නිවාඩුවට යන්න හොඳ තැන් 10ක්
එලකිරියට ඇවිත් කාලයක් මේකේ අනිත් threads වල පෝස්ට් දදා පිස්සු නැටුවට මටත් හිතුනා මොකක් හරි දෙයක් ගැන thread එකක් දැම්මොත් හොඳයි කියලා. ඒත් ඉතින් දිගට ලොකුවට ටයිප් කරන්න පොඩි කම්මැලි කමක්
තිබුන නිසා වැඩේ කල් දදා හිටියා. ඉතින් ඊයේ පෙරේදා දවසක නෙට් එකේ සැරි සර සරා ඉද්දි අහම්බෙන් වගේ පට්ට article එකක් හම්බුනා. එක කියෙව්ව ගමන්ම හිතුනා ඔයාලත් එක්ක මේ විස්තර බෙදාගන්න ඕනේ කියලා.
දැන් ඔයාලා බලනවා ඇති මන් මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා..
ඔයාලා අහලා තියෙනවද ඇත්තටම ලෝකේ හොල්මන් ගැවසෙන තැන්? අහලා තියෙන අය දන්නවද හොල්මන් ගැවසෙන ප්‍රසිද්ද තැන් සහ ඒ වටා ගෙතුණු කතා? අහලා නැත්නම් ඔන්න දැනගන්න ඒ වගේ ප්‍රසිද්ද තැන් 10ක් අපි කව්රුත් නොදන්න
1.The Beechworth Lunatic Asylum, Australia
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ The Beechworth Lunatic Asylum යන නමින් හදුන්වන මෙම අත්හැර දැමූ ස්ථානය මුලින්ම තිබුනේ Mayday Hills මානසික රෝගීන්ගේ කඳවුර යන නමින්. මෙම කඳවුර පිහිටා තිබුනේ රෝගීන් 1200ක් තරම් ප්‍රමාණයක් රඳවාගන්න පුළුවන් තරම් විශාල ගොඩනැගිල්ලක. 1867 සිට 1995 දක්වා වසර 130ක කාලයක් තුල මෙහි සිටි රෝගීන් 9000ක් පමණ ප්‍රමාණයක් මියගොස් තිබේ. එහි මියගිය රෝගීන් බහුතරයකගේ හොල්මන් තාමත් රාත්‍රියට එහි සැරි සරණ බවට කතාවක් තිබේ. මේ නිසාම ඕනේ ම රාත්‍රියකදී මෙහි ලැගුම් ගෙන එහි ඇති භයානක අත්දැකීම් විදගන්නට නරඹන්නන්ට අවස්ථාවක් ලබා ගත හැකිය. ඔයාලත් කැමති නම් එහෙට ගිහින් බලන්න.
2. The Princess Theatre
මෙහි අරක්ගත් භූතයා Frederick Baker හෝ Frederici නමින් වසර 1800 බර ගණන්වල හිටපු සුප්‍රසිද්ධ ඉතාලි ජාතික අතිමන්ද්‍ර ස්වරිකයකි/ගායකයෙකි (baritone singer). 1888දී 'Faust' නම් වේදිකා නාටකයක Mephistopheles නම් චරිතය (පුරාන කතාවල Faust නම් තැනැත්තෙකුගේ ආත්මය අඳුරු බලයට පවරාදීමට පෙළෙඹවූ යක්ෂයෙක්)
රඟ දක්වා අවසන් මොහොතේදී වේදිකාවේ තිබු බිම්විවරයකින් එකපාරටම පහලට වැටි ඒ කම්පනයෙන් ඇතිවුණු හෘදයාබාදයකින් මිය ගියා. එදායින් පස්සේ වසර ගණනාවක් එහි පැවැත්වෙන රාත්‍රී ප්‍රසංගවලදී නොවරදවා Frederici ගේ ආත්මයත් සහබාගි වෙන නිසා ඔහුටම කියා ඉදිරි පේලියේ අසුනක් වෙන්කර තිබීම එහි චාරිත්‍රයක් වුනා. ආහ්හ් ... අමතක වුනානේ.. මේ රඟහලත් ඕස්ට්‍රේලියාවේ තියෙන එකක්.
3. The Bhanghar Fort
ඉන්දියාවේ පුරාවෘතයට අනුව 1573 දී රාජස්තාන් අල්වාර් නගරයෙහි ගොඩ නැගු මෙම Bhanghar නම් බලකොටුවේ සිටි කුමාරිකාවට හිත ගිය එකල මායා ගුරුකම්වලට දක්ෂ මායාකරුවෙක් ඔහුගේ මායා බලයෙන් ඇයව අයිති කරගැනීමට ඇයට මායා පානයක් දුන්නත් ඔහුගේ යටි අරමුණ තේරුම් ගත් කුමරිය එම බඳුන ඔහු දෙසට විසි කලා. බඳුන මායාකරුගේ හිසට පිටුපස තිබු කළු ගලට වැදී එහි තුල තිබු බෙහෙත හැලුනා. එයින් කෝප වූ මායාකරු මුළු නගරයටම ශාප කළා. එසැනින්ම ඔහුව මරණයට පත් කල. එත් කාලයත් එක්ක මේ නගරයට අඳුරු කාලයක් උදා වීමට පටන් ගත්තා. ගුප්ත ලෙස එහි ජීවත් වුනු වැසියෝ ඇතුළු කුමරියවද මරුවා . නගරයේ කොල්ලකරුවන් හා ආක්‍රමණිකයන් නිසා විශාල ලෙස විනාශයට පත් උනු මේ නගරයේ ඉතිරි වුනු අය මේ නගරය අත හැර දමා ගියා.
