ස්වභාවධර්මයගේ තවත් එක් නිර්මානයක්, යුරෝපයේ තිබෙනා එක් සක්‍රීය ගිණි කදු රාජයෙක්. යෝධයාගේ නම එට්නා ගිනිකන්ද, මෙයා තමා යුරෝපේ ඉන්නා උසම සක්‍රීය ගිනිකදු යෝධයා... මේක පිහිටලා තියෙන්නේ දකුණු ඉතාලියේ සිසිලි දිවයිනේ මධ්යදරනි මුහුදේ තිබෙනා ගිණි කදු දෙකෙන් එකක්.. අනෙකා ස්ට්‍රොම්බෝලි නමින් හදුන්වන කුඩා ප්‍රමානයේ ගිනි කන්දක්, ඒකත් අයිතිවෙන්නේ සිසිලි දිවයිනටම අයත් තවත් පුංචි දිවයිනක. ඉතාලියට ගිණි කදු 3ක් තියනවා අනෙකා නම් නාපෝලි නම් නගරයේ පිහිටා තිබෙනා විසූවියස් ගිණිකන්ද. ක්‍රි.ව. 79 දී විශාල හානියක් සිදුකරමින් ගම් පිටින් යට කරගෙන පුපුරා ගිය ගිනි කන්දක්, දැන් නම් නිදාගෙන හිටියට. එට්නා ගිනි කන්දේ උස මීටර් 3330 විතර කියලා කියන්නේ, මේ කන්ද සීත කාලෙට පුදුම ලස්සනක්,,,හිම වලින් පුරෝගෙන සුදෝ සුදට ඉන්නේ. ඒත් රශ්නේ කාලේ එද්දී මෙයා ඇහැරෙනවා.
එට්නා ගිනිකන්ද පාමුල වට පොඩි පොඩි නගර විශාල ප්‍රමානයක් තියනවා. ඒ නගර වල මිනිස්සුන්ගේ ප්‍රාදාන ආදායම් මාර්ගය තමා මේ ගිනිකන්ද, ප්‍රදානවම සංචාරක වියාපාරය සහ ගොවිතැන, සංචාර්කයින් විශාල ප්‍රමානයක් නිරන්තරයෙන් මෙහි ගැවසෙනවා, අනික ලෝකයේ රසම දොඩම් වර්ගයක් වන රතු දොඩම් වැවෙන්නේ මේ බිමේ ,දොඩම් ගෙඩියේ මැද රතුම රතු පාටයි, ඇත්තටම පුදුම රසයක් තියෙන්නේ, මේ දොඩම් මිලෙන් වැඩී අනික් ඒවට වඩා , මෙහි තිබෙන අනික් වගාවන්ද තරමක් මිල අදිකයි. ඒකට හේතුව මේ බිමේ වැවෙන සියලුම දේවල් වල ගුනදායක බව වැඩී කියලා. ඊට හේතුව මේ ගිනිකන්දමලු.
කෙසේ උනත් මේ ගිනිකන්ද සක්‍රීය නිසාම සිසිලි බිමේ නිරන්තරයෙන්ම පොඩි පොඩි භූ චලන ඇති වෙනවා ඒ වගේම පොලව අභ්යන්තරයෙන් එට්නා ගිනි කන්ද සහ ස්ට්‍රොම්බෝලි ගිනි කන්දේ සම්බන්දයක් තියනවා ලු මේ දෙකම සක්‍රීය ගිනිකදු නිසා, ස්වභාව ධර්මයේ යම් විශාල බලපැමක් උනොත් මේ සබදතාවයෙන් සිසිලි දූපතට බලපැමක් වෙන්න බැරි කමකුත් නෑ කියලා තමා කියන්නේ.
The last activity of Mt. Etna was in August 2014.
