි’ සුස්සුතා ලභතෙ පඤ්ඤං’’ යන පාඨයට අනුව ප්‍රඥාව දියුණු වන්නේ වැඩිපුර දේ ශ්‍රවණය කළ විටයි. පුරාතන අපගේ අධ්‍යාපන මාධ්‍යය වූයේ ද ශ්‍රැතිය යි. එමගින් බිහිවූවෝ බහුශ්‍රැතයෝ නම් වූහ.

    06...චාග ධනය -
    තමා සන්තකව තිබෙන දෙයක් පරිත්‍යාග චේතනාවෙන් යුක්තව අන්‍යයන්ට දීමේ දී සිතේ ඇතිවන්නේ චාග චේතනාවයි. දන්දීම යනු එය යි.

    07...ප්‍රඥා‍්‍ර
    මෙමගින් අදහස් කරනුයේ විදර්ශනා ඤාණය දියුණු කරවා ගැනීමේ ක්‍රියා මාර්ගය යි. සසර දුක් ක්‍ෂය කිරීමෙන් නිවන් ලැබිය හැකිවන්නේ විදර්ශනා ඤාණය කෙමෙන් කෙමෙන් ප්‍රගුණ කර ගැනීමෙනි. එබැවින් නුවණ දියුණු කරවීම ද සප්ත ආර්ය ධනයෙහ් එක් කොටසකි. මෙසේ මෙම සප්ත ආර්ය ධනයෙහි යුක්ත වූ යමෙක් වෙත්නම් එම ජීවිත කිසිදා හිස් ජීවිත නොවෙයි. ලෝකෝත්තර වශයෙන් ඔවුහු දිළින්දෝ ද නොවෙති. එබැවින් මෙම සප්තාර්ය ධනය එදිනෙදා ජීවිතයට එක්කරගෙන මෙලොව - පරලොව උභයාර්ථ සංසිද්ධිය සලස්වා ගැනීමට සැවොම උත්සුක විය යුත්තාහුය.
    .
    තෙරුවන් සරණයි!
    .
    ඌරුගමුවේ අස්සජී හිමි
    .
    උපුටා ගත්තේ බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි
     
    • Like
    Reactions: shaminda peiris

    signshop

    Well-known member
  • May 30, 2011
    12,125
    8,761
    113
    Dubai
    නැකැත් රාල බිසි වගේ මේ දවස් වල.. ගොඩ දවසකින් අලුත් පොස්ට් එකක් දැක්කේ:rolleyes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,125
    8,761
    113
    Dubai
    නැකැත් රාල;17975491 said:
    ඔව් බන් පට්ටම බිසී..

    ඒවා හරි යන්නේ නෑ මගේ වැඩේ කරලා දීපන්..:P අවුලක් නෑ බන් පොඩි මතක් කිරීමක් කරේ:yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අංගුලිමාල;17975623 said:
    ඔන්න ඔහොම වැඩකට ඇති දෙයක් දාපං බං.
    දාල, ඔය වගේ වගේ බන අහල තේරුම් අරං, උඹත් මිත්‍යා දෘෂ්ටිය අත ඇරපන්.

    :yes::yes::yes: