නැවුම් සුළග

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    thanks_alot.png

     
    • Like
    Reactions: maxboysl

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රේමයේ මන්දහාසිනී... යෞවනේ සිහින සාධනී
    නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
    පාව යයි සුන්දරයි ජීවිතේ
    ප්‍රේමයේ මන්දහාසිනී...

    තාරකා නිව දමන්න නෙත් කැලුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
    සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
    පාව යයි සුන්දරයි ජීවිතේ

    ප්‍රේමයේ මන්දහාසිනී...


    මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
    මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙලා
    සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා
    පාව යයි සුන්දරයි ජීවිතේ

    ප්‍රේමයේ මන්දහාසිනී...
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    https://www.facebook.com/video.php?v=1846810155544217&set=vb.1691249977766903&type=2&theater

    ස්ත්‍රී දුෂකයන්ට සැලියුට් ගහපු කාලය නිමා කරමු .අපේ සහෝදරියන්ට නංගිලා අක්කලා අම්මලා නැන්දලාට වෙන හිංසා වලට විරුද්ධව කතා කරන මේ කතාව පොඩ්ඩක් අහන්න
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    විකිලිස් ගුරු ගුඉත්ය ගන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    11054816_985892108101641_244819348327596794_n.jpg




    කගුයා හිමේ' කුමරියගේ කතාව හෙවත් ෆූජියාමා කන්දට නම ලැබුණු හැටි.....

