ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජය&#353

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජය&#353

    ලිංගිකත්වය බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ කතාකරන්න කැමැති මාතෘකාවක් නොවුණට නවතම පරීක්‍ෂණවලින් ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයීය සෞඛ්‍ය කෙරෙහි යහපත් ආකාරයට බලපෑම් ඇතිවන බවට පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා.

    වෛද්‍ය පර්යේෂණ දක්වන්නේ ලිංගිකව එක්වීම තුළ මිගේ‍ර්න් වේදනාව මෙන්ම පුරස්ථිති ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානමද පහව යන බවයි. ප්‍රතිශතයක් ලෙස බොහෝ දෙනකු තම සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව එක්වූයේ මාසයකට පස් වතාවක් පමණි. ඒ කෙසේ වුවද පසුගිය මාසයේ කැනේඩියානු පරීක්‍ෂණ වාර්තා අනුව ලිංගික සංසර්ගයේදී කැලරි දහනය වන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගණනය කිරීමට හැකිවී ඇත.

    අවුරුදු 18 - 35ත් අතර වයස්වල පසුවන යුවළ මේ පරීක්‍ෂණය සඳහා බඳුන් කර තිබිණි. ඔවුන් සියල්ලකගේම දෑතේ උඩබාහුවේ බඳින ලද මිනුම් පටියක ආධාරයෙන් ඔවුන් සංසර්ගයේ යෙදෙන කාලය අතරතුර දහනය වන කැලරි ප්‍රමාණය මැන බැලීම සිදුවිය. විනාඩි 25කට ආසන්න කාලයක් පුරාවට සටහන් වුණු දත්තවලට අනුව පුරුෂ පාර්ශ්වයේ කැලරි 100ක් දහනය වන විට 69%ක ප්‍රතිශතයක් කැලරි කාන්තාවන්ගේ දහනය වී තිබිණි. එය දෙපයින් ඇවිදින විට දහනය වන කැලරි ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගනී.


    නමුත් ව්‍යායාම කිරීමට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ලිංගිකව එක්වීමේදී දහනය වුවද එය ව්‍යායාම් කිරීමට වඩා සාර්ථක ක්‍රමයක් ලෙස කිසිසේත්ම හඳුන්වා දී නැත. ලිංගික ක්‍රියාකාරකම්වල නියැළීමේදී ක්‍රියාකරනුයේ හදවත සහ පෙණහලු පමණක්ම නොවේ. මීයන් යොදා ගෙන සිදුකළ පර්යේෂණයකදී ලිංගික එක්වීමෙන් පසුව උන්ගේ මොළයේ සෛල ක්‍රියාකාරීත්වය වෙනදාටත් වඩා හොඳින් සිදුවන බව සොයා ගෙන ඇත. ලිංගික එක්වීමෙන් පසුව උන්ගේ මොළයේ "හිපෝ ක්‍රැම්පස්" නමැති ප්‍රදේශය වැඩියෙන් උත්තේජනය වන බව පෙනී ගොස් ඇත.

    පර්යේෂකයන් පවසන පරිදි නිසියාකාරව ලිංගික ජීවිතයක් පවත්වාගෙන යන්නන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් වර්ධනය වන බවයි
    . මතකය නිරන්තරයෙන් අලුත් වෙයි. ලිංගිකව එක්වන අවස්ථාවේදී මොළයේ සෛල උත්තේජනයකට ලක්වේ. ලිංගික එක්වීම උච්ච අවස්ථාවට පත්වන කල්හි නිතර දෙවෙලේ අපි මොළයේ භාවිතයට නොගන්නා කොටස් පවා උත්තේජනයකට ලක්වේ. අවුරුදු 50ක් ගත වන විට මාසයකට වාර දහයක්වත් ලිංගිකව සංසර්ගවීම තුළ පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා සෑදීමේ අවදානම ඉතා අවම මට්ටමකට පත්වේ.

    මීයන් යොදා ගෙන සිදුකළ පරීක්‍ෂණවලදී ලිංගික හැඟීම් ඉස්මතුවීම තුළ මොළයේ සෛල වර්ධනය වන බව සොයාගෙන තිබේ. නමුත් ලිංගික ක්‍රියාකාරකම්වලින් දුරස් වූ විට මොළය සතු සියලු ශක්ති ප්‍රමාණය හීන වී යයි. ලිංගිකව එක්වීම කාන්තාවකගේ යටිබඩ ආශ්‍රිත මාංස පේශීන්වලට ඉතා හොඳ ව්‍යායාමයකි. එමඟින් ඔවුන්ගේ ගර්භාෂය එල්ල වැටීමේ අවදානම අඩුකරවයි. ලිංගිකව එක්වන සෑම විටකම කාන්තාවකගේ ගර්භාෂය ශරීරය තුළටම තල්ලු වී යයි. එමඟින් එය ශරීරයෙන් පිටතට ඒම වළකී. සංසර්ගයේ යෙදෙන කාලය තුළ ශේ‍රා්ණි තලය නිරායාසයෙන්ම උත්තේජනය වන නිසා සංකෝචනයට පත්වේ. එසේ සංකෝචනය වීම තුළ එය තවත් ශක්තිමත් වේ.
    සංසර්ගයේ යෙදීම කෙටි කාලයකට සීමා වුවත් ඉහත කී ප්‍රතිඵල ලබාගත හැකිය. සාමාන්‍යයෙන් ශේ‍රා්ණිය ශක්තිමත් වීම සඳහා වරකට අට වතාවක්වත් සංකෝචනය විය යුතුය. සාමාන්‍ය එක්වීමකදී වුවද මෙය වාර අටක් පමණ සිදුවන නිසා ඒ සඳහා අමුතුවෙන්ම දිගු වේලාවක් ලිංගිකව එක්විය යුතු නොවේ.

