19 වන වියවස්ත සංශෝදනය (poll)

ඔබේ අදහස? (multiple choices allowed)

  • 19 ක්‍රියාත්මක කල යුතයි

    Votes: 27 56.3%
  • විදායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කල යුතයි

    Votes: 14 29.2%
  • විදායක ජනපති ක්‍රමය වෙනස් නොකළ යුතයි

    Votes: 12 25.0%
  • මැතිවරණ ක්‍රමය වෙනස් නොකළ යුතයි (සමානුපාතික )

    Votes: 4 8.3%
  • මැතිවරණ ක්‍රමය සමානුපාතික සහ කේවල එකතුවක් විදියට ක්‍රියාත්මක කල යුතුයි

    Votes: 24 50.0%
  • මැතිවරණ ක්‍රමය කේවල පමණක් විය යුතයි

    Votes: 4 8.3%

  • Total voters
    48
  • Poll closed .
මහින්ද ඔක්කොම බදාගෙන තනියෙන් කොරපු හැටි හින්දනේ ගෙදර යන්න උනේ

මහින්ද ගෙදර ගිය හේතු වලට එයා වගකියන්න ඕනි...ඒක ඇත්ත....හැබැයි මේ රටේ ස්ථාවරත්වයක් තිබ්බා.......බෙදුම්වාදීන්ට විරුද්ධව කෙළින් කතා කළා...යුද්දෙදි කෙළින් වැඩ කළා...

අඩුම ගානේ මේ වගේ වැඩ කළේ නැ මෙන්න මේ වගේ

http://www.elakiri.com/forum/showthread.php?p=18071185&posted=1#post18071185
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    සන්තෝසයි කට්ටිය කුණුහරුප කියගන්නැතිව අදහස් වාද විවාද කරන එක.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්දයෙක් අදින්ඩ එපා මේකට ලෑජ්ජයි උබල වගේ මිනිස්සු ගැන මේක වෙන සාගච්චාවක් මොලයක් ඇතුව හැසිරියන්
    විධායක බලය තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍ර වීමේ හොදම උදාහරණය මහින්ද. 18 හරහා ස්වාධීන කොමිශන් අහෝසි වීම සහ අසීමිත තරගවාර ගනනන් ලබාගැනීම හරවා වෙන කිසිම ජනාධිපති කෙනෙක්ට නොලැබිච්ච බලයක් මිනිහට ලැබුණා
     
    ඇත්ත කතාව දැන් තියෙන්නේ මෛත්රීළ ගේ රජයක් නෙමෙයි දැන් තියෙන්නේ රනිල් මංගල රජයක්..............සුළුතර පාර්ලිමේන්තු බලයත් සහිත රජයක්..........මේ රටට මෙච්චර අභියෝග එල්ල වෙලා තියෙද්දි මේ කෙහෙල්මල් ව්යෛවස්ථා සංශෝධනයක් ගැන කියවන්න අරන් ...මුන්ට පිස්සුද මන්දා.....................
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද ගෙදර ගිය හේතු වලට එයා වගකියන්න ඕනි...ඒක ඇත්ත....හැබැයි මේ රටේ ස්ථාවරත්වයක් තිබ්බා.......බෙදුම්වාදීන්ට විරුද්ධව කෙළින් කතා කළා...යුද්දෙදි කෙළින් වැඩ කළා...

    අඩුම ගානේ මේ වගේ වැඩ කළේ නැ මෙන්න මේ වගේ

    http://www.elakiri.com/forum/showthread.php?p=18071185&posted=1#post18071185

    යුද්දෙ කෙලින් වැඩ කරපු හැටි නම් අපි දන්නවා මචන්. යුද්දෙ අන්තිම හරියේ කෙළින් හිටියා කිව්වා නම් වඩා හරි. මුල් හරියේ මිනිහා හිටපු හැටි ඒකාලෙ අයිටීන් නිව්ස් බලපු අපිට මතකයි . පිටරට දෙමළු , ඩයස්පෝරා ඔක්කොම කොටි නෙමෙයි. මයිත්‍රී ඒ ක හොදට පැහැදිලි කරලා කිව්වා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පාලත් පාලන ආයතවල තියෙන බලතල හැරෙන්න සම්පුර්ණෙනයෙන්ම විදායක ක්‍රමය අහෝසි වියයුතුයි ..
    විදයකය පාර්ලිමේන්තුවට වගකියන මට්ටමක් ඇති වෙන්න ඕන මොකද ජනතබලය නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව ජනතා බලයට ඉහලනින් ගිහිං තම අවශ්‍ය ආකාරයට රට මෙහෙයවන තත්ත්වයක් විදායකයෙන් ඇති වෙනවා ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විධායක බලය තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍ර වීමේ හොදම උදාහරණය මහින්ද. 18 හරහා ස්වාධීන කොමිශන් අහෝසි වීම සහ අසීමිත තරගවාර ගනනන් ලබාගැනීම හරවා වෙන කිසිම ජනාධිපති කෙනෙක්ට නොලැබිච්ච බලයක් මිනිහට ලැබුණා

