Mchan oonama software ekaka code eka balagann widiyak thyenawada ban?? Decrypt karanawa wage wadakne kr thyenne.. eekata hondama software ek mokakd?? nattan kohomada karannr eek??
මේකට කියන්නේ reverse engineering කියලයි, එහෙම කරන්න පුලුවන් නමුත් ඒක language එකෙන්, language එකට වෙනස්, high level language එකක් නම් (java,.net ) වගේ එහෙනම් වැඩේ තවත් ලේසියි.
මොකද ඒවා binary වලට compile කරලා නෑ. නමුත් c++,c වගේ නම් එතකොට වැඩේ ටිකක් අමාරුයි, ඒකට assembly දැනගන්න ඕනේ. google කරලා බලන්න disassembler කියලා. high level language වලට නම් decompiler කියලා google කරන්න එතකොට එහෙම කරන්න පුලුවන් tools/software හම්බ වෙයි, මේකට හැබැයි windows APi එකත් දැනගෙන ඉන්න ඕනේ.
windows api,assembly, c දන්නේ නැතුව අතගහන්න යන්න එපා.
api, c dannw bn.. assembly nm danne na bn.. blmu google try krl
මේ පොතේ බර ගොඩක් තියෙනවා, CPU instructions, win32 API with assembly, virtual machine, file systems අරවා මේවා බර ගොඩක්, basic ටික ඉගෙන ගත්තම ඇති. reverse engineering වලට ඕන basic assembly knowledge එක විතරයි. මම නම් use කරන්නේ IDA Pro (64-bit) එක
ඒවාට වෙනම ක්‍රමයක් තියෙනවා emulation කියලා නමුත් ඒක ටිකක් අමාරු එකක්.IDA Pro තමයි තියෙන පට්ටම සොෆ්ට්වෙයා එක Assembly code Analyze කරන්න.
Crack, Keygen හදන්නේ ඔය විදිහට.
Assembly ගොඩක් අමාරු නැහැ ගයිඩ් තියෙනවා ඕනේ තරං Youtube එකේ.
OllyDbg හොඳයි පැච් හදන්න වගේ වැඩ වලට. සම්පුර්ණ කෝඩ් එකම ඔලුවට ගන්ඩ අමාරුයි නමුත් IDA එකෙන් බලල OLLY එකේ රියල් ටයිම් රන් වෙන ගමන් බ්රේක් පොයින්ට්ස් තිය තිය ඩිබග් කරන්න පුළුවන් එකෙන්.
ඇසෙම්බ්ලි වල ඔය OOP වගේ ස්ටයිල් නං නැහැ සිම්පල් කෝඩ් තියෙන්නේ. මැෂින් කෝඩ් එකෙන් disassemble කරන ඔන්ලයින් දිසසේම්බ්ලර් එහෙම තියෙනවා
මේ තියෙන්නේ එකක්.
https://www.onlinedisassembler.com/odaweb/
එත් මේවයේ වැඩ අඩුයි. අපිට ඕනේ ඕනේ තැන කියවල එකේ සිද්ද වෙන දේවල් ටැග් කර කර යන්ඩ නං අයිඩ තමා හොඳම.
ප්‍රොසෙසර් එක වැඩ කරන විදිහ පොඩ්ඩක් තේරුමක් තින්ද ඕනේ x86 රේගිස්ටර් ටිකයි x64 ටිකයි.
ඉස්සර x86 කාලේ නං ගොඩක් ඕක හිට්. 64 ඒවා ටිකක් කට්ට. එත් රේගිස්ටර් ටික තමයි වෙනස්.
ඔය රේගිස්ටර් වලින් කෙරෙන calculation යන හැටි සහ stack එක වැඩ කරන හැටි දැනගත්තහම ගොඩක් දුරට සිද්ද වෙන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන් උඹට.
PS: උඹ ක්‍රැක් එහෙම හදන්න යනවනං Assembly මුල සිට අගට ඉගෙනගන්න යන්ඩ එපා තේරුමක් නැහැ බොහොම පොඩ්ඩයි අවශ්‍ය වැඩේට




