අද වන විට ඉන්දියන් ට්‍රොaලර් පුත්තලමටත් එ&#350

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අද වන විට ඉන්දියන් ට්‍රොaලර් පුත්තලමටත් එ&#350

    මාළු කතාව සහ රනිල්ගේ කතාව (2)
    (මෙහි මුල් කොටස ඊයේ පළ විය.)

    "කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ කොටසක්‌. ඉන්දියන් ආණ්‌ඩුවේ පිළිගැනීමත් ඒකමයි. එසේම, කච්චතිව් කියන්නේ තමිල්නාඩු දේශපාලනයේත් කොටසක්‌. අපේ ධීවරයන් මසුන් මරන්නේ අපට අයිති සාම්ප්‍රදායික සාගර කලාපය තුළයි. උතුරේ ධීවරයන් ඒ මුහුදේ තම රැකියාව කරනවා. මේ අතර ඉන්දියාවේ ට්‍රොaලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ දකුණු කොටසට අයත් පුත්තලම කිට්‌ටුවටත් එනවා. අපට ඒක ලොකු ප්‍රශ්නයක්‌. යුද්ධයේ එක්‌තරා අවස්‌ථාවකදී කොටි සංවිධානය උතුරේ ධීවරයන්ට තුවක්‌කු දුන්නා. ඒ ඉන්දියාවෙන් එන ධීවරයන්ට වෙඩි තැබීමටයි. ඒත් අප එහෙම කරන්නෙ නැහැ...."

    ඉහත සඳහන් ඡේදය ඉන්දියාවේ ඔය්බඑයස රූපවාහිනි සේවය මගින් අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැත්වූ, දැනටමත් විවාදයට තුඩු දී තිබෙන සාකච්ඡාවේ කොටසකි. ඉන්දියාව (ආණ්‌ඩුව නොවේ) සෑම කල්හිම අපට ඇණයක්‌ විය. 1977 ට පෙර ඉන්දියානු හොරවැසි උවදුර නිසා ශ්‍රී්‍රS ලංකාව මහත් දුෂ්කරතාවට පත් විය. ලෑලි කෑලි කිහිපයක' එකතු කර සාදන ලද තෙප්පම් නමැති ප්‍රාථමික යාත්‍රාවල නැඟී දෙමළ ජනයා තමිල්නාඩු මුහුදෙන් පිටත්ව උතුරට පැමිණ ලංකාව වාසභූමිය කරගෙන ජීවත් වෙමින් සිටියහ. මොවුන් හොර වැසියන් හෙවත් 'කල්ලතෝනි' ලෙස හඳුන්වනු ලැබේ. එකල තමිල්නාඩුව සහ වැල්වැටිතුරේ අතර සුවිශාල හොර බඩු ව්‍යාපාරයක්‌ තිබූ අතර එය ක්‍රියාත්මක කළෝ මෙකී හොර වැසියෝ ය. උතුරට ගෙනා හොර බඩු එතැනින් රට පුරාම බෙදාහරින ලද අතර ලංකාණ්‌ඩුවට කිසිදු බද්දක්‌ ලැබුණේ නැත. එක්‌තරා කාලයක, මෙරටට නීත්‍යානුකූලව පිටරටින් ගෙනා බඩුවලට වැඩි හොර බඩු ප්‍රමාණයක්‌ වැල්වැටිතුරෙන් රට තුළට ගෙන්වා බෙදාහරින ලද්දේ ය. ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක්‌ වූ පසු හොර බඩු සෙල්ලම නතර වුවත් එතැන් සිට තමිල්නාඩුවෙන් මත්ද්‍රව්‍ය සහ ත්‍රස්‌තවාදීහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණියහ. උතුර, යුද්ධයක්‌ කළ හැකි තරමට ශක්‌තිමත් වූයේ තමිල්නාඩුවේ ආධාරයෙනි. යුද්ධයේ එක්‌ අවස්‌ථාවකදී උතුරේ සහ නැගෙනහිර ධීවරයන්ට මුහුදු යැම තහනම් කිරීමට ආණ්‌ඩුවට සිදු විය. එවිට අපේ මුහුද ආක්‍රමණය කළ ඉන්දියානු ධීවරයෝ සියලු සම්පත් සූරා කන්නට වූහ. ඊදඑඑදප ඔර්අකසබට ක්‍රමයට සාගර පත්ල කලඹා මත්ස්‍ය සම්පත සූරාකෑමට ඉන්දියානුවන් පටන් ගන්නේ මෙයින් පසු ය. යුද්ධයෙන් පසු එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ ඊදඑඑදප ඔර්අකසබට ක්‍රමයට මහත් සේ විරුද්ධ වූ නමුදු එය මර්දනය කළ නොහැකි විය. යුද ජයග්‍රහණය නිසා රාජපක්‍ෂ ආණ්‌ඩුව කෙරෙහි ඉන්දියානු ආණ්‌ඩුව තුළ නොමනාපයක්‌ විය. ඒ නිසා ඉන්දියාව තම රට නිසා අපට වන අනර්ථයන් නොසලකා හැරියේ ය.

    ඉන්දියානු ධීවරයන් ලංකාවේ මත්ස්‍ය සම්පත සූරාකෑමට එරෙහිව බොහෝ කලකට පසු කතා කළ පළමුවැන්නා අගමැති රනිල් වික්‍රමසිංහ විය යුතු ය. ඔය්බඑයස රූපවාහිනියට දුන් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු තමිල්නාඩුව නිසා රටක්‌ වශයෙන් අප විඳින වධය වචනවලට පෙරළා ඇත. අද වන විට ඉන්දියන් ට්‍රොaලර් පුත්තලමටත් එනවා නම්, හෙට ඒවා කොළඹ වරායේ නැංගුරම් ලෑමට පවා ඉඩ ඇත. අනිද්දා සමස්‌ත තමිල්නාඩු ධීවර සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව කොළඹදී පිහිටුවීමට ද ඉඩ ඇත.

    අගමැති වික්‍රමසිංහ සමඟ පැවැති සාකච්ඡාව පාදක කරගනිමින් ඔහුට එරෙහි මාධ්‍ය මෙහෙයුමක්‌ මේ වන විට ඉන්දියාවේ ආරම්භ වී තිබේ. ඔහුගේ කතාවට විරුද්ධ වූ තමිල්නාඩු මාළු මුදලාලිලා සිය හාමිනේලා කරමත තබාගෙන නටන්නට පටන් ගෙන තිබේ. මේ වෙලාවේදී දේශපාලන භේදවලින් තොරව ඔහු ආරක්‍ෂා කිරීම අපේ මාධ්‍ය සහ දේශපාලකයන්ගේ යුතුකම ය. ඔහු සමඟ ආරවුලක්‌ ඇතොත් එය විස¹ගත යුත්තේ ඡන්දයකදී ය.

    :D
    Code:
    http://www.divaina.com/2015/03/10/editor.html

    බත් බැලයාත් ගමෙහ් බයියාත්

    :yes::lol:එකගයි දිවයින කතාවට :yes::lol:

    :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉන්දියාවම නෙවෙයි බන් ප්‍රශ්ණය, තමිල් නාඩුවයි, මට කේරළේ එකෙක් කිව්වා, තමිල් නාඩුවේ එවුන් උන්ගෙන් වතුරත් හොරකම් කරනවා කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දිවයිනේ කතෘ කාගෙ කෙනෙක්ද කියල දන්නවද?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉන්දියාවම නෙවෙයි බන් ප්‍රශ්ණය, තමිල් නාඩුවයි, මට කේරළේ එකෙක් කිව්වා, තමිල් නාඩුවේ එවුන් උන්ගෙන් වතුරත් හොරකම් කරනවා කියලා.
    :yes::yes: ow ban kerala kaarayo kaemathi naehae unta
    දිවයිනේ කතෘ කාගෙ කෙනෙක්ද කියල දන්නවද?:lol:

    මටකාගෙ කවුද කියන එක වැදගත් නැහැ දිවයින එද්ජා ඉදන්ම රටෙ ආරක්ශාව ගැන කෙලින් මතයක ඉන්නවා :yes: මම කොහොමත් රනිල්ට එකග නැහැ කොන්දක් ඇතිව කතා කරපු
    වෙලවෙත් පොරව විවෙචනය කරන්නෙ නැහැ අගයනවා මිසක් පොර වැරදි කටහවක් කිවුවාහාම බනිනවා වගෙ හොද දෙ රට ගැන හිතලා කියන ඩෙ අගය කරනවා :cool: මෙතන මම රනිල් වාදියෙක් නෙමෙ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    :yes::yes: ow ban kerala kaarayo kaemathi naehae unta

    මටකාගෙ කවුද කියන එක වැදගත් නැහැ දිවයින එද්ජා ඉදන්ම රටෙ ආරක්ශාව ගැන කෙලින් මතයක ඉන්නවා :yes: මම කොහොමත් රනිල්ට එකග නැහැ කොන්දක් ඇතිව කතා කරපු
    වෙලවෙත් පොරව විවෙචනය කරන්නෙ නැහැ අගයනවා මිසක් පොර වැරදි කටහවක් කිවුවාහාම බනිනවා වගෙ හොද දෙ රට ගැන හිතලා කියන ඩෙ අගය කරනවා :cool: මෙතන මම රනිල් වාදියෙක් නෙමෙ

    100% Agreed
     
    Aug 12, 2012
    4,169
    652

    indian karayo hithan inne unata ona welawaka lankawe desha seemawata athul wela maalu allanna lankawen ida denna one kiyala. aththatama meka vihiluwak! pita ratakata gaman balapathra saha visa nathuwa neethi virodiwa athul wenna anumathiya denna puluwan wenne kohamada ? indian karayo me sandaha yodaaganna tharkaya thamai lanka muhude maalu allana eka unge saampradaaika aithiyak kiyana ekai. ehema baluwoth apitath thiyenawa indiyawa ekka sampradaaika aithin. ehema kiyala apita indiayawata visa athuwa athul wenna bahane. ehemanam pakisthane inna hamotama indiayawe traditional rights thiyenawa. mokada pakistan kiyanne 1947di indiyawen wen wechcha ratakne. ehema kiyala ada pakistan karayanta puluwanda indian desha simawe malu allanna ? meka vihilu kathawak. indian malu karayo meheta awilla maalu allanna meka indiyawe pransthayak neweine. me gana ape mathaya api pahadiliwa indiyawata kiyanna one. ratakata neethi virodiwa athul wena eka waradak. ona kenkeuta ona welawaka awilla yanna meka ambalamak neweine.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,105
    12,076
    113
    Ohio, USA
    තමිල් නාඩුවේ සමහරක් දේශපාලලකයෝ නිසා තමයි ඔය ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ.. ඉන්දියාවේ මධ්‍යම ආන්ඩුව එක්ක තමිල් නාඩුවට හැප්පෙන්න, ඩිමාන්ඩ් කරන්න කරගෙන තියෙන ආයුධයක් තමයි මේ ධීවර ප්‍රශ්ණය.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මටකාගෙ කවුද කියන එක වැදගත් නැහැ දිවයින එද්ජා ඉදන්ම රටෙ ආරක්ශාව ගැන කෙලින් මතයක ඉන්නවා :yes: මම කොහොමත් රනිල්ට එකග නැහැ කොන්දක් ඇතිව කතා කරපු
    වෙලවෙත් පොරව විවෙචනය කරන්නෙ නැහැ අගයනවා මිසක් පොර වැරදි කටහවක් කිවුවාහාම බනිනවා වගෙ හොද දෙ රට ගැන හිතලා කියන ඩෙ අගය කරනවා :cool: මෙතන මම රනිල් වාදියෙක් නෙමෙ
    :yes::yes:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    10981194_337281559798124_6111110901011969604_n.jpg