    නිකන් බොරැ කියන්න එප‍ා බන්....! මහින්ද‍ට 18 නිසා ලැබිච්ච අමතර බලයක් නැහැ...
     
    දෙමල සංදානයට කිස්ම වාසියක් අවාසියක් වෙන්නේ නෑ. උන් දැනටත් උතුරු නැගෙනහිරින් සෑහෙන්න සීට්ස් ගන්නවා. අවාසියක් වෙනව නම් වෙන්නේ හෙල උරුමේ හා ජවිපේට. මිශ්‍ර ක්‍රමයකින් ඒක නැති කර ගන්න පුළුවන්. අන්තිමට වෙන්න ඕනි සමස්ත ඡන්ද ගණනින් ඒ ඒ දේශපාලන පක්ශ ලබාගත් ප්‍රතිශතය පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්න ඕනි

    දෙමළ සන්ධානයට වෙන වාසිය ලංකාට වෙන හානිය ඔයාට තේරෙන්නේ නෑ.....ආසන ක්‍රමයකට ගියාම සුළු පක්ෂ වලට රැකෙන්න අමාරුයි. එතකොට උතුරු නැගෙනහිර ඉන්න බෙදුම්වාදයට විරුද්ධ කුඩා දෙමළ දේශපාලන පක්ෂ වෙන ඊපිඩිපි, සැම් තම්බිමුත්තුගේ පක්ෂ දේශපාලනයෙන් අතුගාලා දාන්න දෙමළ සන්ධානයට පුළුවන්....ඊට පස්සේ දෙමල අයගේ තනි නායකයා වෙන්න පුළුවන්................

    අනාගතයේදි ලංකාව ලොකු අමාරුවකට වැටෙන්න පුළුවන් එහෙම කළොත්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්දෙ කෙලින් වැඩ කරපු හැටි නම් අපි දන්නවා මචන්. යුද්දෙ අන්තිම හරියේ කෙළින් හිටියා කිව්වා නම් වඩා හරි. මුල් හරියේ මිනිහා හිටපු හැටි ඒකාලෙ අයිටීන් නිව්ස් බලපු අපිට මතකයි . පිටරට දෙමළු , ඩයස්පෝරා ඔක්කොම කොටි නෙමෙයි. මයිත්‍රී ඒ ක හොදට පැහැදිලි කරලා කිව්වා

    අනේ නිකන් පලයන් බන් යන්න... උඹ කියන්නෙ මහින්ද පත්උන ගමන් එකපාර යුද්දෙ කරන්න පටන් ගන්න තිබ්බා කියලද? එහෙනන් ඔහොමම රනිල්‍ගෙ සටන් විරාමෙ ගැනත් කියපන්කො. ඒක හොදද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    මොන අවුරුද්දේ ද?

    හැබැයි මේ වගේ අස්ථාවරත්වයක් තිබ්බාද? 

    මම සරලව කියන්නේ, මැතිවරණයකින් (සුවිශ්ෂ අව්සතවල හැරෙන්න) ප්‍රදාන පක්ෂ දෙකෙන් එකකට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගන්න දුෂ්කරයි. අනෙක් සුළු පක්ෂ මත රදා පවතින්න වෙනවා. එතකොට ඒ සුළු පක්ෂ ආණ්ඩුව නටවනවා. ආණ්ඩුවකට හරියට වැඩක් කරන්න බැහැ.

    in the parliamentary elections of October 2000, the ruling People’s Alliance (PA), led by President Chandrika Bandaranaike Kumaratunga, won 107 of the 225 parliamentary seats, the United National Party (UNP) 89 and the Marxist Janatha Vimukti Peramuna (JVP) ten. Sirimavo Bandaranaike was reappointed prime minister. However, short of a working majority, the new government was dependent on the support of the smaller parties

    http://thecommonwealth.org/our-member-countries/sri-lanka/constitution-politics

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ තාත්ත jr ගේ කාලේ බොහොම දුෂ්කර පළාතකට මාරු කල. අපි පොඩි කලේ බොහොම දුක් වින්ද. ස්වාදීන කොමිසම් තිබනම් ඒවායේ පිහිට හරි ගන්න තිබ්බ

    මෙගේ යාලුවෙකුට වෙච්ච අසදරනෙකට අනිතමට පිහිට උනේ මානව හිමිකම් කොමිසම.