දවල් කාලයේ මෙම නගරයේ සුන්බුන් වුනු දේවස්ථාන, මාලිගා හා නිවාස කිහිපයක් නරඹන්න පුළුවන් උනත් එහි පාලනය බාරව ඉන්න පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් රාත්‍රී කාලයට එහි ඇතුළු වන්නට තහනම් කර තියෙනවා. අදටත් ගුප්ත ලෙස මරණ ලද කුමරිය ඇතුළු කිහිප දෙනෙක්ගේ ආත්මයන් එම නගරය පුරාවටම පවතින නිසාලු. (මේක නම් ෆිල්ම් එකක් වගේ නෙහ් )
4. Aokigahara
Aokigahara කියන්නේ ජපානයේ fugi පර්වතය පහල තිබෙන වනයකට. මෙය ජපානයේ සියදිවි නසාගැනීමේ ස්ථානයක් ලෙසටද ප්‍රසිද්ධයි . එහි ඝනව හැදුනු ගස් සහ වැල් නිසාම බොහෝ දෙනා සියදිවි හානිකරගන්න මේ වනයට ගමන් කරනවා. කෙනෙක් මේ වනයට දවසක් ගත කරන්නට ගියොත් එම තැනැත්තා අපහු එන්නේ මළමිනියක් වෙලා. මේ නිසාම වාර්ෂිකව මෙහි ඇති මල සිරුරු ඉවත් කිරීමට ප්‍රාදේශීය පොලිසිය විසින් ක්‍රියා කරයි. එත් වසරින් වසර මෙහි වැඩිවෙන මරණ සංඛ්‍යා හේතුකොටගෙන ඔවුන් වනය තුල තැනින් තැන " ඔබ සියදිවි හානි කරගැනීමට තීරණය කිරීමට පෙර කරුණාකර පොලීසිය සම්බන්ධ කර උපදෙස් ලබාගන්න" හා " ඔබගේ ජීවිතය ඔබේ දෙමාපියන්ට වටිනා වස්තුවකි" වැනි දැන්වීම් පුවරු සවි කර ඇත. 2004 දී එහි මරණ සංඛ්‍යාව 108ක් කියලයි වාර්තාවල තියෙන්නේ. මේ විදිහට වසරින් වසර වැඩිවෙන මරණ සංඛ්‍යාව වාර්තාගත කර තැබීම මිනිසුන්ව සියදිවි හානිකරගැනීමට උනන්දු කරවන දෙයක් ලෙස සලකා වර්තමානයේ මෙසේ වාර්තාගත කිරීම් නවත්වා තියෙනවා.
බොහෝ දෙනා මැරුණු අයගේ ආත්මයන් ඒ වනය පුරාවටම පීඩා විදිමින් සිටින බව විශ්වාස කරන අතර තවත් සමහරුන් පුරාණයේ එකල මෙහි ජීවත් වුනු බොහෝදෙනා ආහාර නොමැතිව සාගින්නෙන් මැරෙන්නටද මේ වනය තුලට දමා ගොස් ඇති බවට විශ්වාස කරනවා. කොහොම නමුත් මේ වනය බිහිසුණු තැනක් ලෙසයි මට හැඟෙන්නේ. ඔබ කව්රුන් හෝ මේ වනය තුල සංචාරය කර ඇත්නම් ඇත්තෙන්ම නිර්භීතම මිනිසා ඔබ විය හැක. ( මේක කියන්නේ මන් නෙවෙයි මේ කැලේට පොලිසියත් එක්ක ගිය කෙනෙක් හරිද
)
ඔයාලට මේ ගැන සම්පූර්ණ විස්තරයක් අපේ HondaMPLG සහෝදරයාගේ ජපානයේ ශාපලත් වනාන්තරය thread එකෙන් බලාගන්න පුළුවනි
5. Iulia Hasdeu Castle
Iulia Hasdeu කියන්නේ Bogdan Petriceicu Hasdeu (ඔය නම් ටික හරියට කියන්නේ කොහොමද කියලා මට දන්නේ නෑ)නම් රුමේනියාවේ සිටි ධනවතෙකුගේ සුරූපී දියණියයි ( ඔව් ඔව් පට්ට කෑල්ලක් තමා
). කුඩා කල සිටම pianoව වාදනය කිරීමට ප්‍රිය කරන ඇය වයස 19දීම මරණයට පත් විය . Bogdan ඔහුගේ එකම දරුවාගේ නමින් ඔහු විසින් මාලිගාවක් campina නගරයේ ඉදි කරන ලදී. මේ මාලිගාවත් එක්ක ඔහුගේ ඉතිරි ජීවිතය ද ඔහුගේ ආදරණීය දියණිය වන Iuliaටම කැප කලා. ඇගේ මරණින් පසු Bogdan අධ්‍යාත්මික වෘත්තිකයෙක් ලෙස පත් වී ඒ බලයෙන් Iuliaගේ ආත්මයත් සමග සම්බන්ද වීමට උත්සාහ වූ අතර දිනපතාම මේ කටයුතු සඳහාම මාලිගාවේ එක් කාමරයක්ද වෙන් කර තිබ්බා. මේ කියන කාමරය සුවිශේෂ ලෙස නිර්මාණය කර තියෙනවා. එහි බිත්ති සියල්ලම කළු පාට වේ. Iulia තවමත් සුදු පැහැති ඇඳුමකින් සැරසී daisy මල් පොකුරක්ද අතැතිව මාලිගාවේ මළුව හරහා ගමන් කරන අවතාරයකි. ආහ්හ්... තවත් දෙයක්, Iulia තවමත් සෑම රත්රියකදීම ඇගේ ප්‍රියතම විනෝදාංශය වන pianoව වාදනය කරයි.