    ඈත අතීතයේ ජපානයේ ‘ටකේටොරි නෝ ඔකෙනා‘(竹取翁 "the Old Man who Harvests Bamboo"?) නම් වයස්ගත මහළු උණ වුඩවෙක් වාසය කළා. උණ ගස් කපා ඒවායින් භාණ්ඩ සාදමින් ජීවිකාව කරගත් ඔහුටත් ඔහුගේ බිරිඳටත් දරුවන් සිටියේ නැහැ.එක්දිනක් උණ වනයේ ගමන් කරනාතරතුර මේ උණගස් කපන්නාට අද්භූත අයුරින් දිලිසෙන උණ දණ්ඩක් හමු උණා. එය කපා විවර කළ විට දකින්නට ලැබුණේ ඊටත් වඩා අද්භූත දෙයක්. ප්රමාණයෙන් තම මහපට ඇඟිල්ල තරම් වූ බිළිදෙක් ඒ තුළ වූවා.
    මෙබඳු සුරුබුහුටි දැරියක් හමුවීම පිළිබඳව උද්දාමයට පත් වූ උණ ගස් කපන්නා ඇය සිය නිවසට ගෙන ගියා. ඔහු සහ ඔහුගේ බිරිඳ තමන්ගේ දරුවෙක් මෙන් බිළිඳිය හදා වඩා ගත් අතර ඈට නම තැබුවේ ‘කගුයා හිමේ‘ නමින්.
    ඉන්පසුව මහළු උණ වඩු තෙමේ උණ දණ්ඩක් කපන සෑම විටකම ඔහුට ඒවා තුළ තිබී රන් කැබැල්ලක් හමු උණා. ඔහු ධනවතෙක් වන්නට ගත උණේ කෙටි කලක් පමණයි. සිගිති අතිශයින් කුඩා කගුයා හිමේ දැරිය ටික කලෙකින් සාමාන්ය මිනිසෙකුගේ ශරීර ප්රමාණයක් සහ අසාමාන්යය රූප ශෝභාවක් සහිතව වැඩුණා. මුලදී ටකේටොරි නෝ ඔකෙනා සහ ඔහුගේ බිරිඳට ඇවැසි වූයේ ඇය අන්‍යයන්ගෙන් වසං කොට තබා ගැනීමට මුත් කාලයත් සමග ඇගේ සුන්දරත්වය පිළිබඳ පුවත දසත පැතිරී ගියා.
    අවසන රාජ කුමාරවරුන් පස් දෙනෙකු ඇගේ අත ගැනීමට අවසර පතමින් උණ වඩුවගේ නිවසට පැමිණියා. නමුත් ඔවුන් අතරින් සුදුස්සා තෝරා ගැනීමේ අයිතිය කගුයා හිමේටම හිමි වන අයුරින් උණගස් කපන්නා සමග එකඟතාවක් ඇති කරගන්නට කගුයා හිමේ කුමරිය සමත් වුවා. ඇය උපක්‍රමශීලීව ඉතා අපහසු කාර්යන් පහක් ඒ ඒ කුමාරවරුන්ට පැවරුවේ ඒවා ඉටු කරන පුද්ගලයා සමග තමන් විවාහ වන බව පවසමින්. මහළු උණ ගස් කපන්නා මගින් කුමාරවරුන්ට එකී කාර්යයන් දන්වනු ලැබුවා. ඔවුන්ට නියම කරවනු ලැබුවේ විවිධාකාර දෙවල් පහක් ඇය වෙත ගෙන ආ යුතු බවටයි.
    පළමු කුමාරයාට බුදුන් වහන්සේ පිඬු සිඟා ගිය පාෂාණමය පාත්‍රා ධාතුව නේපාලයෙන් ගෙන ආ යුතු බවටත් දෙවන කුමාර තෙමේ හෝරල් නම් කාල්පනික දූපතෙන් මාණික්‍යමය ශාකාවක් ගෙන ආ යුතු බවටත් තුන්වැන්නා චීනයේ ගිණි මීයාගේ ලෝගුව ගෙන ආ යුතු බවටත් කගුයා හිමේ විසින් නියම කොට තිබුණා. සිව්වැන්නා සහ සහ පස්වැන්නා ගෙන ආ යුතු යැයි කියැවුණේ මකරාගේ කරේ ඇති වර්ණවත් ආභරණය සහ වැහිලිහිණියන්ගේන් උපන් මුහුදු කවඩියෙක්.
    තමන්ට පැවරුණු කාර්යභාරය ඉටු කළ නොහැක්කක් බව වටහා ගන්නා පළමු කුමාරයා අතිශයන්ම වටිනා වෙනත් පාත්‍රයක් සාදවාගෙන නැවත පැමිණෙනෙවා. නමුත් ඉන් බුදු රැස් නොවිහිදෙන බව දකින කගුයා හිමේ කුමරිය රාජ කුමාරයා විසින් සිදුකළ වංචාව අනාවරණය කරනවා. පළමුවැන්නා මෙන්ම දෙවැනි සහ තුන්වැන්නාද අනුරූපික වස්තු ඉදිරිපත් කරමින් ඇය රවටන්නට උත්සාහ කළත් කුමරිය ඔවුන්ව ප්රවතික්ෂේප කරනවා.හතරවැනි කුමාරයා දරුණු කුණාටුවකට හසු වීම නිසාත් පස්වැන්නා දරුණු ලෙස තුවාල වන නිසාත් ඉල්ලීම් දිනාදී කගුයා හිමේ ලබාගැනීමේ සිය උත්සාහයන් අත්හැර දමනවා.
    මින් පසු ජපානයේ මිකාඩෝ අධිරාජ්‍යයා මේ විශ්මයජනක රූප සුන්දරිය, කගුයා හිමේ කුමරිය දකින්නට පැමිණ ඇය කෙරෙහි ප්‍රේමයෙන් බැඳුණෙන් ඇය විවාහ කරගන්නට අවසර පතා සිටිනවා.ඇය ඔහුට ඉටු කරන්නට අපහසු කාර්යයන් නොපවරන නමුදු ඔහුගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඇය පවසා සිටින්නේ තමා මේ ලොවට අයත් නොවන බැවින් ඇයට අධිරාජ්‍යයා සමග මාළිගාවට පැමිණීමට නොහැකි බවයි. ඇය ඔහු සමග හිතවත්ව වෙසෙන නමුත් දිගින් දිගටම ඔහුගේ විවාහ යෝජනාව පතික්ෂේප කරනවා.
    ඉන්පසු එළඹෙන ගිම්හාන සෘතුවේ කගුයා හිමේ සඳ දෙස බලන හැම විටම කඳුළු සලන්නට පටන් ගත්තා. ඇය රැකබලාගත් දෙමාපියන් ඇගේ ශෝකය ගැන දැඩිව තැවෙමින් ඊට හේතුව විමසා සිටියත් ඇය කිසිවක් කීවේ නැහැ. නමුත් ටික දිනකට පසුව ඇය තමන් පිළිබඳ සත්යව තමන් හදාගත් දෙමව්පියන්ට හෙළි කළා. ඒ අනුව ඇය මෙලොවට අයත් අයෙකු නොවන බවත් තමන් අයත් වන්නේ හඳට බවත් කගුයා හිමේ හෙළි කළා. නමුත් මහළු උණ ගස් කපන්නාට සහ බිරිඳට දැරිය නොහැකි වූයේ ඇය තමන්ට නැවත හඳට යාමට කාලය එළැඹ ඇති බව පැවසීමයි. ඇය මෙළොවට එවා තිබුණේ දෙව්ලොව ඇතිවූ යුධ වාතාවරණයකින් ඇගේ දිවිය ගලවාගන්නටයි. ඇය හමුවීමෙන් පසුව උණ ගස්වල තිබී උණ වඩුවාට රත්තරන් හමු වූයේ ඇය රැක බලාගැනීම වෙනුවෙන් ප්‍රතිඋපකාරයක් වශයෙනුයි. ඒවා එවා තිබුණේ හඳෙහි සිටින කගුයා හිමේ කුමරියගේ නෑදෑයන් විසින්.
    ඇය නැවත යා යුතුව තිබූ දිනයේදී අධිරජ්‍යයා විසින් ඇය ගෙනයාමට හඳෙන් පැමිණෙන මිනිසුන් වැලැක්වීම සඳහා විශාල ප්‍රමාණයක් ආරක්ෂකයන් ඇගේ නිවස වටා යෙදවූවා. නමුත් හඳේ දිව්යමමය මිනිසුන් පැමිණෙත්ම ඒ ආරක්ෂකයන් අද්භූත එළියක් දැක මොහොතකට අන්ධ වූවා.
    තමන් පෘථිවි වාසී හිතවතුන්ට කෙතරම් ප්‍රේම කළත් නැවත තමන්ගේ සත්ය් නිවහන වෙත යා යුතු බව කගුයා හිමේ කුමරිය නික්ම යන මොහොතේ කියා සිටියා. ඇය සිය දෙමව්පියන්ට සහ අධිරාජ්යතයාට ශෝකය පළ කරමින් හසුන් ලියා තබා තිබුණා. සිහිවටනයක් ලෙස ඇය ඇගේ සළුව දෙමව්පියන්ට තෑගි කළා. එමෙන්ම ඇය අධිරාජ්‍යයාට ලියන ලද හසුන සමග දිව්‍යමය අමෘතය බිඳක්ද එකතු කරන්නට ඇය අමතක කළේ නැහැ. ඇය එම හසුන අධිරාජ්‍යයාගේ ආරක්ෂක නිළධාරියෙකු අතට පත් කරද්දීම අගේ උරහිසට පිහාටු සළුවක් වැටුණා. ඒත් සමගම මෙළොව පිලිබඳව ඇයට සියළු වේදනාවන් සහ බැඳීම් සුන්ව ගියා. සිය දෙමව්පියන් කඳුළෙහි ගිල්වමින් ඇය සඳමඬලේ දිව්‍යමය රාජධානිය වෙත අහසින් ගමන් කළා.
    ඇය නික්ම ගිය වහාම ආරක්ෂක නිළධාරියා ඇය විසින් ලබා දුන් සියළුම දේ අධිරාජ්‍යයා වෙත ගෙන ගොස් සිදුවූ සියල්ල විස්තර කළා. ලියුම කියැවූ ඔහු අතිශයින් ශෝකයට පත් වුණා. ඔහු ඔහුගේ සේවකයන්ගෙන් ‘දෙව්ලොවට වඩාත්ම සමීපතම කඳු මුදුන‘ කුමක්දැයි විමසා සිටියා.එය සුරුගා පළාතේ උස් කඳුමුදුන බව සේවකයන් කියා සිටියා. ඉන්පසුව අධිරාජ්යායා කඳු ශිඛරය මතට කගුයා හිමේගෙන් ලද ලිපිය රැගෙන ගොස් පුළුස්සන ලෙස අණ කළා. ඉන් ඔහුගේ ප්රේමයේ පණිවිඩය දෙව් ලොව සිටින කුමරිය වෙත යතැයි ඔහු විශ්වාස කළා. ඒ සමගම ඇගෙන් ලැබුණු අමෘතයද දවාලන්නැයි ඔහු අණ කළා. ඇය නොමැතිව සදාකාලිකවම ජීවත් වී පලක් නොමැති බව අධිරාජ්යනයා සිතුවා.
    ෆූජි කඳුමුදුනට නම ලැබුණේ මෙම අමාව පිළිබඳ කතාන්දරය නිසා බව පුරාවෘතයේ කියැවෙනවා. ෆූජි යන්නෙන් අමාව හෝ අමරණීයත්වය ඇඟවෙනවා (immortality (不死 fushi?, or fuji) ). එමෙන්ම මේ කදුමුදුන කන්ජි යන නමින්ද හැඳින්වෙනවා. එහි සාහිත්‍යාත්මක අර්ථය ‘සෙබළුන් පිරිවරන ලද කඳුමුදුන‘ යන්නයි. එම යෙදුම පැමිණි ඇත්තේ අධිරාජ්යියා විසින් එහි යවනු ලැබූ සිය සේනාව නිසා බව කියැවෙනවා. ජනප්‍රවාදය අනුව අදටත් ෆූජියාමා කඳු මුදුනින් නිකුත් වෙන්නේ කගුයා හිමේගෙන් ලැබුණු ප්‍රේමණීය වස්තු දැවීමෙන් ඇරඹුණු දුමයි.
    (පරිවර්තනය - මුදලින්ද ජනප්‍රිය)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    11350499_913545078707720_5267427853242720774_n.jpg



    නන්දා මාලිනී |ස්වර වර්ණය හා ධ්වනි වර්ණය සුසංයෝගිත ගායන විලාසය

    සමන් අතාවුදහෙට්ටි

    (නන්දා මාලිනීගේ ‘ලස්සන මල් පිපිලා’ සංගත තැටිය දොරට වැඞීමේ උළෙලේ දී පැවැත්වූ දේශනය. සේයාරුව, සරත් පෙරේරාගෙනි.)

    චීනයෙත් තියෙනවා දළදා මාලිගාවක්. ඒක තියෙන්නෙ බෙයිජිං නුවරින් කිලෝමීටර් 16ක් විතර ඈතින් තියෙන පාතා චූ උද්‍යානයේ. පාතා චූ උද්‍යානයේ දළදා මාලිගාව ඇතුළු සිද්ධස්ථාන අටක් තියෙන නිසා, එය හඳුන්වන්නේ අටමස්ථානය කියලායි. චීන ව්‍යවහාරය අනුව ලිං ගුවං විහාරය කියන්නේ ඔය දළදා මාලිගාවට. මේ විහාර භූමියේදී චීන බෞද්ධ සංගීතයට සවන් දෙන්න අවස්ථාව ලැබෙනවා. චීනයේ ඉතා දියුණු බෞද්ධ සංගීත සම්ප‍්‍රදායක් තියෙනවා. මේ සම්ප‍්‍රදාය වසර දහස් ගණනක් තිස්සේ වර්ධනය වුණු එකක්. මම ලංකාදීප පත්තරේ සොඳුරු සැරිසර ලිපි මාලාව ලියන අවධියේ, මේ දළදා මාලිගාව ගැනත්, චීන බෞද්ධ සංගීත සම්ප‍්‍රදාය ගැනත් කරුණු හෙළිදරව් කළා.

