෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කුලසේකර දැම්මොත් නම් මැච් එක විකුණයි හෙට. සුරංග ලක්මල්ගේත් බොලින්ග් ලොකු හොදක් දැක්කේ නැහැ දෙවෙනි මැච් එකේ. සුරංග ලක්මාල් වෙනුවට චමීර දැම්ම නම් හොදයි කියල හිතෙනවා speed හින්ද.මෙන්ඩිස්ගේ තැන චන්දිමාල් සෙල්ලම් කරයි. දැනට ටීම් එකේ ඉන්න එකම weak player තමයි දිමුත් කරුණාරත්න .
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10422942_784204381664582_4845174799198523126_n.jpg


    Malinga's brother :P
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උපුටා ගැනීම Blackbox.lk

    ශ්‍රි ලංකා පිලේ දුර්වල ක්‍රිඩා විලාෂයට ප්‍රධානතම හේතුව වි ඇත්තේ රාත්‍රි කාලයේදි ඔවුන්ට යෙදි තිබෙන අධික කාර්්‍යබහුලත්වය නිසා වෙන් යැයි Blackbox.lk වෙත වාර්ථා වෙයි.

    නවසීලන්ත තරග සංචාරය අතර තුරේදි ශ්‍රි ලංකා ක්‍රිඩකයින්ට සිය හිතවතුන්ගෙන් හා සමාජ සුභ සාධන සංවිධාන මගින් විවිධ ඇරයුමි ලැබුනු බවත් ඒ නිසා කණ්ඩායමි වශයෙන් හා තනි තනි වශයෙන් ක්‍රිඩකයින් බහුලව මෙවැනි උත්සව වලට සභහාගි වීම සුලභ දසුනක්වු බව නවසීලන්තයේ සිටින ශ්‍රි ලාංකිකයින් කිහිප දෙනෙක්ම අප හා පැවසීය.


    "සමහර ක්‍රිඩකයින් කැසිනෝ ක්‍රිඩාවෙ යෙදෙන ස්ථාන වල පවා සිටියි බවට අප දැක්කා. හිතා ගන්න අමාරුයි මෙි අය රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න ආවද නැත්නමි පවුල් පිටින් විනෝද ගමනකට ආවාද කියා," නවසීලන්තයේ සිටින ශ්‍රි ලාංකිකයෙක් පැවසුවෙ ශ්‍රි ලංකා පිලෙන් දිස්වු දුර්වල ක්‍රිඩා විලාශය ඉවසා ගත නොහැකි තැනය.

    පසුගිය නොවැමිබර් අග භාගයේදි නවසීලන්තයේ තරග සංචාරයක් සදහා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම එහිදි මුහුන දුන් ටෙස්ටි තරග දෙකම පරාජයට පත්වු අතර, එක්දින තරග 7 කින් සමන්විත තරගාවලිය 4-2 ක් ලෙස පරාජයට පත්විය.

    ලෝක කුසලානයට පෙර පෙරහුරුවක් ලෙස නවසීලන්ත සංචාරය යොදා තිබුනත් ශ්‍රි ලංකා පිල අපේක්ෂිත දක්ෂතාවයන් පෙන්නුමි කිරිමට අපොහොසත් විමද කැපිපෙනෙන සිදුවීමක් විය.

    තරග සංචාරයක් අතර තුරේදි මෙවන්වු අසිමිත නිදහසක් ක්‍රිඩකයින්ට ලැබෙන්නේ ක්‍රිකටි කළමණාකාරිත්වයේ වරදින්ද? එසෙත් නැත්නමි ක්‍රිඩකයින් උවමනාවෙන් සිය පෙර තරග සුදානමි වීම මග හැරිමට කටයුතු කරනවාද? ක්‍රිකටි ආයතනයෙන් අපට ඇසීමට ඇත්තේ එම ප්‍රශ්නයයි.

    ක්‍රිකටි ලෝක කුසලානය ආරමිභයේදිම විනය කඩ කිරිමෙ චෝදනාවට පකිස්ථානයේ සුපිරි ක්‍රිඩක ෂහිඩි අෆ්රිඩි ඇතුලු ක්‍රිඩකයින් 8 දෙනෙක්ට දඩ නියම කලේ ඔවුන් රාත්‍රි ආහාරය සදහා හෝටලයෙන් පිටත ගොස් යලි ඒමට ලබාදි තිබු කාලයට වඩා විනාඩි 45ක් ගත වීම නිසාය.

    එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමෙි අල් අමීන් හුසේන් යලිත් සිය රට යැවීමට කණ්ඩායමෙ කළමණාකාරිත්වය පියවර ගත්තේ ඔහුද විනය කඩ කිරිම නිසාවෙන්ය.




    අප මෙලෙස පෙන්වා දුන්නේ ලෝක කුසලානයට සහභාගිවන අනෙකුත් කණ්ඩායමි වල ක්‍රිඩකයින්ට දැඩි විනය පටිපාටියක් පවත්වාගෙන යන ආකාරයයි. එමගින් ඔවුන් සිය ක්‍රිඩකයින්ගේ අවධානය වෙනතක නොයවා තබාගෙන තරග දිනීම සදහා අවශ්‍ය මානසික සුදානම හා ශරිර යෝග්‍යතාවය සකස් කර ගැනිම අත්‍යාවශ්‍ය කරුණක් බව දන්නා හෙයිනි.

    බංග්ලාදේශ කණ්ඩායමෙ වත්මන් පුහුණුකරු වන්නේ ශ්‍රි ලංකා ක්‍රිකටි ආයතනය එපා යැයි කියා දොටිට දැමු චන්දික හතුරුසිංහය. එහෙයින් ලබන 26 වෙනිදා බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ශ්‍රි ලංකා කණ්ඩායමට ලේසි පහසු එකක් නොවනු ඇත.

    මෙම ලිපිය මොහොතේදි පවා ශ්‍රි ලංකා කණ්ඩායම මෙල්බර්න් හිදි රාත්‍රි ප්‍රිය සමිභාෂණයකට සහභාගි වෙමින් සිටින බව මෙරට සිටින ශ්‍රි ලාංකිකයින් නොදන්නවා වෙන්නට පුලුවන්. හෙට දිනයේදි ඔවුන් සිය අවසන් පුහුණු සැසියට සහභාගි විය යුතුය. තරග දිනීම සදහා මානසිකත්වය සුදානමි කර ගැනිම සදහා මෙවැනි ප්‍රිය සමිභාෂණ හෝ රාත්‍රි සමාජ ශාලා ගානේ ඇවිදමින් සැලසුමි සකස් කල නොහැකි බව අපගේ මතයයි.

    ඔස්ට්‍රේලියාවෙ සිටින බහුතරයක් දෙනා මෙවර ශ්‍රි ලංකා පිල ලෝක කුසලානය දිනා ගන්නා බව තරයේ විශ්වාස කරයි. අටුවා ටිකා අවශ්‍ය නැත සමහර ඔස්ට්‍රේලියානු ජාතිකයින් මෙි බව ප්‍රසිද්ධියේම කියනා බව එහි සිටින ශ්‍රි ලාංකිකයින් සනාථ කරයි.

    තරග සංචාරයකට පැමිණෙන ක්‍රිඩකයින් තුරුමිපුවට යොදා ගනිමින් විදෙස් ගතව සිටින විවිධ පුද්ගලයින්, සමාජ ප්‍රජා සත්කාර මුවාවෙන් මුදල් ගරා ගැනිමට ක්‍රිඩකයින් යොදා ගැනිමෙ ප්‍රවනතාවයක් ඇති බවද වෙත වාර්ථා වන අතර, ඒ සමිබන්ධයෙන් ක්‍රිඩා අමාත්‍ය නවීන් දිසානායක ඇතුලු වගකිවයුතු බළධාරින්ගේ යොමු වෙිවායැයි අප ප්‍රාර්ථනා කරන්නෙමු.


    (මෙම ලිපියේ අරමුණ ශ්‍රි ලංකා පිලට හෝ ක්‍රිඩකයින්ට අනර්ථයක් සිදු කිරිම නොවන බව කරුණාවෙන් සලකන්න)​


                                             
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    (මෙම ලිපියේ අරමුණ ශ්‍රි ලංකා පිලට හෝ ක්‍රිඩකයින්ට අනර්ථයක් සිදු කිරිම නොවන බව කරුණාවෙන් සලකන්න)
     
    Status
    Not open for further replies.