මෙහෙට නම් කට්ටිය මැරුණත් කමක් නෑ කියලා බලන්න යයි නේහ් ???
6. Hell Fire Club on Montpelier Hill, Ireland
1725දී Montpelier කඳු ගැටය මත ඉදි වුනු මෙම ලැඟුම් හල එකල සිටි dublin නම් කුඩා කණ්ඩායමක් විසින් ඔවුන්ගේ සල්ලාලත්වයට හා යක්ෂ නමස්කාරවලට වෙන් කරගත් ස්ථානයකි.
මෙම ස්ථානයේ එකල ජීවත් වුනු පහත් කුලයේ කළු ජාතින් හා කණ්ඩායමෙන් නෙරපා හරින ලද මිනිසුන් ඝාතනය, සත්ව බිලි පූජා වැනි කටයුතු කල නිසා මෙකල සංචාරකයන් හට නැරඹිය හැකි තවත් එක ජනප්‍රිය ගමනාන්තයකි.
7. Manila Film Center, Philippines
මේ නම් ඔබ සිතන විදිහේ භූත බංගලාවක්, මේක බය හිතෙන කැලෑවක් හෝ පැරණි විනාශ වුනු ස්ථානයක් නම් නොවේ. නමුත් එහි කතාව දුක්මුසු ඛේදජනක සිද්ධියක්. 1981 නොවැම්බර් 17 වෙනිදා පාන්දර 3ට පමණ චිත්‍රපටි මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයතු කරමින් සිටි කම්කරුවන් 169 දෙනෙකු ඛේදජනක අනතුරකින් මියගොස් ඔවුන්ගේ අවතාර එහි හොල්මන් කරන කතාවයි. එදින ඉදිකිරීම් කටයුතු කරමින් සිටින අවස්ථාවේ පලන්චියක් කැඩී 169 දෙනාම තෙත බරිත ඉක්මනින් වියෙලෙන සුළු සිමෙන්ති පොලොව මත වැටී මියගොස් ඇත. යම් කාරණාවක් නිසා ගලවා ගැනීමේ කණ්ඩායමට පැය 9ක කාලයක් එහි ඇතුල්වීමට අවසර නොදෙන ලදී . මරණ වාර්තාවේ මැරුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව පවා පැහැදිලිව සඳහන් කර නොමැත. අදටත් මැරුණු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු ව්‍යුහ එම සිමෙන්ති පොලොව තුල භූමදාන වී ඇති බවට විශ්වාස කරයි.
8. Dragsholm Slot, Denmark
ඔන්න නැවතත් අපි දැනගන්න යන්නේ තවත් හොල්මන් මාලිගාවක් ගැනයි . Dragsholm Slot, හෝ Dragsholm මාලිගාව 1215 වසරේදී මුල් ඉදිකිරීම් කරන ලදී. 16 හා 17 වන සියවසේදී එක් කොටසක් උතුම් හෝ පැවැදි නිලලත් සිරකරුවන් සඳහා භාවිතා කරන ලදී. 1694 වසරේදී නැවතත් එය බැරොක් ශෛලියට ඉදි කරන ලදී. අවම වශයෙන් මෙහි අවතාර 3ක් සැරිසරන බවට කියවේ. ඔවුන් නම් වශයෙන් අළු කාන්තාව, සුදු කාන්තාව හා බොත්වෙල්හි 4වන අර්ල්, ජේම්ස් හෙප්බර්න් අය වේ.
9. Raynham Hall, United Kingdom
එක්සත් රාජධානිය මෙවැනි බොහෝ හොල්මන් අවතාරවලට ප්‍රසිද්ද රටකි. ලන්ඩන් ටවර් එයට හොඳම උදාහරණයයි. ඒත් මන් දැන් කියන්න යන්නේ එවැනි ප්‍රසිද්ධ ස්ථානයක් ගැන නොවේ. Norfolkහි පිහිටි Raynham ශාලාව අරක්ගත් 'දුඹුරු ආර්යාව' නම් අවතාරෙටයි. ඇයට මේ නම වැටුනේ විසිතුරු ගෙත්තම් යෙදු දුඹුරු පැහැති සේද ගවුමකින් සැරසී නිතරම මාලිගය තුල සැරිසරන බවට සාධක සහිතව ඔප්පු වී ඇති නිසයි.
බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැති Robert Walpoleගේ සහෝදරිය වන Dorothy Walpole නම් ආර්යාවගේ(1686-1726) මරණින් පසු ඇගේ අවතාරය මෙසේ එහි හොල්මන් කරන බවට කියැවේ. එක් කතාන්තරයකට අනුව ඇය එකල සිටි දේශීය ප්රභූවරයෙක් වන Wharton සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කර තිබුණි. එය ඇගේ සැමියා, චාල්ස් Townshendට හසු වී නිවසේ පිහිටි Raynham ශාලාවේ ඇයව සිර කරන ලදී. තවත් කතාවක් නම් Wharton ප්රභූවරයාගේ බිරිඳට හසු වී සූක්ෂම ලෙස කාටත් අසු නොවෙන අකාරයෙන් එම ශාලාවේ අයව සිර කල බව කියවේ. කෙසේ නමුත් dorathy කවර ක්‍රමයකින් හෝ සිර වී මියගොස් තිබේ.එසේ මියගිය ඇය පසුව කිහිප වතාවක් එම ශාලාවේ සැරිසරා ඇති බව සොයාගෙන තිබේ.
1825දී එහි පැවැත්වූ නත්තල් උත්සවයට පැමිණි අමුත්තන් උත්සවය අවසන් කර තම තමන්ගේ කාමරවලට බලා යන අතරතුරේදී මෙම අවතාරය මුල්වතාවට ඔවුන්ට මුණගැසී තිබේ. වඩාත් මෑත කාලයක් වන 1936, සැප්තැම්බර් 19වන දිනද Country Life magazineහි ඡායාරූප ශිල්පියෙකුගේ කැමරා කාචයටද මෙම දුඹුරු ආර්යාව නම් අවතාරය හසුවී තිබේ. බොඳ වුනු ආකාරයෙන් හෝ ද්විත්ව නිරාකරණ (double-exposure) ආකාරයෙන් හෝ අසු වුනු මෙම ඡායාරුපය මුලින් Country Life magazine ද පසුව නැවතත් Life magazine හිද පළ විය. කවර ක්‍රමයකින් හෝ මේ දුඹුරුවන් ආර්යාව ජනප්‍රිය විය.
අම්මියෝ... මේක හෙන දිග කතාවක්නේ.. ඇඟිලිත් රිදෙනවා type කරලම
10. Château de Châteaubriant, France
මේ මාලිගවෙත් මුලින් මන් කිව්වා වගේම සිද්ධියක් වෙලා තියෙනවා. 11 වැනි සියවසේදී ඉදිකළ අතර 16 වැනි සියවසේදී මෙහි රජ කල පළමුවන Francis රජු තම හොඳම මිතුරා (අඹ යාළුවා) වන Jean de Laval හා ඔහුගේ බිරිඳ වන Françoise de Foix වද අධිකරණයේ සහායට ආරාධනා කළේය. පසුව රජු හා Françoise de Foix ආර්යාව අතර අනියම් සම්බන්දයක් ඇතිවිය. පසුව 1537 ඔක්තෝම්බර් 16 වන දින මෙම ආර්යාව අභිරහස් ලෙස මියගියාය. මෙම සම්බන්ධය දැනගත් Jean de Laval ඇයව මාලිගාවේ එක් කාමරයක අගුලු දමා මියැදෙන්නට දමා ඇති බව රාවයක් විය. එදා පටන් සෑම ඔක්තෝම්බර් 16 දින මියගිය ආර්යාවගේ අවතාරය මාලිගාවේ සැරිසරන බවට කියවේ.
King Francis I
Lady Françoise de Foix
Jean de Laval
අදටත් ඒ දිනයේ හරියටම රැ 12 මුල් කණිසම නාද වෙන්න පටන් ගත්විටම පළමුවන Francis රජු, Jean de Laval හා ඔහුගේ බිරිඳ Françoise de Foix ඇතුළු එම මාලිගාවේම මියගිය නයිට්වරු හා යතිවරුද එහි තිබෙන ප්‍රධාන පඩිපෙළ දිගේ ඉහලට ගමන් කරන බවත් අවසන් කණිසම නාදවී අවසන්වත්ම මොවුන් සියලු දෙනාම අතුරුදහන් වන බවත් කියවේ.
(මෙහෙ නම් හොල්මන් විමානයක්ම ඉන්නවා වගේ)
කැමති අයට ලඟ එන නිවාඩුවට මේ තැන්වලට ගිහින් එහෙ ඉන්න භූතයොත් එක්ක අවුරුදු සමරන්න උනත් පුළුවන්
. පස්සේ මොනාහරි දෙයක් වුනොත් මන් ඕවට වග කියන්නේ නෑ හරි?
එහෙමයි කියලා මට බැනලා comments නම් දාන්න එපා. පොඩි විහිළුවක් කලේ හලී. දැන් ඉතින් මේක කියවලා බය වෙච්ච කට්ටිය ඉතිපිසෝ ගාථාවත් කියල ම නිදාගන්නකො.
නිදාගන්න යන්න කලින් මේ කථා ටික හොඳද නැද්ද කියලත් කියලම යන්න. එතකොටනේ තවත් අලුත් thread එකක් දාන එක ගැන මට හිතන්න පුළුවන්.