    මේ ලිපිය කියැවූ අපේ කතා නායිකාව, නන්දා මාලිනී මගෙන් ඉල්ලා හිටියේ ඇයට චීන බෞද්ධ සංගීතය හැදෑරීම සඳහා උපකාර වන ලෙසයි. මම මගේ චීන මිතුරියක වන ෂෙං ලිට ඒ ගැන දැන්වූවාම ඇය චීන බෞද්ධ සංගීතය පිළිබඳ තොරතුරු ගණනාවක් සමග සංගත තැටියක් එව්වා.
    ඒ සංගත තැටියේ ප‍්‍රධාන ගීතයෙන් කියැවෙන අදහසට අනුව තමයි තැටිය නම් කරලත් තිබුණේ. ගීතයේ අදහස මෙහෙමයි.
    ‘බුදු හිමියනි, මම ඔබ ඉදිරියේ මලක් වන්නට මට අවසර! මමයි ඔබට පිදෙන නෙළුම් මල..!’ සංගත තැටියේ නම ‘නෙළුම් මලකි, මම ඔබ පාමුල.’
    මේක අපූරු අහම්බයක්ද? එහෙම නැත්නම් දෛවෝපගත සංසිද්ධියක්ද?

    නන්දා මාලිනී ළමා ගායිකාවක් ලෙස අපේ රට හඳුනාගන්නේ බුදු සාදු ගීතයෙන්. ‘ඔබගේ පාමුල සමන් වැලක් වී සුවඳ මලින් සැරසෙන්නම් – බුදු සාදු, මම සමන් වැලක් වෙන්නම්’ කියා ඇය ගායනා කළේ මීට අවුරුදු 63කට කලින්. අශෝක කොළඹගේ ලියා, ඞීඞී ඩැනී සංගීතවත් කළ මේ ගීතය ගායනා කරද්දී මේ ළමා ගායිකාව ලාංකේය ගායන ක්ෂේත‍්‍රයේ මේසා දුරක් ඉදිරියට පැමිණේවි කියලා කවුරුවත් හිතන්න නැතිව ඇති. ඒ වගේම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ගායිකාව බවට පත්වීමෙන් පසුව, චීන බෞද්ධ සංගීතය හදාරන්න මුලින්ම සංගත තැටියක් ගෙන්වා ගත් අවස්ථාවේ ඒ තැටියේ ප‍්‍රධාන ගීතය, බුදු සාදු ගීතයටම සමාන්තර අදහසක් දනවන ගීයක් වෙතැයි නන්දක්කා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

    මෙහෙම සිද්ධීන්ට ජීවිත ගමන පුරාවට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර සිද්ධි මේ වගේ සුන්දරයි. විචිත‍්‍රයි. තවත් සමහර සිද්ධි අසුන්දරයි. කටුකයි. නන්දක්කා සිය ජීවිත ගමනේදී බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන්නා. කම්කටොලූ හා කටුක අත්දැකීම්වලින් බැට කෑවා. දරිද්‍රතාවෙන් පීඩා වින්දා. ගැහැනියක ලෙස, මවක ලෙස දහසකුත් එකක් දුක් ගින්දරෙන් පිච්චුණා. කුටුම්බයෙන් පමණක් නොව, උපන් රටින් ද එළියට ඇද දැමුණා.

    ඒත් ඇය ඒ සියල්ල හමුවේ නොසැලී, ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටියා. ඒ සියල්ලෙන් ලත් ජීවිතාවබෝධය අනාගතය පෝෂණය කරලීමේ අත්දැකීම් බවට පත්කර ගත්තා. ඒ හයිය, ඒ ශක්තිය ඇයට තිබුණා. මම ඇයට හිස නමා ආචාර කිරීමට එක් හේතුවක් එයයි.

    මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද දවසක් මේ කතාවම කිව්වා. ඇයට හිස නමා ආචාර කරන බව. ඒ මීට අවුරුදු 35කට පෙරාතුව, කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ සිංග්ලංකා දශකය සැමරූ දවසේ. ප‍්‍රසංගයෙන් පසුව සිසිර සේනාරත්නයන් ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණයේත්, මාව ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේත් බැස්සවීම බාර ගත්තේ සුනිල්.

    සිසිරව ඇරලවීමෙන් පසු, ඇන්ඩර්සන් මහල් නිවාස අසල තනිවුණු සුනිලූත් මමත් ඔහුගේ වාහනයට වී අලූයම් කාලය එළැඹෙන තුරුම කතාබහ කළා. ඒ අවස්ථාවේ ඔහු මෙහෙම කිව්වා. ‘මම ලියන හැම දෙයක්ම, පැකිළීමකින් තොරව නන්දා ගයනවා. අනතුරුදායක අදහසුත්. ඒ වෙනුවෙන් මම නන්දාට හිස නමා ආචාර කරනවා.’
    නන්දක්කා සිය ගායන ජීවිතය ආරම්භ කළේ ගුවන්විදුලියේ කරු අයියාගේ ළමා පිටියෙන්. ඇය ළමා ගී, සරල ගී, නාට්‍ය ගී, චිත‍්‍රපට ගී, කැසට් පට හා සංගත තැටි සඳහා ගී ගායනා කළා. රූපවාහිනී ගී ගායනා කළා. ප‍්‍රසංග ඉදිරිපත් කළා. සංගීත නිර්මාණ ගණනාවකට සිය දායකත්වය ලබා දුන්නා. ස්ත‍්‍රීන් තිදෙනකුගේ නිර්මාණිත-මා දන්නා තරමට ඒ ආකාරයේ ස්ත‍්‍රී දායකත්වයෙන් නිර්මාණිත එකම ගීතයද මෙයයි. ඒ ගීතයටද නන්දක්කා දායක වුණා. ඊට දායක වූ ස්ත‍්‍රීන් තිදෙනාම අද මේ සභාවේ සිටීමද විශේෂයක්. අනෙක් දෙදෙනා දයා ද අල්විස් සහ නිරංජලා සරෝජනී. ගීතය-අකලට වට මහ වරුසාවක් සේ. නන්දක්කා මේ සියල්ලෙන් ලාංකේය ගීත ශ‍්‍රාවකයන් අතර අතිමහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්තා. සම්මානයට පාත‍්‍රවුණා.

    අද ඇය ආයෙම ළමා පිටියට ඇවිත්. සිය නිර්මාණ ජීවිතය පටන් ගත් තැනටම ඇවිත්. ළමා ගීයෙන් පිටියට පිවිසි ඇය, බොහෝ කලෙකට පසුව යළිත් ළමා ගී පෙළක් අපට තිළිණ කරනවා. මේ ජීවිතය පටන් ගත්තු තැනට ආයෙම පැමිණීමක්ද?

    නන්දක්කාගේ නිර්මාණ චාරිකාව දෙස බලද්දී ළමයින් වෙනුවෙන් කළ කාර්යයන් සඳහා සුවිශේෂී ඉඩකඩක් වෙන්වී ඇති බව පෙනෙනවා. මොකක්දෝ හේතුවකට මේ ගැන වැඩි අවධානයක් නම් යොමුවෙලා නැති විත්තියත් පෙනෙනවා. ඒ නිසා ළමුන් හා සබැඳෙන ඇගේ නිර්මාණාවලිය පිළිබඳව යම් සඳහනක් කිරීම වැදගත් යැයි මා සිතනවා.