    දේශපාලන පලිගැනීම, පවුද්ගලික කාරනා නිසා රටට අහිතකර තීරණ ගන්න එපා යාලුවා...
     
    යුද්දෙ කෙලින් වැඩ කරපු හැටි නම් අපි දන්නවා මචන්. යුද්දෙ අන්තිම හරියේ කෙළින් හිටියා කිව්වා නම් වඩා හරි. මුල් හරියේ මිනිහා හිටපු හැටි ඒකාලෙ අයිටීන් නිව්ස් බලපු අපිට මතකයි . පිටරට දෙමළු , ඩයස්පෝරා ඔක්කොම කොටි නෙමෙයි. මයිත්‍රී ඒ ක හොදට පැහැදිලි කරලා කිව්වා

    අනේ උඹලා වගේ රවට්ටන්න ලේසි මිනිස්සු! මෛත්රී් ගිහින් හම්බුනේ global tamil forum එකේ අය...ඒගොල්ලන් තමයි ලංකාවට විරුද්ධව වැඩියෙන් ම වැඩ කළේ...ඒ ගොල්ලන්ව තමයි ගෝඨා තහනම් කළේ. උන් ගේ තමයි දැන් තහනම අයින් කරන්න යන්නේ මේ අවමංගලයා....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    මේ රටේ කිසිම ජනාධිපති කෙනෙක් හිටියේ නෑ 100% හොඳ...ලෝකේ කොහෙවත් නෑ....මහින්ද ගේ වැරදි තිබ්බා...හැබැයි රටට අවශ්යන රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තාම මහින්ද හරි විදිහට වැඩ කළා ඒකට විධායක ජනාධිපති ක්රතමය වැදගත් වුනා....එක නැහැයි කියන්නේ මේ ගැන අවබෝධයක් නැති කෙනෙක්..
    හැබැයි දේශපාලන ස්ථාවරත්වය අතින් මහින්ද ගේ කාලේ හොඳයි....දැන් ඒක නැ.......දැන් තියෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක්

    ජනපතිට ඕනෑ තරම් ඇමතිකම් දෙන්න පුලුවන් බලතල සීමා වීම රටේ අස්ථාවරත්වයට හේතුවක්ද?

    අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම හා අධිකරණවල විනිසුරුවන් පත් කිරීම කැමති කැමති විධියට නැතුව යම්කිසි විනිවිද භාවයකින් සිදුවීම රටේ අස්ථාවරත්වයට හේතුවක්ද?

    විධායකය හොදයි ඒත් වැරදි අතකට ගියොත් විනාසයි.

    ජනාධිපති රාජ්‍යයේ, ආණ්ඩුවේ, විධායකයේ හා සේනාධිනායකයා නම් ඔය කියන කිසිම අස්ථාවරත්වරත්වයක් ඇති වෙන්නේ නෑ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දෙමළ සන්ධානයට වෙන වාසිය ලංකාට වෙන හානිය ඔයාට තේරෙන්නේ නෑ.....ආසන ක්‍රමයකට ගියාම සුළු පක්ෂ වලට රැකෙන්න අමාරුයි. එතකොට උතුරු නැගෙනහිර ඉන්න බෙදුම්වාදයට විරුද්ධ කුඩා දෙමළ දේශපාලන පක්ෂ වෙන ඊපිඩිපි, සැම් තම්බිමුත්තුගේ පක්ෂ දේශපාලනයෙන් අතුගාලා දාන්න දෙමළ සන්ධානයට පුළුවන්....ඊට පස්සේ දෙමල අයගේ තනි නායකයා වෙන්න පුළුවන්................