එලකිරියට ඇවිත් කාලයක් මේකේ අනිත් threads වල පෝස්ට් දදා පිස්සු නැටුවට මටත් හිතුනා මොකක් හරි දෙයක් ගැන thread එකක් දැම්මොත් හොඳයි කියලා. ඒත් ඉතින් දිගට ලොකුවට ටයිප් කරන්න පොඩි කම්මැලි කමක්
තිබුන නිසා වැඩේ කල් දදා හිටියා. ඉතින් ඊයේ පෙරේදා දවසක නෙට් එකේ සැරි සර සරා ඉද්දි අහම්බෙන් වගේ පට්ට article එකක් හම්බුනා. එක කියෙව්ව ගමන්ම හිතුනා ඔයාලත් එක්ක මේ විස්තර බෙදාගන්න ඕනේ කියලා. දැන් ඔයාලා බලනවා ඇති මන් මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා..
ඔයාලා අහලා තියෙනවද ඇත්තටම ලෝකේ හොල්මන් ගැවසෙන තැන්? අහලා තියෙන අය දන්නවද හොල්මන් ගැවසෙන ප්‍රසිද්ද තැන් සහ ඒ වටා ගෙතුණු කතා? අහලා නැත්නම් ඔන්න දැනගන්න ඒ වගේ ප්‍රසිද්ද තැන් 10ක් අපි කව්රුත් නොදන්න 1.The Beechworth Lunatic Asylum, Australia
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ The Beechworth Lunatic Asylum යන නමින් හදුන්වන මෙම අත්හැර දැමූ ස්ථානය මුලින්ම තිබුනේ Mayday Hills මානසික රෝගීන්ගේ කඳවුර යන නමින්. මෙම කඳවුර පිහිටා තිබුනේ රෝගීන් 1200ක් තරම් ප්‍රමාණයක් රඳවාගන්න පුළුවන් තරම් විශාල ගොඩනැගිල්ලක. 1867 සිට 1995 දක්වා වසර 130ක කාලයක් තුල මෙහි සිටි රෝගීන් 9000ක් පමණ ප්‍රමාණයක් මියගොස් තිබේ. එහි මියගිය රෝගීන් බහුතරයකගේ හොල්මන් තාමත් රාත්‍රියට එහි සැරි සරණ බවට කතාවක් තිබේ. මේ නිසාම ඕනේ ම රාත්‍රියකදී මෙහි ලැගුම් ගෙන එහි ඇති භයානක අත්දැකීම් විදගන්නට නරඹන්නන්ට අවස්ථාවක් ලබා ගත හැකිය. ඔයාලත් කැමති නම් එහෙට ගිහින් බලන්න.
2. The Princess Theatre
මෙහි අරක්ගත් භූතයා Frederick Baker හෝ Frederici නමින් වසර 1800 බර ගණන්වල හිටපු සුප්‍රසිද්ධ ඉතාලි ජාතික අතිමන්ද්‍ර ස්වරිකයකි/ගායකයෙකි (baritone singer). 1888දී 'Faust' නම් වේදිකා නාටකයක Mephistopheles නම් චරිතය (පුරාන කතාවල Faust නම් තැනැත්තෙකුගේ ආත්මය අඳුරු බලයට පවරාදීමට පෙළෙඹවූ යක්ෂයෙක්)
රඟ දක්වා අවසන් මොහොතේදී වේදිකාවේ තිබු බිම්විවරයකින් එකපාරටම පහලට වැටි ඒ කම්පනයෙන් ඇතිවුණු හෘදයාබාදයකින් මිය ගියා. එදායින් පස්සේ වසර ගණනාවක් එහි පැවැත්වෙන රාත්‍රී ප්‍රසංගවලදී නොවරදවා Frederici ගේ ආත්මයත් සහබාගි වෙන නිසා ඔහුටම කියා ඉදිරි පේලියේ අසුනක් වෙන්කර තිබීම එහි චාරිත්‍රයක් වුනා. ආහ්හ් ... අමතක වුනානේ.. මේ රඟහලත් ඕස්ට්‍රේලියාවේ තියෙන එකක්.3. The Bhanghar Fort
ඉන්දියාවේ පුරාවෘතයට අනුව 1573 දී රාජස්තාන් අල්වාර් නගරයෙහි ගොඩ නැගු මෙම Bhanghar නම් බලකොටුවේ සිටි කුමාරිකාවට හිත ගිය එකල මායා ගුරුකම්වලට දක්ෂ මායාකරුවෙක් ඔහුගේ මායා බලයෙන් ඇයව අයිති කරගැනීමට ඇයට මායා පානයක් දුන්නත් ඔහුගේ යටි අරමුණ තේරුම් ගත් කුමරිය එම බඳුන ඔහු දෙසට විසි කලා. බඳුන මායාකරුගේ හිසට පිටුපස තිබු කළු ගලට වැදී එහි තුල තිබු බෙහෙත හැලුනා. එයින් කෝප වූ මායාකරු මුළු නගරයටම ශාප කළා. එසැනින්ම ඔහුව මරණයට පත් කල. එත් කාලයත් එක්ක මේ නගරයට අඳුරු කාලයක් උදා වීමට පටන් ගත්තා. ගුප්ත ලෙස එහි ජීවත් වුනු වැසියෝ ඇතුළු කුමරියවද මරුවා . නගරයේ කොල්ලකරුවන් හා ආක්‍රමණිකයන් නිසා විශාල ලෙස විනාශයට පත් උනු මේ නගරයේ ඉතිරි වුනු අය මේ නගරය අත හැර දමා ගියා.
