Thamanta gelapena kiyala gelawenna hadanna epaa saho. Budhu dahama kiyanne loke thiyena watinaama ekak. Saralay geburui.
Anika thamange mahansiyen goda yanna puluwan budu kenekuta nethnam pase budu kenekuta witharay. ( mama methana godayanna kiyala adahas kale niwan awabodha kara geneema kiyana ekay)
Mama meka demme me thred ekata daala thiyena commet dekala. Hariyata budu maga yana kenekuta owwa ochchara gahaganna dewal newey. Balannako hema thenama tiyenne eleem geteem.
Budu kenek lowata pahala wela deshanaa karanne akuru 8 padha 3 yi. Hariyata oka wataha gaththanam niwan awaboda karaganna eka echchara amaaru deyak nwey.
T G B U...!!!
සිංහලෙන් ගැහුවා නම් වඩා හොදයි. මම ගැලවෙන්නේ හැදුවේ නෑ,මම මොකටද ගැලවෙන්නේ? මොකෙන් ගැලවෙන්නද? මම කිව්වේ උබට කැමති එකක් උබ අදහන්න.

මට උබේ මතේ වෙනස් කරන්න බෑ නේ? උබ මුස්ලිම් එකෙක් නම් මට කියන්න පුලුවන් ද වරෙන් ගිහින් බුද්ධාගම අදහමු කියලා? උබ ක්‍රිස්තියන් එකෙක් නම් මට කියන්න පුලුවන්ද උබට බුද්ධාගම අදහන්න එන්න කියලා බලකරන්න? උබට තේරෙන එකක් ඕනේ උබ අදහන්න. උබට දර්ශණයක් තර්කානූකූල ලෙස හිතලා තේරුම් ගන්න බැරි නම් , උබට ආසියාවේ කිසිම ආගමක් වැඩක් නෑ, ප්‍රඥ්ඥාව වඩන්න බැරි නම් උබට බුද්ධාගමෙන් වැඩක් නෑ. එහෙනම් උබට ගැලපෙන්නේ එබ්රාමින් ආගමක්, උබට ගෑණු 4 ක් ඕනේ නම් එහෙනම් ස්ලාම්, උබට ගංජා ගහන්න ඕනේ නම් උබට බුද්ධාගම හරියන්නේ නෑ, එහෙම උබට හරියන්නේ රස්තෆාරි. තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන්න ආගම තෝරගනින්. මගේ ඉපදිච්ච දා ඉදලා ආගම බුද්ධාගම, මම ගියෙත් 100% බෞද්ධ පාසැලකට, දහම් පාසැලුත් ගියා, පස්සේ ලොකු වුනාම ඒක හොද නිසා ඒකේම හිටියා.
උණ හපුළුවට ඌගේ පැටියා මැණීකක් ලු නේ, ඒ වගේ තමයි හැම ආගමේම ඉන්න එකාට තමන්ගේ ආගම තමන්ට මැණීකක්. මට බුද්ධාගම වටිනවා වගේ උබට උබේ ආගම වටිනවා, ගුණයට ක්‍රිස්තියන් වටිනවා, සිරාජ්ට මුස්ලිම් වටිනවා.
Anika thamange mahansiyen goda yanna puluwan budu kenekuta nethnam pase budu kenekuta witharay.
වැරදියි.

සම්පුර්ණයෙන්ම වැරදියි. බුදුදහම කියන්නේ උඩ දෙවියක් ඉදගෙන ,අපි දෙවියගෙන් මොනවා හරි ඉල්ලපු ගමන්,
ආහ් මෙන්න උබට කියලා දෙන එකක් නෙවෙයි, අපි හැම එකම තමන්ගේ මහන්සියෙන් ලබාගන්න ඕනේ, බුදුන් වහන්සේ කෙනෙක් කියන්නේ මාර්ග උපදේශකයෙක් , අපි ඒ මාර්ග උපදේශකයා පෙන්වන පාරේ තමන්ගේ මහන්සියෙන්, තමන්ගේ වීර්යෙන ගොඩ යන්න ඕනේ. නිවන් දකින්න නම් රහත් වෙන්න ඕනේ, ඒකට පාරමිතා පුරන්න ඕනේ, සිත දියුණූ කරන්න ඕනේ, මහන්සි වෙලා බණ භාවනා වඩන්න ඕනේ, උබට මේකට තමන්ගේ මහන්සියෙක් කියන්නේ නැත්නම් මම දන්නේ නෑ එහෙනම් මේකට මොකක් කියන්නද කියලා.
උබේ බුද්ධාගම ගැන තියෙන දැනුම 0.
මේ thread එකේ කොටසක් වළිකරාට, ධර්ම කාරණා ගැන ගොඩක් සාකච්චා වුනා, shenic, මම තමන්ට පුලුවන් හැටියට කොටසකට බුද්ධගම ගැන කියලා දුන්නා, ඒක ගහගැනීමක් නෙවෙයි, ඒක ධර්ම දානයක්. ලොකුම දානය තමයි ධර්ම දානය. මම නම් අවංකව ධාර්මික නෑ 100%, බැන්නොත් බැන්නා, ගැහුවොත් ගැහුවා නමුත් ඇහුවොත් ඕනම දන්න දෙයක් කියනවා.
" Hariyata oka wataha gaththanam "
එහෙම ධර්මය ලේසියෙන් වටහා ගන්න බෑ, ඒක අමාරුයි, අභිධර්මය එහෙම ගොඩක් ගැඹුරුයි. ඒකට ධර්මය ගැන ඉගෙන ගන්න ඕනේ, ප්‍රශ්ණ කරන්න ඕනේ, තර්ක කරන්න ඕනේ, විමසන්න ඕනේ, සොයන්න ඕනේ, හේතු එලය වටහාගන්න ඕනේ, භාවනා වඩන්න ඕනේ, ශීලය රකින්න ඕනේ, සෑහෙන්න තියෙනවා කරන්න. ධර්මය කියන දේ ඉතා සරල නම් එහෙනම් ඔක්කොම රහත් වෙන්න එපැයිනේ.