    අනාගතයේදි ලංකාව ලොකු අමාරුවකට වැටෙන්න පුළුවන් එහෙම කළොත්
    නැහැ 100% කේවල ක්‍රමයකින් තමයි ඕක වෙන්නේ. මිශ්‍ර ක්‍රමයක් ඕනි කිව්වෙ ඒකයි. උදා ආසන 150 කේවල ක්‍රමයට, 75 සමානුපාත ක්‍රමේට කියමු. tna එකට ආසන එන්නේ අර 150 ඇතුළේ, සුළු පක්ශවලට අර 75 ඇතුළේ අනුපාත ගාණ අනුව ආසන එනවා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ උඹලා වගේ රවට්ටන්න ලේසි මිනිස්සු! මෛත්රී් ගිහින් හම්බුනේ global tamil forum එකේ අය...ඒගොල්ලන් තමයි ලංකාවට විරුද්ධව වැඩියෙන් ම වැඩ කළේ...ඒ ගොල්ලන්ව තමයි ගෝඨා තහනම් කළේ. උන් ගේ තමයි දැන් තහනම අයින් කරන්න යන්නේ මේ අවමංගලයා....
    ඇයි හම්බෙලා කතා කරන එකේ වැරැද්ද මොකක්ද ? මහින්දත් කොටි එක්ක සාකච්ඡා කරානේ. බොරු නොදා ඉදින් බන් කොටි තහනම එහෙම අයින් කරන්න බෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සමානුපාතික ක්‍රමය කියන්නේ දැන් තියෙන ක්‍රමය නේද? ඒ ක්‍රමයෙන් ස්ථාවර ආණ්ඩු හැදෙනවා....ජේ ආර් ව්‍යවස්ථාවෙන් පස්සේ කවදාවත් අස්ථාවර ආණ්ඩුවක් ආවේ නෑ....හැම පක්ෂයක් ම වගේ හොඳ බහුතරයකින් ආණ්ඩුවක් හැදුවා............

    අනික රියල් පවර් එක තියෙන්නේ විධායන ජනාධිපති ගාව. එයා ආයි අවුරුදු 6ට වට්ටන්න බැරි නිසා රටට සෑහෙන ස්ථාවරත්වයක් ලැබෙනවා..

    උඹේ දේශපාලනේ ගැන දැනුම ගැන ආඩම්බරයි :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ස්වාධීන කොමිසම් නැත්තන් 19 හොදයි....... ඒකත් එක්කනන් ක්රියාත්මක කරන එක වැරදි....

    ඔව් ස්වාදීන නොවී දේශපාලකයෝන්ට පරාදීන වෙන එක තමයි හොඳම :lol:
    උඹට තියෙන්නේ අමුතුම මත බං :lol:
     
    නැහැ 100% කේවල ක්‍රමයකින් තමයි ඕක වෙන්නේ. මිශ්‍ර ක්‍රමයක් ඕනි කිව්වෙ ඒකයි. උදා ආසන 150 කේවල ක්‍රමයට, 75 සමානුපාත ක්‍රමේට කියමු. tna එකට ආසන එන්නේ අර 150 ඇතුළේ, සුළු පක්ශවලට අර 75 ඇතුළේ අනුපාත ගාණ අනුව ආසන එනවා

    ඔය මිශ්‍ර කමේ දැන් කවුද හදන්නේ? ඔය ක්‍රමය වඩා ළඟින් යන්නේ කේවල ද සමානුපාත ද? ඕක හදන මේ රජයේ අය මම කිව්ව කාරණා සළකනවාද? ඒක හදද්දි රටේ අනාගතය ගැන සළකනවාද? බෙදුම් වාදය ගැන සළකනවාද? අඩුම ගාණේ මේ රටට තියෙන අභියෝග මුකුත් දන්නේ නැති මෝඩයෝ ටිකක් ඉන්න රජය මේවා ගැන හිතයිද?

    දෙමළ සන්ධානය හුරතල් කරන රජයක් මේවා හිතයිද? 

    රනිල් ඉන්න මංගල ඉන්න රජයක් ගැන මගේ නම් කිසිම විස්වාසයක් නැත. ඒ මේ මාස කිපය ඇතුළත මේ පිස්සන් දෙදෙනා කරපු වැඩ දැකලායි කියන්නේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ස්වාදීන නොවී දේශපාලකයෝන්ට පරාදීන වෙන එක තමයි හොඳම :lol:
    උඹට තියෙන්නේ අමුතුම මත බං :lol:

    දේශපාලනෙන් ස්වාධීන වෙන්න බැහැ... ඒක නිකන් බොරැ කතාවක් විතරයි..... උඹට ඕවා ‍තේරෙන් නැහැ.... ජපන් ආර්තිකෙත් ශක්තිමත් කිව්ව එකානෙ....! :lol::lol::lol: