අද වන විට ඉන්දියන් ට්‍රොaලර් පුත්තලමටත් එŞ
මාළු කතාව සහ රනිල්ගේ කතාව (2)
(මෙහි මුල් කොටස ඊයේ පළ විය.)
"කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ කොටසක්. ඉන්දියන් ආණ්‌ඩුවේ පිළිගැනීමත් ඒකමයි. එසේම, කච්චතිව් කියන්නේ තමිල්නාඩු දේශපාලනයේත් කොටසක්. අපේ ධීවරයන් මසුන් මරන්නේ අපට අයිති සාම්ප්‍රදායික සාගර කලාපය තුළයි. උතුරේ ධීවරයන් ඒ මුහුදේ තම රැකියාව කරනවා. මේ අතර ඉන්දියාවේ ට්‍රොaලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ දකුණු කොටසට අයත් පුත්තලම කිට්‌ටුවටත් එනවා. අපට ඒක ලොකු ප්‍රශ්නයක්. යුද්ධයේ එක්‌තරා අවස්‌ථාවකදී කොටි සංවිධානය උතුරේ ධීවරයන්ට තුවක්‌කු දුන්නා. ඒ ඉන්දියාවෙන් එන ධීවරයන්ට වෙඩි තැබීමටයි. ඒත් අප එහෙම කරන්නෙ නැහැ...."
ඉහත සඳහන් ඡේදය ඉන්දියාවේ ඔය්බඑයස රූපවාහිනි සේවය මගින් අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැත්වූ, දැනටමත් විවාදයට තුඩු දී තිබෙන සාකච්ඡාවේ කොටසකි. ඉන්දියාව (ආණ්‌ඩුව නොවේ) සෑම කල්හිම අපට ඇණයක් විය. 1977 ට පෙර ඉන්දියානු හොරවැසි උවදුර නිසා ශ්‍රී්‍රS ලංකාව මහත් දුෂ්කරතාවට පත් විය. ලෑලි කෑලි කිහිපයක' එකතු කර සාදන ලද තෙප්පම් නමැති ප්‍රාථමික යාත්‍රාවල නැඟී දෙමළ ජනයා තමිල්නාඩු මුහුදෙන් පිටත්ව උතුරට පැමිණ ලංකාව වාසභූමිය කරගෙන ජීවත් වෙමින් සිටියහ. මොවුන් හොර වැසියන් හෙවත් 'කල්ලතෝනි' ලෙස හඳුන්වනු ලැබේ. එකල තමිල්නාඩුව සහ වැල්වැටිතුරේ අතර සුවිශාල හොර බඩු ව්‍යාපාරයක් තිබූ අතර එය ක්‍රියාත්මක කළෝ මෙකී හොර වැසියෝ ය. උතුරට ගෙනා හොර බඩු එතැනින් රට පුරාම බෙදාහරින ලද අතර ලංකාණ්‌ඩුවට කිසිදු බද්දක් ලැබුණේ නැත. එක්‌තරා කාලයක, මෙරටට නීත්‍යානුකූලව පිටරටින් ගෙනා බඩුවලට වැඩි හොර බඩු ප්‍රමාණයක් වැල්වැටිතුරෙන් රට තුළට ගෙන්වා බෙදාහරින ලද්දේ ය. ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක් වූ පසු හොර බඩු සෙල්ලම නතර වුවත් එතැන් සිට තමිල්නාඩුවෙන් මත්ද්‍රව්‍ය සහ ත්‍රස්‌තවාදීහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණියහ. උතුර, යුද්ධයක් කළ හැකි තරමට ශක්‌තිමත් වූයේ තමිල්නාඩුවේ ආධාරයෙනි. යුද්ධයේ එක් අවස්‌ථාවකදී උතුරේ සහ නැගෙනහිර ධීවරයන්ට මුහුදු යැම තහනම් කිරීමට ආණ්‌ඩුවට සිදු විය. එවිට අපේ මුහුද ආක්‍රමණය කළ ඉන්දියානු ධීවරයෝ සියලු සම්පත් සූරා කන්නට වූහ. ඊදඑඑදප ඔර්අකසබට ක්‍රමයට සාගර පත්ල කලඹා මත්ස්‍ය සම්පත සූරාකෑමට ඉන්දියානුවන් පටන් ගන්නේ මෙයින් පසු ය. යුද්ධයෙන් පසු එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ ඊදඑඑදප ඔර්අකසබට ක්‍රමයට මහත් සේ විරුද්ධ වූ නමුදු එය මර්දනය කළ නොහැකි විය. යුද ජයග්‍රහණය නිසා රාජපක්‍ෂ ආණ්‌ඩුව කෙරෙහි ඉන්දියානු ආණ්‌ඩුව තුළ නොමනාපයක් විය. ඒ නිසා ඉන්දියාව තම රට නිසා අපට වන අනර්ථයන් නොසලකා හැරියේ ය.
ඉන්දියානු ධීවරයන් ලංකාවේ මත්ස්‍ය සම්පත සූරාකෑමට එරෙහිව බොහෝ කලකට පසු කතා කළ පළමුවැන්නා අගමැති රනිල් වික්‍රමසිංහ විය යුතු ය. ඔය්බඑයස රූපවාහිනියට දුන් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු තමිල්නාඩුව නිසා රටක් වශයෙන් අප විඳින වධය වචනවලට පෙරළා ඇත. අද වන විට ඉන්දියන් ට්‍රොaලර් පුත්තලමටත් එනවා නම්, හෙට ඒවා කොළඹ වරායේ නැංගුරම් ලෑමට පවා ඉඩ ඇත. අනිද්දා සමස්‌ත තමිල්නාඩු ධීවර සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව කොළඹදී පිහිටුවීමට ද ඉඩ ඇත.
අගමැති වික්‍රමසිංහ සමඟ පැවැති සාකච්ඡාව පාදක කරගනිමින් ඔහුට එරෙහි මාධ්‍ය මෙහෙයුමක් මේ වන විට ඉන්දියාවේ ආරම්භ වී තිබේ. ඔහුගේ කතාවට විරුද්ධ වූ තමිල්නාඩු මාළු මුදලාලිලා සිය හාමිනේලා කරමත තබාගෙන නටන්නට පටන් ගෙන තිබේ. මේ වෙලාවේදී දේශපාලන භේදවලින් තොරව ඔහු ආරක්‍ෂා කිරීම අපේ මාධ්‍ය සහ දේශපාලකයන්ගේ යුතුකම ය. ඔහු සමඟ ආරවුලක් ඇතොත් එය විස¹ගත යුත්තේ ඡන්දයකදී ය.
බත් බැලයාත් ගමෙහ් බයියාත්

එකගයි දිවයින කතාවට 

Code:
http://www.divaina.com/2015/03/10/editor.html
බත් බැලයාත් ගමෙහ් බයියාත්

එකගයි දිවයින කතාවට 

මෙතන මම රනිල් වාදියෙක් නෙමෙ