දවල් කාලයේ මෙම නගරයේ සුන්බුන් වුනු දේවස්ථාන, මාලිගා හා නිවාස කිහිපයක් නරඹන්න පුළුවන් උනත් එහි පාලනය බාරව ඉන්න පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් රාත්‍රී කාලයට එහි ඇතුළු වන්නට තහනම් කර තියෙනවා. අදටත් ගුප්ත ලෙස මරණ ලද කුමරිය ඇතුළු කිහිප දෙනෙක්ගේ ආත්මයන් එම නගරය පුරාවටම පවතින නිසාලු. (මේක නම් ෆිල්ම් එකක් වගේ නෙහ් )
4. Aokigahara
Aokigahara කියන්නේ ජපානයේ fugi පර්වතය පහල තිබෙන වනයකට. මෙය ජපානයේ සියදිවි නසාගැනීමේ ස්ථානයක් ලෙසටද ප්‍රසිද්ධයි . එහි ඝනව හැදුනු ගස් සහ වැල් නිසාම බොහෝ දෙනා සියදිවි හානිකරගන්න මේ වනයට ගමන් කරනවා. කෙනෙක් මේ වනයට දවසක් ගත කරන්නට ගියොත් එම තැනැත්තා අපහු එන්නේ මළමිනියක් වෙලා. මේ නිසාම වාර්ෂිකව මෙහි ඇති මල සිරුරු ඉවත් කිරීමට ප්‍රාදේශීය පොලිසිය විසින් ක්‍රියා කරයි. එත් වසරින් වසර මෙහි වැඩිවෙන මරණ සංඛ්‍යා හේතුකොටගෙන ඔවුන් වනය තුල තැනින් තැන " ඔබ සියදිවි හානි කරගැනීමට තීරණය කිරීමට පෙර කරුණාකර පොලීසිය සම්බන්ධ කර උපදෙස් ලබාගන්න" හා " ඔබගේ ජීවිතය ඔබේ දෙමාපියන්ට වටිනා වස්තුවකි" වැනි දැන්වීම් පුවරු සවි කර ඇත. 2004 දී එහි මරණ සංඛ්‍යාව 108ක් කියලයි වාර්තාවල තියෙන්නේ. මේ විදිහට වසරින් වසර වැඩිවෙන මරණ සංඛ්‍යාව වාර්තාගත කර තැබීම මිනිසුන්ව සියදිවි හානිකරගැනීමට උනන්දු කරවන දෙයක් ලෙස සලකා වර්තමානයේ මෙසේ වාර්තාගත කිරීම් නවත්වා තියෙනවා.
බොහෝ දෙනා මැරුණු අයගේ ආත්මයන් ඒ වනය පුරාවටම පීඩා විදිමින් සිටින බව විශ්වාස කරන අතර තවත් සමහරුන් පුරාණයේ එකල මෙහි ජීවත් වුනු බොහෝදෙනා ආහාර නොමැතිව සාගින්නෙන් මැරෙන්නටද මේ වනය තුලට දමා ගොස් ඇති බවට විශ්වාස කරනවා. කොහොම නමුත් මේ වනය බිහිසුණු තැනක් ලෙසයි මට හැඟෙන්නේ. ඔබ කව්රුන් හෝ මේ වනය තුල සංචාරය කර ඇත්නම් ඇත්තෙන්ම නිර්භීතම මිනිසා ඔබ විය හැක. ( මේක කියන්නේ මන් නෙවෙයි මේ කැලේට පොලිසියත් එක්ක ගිය කෙනෙක් හරිද
)ඔයාලට මේ ගැන සම්පූර්ණ විස්තරයක් අපේ HondaMPLG සහෝදරයාගේ ජපානයේ ශාපලත් වනාන්තරය thread එකෙන් බලාගන්න පුළුවනි
5. Iulia Hasdeu Castle
Iulia Hasdeu කියන්නේ Bogdan Petriceicu Hasdeu (ඔය නම් ටික හරියට කියන්නේ කොහොමද කියලා මට දන්නේ නෑ)නම් රුමේනියාවේ සිටි ධනවතෙකුගේ සුරූපී දියණියයි ( ඔව් ඔව් පට්ට කෑල්ලක් තමා
). කුඩා කල සිටම pianoව වාදනය කිරීමට ප්‍රිය කරන ඇය වයස 19දීම මරණයට පත් විය . Bogdan ඔහුගේ එකම දරුවාගේ නමින් ඔහු විසින් මාලිගාවක් campina නගරයේ ඉදි කරන ලදී. මේ මාලිගාවත් එක්ක ඔහුගේ ඉතිරි ජීවිතය ද ඔහුගේ ආදරණීය දියණිය වන Iuliaටම කැප කලා. ඇගේ මරණින් පසු Bogdan අධ්‍යාත්මික වෘත්තිකයෙක් ලෙස පත් වී ඒ බලයෙන් Iuliaගේ ආත්මයත් සමග සම්බන්ද වීමට උත්සාහ වූ අතර දිනපතාම මේ කටයුතු සඳහාම මාලිගාවේ එක් කාමරයක්ද වෙන් කර තිබ්බා. මේ කියන කාමරය සුවිශේෂ ලෙස නිර්මාණය කර තියෙනවා. එහි බිත්ති සියල්ලම කළු පාට වේ. Iulia තවමත් සුදු පැහැති ඇඳුමකින් සැරසී daisy මල් පොකුරක්ද අතැතිව මාලිගාවේ මළුව හරහා ගමන් කරන අවතාරයකි. ආහ්හ්... තවත් දෙයක්, Iulia තවමත් සෑම රත්රියකදීම ඇගේ ප්‍රියතම විනෝදාංශය වන pianoව වාදනය කරයි.
