මහ බැන්කු අධ්පතිගෙ බෑනා වැඩ පෙන්වයි.

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මහ බැන්කු අධ්පතිගෙ බෑනා වැඩ පෙන්වයි.

ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්රන්
මහතාගේ බෑණා විසින් ඉහළ තනතුරක් හොබවන සමාගමක් මගින්
පසුගිය මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී සිදුවී
ඇති ගනුදෙනුවක් නිසා අක්රමිකතාවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති
චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රජය
තීරණය කර තිබේ.
රුපියල් බිලියනයක (රු.කෝටි සියයක) ණය මුදලක් ලබාගැනීම
සඳහා මෙම බැඳුම්කර නිකුතුව සිදුකර තිබෙන්නේ ශ්රී ලංකා මහ
බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව මගිනි. අදාළ
භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය ආරම්භ කර ඇත්තේ ඉකුත්
පෙබරවාරි 27 වැනිදාය. රු. බිලියනයක ණය මුදල, වසර 30 කින්
කල් පිරෙන සියයට 9.35 සිට 9.75 දක්වා වන පොලියක් සමඟ
ආපසු ගෙවන කොන්දේසිය මත ලබාගන්නා බව මහ බැංකුව කලින්
නිවේදනය කර තිබී ඇත. මහ බැංකු අධිපතිගේ බෑණාට සම්බන්ධ
සමාගම විසින් ඉහළ පොලී අනුපාතයක් අදාළ බැඳුම්කර
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර පසුව මහ බැංකුව විසින්
ද ඊට අනුරූප ඉහළ පොලී බර තැබීමක් නිකුත් කර ලබාගන්නා ණය
ප්රමාණය ද රු. බිලියන 10 ක් දක්වා වැඩි කර ඇති බවත් ඒ
නිසා මේ ගනුදෙනුව සැකයට තුඩුදෙන්නක් බවටත් චෝදනා එල්ල වී
තිබේ. රජය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට යන්නේa ඒ
අනුවය.
මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන්
මහතා මාධ්යයට පවසා තිබුණේ මේ ගැන රජය මගින් ස්වාධීන
පරීක්ෂණයක් කරනු ඇති බවත් අදාළ තීරණ ගැනීමේ ක්රියාවලියට
තමා සම්බන්ධ නැති බවත්ය. මේ ගැන ශ්රී ලංකා මහ
බැංකුවේ රාජ්ය ණය අධිකාරී දීපා සෙනෙවිරත්න මහත්මියගෙන් කළ
විමසුමකදී මේ සම්බන්ධයෙන් මාධ්යයට කතා කිරීමට තමාට කිසිදු
අවසරයක් නැතැයි ඇය කියා සිටියාය.
බැංකු අධිපතිගේ බෑණාට සම්බන්ධ සමාගම විසින් ඉදිරිපත් කර තිබූ
පොලී අනුපාතය වෙන්දේසිය කැඳවන අවස්ථාවේදී
වෙළෙඳපොළේ තිබූ පොලී අනුපාතයට වඩා බෙහෙවින් වැඩි අගයක්
වීම ද එසේම ඔවුන් නිකුත් කළ රු. බිලියනයක ප්රමාණයටත් වැඩි
වටිනාකමක් සඳහා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා තිබීමත් යන
කරුණු නිසා අදාළ සමාගමට වාසියක් ඇති වන පරිදි අභ්යන්තර
තොරතුරු හෙළිවී තිබේද යන්නත් සැකයට තුඩු දී ඇති බව වෙළෙඳපොළ
ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
– දිවයින
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන්
    මහතා මාධ්යයට පවසා තිබුණේ මේ ගැන රජය මගින් ස්වාධීන
    පරීක්ෂණයක් කරනු ඇති බවත් අදාළ තීරණ ගැනීමේ ක්රියාවලියට
    තමා සම්බන්ධ නැති බවත්ය.
    යහ පාලනෙත් එක්ක සෙල්ලම් බැ බන්. අනිවා ස්වාධීන පරීක්ෂණයක් එනවා. හාල්මැස්සෙක් වැරදිකාරයා වෙනවා.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන්
    මහතා මාධ්යයට පවසා තිබුණේ මේ ගැන රජය මගින් ස්වාධීන
    පරීක්ෂණයක් කරනු ඇති බවත් අදාළ තීරණ ගැනීමේ ක්රියාවලියට
    තමා සම්බන්ධ නැති බවත්ය.
    යහ පාලනෙත් එක්ක සෙල්ලම් බැ බන්. අනිවා ස්වාධීන පරීක්ෂණයක් එනවා. හාල්මැස්සෙක් වැරදිකාරයා වෙනවා.

    ජහ පාලනයෙ වැරදි වැඩ නැ. බන්.මහබැන්කු අදිපති සින්ගප්පුරු පුරවැසියෙක් . එක දවසින් ලන්කා පුරවැසි, කුමාර ගුනරත්නම්ට එවා නැ
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    යහ පාලනෙත් එක්ක සෙල්ලම් බැ බන්

    සෙල්ලම් බැ., ජොන්ගෙ පොලිසිය අල්මාරි වලත් ලැම්බො ගිනි හොයනවා. .,