    නන්දා මාලිනිය අප ලාංකේය ජනතාව දැන හඳුනා ගන්නේ ගුවන්විදුලියේ ළමා පිටියෙන්. බුදු සාදු, ලස්සන මල් පිපිලා-මුළු මිදුලම පිරිලා, ගම්මානේ ගං ඉවුරේ කිරල ඉදෙන්නේ, සුරතල් පොඩි හාවා මහ ?ටත් ආදී ගීතත් සමග. මේ අතරින් ගීත කීපයක් අද නිකුත් වන සංගත තැටියට ඇතුළත්.

    චිත‍්‍රපට පසුබිම් ගායනා සඳහා ඇයට මග සලසන්නේ ළමා පිටිය ඔස්සේ ප‍්‍රකට කළ සුවිශේෂී ගායන කුසලතාවන්. හැටේ දශකයේ අග භාගයේදී ඇය ළමා පිටියේ වැඩසටහනක් මෙහෙයවමින්, අපූරු ළමා ගීත ගණනාවක් සඳහා සංගීත නිර්මාණ සපයනවා. ඇය ළමා ගී සංගත තැටි තුනක් නිර්මාණය කරනවා. ඒ හැම තැටියක් සමගම ස්වර ප‍්‍රස්තාර සහිත ගී පොතකුත් නිකුත් කිරීම සුවිශේෂයක්. 1986දී ‘හඳහාමි’ 1990දී ‘සින්දු හෝඩිය’ 2002දී ‘පුංචි සින්දු.’

    අවසානයට සඳහන් කළ නිර්මාණ දෙකේ නම් පිළිබඳව නන්දක්කාත්, මාත් අතර පොඩි කොස්සක් තිබුණා. ඒ, අපේ තාත්තා ලියූ කෘතීන් දෙකක නම් මේ නිර්මාණ සඳහා යොදා තිබුණු නිසයි. තාත්තා නිර්මාණය කළ ‘පුංචි සින්දු’ ගුණසේන ප‍්‍රකාශනයක් ලෙස එළිදැක්වුණේ 1964දී. ඇපොතිකරීස් ප‍්‍රකාශනයක් ලෙස තාත්තා සින්දු හෝඩිය නිර්මාණය කළේ 1967දී. සිංහල හෝඩිය ඉගැන්වීමට සිංදු භාවිත කළ මුල්ම අවස්ථාව එයයි. ඉතින්, මේ පොත් දෙකේම නම් නන්දක්කා යොදා ගත් අවස්ථාවේ මට තරමක දුකක්, කේන්තියක් ඇති වුණත්, අපේ තාත්තා ඒ දෙස බැලූවේ ඉතාමත් උපේක්ෂාවෙන්. මටත් ඒ විදියටම හිතන්න තාත්තා අනුබල දුන්නා.
    හැබැයි, මෙවැනි කෘතීන් දෙකක් තාත්තා නිර්මාණය කර තිබුණු බව නන්දක්කා දැන සිටියේ නෑ. ඒ බව නන්දක්කාට දැනගන්නට ලැබුණේ තාත්තාගේ මරණයෙන් පසුවයි. ඒ බව දැනගත් විගස ඇය මට කතා කර සිදුවූ ප‍්‍රමාද දෝෂය ගැන කනගාටුව සහ සමාව පළ කළා. ඒ විතරක් නෙවෙයි, ඇගේ නිර්මාණයන්ගේ නම් යළි වෙනස් කරන්නට පවා සූදානම් වුණා. හැබැයි, මම එය වැළැක්වූවා.

    නන්දක්කාගේ ජීවිතයේ සුවිශේෂී ගුණාංගයක් එයින් නිරූපිතයි. වරදක් අඩුපාඩුවක් පිළිගැනීමේ ශක්තිය සහ ඒවා නිවැරදි කරගැනීමේ නිරහං කාරත්වය. සත්‍යයේ ගීතය හා ඉන්පසුව එළිදැක්වුණු සමහර කැසට් ගීවල ජාතිවාදී වර්ණයක් තැවරී ඇති බවට චෝදනා එල්ල වූ අවස්ථාවේදී නන්දක්කා ඒ බව පිළිගත්තා. ඒත් ඒ නිර්මාණ කළේ ජාතිවාදී අරමුණකින් නොවන බවත් ඇය පහදා දුන්නා. මේ අයුරින් ඇගේ නිර්මාණ ජීවිතය තුළ යම් යම් වෙනස්වීම්, නිවැරදිවීම්, හැඩ ගැස්වීම් සිදු කෙරුණු අවස්ථා ගණනාවක් අපට හඳුනා ගන්නට පුළුවන්.

    නන්දක්කාගේ මා අගය කරන තවත් ගුණාංගයක් වන්නේ ඕනෑම කාර්යයක් සඳහා ඇය තුළ ඇති කැපවීමයි. වැඩක් බාර ගත්තොත් ඇය එය හරියටම ඉටු කරනවා. හරියටම ඉටුකරන්නට බැරි වැඩක් ඇය බාරගන්නේ නෑ. උත්සවයකට එනවා කිව්වොත් ඇය එනවාමයි. එන්න බෑ කිව්වොත් එන්න බෑමයි. ඇවිත් විනාඩි 10කින් යනවා කිව්වොත්, ඒ වෙලාවට යනවාමයි.

    ඇගේ සංගීත පන්තිය, ‘සංගීත ආශ‍්‍රමය’ පටන් ගත්තේ 1984 අවුරුද්දෙදි. ළමයි 16 දෙනකුගෙන්. දැන් සංගීත ආශ‍්‍රමයට අවුරුදු 30කුත් සම්පූර්ණ වෙලා. ළමයි 200ක් පමණ එහි සංගීතය හදාරනවා. සංගීත පන්තිය පැවැත්වෙන දවස්වල නන්දක්කා දේවකාරියක්වත් භාරගන්නේ නෑ. ඒ සා කැපවීමකින් දරුවන්ට ශිල්ප කියා දෙන ගුරුවර ගුරුවරියන් අද දකින්නට නැති තරම්. ආර්ථික හෝ වේවා සමාජමය හෝ වේවා මොනතරම් වටිනාකමක් ඇති කාරියක් සඳහා ආරාධනා ලැබුණත්, නන්දක්කා සංගීත පන්තිය වෙනුවෙන් ඒ සියල්ල අතහරිනවා.

    ‘සමන් ඔයාගෙ වැඬේට මට එන්න වෙන්නෙ පරක්කු වෙලා. එදාට මට පන්ති.’ නන්දක්කා කියනවා.
    පහුවෙලා එනකොට නන්දක්කාට ට‍්‍රාන්ස්පෝර්ට් ප‍්‍රශ්නයක් තියෙන බව මම දන්නවා. මොකද නන්දක්කාට ප‍්‍රවාහන පහසුකම් සලසන අපේ මිත‍්‍ර සමාගමේ සාමාජිකයන් සේරම මගේ වැඬේ පටන් ගන්න වෙලාවටම එන නිසා.
    ‘ඉතින් ඒ වෙලාවට එන්නෙ කොහොමද?’ මම අහනවා.