මෙහෙට නම් කට්ටිය මැරුණත් කමක් නෑ කියලා බලන්න යයි නේහ් ???

6. Hell Fire Club on Montpelier Hill, Ireland
1725දී Montpelier කඳු ගැටය මත ඉදි වුනු මෙම ලැඟුම් හල එකල සිටි dublin නම් කුඩා කණ්ඩායමක් විසින් ඔවුන්ගේ සල්ලාලත්වයට හා යක්ෂ නමස්කාරවලට වෙන් කරගත් ස්ථානයකි.
මෙම ස්ථානයේ එකල ජීවත් වුනු පහත් කුලයේ කළු ජාතින් හා කණ්ඩායමෙන් නෙරපා හරින ලද මිනිසුන් ඝාතනය, සත්ව බිලි පූජා වැනි කටයුතු කල නිසා මෙකල සංචාරකයන් හට නැරඹිය හැකි තවත් එක ජනප්‍රිය ගමනාන්තයකි.
7. Manila Film Center, Philippines
මේ නම් ඔබ සිතන විදිහේ භූත බංගලාවක්, මේක බය හිතෙන කැලෑවක් හෝ පැරණි විනාශ වුනු ස්ථානයක් නම් නොවේ. නමුත් එහි කතාව දුක්මුසු ඛේදජනක සිද්ධියක්. 1981 නොවැම්බර් 17 වෙනිදා පාන්දර 3ට පමණ චිත්‍රපටි මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයතු කරමින් සිටි කම්කරුවන් 169 දෙනෙකු ඛේදජනක අනතුරකින් මියගොස් ඔවුන්ගේ අවතාර එහි හොල්මන් කරන කතාවයි. එදින ඉදිකිරීම් කටයුතු කරමින් සිටින අවස්ථාවේ පලන්චියක් කැඩී 169 දෙනාම තෙත බරිත ඉක්මනින් වියෙලෙන සුළු සිමෙන්ති පොලොව මත වැටී මියගොස් ඇත. යම් කාරණාවක් නිසා ගලවා ගැනීමේ කණ්ඩායමට පැය 9ක කාලයක් එහි ඇතුල්වීමට අවසර නොදෙන ලදී . මරණ වාර්තාවේ මැරුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව පවා පැහැදිලිව සඳහන් කර නොමැත. අදටත් මැරුණු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු ව්‍යුහ එම සිමෙන්ති පොලොව තුල භූමදාන වී ඇති බවට විශ්වාස කරයි.
8. Dragsholm Slot, Denmark
ඔන්න නැවතත් අපි දැනගන්න යන්නේ තවත් හොල්මන් මාලිගාවක් ගැනයි . Dragsholm Slot, හෝ Dragsholm මාලිගාව 1215 වසරේදී මුල් ඉදිකිරීම් කරන ලදී. 16 හා 17 වන සියවසේදී එක් කොටසක් උතුම් හෝ පැවැදි නිලලත් සිරකරුවන් සඳහා භාවිතා කරන ලදී. 1694 වසරේදී නැවතත් එය බැරොක් ශෛලියට ඉදි කරන ලදී. අවම වශයෙන් මෙහි අවතාර 3ක් සැරිසරන බවට කියවේ. ඔවුන් නම් වශයෙන් අළු කාන්තාව, සුදු කාන්තාව හා බොත්වෙල්හි 4වන අර්ල්, ජේම්ස් හෙප්බර්න් අය වේ.
9. Raynham Hall, United Kingdom
එක්සත් රාජධානිය මෙවැනි බොහෝ හොල්මන් අවතාරවලට ප්‍රසිද්ද රටකි. ලන්ඩන් ටවර් එයට හොඳම උදාහරණයයි. ඒත් මන් දැන් කියන්න යන්නේ එවැනි ප්‍රසිද්ධ ස්ථානයක් ගැන නොවේ. Norfolkහි පිහිටි Raynham ශාලාව අරක්ගත් 'දුඹුරු ආර්යාව' නම් අවතාරෙටයි. ඇයට මේ නම වැටුනේ විසිතුරු ගෙත්තම් යෙදු දුඹුරු පැහැති සේද ගවුමකින් සැරසී නිතරම මාලිගය තුල සැරිසරන බවට සාධක සහිතව ඔප්පු වී ඇති නිසයි.
බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැති Robert Walpoleගේ සහෝදරිය වන Dorothy Walpole නම් ආර්යාවගේ(1686-1726) මරණින් පසු ඇගේ අවතාරය මෙසේ එහි හොල්මන් කරන බවට කියැවේ. එක් කතාන්තරයකට අනුව ඇය එකල සිටි දේශීය ප්රභූවරයෙක් වන Wharton සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කර තිබුණි. එය ඇගේ සැමියා, චාල්ස් Townshendට හසු වී නිවසේ පිහිටි Raynham ශාලාවේ ඇයව සිර කරන ලදී. තවත් කතාවක් නම් Wharton ප්රභූවරයාගේ බිරිඳට හසු වී සූක්ෂම ලෙස කාටත් අසු නොවෙන අකාරයෙන් එම ශාලාවේ අයව සිර කල බව කියවේ. කෙසේ නමුත් dorathy කවර ක්‍රමයකින් හෝ සිර වී මියගොස් තිබේ.එසේ මියගිය ඇය පසුව කිහිප වතාවක් එම ශාලාවේ සැරිසරා ඇති බව සොයාගෙන තිබේ.
1825දී එහි පැවැත්වූ නත්තල් උත්සවයට පැමිණි අමුත්තන් උත්සවය අවසන් කර තම තමන්ගේ කාමරවලට බලා යන අතරතුරේදී මෙම අවතාරය මුල්වතාවට ඔවුන්ට මුණගැසී තිබේ. වඩාත් මෑත කාලයක් වන 1936, සැප්තැම්බර් 19වන දිනද Country Life magazineහි ඡායාරූප ශිල්පියෙකුගේ කැමරා කාචයටද මෙම දුඹුරු ආර්යාව නම් අවතාරය හසුවී තිබේ. බොඳ වුනු ආකාරයෙන් හෝ ද්විත්ව නිරාකරණ (double-exposure) ආකාරයෙන් හෝ අසු වුනු මෙම ඡායාරුපය මුලින් Country Life magazine ද පසුව නැවතත් Life magazine හිද පළ විය. කවර ක්‍රමයකින් හෝ මේ දුඹුරුවන් ආර්යාව ජනප්‍රිය විය.
අම්මියෝ... මේක හෙන දිග කතාවක්නේ.. ඇඟිලිත් රිදෙනවා type කරලම
10. Château de Châteaubriant, France
මේ මාලිගවෙත් මුලින් මන් කිව්වා වගේම සිද්ධියක් වෙලා තියෙනවා. 11 වැනි සියවසේදී ඉදිකළ අතර 16 වැනි සියවසේදී මෙහි රජ කල පළමුවන Francis රජු තම හොඳම මිතුරා (අඹ යාළුවා) වන Jean de Laval හා ඔහුගේ බිරිඳ වන Françoise de Foix වද අධිකරණයේ සහායට ආරාධනා කළේය. පසුව රජු හා Françoise de Foix ආර්යාව අතර අනියම් සම්බන්දයක් ඇතිවිය. පසුව 1537 ඔක්තෝම්බර් 16 වන දින මෙම ආර්යාව අභිරහස් ලෙස මියගියාය. මෙම සම්බන්ධය දැනගත් Jean de Laval ඇයව මාලිගාවේ එක් කාමරයක අගුලු දමා මියැදෙන්නට දමා ඇති බව රාවයක් විය. එදා පටන් සෑම ඔක්තෝම්බර් 16 දින මියගිය ආර්යාවගේ අවතාරය මාලිගාවේ සැරිසරන බවට කියවේ.
King Francis I
Lady Françoise de Foix
Jean de Laval
අදටත් ඒ දිනයේ හරියටම රැ 12 මුල් කණිසම නාද වෙන්න පටන් ගත්විටම පළමුවන Francis රජු, Jean de Laval හා ඔහුගේ බිරිඳ Françoise de Foix ඇතුළු එම මාලිගාවේම මියගිය නයිට්වරු හා යතිවරුද එහි තිබෙන ප්‍රධාන පඩිපෙළ දිගේ ඉහලට ගමන් කරන බවත් අවසන් කණිසම නාදවී අවසන්වත්ම මොවුන් සියලු දෙනාම අතුරුදහන් වන බවත් කියවේ.
(මෙහෙ නම් හොල්මන් විමානයක්ම ඉන්නවා වගේ)කැමති අයට ලඟ එන නිවාඩුවට මේ තැන්වලට ගිහින් එහෙ ඉන්න භූතයොත් එක්ක අවුරුදු සමරන්න උනත් පුළුවන්
. පස්සේ මොනාහරි දෙයක් වුනොත් මන් ඕවට වග කියන්නේ නෑ හරි?
එහෙමයි කියලා මට බැනලා comments නම් දාන්න එපා. පොඩි විහිළුවක් කලේ හලී. දැන් ඉතින් මේක කියවලා බය වෙච්ච කට්ටිය ඉතිපිසෝ ගාථාවත් කියල ම නිදාගන්නකො.
නිදාගන්න යන්න කලින් මේ කථා ටික හොඳද නැද්ද කියලත් කියලම යන්න. එතකොටනේ තවත් අලුත් thread එකක් දාන එක ගැන මට හිතන්න පුළුවන්.
Last edited:
ත්‍රෙඩ් එක දැම්ම වගෙ බැංකුවට සල්ලි ටිකකුත් දාන්න ගිහින් බලල එන්න...