srilankan youngsters build first ever hybrid bicycle

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    ලංකාවේ කොල්ලෝ දෙන්නෙක් හැදූ හයිබ්‍රිඩ් පාපැදිය


    bike.jpg

    පාදිකය සහ මෝටරය යන ජව ප‍්‍රභව දෙකෙන්ම වෙන් වශයෙන් හෝ එකවර ක‍්‍රියාත්මක කළ හැකි දෙමුහුම් පාපැදියක් නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු සිසුන් දෙදෙනෙක් සමත්වී සිටිති.

    මෙහි මෝටරය බැටරි බලයෙන් ක‍්‍රියාත්මක වන අතර එම බැටරිය ගෘහ විද්‍යුත් සැපයුම මගින් පහසුවෙන් නැවත ආරෝපණය කර ගත හැකි වන පරිදි සකස් කොට ඇත. මීට අමතරව මෙම පාපැදිය වේග අටකින් යුත් විශේෂ හබ් ගියර් පද්ධතියකින් ද සමන්විත වේ.

    මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන රිසිර කන්නන්ගර සහ වෙනුර දිසානායක යන සිසුන් මෙම දෙමුහුම් පාපැදිය නිපදවූ අතර ඉංජිනේරු පීඨයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිරෝෂ් ජයවීර සහ අසිත කුලසේකර යන කථිකාචාර්යවරුන්ගේ මඟ පෙන්වීම ඊට ලැබී ඇත.
    ‘ලෝකයේ බොහෝ රටවල නාගරික ප‍්‍රදේශවල ප‍්‍රවාහනය සඳහා විශාල වශයෙන් පාපැදිය භාවිත කරන අතර එය අධික මාර්ග තදබදය, ඉහළ යන ඉන්ධන පිරිවැය හා වායුගෝලයට අහිතකර විමෝචන යන මේ සියළුම ගැටලූවලට සරල විසඳුමක් ලෙස පාපැදිය හඳුනාගෙන තියෙනවා. ශීත රටවල් මෙන් නොව, ඝර්ම කලාපීය රටක් වන ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රජාව පාපැදි භාවිතයට මැලිකමක් දක්වන්නේ ඒ සඳහා යෙදිය යුතු අධික ආයාසය, දහදිය ගැලීම හා එමගින් සිරුරට දැනෙන අපහසුව නිසයි.‘

    මෙම පාපැදියෙහි විදුලි මෝටරය පැඩලය අසල පහළින් සවි කොට ඇති අතර විශේෂ දම්වැල් යාන්ත‍්‍රණයක් ආධාරයෙන් මෝටරය සහ පැඩලයෙන් ඇති කෙරෙන ඇඹරුම (ව්‍යාවර්තය) පසුපස රෝදය වෙත සම්පේ‍්‍රෂණය කෙරෙනවා. යතුරු පැදියකට සමාන ඇක්සලරේටරයක් මගින් මෝටරයේ වේගය පාලනය කළ හැකි පරිදි සකසා ඇති අතර මෙහි මෝටරය ක‍්‍රියාත්මක වන විට පාදිකය නිශ්චලව තබා ගැනීමද කළ හැකියි.

    මෝටරය ක‍්‍රියාත්මක වන අතරතුර පැඩලය ක‍්‍රියාත්මක කරවීමෙන් පදින්නාගේ කැමැත්ත මත පාපැදියේ වේගය ඉහළ නංවා ගැනීමේ හැකියාවද පැවතීම මෙහි තවත් එක් විශේෂත්වයක්. එසේම පදින්නාගේ ආරක්ෂාව තහවුරු කරමින් මෝටරය පමණක් උපයෝගී කරගෙන ගමන් කළ හැකි උපරිම වේගය පැ.කි. 24 ට සීමා කර ඇති අතර තිරිංග යෙදීමේදී මෝටරය ක‍්‍රියා විරහිත වන පරිදි පාපැදිය සකස් කර තිබෙනවා.

    මෙම පාපැදියට තවත් විශේෂාංගයක් ලෙස ස්වයංක‍්‍රීය ධාවන විධියක් හඳුන්වාදී තියෙනවා. ඇක්සලරේටරය මගින් මෝටරයේ වේගය පාලනය කරනවා වෙනුවට මෙහිදී සිදුවන්නේ සංවේදක කිහිපයක් මගින් මෝටරයේ වේගය පාලනය කිරීමයි. පැඩලයේ භ‍්‍රමණ සංඛ්‍යාතය, මාර්ගයේ බෑවුම සහ පදින්නාගේ හෘද ස්පන්දන වේගය මෙලෙස සංවේදක මඟින් ප‍්‍රතිග‍්‍රහණය කරනවා. ඒ වගේම එම එක් එක් ප‍්‍රධාන පරාමිතින්ගේ වෙනස්වීම්වලට අනුකූලව මෝටරයේ වේගය පාලනය වන්නේ පදින්නාගේ ආයාසයකින් තොරව ය. මෙම ධාවන විධිය මඟින් අපේක්ෂා කෙරෙනුයේ පදින්නා සහ මෝටරය මඟින් ලබාදෙන ශක්තිය ප‍්‍රශස්ත ලෙස උපයෝගී කොට එමඟින් වැඩි ධාවන පරාසයක් ලබා ගැනීමයි. මෙය හයිබි‍්‍රඩ් මෝටර් රථවල ‘එකෝ මොඩ්’යන විශේෂාංගයට යම්තාක් දුරකට සමාන වෙනවා.

    මෙම පාපැදිය සඳහා යොදා ඇති බැටරි ඇසුරුම නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරි වලින් සමන්විත වෙනවා. කිලෝග‍්‍රෑම් 28 ක බරකින් යුක්ත පාපැදිය කිලෝග‍්‍රෑම් 120 දක්වා බරක් අපහසුවකින් තොරව ප‍්‍රවාහනය කළ හැකිය. මෙහි දැනට යොදා ඇති බැටරි ඇසුරුම වරක් ආරෝපණය කළ පසු මෝටරයේ සහාය උපයෝගී කරගෙන කිලෝමීටර 10 ක දුර ප‍්‍රමාණයක් ධාවනය කළ හැකි වෙනවා.


    bike1.jpg


    bike2.jpg


    bike3.jpg


    bike4.jpg




    SOURCE:APERATA​
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    sirama wedak....... oya wata pitin ellena wire tika lassanata wire harness ekakata dala gatta nam suppa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    patta
    rep7+

    meka bike ekak widiyata modifi kala nam ela

    sirama wedak....... oya wata pitin ellena wire tika lassanata wire harness ekakata dala gatta nam suppa


    bike eka bara wadiy wage. paganna giyama epawenawa.:no:

    මේක hybrid එකක් බං පාගන්න දෙයක් නැ :)
    :yes:
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    මොකද බන් ලංකාවේ හදන මේවගේ නිර්මාණ පළවැනි එකට පමණක් සිමා වෙන්නේ ? දැන් කීයක් නම් හැදුවද ? කෝ එකක් වත් ගන්න නෑනේ ? (වතුරෙන් දුවන කාර්, හයිඩ්‍රජන් වලින් දුවන කාර්, 100% සුර්ය ශක්තියෙන් දුවන වී මෝල, නියමුවන් රහිත යානය) කෙසේ වෙතත් කොල්ලෝ දෙන්නට සුබ පතනවා.