    ‘මං ඔය ත‍්‍රීවිලර් එකක නැගලා එන්නම්. ආපහු යන වෙලාවට කාත් එක්ක හරි ගිහින් ගෙදර බහින්න බැරියෑ.’ නන්දක්කා කියනවා.
    නන්දක්කා සමග සමීපව ඇසුරු කරන බොහෝ දෙනකුට මේ දෙබස් ඛණ්ඩ සමීපයි. පන්ති දවසක අපි වැඩක් යොදා ගත්තොත් දෙබස් ඛණ්ඩ අනිවාර්යයෙන්ම එහාට මෙහාට හුවමාරු වෙනවා. මේ නිසා අපේ වැඩක් යොදා ගනිද්දී නන්දක්කාට පන්ති නැති දවසට දින නියම කරගැනීමට අපි පරෙස්සම් වෙනවා.
    ඇය අල්පේච්ඡු ගති පැවතුම් ඇත්තියක්. ඇඳුම පැළඳුම චාම්. එළිපහළියට යද්දී අඳින්නේම සුදු. ප‍්‍රසංගයකදීත් එහෙමමයි. කෑම බීම සරලයි. කඩල මුලකින් එහෙම නැත්නම් පොඩි කඩචෝරුවකින් සෑහීමකට පත්වෙන්න ඇයට පුළුවන්. අපි එක්ක දුර බැහැර ගමන් බිමන් යද්දී ආප්ප සහ කට්ට සම්බෝලවලින් වේල පිරිමහගත්තු අවස්ථා අනන්තයි. සමහරුන්ට මසක් මාළුවක් නැතුව ආහාර වේල සම්පූර්ණ වෙන්නේ නෑ. නන්දක්කාට එහෙම කරදරයක් නෑ. තියෙන දෙයින් සතුටු වෙන්න ඇයට පුළුවන්.

    නන්දක්කා විවෘතයි. ඇගේ ජීවිතයේ විඳි දුක්ගැහැට ගැන කතා කරන්න ඇය පැකිළෙන්නේ නෑ. කුඩා කාලයේ ගත කළ කටුක ජීවිතය ගැන ප‍්‍රසිද්ධියේ කියන්න ඇය ලැජ්ජා වෙන්නෙත් නෑ. වරක් ඇය ගැන ගාමිණී විජේතුංග මෙහෙම ලිව්වා.

    ‘ගුවන්විදුලි ළමා මණ්ඩපයට නන්දා මාලිනී රැුගෙන ආයේ පිපෙන්නට පෙර තැලී පොඩිවී යමින් තිබුණු සියුමැලි බාල බොළඳ හදවතක විලාපය. එවකට ජනප‍්‍රියව සිටි ගායිකාවන් අනුකරණය කරන්නට මේ දැරියට අවශ්‍ය නොවුණේ තමන්ටම උරුම වූ දුප්පත්කමේ ගීතයත්, එයින් නැගුණු හදවතේ විලාපයත් ඇය සතුව තිබුණු නිසා.’
    තමන්ගේ ළමා කාලය පිළිබඳව ඇය අප මිත‍්‍ර රංජිත් කුමාර හමුවේ මෙන්න මෙහෙම විස්තර කළා.
    ‘දුප්පත්කම හින්දා පුංචි කාලේ දුක් විඳපු හැටි කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ. ඇත්තම කිව්වොත් අපි වේලක් ඇර වේලක් කෑවේ. උදේට කෑවේ ඉඳිආප්ප දෙකයි. සපත්තු දැම්මෙ නෑ. ලීවලින් හදාපු කට්ට කෑලි දැම්මේ.’

    ඇගේ ළමා අවධිය කටුකයි. විවාහයත් සමග ජීවිතයට සැනසුමක් ඇය අපේක්ෂා කළත්, ඇයට ඉතිරි වූයේ කඳුළක කැළලක්.
    1979 දිනෙක, ගාමිණී විජේතුංගත්, මමත් දෙසතිය පුවත් සඟරාවට සම්මුඛ සාකච්ඡුාවක් ලබාගැනීම සඳහා නන්දක්කා හමුවීමට ගියා. එවක ඇය, පුංචි ඉස්තෝප්පුවක් සහිත පුංචි ගෙදරක තනියෙන් ජීවත් වුණේ. ඇය ලන්ඩනයේ සංගීත ප‍්‍රසංගයක් පවත්වා ලංකාවට පෙරළා පැමිණි විගසයි අපි එහි ගියේ. අපේ අරමුණ වුණේ ලන්ඩන් ප‍්‍රසංගයේ අත්දැකීම් ගැන කතාබහ කිරීමයි. ඒ ප‍්‍රසංගය සංවිධානයට මුල්වූ පේ‍්‍රමක්කා සහ ෆොනි අයියාත් අද මේ සභාවේ දැකීම සතුටට කරුණක්.
    අපි කතාබහ කළේ අර පුංචි ඉස්තෝප්පුවේ. ඒකේ දෙතුන් දෙනෙකුට හැරෙන්නවත් ඉඩ මදි. සම්මුඛ සාකච්ඡාව අවසානයේ ගෙතුළට ගිය නන්දක්කා තරමක මල්ලක් අරන් ආවා.

    ‘එහේ කට්ටිය මට දුන්නු තෑගිබෝග වගයක්.’ කියූ ඇය ගැඹුරු සිතිවිල්ලෙන් යුතුව මල්ලෙ තිබූ දේ එකින් එක ගෙන ඉස්තෝප්පුවේ ටීපෝව මත අතුරන්නට වුණා. ගවුම් පොඩි, මේස්, කුඩා ටී ෂර්ට්, සිඟිති තොප්පි, ටීපෝවේ ගොඩ ගැසුණා. මමත් ගාමිණීත් කතා නැතුව බලා හිටියා.

    ‘දුවලාට දෙන්න කියලා දුන්නුවා.’ නන්දක්කා නිහඬතාව බින්දා.
    වරුණිත්, අමාත් ඒ වෙනකොට හිටියේ නන්දක්කා ළඟ නෙවෙයි. කුටුම්බයට උදාවූ කුණ්ඩාවාඩියේ ප‍්‍රතිඵල ලෙස ඒ කාලයේ වරුණිත්, අමාත් නන්දක්කාට අහිමි වෙලා.
    වරුණි සහ අමා වෙනුවෙන් ලැබුණු ඒ තෑගි ටීපෝව මත අතුරමින් එදා නන්දක්කා අපිට පෙන්වා දුන්නේ සම්මුඛ සාකච්ඡුා සියයකින්වත් කියලා ඉවර කරගන්න බැරි කතාවක්.

    ඒ තෑගි වරුණිටත්, අමාටත් දෙන්න පුළුවන් වුණාද නැද්ද කියලා මම අදත් දන්නේ නෑ. ඒ ගැන මම ඊට පස්සේ නන්දක්කාගෙන් ඇහුවෙත් නෑ. ඒත් ඒ ඇඳුම් කැඩුම් නිසා ඇය වින්ද දුක සහ වේදනාව මට අදත් දැනෙනවා. ඒ වගේ දුක් වේදනාවන් ගණනාවකට ඇය ජීවිතය පුරා මුහුණ දුන්නා.
    ඒවා ඇය වසන් කරන්න ගියේ නෑ. ඒ වගේම ඒවායින් ජීවිතය කඩා වැටෙන්න ඉඩ දුන්නෙත් නෑ. ඇය ඒ සියල්ල මැද නැගී සිටියා. ජීවිතයේ එළැඹුණු සියලූ අභියෝගයන්ට නොසැලී මුහුණ දුන්නා. වර්තමානයේ නන්දක්කා විඳින සැහැල්ලූව හා සතුට අතීතයේ විඳි දුක්ඛ දෝමනස්ස කන්දරාවක පන්නරයයි.
    ඒ නිසා, නිර්මාණ වේදිනියක ලෙස පමණක් නොව ගැහැනියක ලෙසත් නන්දක්කාගේ ජීවිතයෙන් අපට ලබාගත හැකි ආදර්ශ බොහොමයි.
    ඇය හැමදාමත් ඉගෙන ගන්නා ගැහැනියක්. දැනුම ලබාගැනීමේ නොතිත් ආසාවෙන් පෙළෙන්නියක්. ඒ නිසාම නන්දක්කා පතපොත නිතරම ඇසුරු කරනවා. නව සංගීත ප‍්‍රවණතාවන් පිළිබඳව නිරන්තරව සොයා බලනවා. ලෝකයේ ප‍්‍රකට ගායක ගායිකාවන්ගේ සංදර්ශන ඇතුළත් ඞීවීඞී පට නැරඹීමේ මිත‍්‍ර සමාගමක් අප අතර පවතිනවා. සිසිර විජේතුංගගේ නිවසේ ඇති චිත‍්‍රාගාරයට රොද බැඳ සංගීතමය ප‍්‍රාසාංගික ඞීවීඞී නරඹන මේ මිත‍්‍ර සමාගමේ ප‍්‍රමුඛතම සාමාජිකාව නන්දක්කායි. විවිධාකාරයෙන් පෝෂණය කරගන්නා මේ දැනුම නිසා ඇයට හැමවිටම වර්තමානය අබිබවන්නට හැකි පුළුල් දැක්මක් තියෙනවා.

