විකාර-ත්‍රෙඩ්-එකක්

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
විකාර-ත්‍රෙඩ්-එකක්

[FONT=&quot]මේ ත්‍රෙඩ් එක නං මහා විකාරයක් වගේ කියලත් හිතෙන්න පුළුවන්. සමහර විට මේකේ අගකුත් නෑ මුලකුත් නෑ කියලත් කෙනෙකුට හිතෙන්නත් බැරි කමක් නෑ. ඒත් මම පුළුවන් තරං සරලව,සිංහලෙන් මේක දාලා තියෙන්නේ යම් දෙයක් පැහැදිලි කර දෙන්න.
[/FONT]
[FONT=&quot]දැන් අපි හැමෝම දන්නවා මේ අපි ඉන්න ලෝකෙට අමතරව තවත් ජීවින් ඉන්න පුළුවන් ලෝක තියෙන්න ඉඩකඩ තියෙනවා කියලා. හැබැයි ඒවායේ පරිණාම සිද්ධ වෙලා තියෙන්නේ අපේ ලෝකේ තියෙන විදියටමද කියලා කියන්න බෑ.
[/FONT]
[FONT=&quot]මොකද දැන් අපි ඉන්න ලෝකේ ගත්තම එක තියෙන්නේ ඉරට වඩාත් ලගත් නැති දුරත් නැති, ජිවින්ට හිතකර උණුසුමක් තියෙන තැනක. අපේ පෘතුවියේ උෂ්ණත්වය සාමානයෙන් ජිවින්ට හිතකරයි කියලා කිව්වට, දැන් හොයාගෙන තියෙනවා මහා උණුසුමක් තියෙන ගිනිකදු පිපිරීමේදී ගලාගෙන එන ලාවා වලත් යම් යම් ජීවින් ඉන්නවා කියල. හැබැයි ඒ අයට තියෙන්නේ අපේ වගේ පෙනුමක් නෙමෙයි. සමහර විට අපේ ඇහැටවත් පෙන්නේ නැති පුංචිම පුංචි ඇඟවල් තමයි ඒ ජිවින්ට තියෙන්නේ.

[/FONT] [FONT=&quot]අපේ පෘතුවියේ ජීවින් හටගන්න හේතු උන තවත් දෙයක් තමයි මෙහෙ තියෙන දේශගුණය. ඒ කියන්නේ අපේ වගේ සමකය ලග තියෙන රටවලට මේක එච්චර තේරෙන්නේ නැති උනාට, සමකයට ඈතින් තියෙන රටවලට එනවා සීත කාලය,වසන්ත කාලය,ගිම්හාන කාලය කියල එක එක සෘතු.

[/FONT] [FONT=&quot]මේ වගේ සීත කාලයකුත්,ආයේ රස්නේ කාලයකුත් එන්නේ කොහොමද කියලා ගොඩ දෙනෙක්ගෙන් ඇහැව්වොත් එයාලා කියන්නේ ‘ආ සීතල කාලයක් එන්නේ අපේ ලෝකේ ඉරට අතින් ගමන් කරන වෙලාවටනේ’ කියලා. ඇයි මොකද අපේ ලෝකේ ඉර වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර හැඩයක් සහිතවනේ. ඒ කියන්නේ යම් යම් කාල වලදී පෘතුවිය ගමන් කරන්නේ සූර්යයාට ලගින්. සමහර කාල වල ඇතින්.

[/FONT] [FONT=&quot]පහල රුප සටහන බැලුවම ඒක පැහැදිලිවෙයි.

Earth_Orbit-browse.jpg


[/FONT] [FONT=&quot]ඒත් ඇත්තටම පෘතුවියේ සෘතු බේදයක් ඇති වෙන්නේ ඔය නිසාද? මේක ලියන මාත් කාලයක් හිතාගෙන හිටියේ ඒක තමයි ඇත්ත කියලා. ඒ උනාට අපේ ලෝකේ සීතල කාලයක් ඇවිත් යම් යම් රට වලට හිම වැටෙන්නෙත්, ආයේ හිම දියවෙලා ගිහිං ගස්වල මල්,කොළ හැදිලා දළු දාන්නෙත්, ආයේ ඊළගට මහා උණුසුම් කාලයක් එන්නෙත් අපේ ලෝකේ කරකැවෙනකොට ඇතිවෙලා තියෙන අවුලක් හින්දා. ඒ කියන්නේ අපේ ලෝකේ කරකැවෙන්නේ අංශක 23 ක් විතර ඇලවෙලා.

දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය විදියට කොහොමද කියන්නේ ලෝකේ ඇලවෙලා තියෙන්නේ කියලා,මොකද ලෝකේ ගෝලාකාරනේ කියල.[/FONT] [FONT=&quot]මොකද දැන් ගන්නකො රබර් බෝලයක්. කාටවත් කියන්න පුලුවන්ද මේක මේ ඇලවෙලා තියෙන්නේ කියලා.

[/FONT] [FONT=&quot]මටත් ඔය ප්‍රශ්නේ තිබුනා. මොකද අපි මොකක් හරි කෙලින්ද, ඇලේටද තියෙන්නේ කියලා බලන්නේ තවත් මොකකට හරි සපෙක්ෂවනේ. උදාහරණයක් විදියට කෙනෙක්ට කියන්න පුළුවන් මේ බැම්ම ඇදයි නේ කියල. එතකොට එයා ඒක කෙලින්ද,ඇදද කියලා බලන්නේ පොළොවට සාපේක්ෂවනේ. ඔතනදීම තව ටිකක් ඉස්සරහට ගියොත් ලංකාවේ ඉන්න අපි අහස දිහා බලලා කියනවා ඒක තියෙන්නේ උඩින් කියලා. එතකොට පොලව තියෙන්නේ යටින්. ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක් පොලොව හාරාගෙන ගිහිං එහා පැත්තෙත් එලියට ආවොත්? එතකොට එහෙ ඉන්න කෙනා උඩ කියන්නේ, අපි ලංකාවේ ඉදන් බිම බලන එකට.

[/FONT] [FONT=&quot]මේ විදියටම ගත්තොත් ලෝකේ තිරස්,සිරස් කියලා කියන එකත් ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි. ඒකත් සාපේක්ෂ දෙයක්. මොකද අපි ලංකාවේ ඉදං සිරස් රේඛාවක් අදිනවා කියලා හිතන්න. අපි ඕක අහසට යනකංම දික් කරනවා. ඊළගට අපි ඔස්ට්‍රේලියාව වගේ රටක ඉන්න යාලුවෙක්ටත් කතා කරලා කිව්වොත් සිරස් රේඛාවක් අදින්න කියලා අහස උසට. දැන් ඊළගට බලද්දී එයා ඇදපු සිරස් රේඛාවයි,අපි ඇදපු රේඛාවයි සමාන්තර නෑ. මොකද ඇත්තටම කිව්වොත් මේ පෘථිවියෙන් එලියට ගියපු ගමන් උඩ,යට කියලා දෙයක් නැති නිසා.

[/FONT] [FONT=&quot]එතකොට තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ ලෝකේ ගුරුත්වාකර්ෂණ බලයට අහුවෙන්නේ නැති තරං එහා අභ්‍යාවකාශයට යනවා රොකට් එකක නැගලා. ඊට පස්සේ ඒ රොකට් එකේ ඉන්න කෙනා එකෙන් පැන්නොත් කොහෙටද වැටෙන්නේ කියල? සදාකාලිකව බිමට වැටෙමින් ඉදිද? නෑ එයා කොහෙවත් වැටෙන්නේ නෑ. මොකද එතැනදී උඩ,යට කියලා වැටෙන්න තැනක් නෑ. මොකක් හරි ග්‍රහලෝකෙක තියෙන ආකර්ෂණ බලයකට එයා අහුඋනොත් ඒකට ඇදිල යාවි. එහෙම නැත්තන් බිමට වැටෙනවා කියලා එකක් නෑ, ඔහේ පාවී පාවී ඉදියි.

[/FONT][FONT=&quot]ඊළගට අපි දැන් ආයේ යමු අර මුලින් කතාකර කර හිටපු පෘතුවියේ අංශක 23 නේ කතන්දරයට.

[/FONT] [FONT=&quot]දැන් මේ කියනවා වගේ උඩ කියලා එකක් නෑ, යට කියලා එකකුත් නෑ,සිරස් කියලා එකකුත් නෑ, තිරස් කියලා එකකුත් නෑ, මේවා කියවලා මගේ මොළෙත් දැන් නැද්ද කොහෙද? ඉතින් එතකොට කොහොමද ඒ අංශක 23 ක් පෘතුවිය ඇදවෙලා කරකවෙන්වා කියන එක මැන්නේ? මෙතනදී මේක මැනලා තියෙන්නේ ඉරට සාපේක්ෂව. ඒ කියන්නේ අපේ පෘතුවිය එයා වටේම කරකැවෙන ගමන් ඉර වටේ රවුමට ගමන් කරනවා. එතකොට ඉරත් නිකන් ඉන්නේ නෑ. එයත් රවුමට කරකවෙනවා. අන්න ඒ විදියට ඉර කරකැවෙන අක්ෂය තමයි උඩ යට විදියට සාපේක්ෂව අරං තියෙන්නේ.

earth_3.jpg


[/FONT] [FONT=&quot]ඊලග දේ තමයි අපේ ලෝකේ ජීවින් පරිණාමය වීගෙන ඇවිත් එක්තරා අවස්ථාවකදී අපේ ලෝකේ හිටියේ දැවැන්තයන් උනේ යෝධ ඩයිනෝසෝරයින්. ඒත් හැබැයි බොහොම ඉස්සර අපේ ලෝකෙට උල්කාපාතයක් කඩා වැටිලා, කෑම එහෙම හිඟ වෙලා බොහොම අමාරු කාලයක් ඇවිත් ඔය කියනා ඩයිනෝසෝරයින් වඳවෙලා ගියා.

[/FONT] [FONT=&quot]ඉතින් ඔය කියනා උල්කාපාතය කඩා වැටුනේ නැත්තන් අද වෙනකොට ඩයෝනසරයන් පරිණාමය වෙලා යම් යම් ජීවින් බවට පත්වෙලා ඉදියි. හැබැයි අපි වගේ මිනිස්සු නං ඉදියිද කියලා කියන්න බෑ.

[/FONT] [FONT=&quot]ඉතින් ඒ කියන්නේ අපේ පෘතුවිය වගේ ලෝකයක් තියෙනවා නං, එකේ මෙලහකට ඉන්නේ ඩයිනෝසෝරයින් වෙන්න පුළුවන්.

[/FONT] [FONT=&quot]ඊලගට බොහොම ලස්සන දෙයක් පැහැදිලි කරන ගමන්ම මම මේ ලිපිය අවසන් කරන්නම්. ඒ තමයි අපි කවුරුත් දන්නවා අපේ සුර්යයාගේ ඉදලා,මේ ලෝකෙට ආලෝකය ගමන් කරන්න විනාඩි 8 ක් ගතවෙනවා කියන එක. එකියන්නේ අපි දැන් මේ දකින්නේ මේ මොහොතේ තියෙන ඉර නෙමෙයි. ඊට විනාඩි 8 කට කලින් ඒක තිබුන විදිය. උදාහරනයක් විදියට මොකක් හරි බලගතු දෙයක් වෙලා සුර්යයා එක පාරටම අදුරු උනා කියලා හිතන්න. ඒක අපි දැනගන්නේ ඒ දේ වෙලා විනාඩි 8 ක් ගියාම පස්සේ තමයි. ඊළගට බලමු අපිට සූර්යයා ලගට තියෙන ලගින්ම තියෙන ප්‍රොක්සි[FONT=&quot]මා සැන්[FONT=&quot]ටෝරි කියන තාරකාව [FONT=&quot]දිහා. මේක අපිට කොච්චර ඇතින්ද තියෙන්නේ කිව්වොත් අපි මේ 2015 අවුරුද්දේ මේක දිහා බලද්දී අපිට[FONT=&quot] ඒ පෙන්නේ 2011 අවුරුද්දේ ඒක තිබුන විදිය තමයි. ඊළගට බලන්න [FONT=&quot]අපේ ආසන්න ගැලැක්සිය වන ඇන්[FONT=&quot]ද්‍රෝ[/FONT]මි[FONT=&quot]ඩා කියන ගැලැක්සිය දිහා. [FONT=&quot]මේ ගැලැක්සිය අපිට වඩා කොයිතරම් දුරකින් පිහිටලා තියෙනවද කිව්වොත් ඒ දිහා දුරේක්ෂයකින් බැලුවොත් අපේ දුරේක්ෂය පාවිච්චි වෙන්නේ අවුරුදු මිලියන දෙකහමාරක් ඈතට අපි අරං යන කාලතරන යන්ත්‍රයක් වගෙයි.