    අවුරුදු 50කට වැඩි පිරිමි පාර්ශ්වය මසකට දස වතාවක් පමණ ලිංගිකව එක්වීම නිසා ශරීරය තුළ නිපදවෙන ශුක්‍රාණු ඉවත් වේ. එවිට නැවැතත් අලුතින් ශුක්‍රාණු සෛල නිපදවේ. එසේ නොවී ශුක්‍රාණු ශරීර අභ්‍යන්තරයේම තැන්පත් වීම තුළ පුරස්ථි ග්‍රන්ථි පිළිකා සෑදීමේ අවදානම ඉහළ යයි. නමුත් වයස අවුරුදු 20 - 30ත් අතර කාලයේදී මාසයකට 20 වතාවකට වඩා ශුක්‍රාණු පිට කිරීම නිසා පසුකාලීනව පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම ඇති කරවයි. දිගුකාලීනව සංසර්ගයේ නොයෙදීමත් එක්තරා ආකාරයකින් රෝගවලට අතවැනීමක් විය හැකිය.

    බිය, විශාදය වැනි තත්ත්වය පවතින විට නිසියාකාර ලිංගික ජීවිතයක් පවත්වාගැනීම තුළින් මානසික යහපැවැත්ම ළඟා කරගත හැකිය. මානසික ආතතියෙන් මිදීමේ මඟක් ලෙසද ලිංගිකව එක්වීම දැක්විය හැකිය. කාන්තාවන් සුරාතාන්තයට පත්වන කාලය අතරතුර මොළයේ රුධිර ගමනාගමනය තීව්‍ර වේ. එය හිසරදය සමනය සඳහා හේතු සාධක සපයයි. මොළය පුරාම රුධිරය හොඳින් ගමන් කිරීම නිසා ඔළුවේ කැක්කුම් මෙන්ම වයසට යෑමද පාලනය වේ.

    සුරාතාන්තයට පත්වීම තුළ ශරීරය තුළ නිපදවෙන සෙනෙහස වර්ධනය කරන හෝමෝනය තවතවත් වැඩි කරයි. ලිංගිකව එක්වීමේදී දැනෙන සතුටට අමතරව සහකරු හෝ සහකාරිය සමඟ ඇතිවන බැඳීම තවත් ශක්තිමත් වේ. පුද්ගලයන් හතළිස් දෙනකු යොදා සිදුකළ පර්යේෂණවලදී මේ බව තහවුරු වී ඇත. ඔවුන්ට කෘත්‍රිමව ඔක්සිටින් හෝමෝනය ලබාදී සහකාරියගේ හා නොදන්නා තවත් කාන්තාවකගේ පින්තූර දකින්න සැලැස්වූ විට වැඩි ප්‍රතිඵල ලැබී ඇත්තේ තමන්ගේ සහකාරිය ඇස ගැටුණු විටය. කෙසේ කීවද ලිංගික හැඟීම් උද්දීපනය වූ විට බොහෝ දෙනකු පාහේ සොයා යන්නේ තම ආදරවන්තයා හෝ ආදරවන්තියයි.
    ලිංගික ක්‍රියාකාරකම්වල උපරිමයට ළඟා වූ විට පුරුෂ පාර්ශ්වයට තදින් නිදිමත දැනේ. ඒ සුරාතාන්තයට පත්වීමේදී නිපදවෙන හෝමෝන ඉන් පසුව ශරීරයට නින්ද අපේක්‍ෂා කරන නිසාය. එහිදී හද ගැහෙන රිද්මය පවා දහගුණයකින් පමණ වේගවත් වේ. ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවීම කැලරි දහනය වේගවත් කළත්, ශරීරයේ නිපදවෙන කැලරි දහනය සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය බව මතක තබාගත යුතුම කරුණකි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ ලිංගික අද්‍යාපනය ගැන ක්ලාස් කරන බුවෙක්ද බන් ?? නැත්තම් ලාවට ලාවට අසහනයද ?? ලොල්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබ ලිංගික අද්‍යාපනය ගැන ක්ලාස් කරන බුවෙක්ද බන් ?? නැත්තම් ලාවට ලාවට අසහනයද ?? ලොල්


    එළකිරි ලිංගික අද්යාපන ගුරුතුමා රේප් +++

    mehema ewa dane ,inna ewunge ashanaya nathi karanna
    ..දැන් අපේ උන්ට සෙක්ස් කියන්නේ මැජික් එකක් ,එත් බන් ,
    අපිට වඩා දැන් 8 ,9 කොල්ලෝ කෙල්ලෝ ඕවා ගැන දන්නවා
    එනිසා මේ ගැන දැනුවත් වීම සැහෙන වටිනවා ..
    මන් දන්නා තරමට ගොඩක් ලෝකේ නිර්මාණ බිහිවෙන්නේ ලිංගිකත්වය පදනම් කරගෙන
    උදා හරණ ඕනේ තරම් තිනවා
     

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    20 - 30ත් අතර කාලයේදී මාසයකට 20 වතාවකට වඩා ශුක්‍රාණු පිට කිරීම නිසා පසුකාලීනව පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම ඇති කරවයි.
    I dnt think
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    20 - 30ත් අතර කාලයේදී මාසයකට 20 වතාවකට වඩා ශුක්‍රාණු පිට කිරීම නිසා පසුකාලීනව පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම ඇති කරවයි.
    I dnt think
    ඔකේ කෙස් එකක් තියෙනවා බන් ,,මන් එචර දන්නේ නම් නැ පැහැදිලි කරන්න