300px-Stephan%27s_Quintet_X-ray_%2B_Optical.jpg


[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]අන්තිමට අපි බලමු ස්ටෙෆාන්ගේ පංචමය කියන ගැලැක්සි පහ දිහා. [FONT=&quot]මේක දිහා බැලුවම අපිට පේන දෙයක් තමයි ඒ ගැලැක්සි පහම එකිනෙකා ගට්ටනය වෙන විදිය. ඒත් ඇත්තටම බලද්දී ඒ දේ වෙලා තියෙන්නේ මිට අවුරුදු මිලියන [FONT=&quot]280 කට කලින්. ඉතින් කිසියම්[FONT=&quot] විදියක අපි වගේ සත්ත්ව විශේෂයක් ඒ ගැලැක්සි පහෙන් එකක හරි[FONT=&quot] ඉතිරි වෙලා ඉන්නවා නං, ඒ අය ලග ප්‍රභල දුරේක්ෂයක් තියෙනවා [FONT=&quot]නං මේ මොහොතේ ඒ අය අපේ ලෝකේ දිහා බලද්දී මොනවා පෙනෙයිද? ඇත්තටම ඒ අයට පෙන්නේ මීට අවුරුදු මිලියන 280 කට කලින් මෙහෙ හිටපු ඩයිනෝසෝරයින් පනපිටින් එහෙ මෙහෙ ඇවිද ඉන්න විදිය තමයි.


සමහර විට මේ ත්‍රෙඩ් එක විකාරයක් [FONT=&quot]වෙන්නත් ඉඩ ඇති. [/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මේ ගොඩක් විස්තර මම කියව්වේ රිචඩ් ඩො[FONT=&quot]කින්ස්[FONT=&quot]ගේ පොතෙන්.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] ඒත් හැබැයි මම හිතනවා ඔයාලා මේකෙන් යම්කිසි නොදන්නා දෙයක් දැනගන්න ඇති කියලා.

[FONT=&quot]-මම කලින් දාපු ත්‍රෙඩ්[FONT=&quot]-

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]
අත්හැර දැමු ස්ටේෂම
නීල් චිත්‍රපට නිළිය
අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය
පන පොවන සේයාරුව
ටයිම්ස් කවරයට ගිය බල්ලා
කාන්තා සෙබළියන්ගේ මෝස්‌තර
ඇමරිකානුවන්ගේ ගුවන්යානා සොහොන්බිම
පාළුවට ගිය මාලිගාව

අඩු මුදලට තට්ටු දෙකේ ගෙයක් හදාගන්නේ කොහොමද?
[FONT=&quot]අත්භූත ඔරෙගන් සළාව[/FONT]
[/FONT][/FONT][/FONT]

[/FONT][/FONT][/FONT][/FONT][/FONT] [/FONT]
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    අඩෝ උබත් මම හිතන විදිහට හිතන කෙනෙක්. මම අදහස් කලේ රාමුවෙන් පිටට හිතන කෙනෙක්. අදුරගන්න ලැබිච්ච එක සතුටක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    අපි හැමෝම හැම දෙයක් ගැනම දකින්නෙ දැනට අපි අත්දැකල තියෙන දේවල් අනුව. ඒකයි කවුරුත් ඊට පිටට යන්නෙ නැත්තෙ. ගොඩක් දෙනෙක් හිතන්නෙ ජීවීන් ඇතිවෙන්න ජලය,ඔක්සිජන්........ ඕන කියලයි. ඒත් ඒ අපිටනෙ. ඔය දේවල් ඕන නැති ජීවීන් ඉන්න බැරිද? වෙනස් ඉන්ද්‍රියන් තියෙන වෙනස් ස්වරූප වල ජීවීන් ඉන්න බැරිද? ඇත්තටම ස්වරූපය කියන්නෙත් අපේ ලෝකෙ තියෙන දෙයක්නෙ. ඕකත් සමහරවිට අනිත් ජීවින්ට නැති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කවදාවක්වත් දැකලා නැති පාට. ඒ වගේම වෙනස්ම ඉන්ද්‍රියන්. තව දාහක් දේවල් මගේ හිතට ඇවිල්ල තියෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    මේ වගේ දේවල්වලට ආස නම් Cosmos-Space Time Odyssey බලන්න. අපේ විශ්වය හැදෙන හැටි සුපිරියට පෙන්නනවා.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මටත් ඔය පොලව හාරගෙන යන සීන් එක නිසා මොලේ කොලොප්පන් වෙලා ඉන්න එකෙක්..:baffled:බොග දාන ගමනුත් ඔය වගේ ඒව තමා හිතෙන්නෙ..:lol::lol:උඹ ලියන ස්ට්යිල් එකනම් පට්ට මචං..දිගටම ලියපන්.....
    11.gif
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    නියමයි මචන්. ආසාවෙන් කියෙව්වා. දිගටම මේ වගේ ත්‍රෙඩ් දාමු.

    rep ++
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අලෝකයේ වේගයෙන් ගමන් කරන්න ක්‍රමයක් හොයා ගත්ත දාට මීට වඩා දේවල් අපිට දැනගන්න ලැබෙයි.
     

    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    ඕක තමය් මචන් බුදු හාමුදුරුවෝ ඕව ගැන වැඩිය හිතන්න එපා කිඋවේ.එත් පෘතක්ජන මිනිස්සු හැටියට අපිට ඔවා හිතෙන එක නවත්තන්න බෑනේ .නැත්නුම් NASA වගේ ආයතන හැදේවිද .අනේ මන්ද? එත් උබ එහෙම හිතන් නැතුව තවත් මේවා ගැන ලියපන්.ජය වේවා......Rep denna balu.....
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    අඩෝ උබත් මම හිතන විදිහට හිතන කෙනෙක්. මම අදහස් කලේ රාමුවෙන් පිටට හිතන කෙනෙක්. අදුරගන්න ලැබිච්ච එක සතුටක්.

    අපි හැමෝම හැම දෙයක් ගැනම දකින්නෙ දැනට අපි අත්දැකල තියෙන දේවල් අනුව. ඒකයි කවුරුත් ඊට පිටට යන්නෙ නැත්තෙ. ගොඩක් දෙනෙක් හිතන්නෙ ජීවීන් ඇතිවෙන්න ජලය,ඔක්සිජන්........ ඕන කියලයි. ඒත් ඒ අපිටනෙ. ඔය දේවල් ඕන නැති ජීවීන් ඉන්න බැරිද? වෙනස් ඉන්ද්‍රියන් තියෙන වෙනස් ස්වරූප වල ජීවීන් ඉන්න බැරිද? ඇත්තටම ස්වරූපය කියන්නෙත් අපේ ලෝකෙ තියෙන දෙයක්නෙ. ඕකත් සමහරවිට අනිත් ජීවින්ට නැති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කවදාවක්වත් දැකලා නැති පාට. ඒ වගේම වෙනස්ම ඉන්ද්‍රියන්. තව දාහක් දේවල් මගේ හිතට ඇවිල්ල තියෙනවා.

    මේ වගේ දේවල්වලට ආස නම් Cosmos-Space Time Odyssey බලන්න. අපේ විශ්වය හැදෙන හැටි සුපිරියට පෙන්නනවා.

    ස්තුතියි මිත්‍රයා අදහස් වලට :)
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මටත් ඔය පොලව හාරගෙන යන සීන් එක නිසා මොලේ කොලොප්පන් වෙලා ඉන්න එකෙක්..:baffled:බොග දාන ගමනුත් ඔය වගේ ඒව තමා හිතෙන්නෙ..:lol::lol:උඹ ලියන ස්ට්යිල් එකනම් පට්ට මචං..දිගටම ලියපන්.....
    11.gif

    රෙප් දෙන්න බෑලු..පස්සෙ දෙන්නම් පුතා :D

    thank u yaluva :)
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    නියමයි මචන්. ආසාවෙන් කියෙව්වා. දිගටම මේ වගේ ත්‍රෙඩ් දාමු.

    rep ++

    අලෝකයේ වේගයෙන් ගමන් කරන්න ක්‍රමයක් හොයා ගත්ත දාට මීට වඩා දේවල් අපිට දැනගන්න ලැබෙයි.

    ඕක තමය් මචන් බුදු හාමුදුරුවෝ ඕව ගැන වැඩිය හිතන්න එපා කිඋවේ.එත් පෘතක්ජන මිනිස්සු හැටියට අපිට ඔවා හිතෙන එක නවත්තන්න බෑනේ .නැත්නුම් NASA වගේ ආයතන හැදේවිද .අනේ මන්ද? එත් උබ එහෙම හිතන් නැතුව තවත් මේවා ගැන ලියපන්.ජය වේවා......Rep denna balu.....

    Thank u machan adahas valata