    කුඩා අවධියේ ඇයගේ කුසලතා දැක ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කියූ දෙයක් මා ඔබ හමුවේ අවධාරණය කරන්නට කැමතියි.
    ‘කෙල්ලේ… උඹ කවදාහරි මේ රටේ ඉන්න දක්ෂම ගායිකාව වෙනවා විතරක් නෙවෙයි, ගායනය කියන කලාවට අලූත් අර්ථයකුත් දෙනවා.’
    මානවසිංහයන්ගේ ඒ අනාවැකිය හරියටම හරි. ඒ වුණත් නන්දා මාලිනියගේ මේ ප‍්‍රතිභාව ගැන අපේ සමාජ කතිකාවත ප‍්‍රමාණවත් නැතැයි මට සිතෙනවා. ඇයගේ සංගීත නිර්මාණ ගැන, ඇයගේ ගායනය ගැන, ඇයගේ ජීවිතය ගැන බොහෝ කරුණු සාකච්ඡුා වී තිබුණද, ගායන කලාවට ඇය ලබා දුන් නව අර්ථය පිළිබඳව සාකච්ඡුා කෙරුණා මදි.

    1987 මාර්තු මාසයේ 30 වැනිදා දෙසතිය පුවත් සඟරාවට, ‘නන්දා මාලිනී-යුගයේ කැටපත් පවුර’ මැයෙන් කවරයේ කතාවක් ලියන ගාමිණී විජේතුංග මේ කාරණාව අවධාරණය කර තිබුණත්, ඉන්පසු සහ පෙර යම් යම් විචාරකයන් හා රසිකයන් තැන තැන මේ කාරණාව ගැන අදහස් පළකර තිබුණත්, විධිමත් සංවාදයක් ඇති නොවීම අඩුපාඩුවක්.

    ගාමිණී මෙන්න මෙහෙම සඳහන් කරනවා.
    ‘බොහෝ සංගීතඥයන් ඉතා ඉහළින් අගය කළේ වචනයක ගැබ් වී ඇති අරුත වඩාත් තීව‍්‍ර වන ලෙස භාවමය හැඟීම් කුළුගන්වමින් ගීයක් ගායනා කරන්නට උපතින්ම ඇය ලබා තිබූ හැකියාව නිසා. ආදරය යන පදය බොහෝ ගායිකාවන්ගේ හඬින් නිරූපණය වුණේ කිසිදු හැඟීමක් නැති ළතෙත් බවකින් තොර සංකල්පයක් හැටියට. රන්මුතුදූව චිත‍්‍රපටයේ නන්දා මාලිනී එම පදය උච්චාරණය කළ ආකාරය බොහෝ ගායිකාවන්ට අභියෝගයක් වුණා. මෙහිදී ඇය දැනුවත්ව හෝ නොදැනුවත්වම ඉතා වැදගත් කරුණක් වූයේ ගායනයේදී ගායන ශිල්පියා හුදෙක් මෛක‍්‍රෆෝනයක් බවට පත් නොවිය යුතු බවත්, ඔහුගේ හෝ ඇගේ හෝ ආත්මයෙන්ද යමක් ගීතයට එකතු විය යුතු බවත්.’

    ගාමිණී සඳහන් කළාක් මෙන්, නන්දක්කා සිය ගායනයට එක් කළේ සප්තස්වර පමණක් නොවෙයි. ඇය සිය ආත්මයම ගායනයට එක් කළා. මේ නිසා ගීතයේ ආත්මීය හැඟීම රසික රසිකාවන්ගේ හදවතට කාන්දු කරන්නට ඇයට පුළුවන් වුණා. ගේය කාව්‍ය නිර්මාණයේ ඇති වචන නිසි ස්වරයට ගැයීම පමණක් නොව, වචනාර්ථය ඉස්මතුවන අයුරින් ගැයීමද ඇගේ සුවිශේෂත්වය වුණා. ආදරය යන වචනයට ගායනයේදී ආදරය එක් කරන්නට ඇයට පුළුවන් වුණා. ලස්සන යන වචනය ඇගේ ගායන ලීලාවෙන් ලස්සන වුණා. කඳුළ යන වචනය ඇය උච්චාරණය කරද්දී ඒ වචනය පුරා කඳුළු තැවරුණා.

    රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කළ ආදරයයි. පෙම් රැුහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි ගීතයේ ආදරයයි යන වචනය අවස්ථා දෙකකදී ඇය ගයන්නේ ඒ ඒ ආදරයන්හි ස්වභාවය සැබෑ ලෙසම මතු කරමින්. ඒ ගීයේ සංගීත අධ්‍යක්ෂ සරත් දසනායක වරෙක මට කීවේ, ඒ ඒ ආදරය සඳහා ඔහු එක් කළ ස්වර වර්ණය නිසි ලෙස රකිමින්, ඊට සැබෑ ධ්වනි වර්ණය එක් කරන්නට නන්දා සමත් වූ බවයි. මේ හපන්කම කළ හැකි ලාංකේය ගායක ගායිකාවන් ඉන්නේ අතළොස්සයි. ඒ අතර පුරෝගාමී ගායිකාව නන්දක්කායි.

    ඉතින් අද නන්දා මාලිනිය සිය නිර්මාණ චාරිකාවේ 35 වන ගීත සමුච්චය ‘ලස්සන මල් පිපිලා’ සංගත තැටිය එළිදක්වන මේ අවස්ථාවේ, ඇගේ මේ ආත්මීය ගායන ප‍්‍රතිභාව පිළිබඳ, ස්වර වර්ණය හා ධ්වනි වර්ණය සුසංයෝගිත ගායන විලාසය පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් අරඹන්නැයි මම ඔබ සැමට යෝජනා කරනවා. එය නන්දක්කාට පමණක් නොව, ලාංකේය ගායන ක්ෂේත‍්‍රයටම සිදු කෙරෙන යහපතක් සේ මම දකිනවා.

    අද මම නන්දක්කාව අනුගමනය කරන දවසක්. අපේ වැඩකට එනකොට, පිටවෙලා යන වෙලාව වැඬේට එන්න කලින්ම නන්දක්කා දන්වනවා. ජපානයේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක දේශන පැවැත්වීම සඳහා මහාචාර්ය සරත් විජේසූරිය සමග මම ද රාත‍්‍රියේ පිටත්වෙනවා.

    හැබැයි, මේ වගේ වැඩක් අවසන් වුණාම ඉක්මනින් පිටත් වී යාම අපේ පුරුද්දක් නෙවෙයි. අඩු තරමින් වාහනයක ඩිකියක් අසලදීවත්, අපි සල්ලාපයකට සෙට් වෙනවා. බොහෝ එවන් අවස්ථාවල ඉක්මනින් පිටත් නොවන අප අතර නන්දක්කාත් ඉන්නවා අපේ කතාබහට එක්වෙමින්, අප අතර ඇති මොකක් හෝ කඩචෝරුවක් හපමින්. හැබැයි යනවා කියූ හරි වෙලාවට ඇය පිටවී යනවා. එහෙම පිටවෙන කොට අපේ මිත‍්‍ර සමාගමයෙන් කෙනෙකුත් අපට අහිමි වෙනවා. සමහර අවස්ථාවල කුලේ- කුලරත්න ආරියවංශ, සමහර අවස්ථාවල සිසිර- සිසිර විජේතුංග. නැත්නම් රෝහණ- රෝහණ වීරසිංහ. බොහෝ අවස්ථාවල සුනිල්- සුනිල් ආරියරත්න. මොකද අවස්ථාව පරිදි ඒ කාට හරි නන්දක්කාව නිවසට ඇරලවීමේ කොන්ත‍්‍රාත්තුව බාරවෙන නිසායි. එවිට පිටත්ව යන මිත‍්‍රයාගේ පානීය කොටසටත් වගකියන්නට සිද්ධ වෙන්නේ ඉතුරු වෙන අපිටයි.

    අද මම කලින්ම යනවා. සුනිල්ට හරි කුලේට හරි නන්දක්කා ඇරලවන්න යන්න සිද්ධ වේවි. ඒ නිසා අද රාත‍්‍රියේ අපේ කොටස්වල වගකීම භාරගන්නේ කවුරුන්ද කියා හෙට උදෑසනින්ම ජපානයට වාර්තා කරන ලෙස මම අපේ මිත‍්‍ර සමාගමෙන් ඉල්ලා සිටිනවා.

    ඒ ඉල්ලීමත් සමග, මගේ අදහස් දැක්වීම අවසන් කිරීම සුදුසු යැයි මට හැෙඟනවා. මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්නේ මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරාගේ වත්කම් බැරකම් ඔබ ඉදිරියේ ගෙනහැර දක්වමින්.
    ඇය පොහොසත්. දැනුමෙන්, පෙනුමෙන්, ගුණයෙන් පොහොසත්.
    ඇය යහපත්. කිසිවකුට කරදරයක් නොවී ජීවත්වීම ඇගේ අපේක්ෂාවයි.
    ඇය දැනුවත්. හැම විටෙකම යමක් අලූතෙන් ඉගෙන ගැනීමට සූදානම්. පතපොත තදින් ඇසුරු කරනවා. නව සිතිවිල්ලෙන් පෝෂණය වනවා.
    ඇය නැණවත්. උසස් ගේය කාව්‍ය නිර්මාණයක් තෝරා ගන්නට, ඒ සඳහා සුදුසුම සංගීතඥයා හඳුනා ගන්නට ඇය සමත්. ඇයට මිනිසුන් කියවන්න පුළුවන්. සැබෑ මිතුරන් හරියටම හඳුනා ගන්නවා.

    ඇය ගුණවත්. අනුන් ගැන සිතන හැමටම උදව් උපකාර කිරීමට වෙහෙසෙන ස්ත‍්‍රියක්. තමන්ගේ නිර්මාණ සඳහා දායක වන ගේය පද රචකයන්, සංගීතඥයන් ගැන සොයා බලන, ඔවුන්ට නිසි ගෞරවය පමණක් නොව, මූල්‍යමය හිමිකම් ද ලබාදෙන්නට නිබඳ වෙහෙසෙන කලා කාරිනියක්.
    ඇය බලවත්. සත්‍යය වෙනුවෙන් පෙනී සිටින, අසත්‍යය හමුවේ දණ නොනමන, සියලූ අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටින අභීත ගැහැනියක්.
    ඇය සිරිමත්. ඇගේ ගැයුම පමණක් නොව පෙනුමද සිරිමත්. ඇවතුම් පැවතුම් සිරිමත්. ඒ කියන්නේ ඇය සිරිමත් සිරිත් ඇත්තියක්.
    හැබැයි, ඇය දුප්පත්. යාන වාහන, කසී සළු, රන් අභරණ තබා මොබයිල් ෆෝන් එකක්වත් ඇයට නැහැ.
    මෙන්න මේ වත්කම් බැරකම් නිසා මම නන්දක්කාට හැමදා හිස නමා ආචාර කරනවා.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නැවුම් සුළඟ විදින්න නම් දොර ජනේල් හොඳට ඇරලා තියන්න :):):):)
     

    waligamaya

    Well-known member
  • Wedding වසංගතය ගැන





    එකිනෙකාගෙන් වෙනස් වූ ජීවන අරමුණු සහ වටිනාකම් වලින් යුත් මිනිසුන් එකම කෝවක දමා මැනීමට හෝ එකම ආකාරයකට හැඩගැස්වීමට උත්සාහ කිරීම ඵල රහිත දෙයක් වගේම සිදු නොවිය යුත්තක්. එහෙත් වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට දිනෙන් දින පත් වෙමින් තිබෙන අහිංසක මධ්‍යම පාන්තිකයින් දැන හෝ නොදැන ඔවුන්ගේ ගොදුරු බවට පත් වෙමින් තිබෙන සීග්‍ර ලෙස දැනටම පැතිර ඇති වසංගතයකට සමාජයෙන්ම ප්‍රතිරෝධයක් ඇති වීමට කාලය එලඹ ඇති බව සක්සුදක් සේ පැහැදිලි හෙයින් අදාල කාරණය ගැන මගේ සත දෙක මෙසේ ඉදිරිපත් කිරීමට තීරණය කලෙමි.
    අප රටේ වත්මන් සමාජය විසින් විවාහ මංගල උත්සවයන් සැමරීම පවතින මෙම ශෛලය දක්වා වූ පරිනාමය පැහැදිලි කිරීමට බ්ලොග්කරුට දැනුමක් නැත. නමුත් වර්තමානයේ විවාහ මංගල උත්සවයක් සංවිධානය කිරීම මනමාල පාර්ශවයට මෙන්ම මනමාලියගේ පාර්ශවයටද ඔවුන්ගේ ජීවිත වල මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානතම ගැටළුවක් බවට පත් වී ඇති බව රහසක් නොවේ. මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළු වීම සැමරීම උදෙසා සංවිධානය කෙරෙන මෙම විවාහ මංගල උත්සවය ඔවුන්ගේ ජීවිත වල ඉතාම අපහසුවෙන් පසුකරගත යුතු කඩයිමක් බවට පත්වී හමාරය. අපහසුවෙන් පසුකරගත යුතු කඩයිම වී ඇත්තේ විවාහ දිවියට එළඹීම හෝ ඉන්පසු ආරම්භ කිරීමට නියමිත අලුත් ජීවිතය නොවේ. විවාහ මංගල උත්සවයයි.
    තමාට හිමි සමාජ තත්වය අන් අය ඉදිරියේ තහවුරු කර ගැනීමේ සහ තමාට නැති සමාජ තත්වයක් අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් ලෙස මෙම විවාහ මංගල්‍යන් යොදාගන්නා තත්වයට පත්වී තිබේ. මෙම සාදය මඟින් තම වටිනාකම සහ තමාට සමාජයේ හිමි තැන අනෙක් මිනිසුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට මිනිසුන් නොකරන දෙයක් නැති තරම්ය. ඒ නිසාම දිනෙන් දින මෙම විවාහ මංගල සාදයන් වලට වෙළෙන්දන් විසින් තව තවත් අංග ඇතුලත් කරන්නේ පැහැදිලි ලාභයක් තමා සන්තක වන බව නිසැක වශයෙන් ඔවුන් දන්නා නිසයි.
    විවාහ මංගල උත්සවය පවත්වන Hotel එක, මනාල යුවලගේ ඇඳුම් වල පෙනුම සහ වටිනාකම, ඔවුන්ට ඇන්දවීමේ කටයුතු කරන රූපලාවන්‍යශිල්පියා/ශිල්පිනිය, ඔවුන් පළඳින ආභරණ, දෙවන මනාල මනාලියන් ගණන, ඡායාරූපකරනය සඳහා භාරදී ඇති Studio එක, ඔවුන් රැගෙන එන වාහනය, විවාහ මංගල උත්සවය සංගීතවත් කරන Band එක, අමුත්තන් සඳහා සංග්‍රහ කෙරෙන මධුවිත වර්ගයේ Brand එක, going away එකට අඳින ඇඳුම් සහ පළඳින ආභරණ, Honeymoon යන නගරය සහ ගත කරන දිනගණන වැනි එකී මෙකී නොකී සියලූම දේ වලින් කෙරෙන්නේ අදාල විවාහ මංගල උත්සවය සහ අදාල දෙපාර්ශවයේ සමාජ තත්වය පිළිබඳ ඇගයීමකි. සමාජය විසින් දෙපාර්ශවය මැනීමක් මෙන්ම උත්සවය සංවිධානය කරන දෙපාර්ශවය විසින් තම සමාජ තත්වය අන් අයට හඬගා කීමක් මෙහිදී සිදුවෙන්නේ. ඉහත සඳහන් කල අංග මෙන්ම තවත් බොහෝ දේ වලින් සමන්විත අංග සම්පූර්ණ විවාහ මංගල උත්සවයක් පැවැත්වීමට ලැබීම අද බොහෝ දෙනා සලකන්නේ තමාගේ ජීවිතයේ ලබන ජයග්‍රහණයක් ලෙසයි.
    බ්ලොග්කරු මතු කිරීමට උත්සාහ කරන ගැටළුව ඇත්තේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් සැමරීම නොවේ. මීට මාස කිහිපයකට ඉහත දෙවන මනමාල මනමාලියන් දෙසියයකින් සමන්විත වුන විවාහ මංගල උත්සවයක් ලාංකිකයෙක් සැමරූ අයුරු පුවත්පත්වල පවා පලවුන අන්දම මෙම සටහන කියවන ඔබටත් මතක ඇති. එහි කිසිම ගැටළුවක් නැත. තමා උපයන මුදල් තමාට අවශ්‍ය අන්දමට වියදම් කිරීමේ නිදහස ඕනෑම කෙනෙකුට තිබිය යුතුය. ගැටළුව පැනනඟින්නේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් ගැනීමට වත්කමක් නොමැති සාමාන්‍ය මධ්‍යමපාන්තික මිනිසුන්ද තමාගේ වත්කමටත් වඩා වියදම් කොට සමාජය ඉදිරියේ ගරුත්වය ලබා ගැනීමේ අරමුණින් අධික වියදම් දරා විවාහ සාදයන් පැවැත්වීමට උත්සාහ කිරීමේදීය.
    මෙසේ විහින් අසරණ වන මධ්‍යමපාන්තිකයින් අධික වියදම් දරමින් මෙම සාදය සංවිධානය කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස කබලෙන් ලිපට වැටෙන අයුරු ගැන බ්ලොග්කරුට පුද්ගලික අත්දැකීම් ඇත. බොහෝ විට ඔවුන් කරන්නේ උත්සවය සංවිධානය කිරීමට බැංකු ණය ලබා ගැනීමයි. බ්ලොග්කරුගේ ඈතින් නෑදෑයකු වන නැන්දා කෙනෙක් ඇයගේ සැමියාට සිය කාරය විකුණා ප්‍රධාන පෙළේ හෝටලයක සිය දියණියගේ විවාහ මංගල උත්සවය ගැනීමට බල කලේ වෙන කිසිම හේතුවක් නිසා නොව, ඇයගේ නැගනියගේ දියණියගේ විවාහ මංගල උත්සවයද රටේ ප්‍රධාන පෙළේ හෝටලයක සැමරීම නිසා ඒ තරඟය ජය ගැනීමටය. නොයෙකුත් අන්දමේ හීනමාන වලින් පෙළෙනා මෙවන් මිනිසුන් එක් දිනක පැය කිහිපයක් උදෙසා වසර ගණනක් මුළුල්ලේ ලක්ෂ ගණනක් ණය ගෙවීම ගැන දුක් විය යුතුද නැද්ද කියන එක තීරණය කිරීම පහසු කරුණක් නොවේ. එම ලක්ෂ ගණනින් වූ ණය තම මාස් පඩියෙන් අඩුවන සේ ගිවිසුම් අත්සන් කරන ඔවුන් විවාහයෙන් පසු ඔවුන්ගේ පින්තූර ඇල්බමවල ඉතිරි මුදල ගෙවීමටද වසර ගණනක් ගතවන්නේ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ආර්ථික දුෂ්කරතා නිසාමය.
    මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව අලුතෙන් පටන් ගන්නා ජීවිතයේ පළමු මාසයේ සිටම අන් අයට කන්න බොන්න වියදම් කල සහ අන් අයට පේන්න අඳින්න නටන්න වියදම් කල මුදල් වල ණය ගෙවීමට සිදුවීම කණගාටුවට කරුණකි. විවාහ දිවියට එළඹීමෙන් පසු ඔවුන්ගේ ජීවිත වල ගන්නා වැදගත්ම තීරණ වලට මෙම ආර්ථික අපහසුතා සෘජුවම බලපාන බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ නැත.
    එක් දිනක් තුල ඔවුන්ට දරාගත නොහැකි ප්‍රමාණයෙන් මේ කරන වියදම නිසා ඔවුන්ගේ මුලු ජීවිතම වෙනත් මාර්ගයකට යොමු විය හැකිය. මේ නිසා මුහුණ දීමට සිදුවන ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තම පවුල් ජීවිතය, දරුවන්ගේ අනාගතය වැනි දේ වලදි ඔවුනට හිමිව තිබෙන්නට නියමිත වුනු හොඳම සහ සුදුසුම තීරණ ගැනීමට ඔවුන්ට හැකිවන්නේ නැහැ. ඒ තමාට හැකි සෑම සතයක්ම තම අනාගත සුබ සිද්ධිය කරා ඉතිරි කර බුද්ධිමත් ලෙස වියදම් කිරීම වෙනුවට තමාත් සමග තරග කරන, තමාට ඊර්ෂ්‍යා කරන, තමාගේ වැරදි සෙවීමට සැදී පැහැදී සිටින මිනිසුන්ට කන්න බොන්න ලබා දී ඔවුන්ගෙන් හොඳ අහගන්න මුදල් වියදම් කිරීම නිසා නොවෙද? විසිකරන්නට තරම් මිල මුදලින් පොහොසත් අය කරනා දේ කරන්නට උත්සාහ කරලා තවත් අසරණ වීම පැහැදිලි අනුවණකමක් නොවෙද?
    මේ සිහින සාදයන් සතියකට සැරයක් චැනල් දහයකින් දහපාරක් මාර්කට් කිරීම මඟින් කුමන ක්‍රමයකින් හෝ මඩිය තරකරගැනීමේ අරමුණින් ක්‍රියාකරන ව්‍යාපාරිකයින් වන රූපවාහිනී මාධ්‍යයන්ද මේ ආකල්පය සමාජගත වීමට විශාල වශයෙන් හේතු වී තිබෙන බව සඳහන් කල යුතුමය. මිනිසුන්ගේ මොල කෑම ආදායම් මාර්ගය කර ගත් මාධ්‍යන් විසින් දෙන ලණු සිතීමේ හැකියාවක් නැති මිනිසුන් විසින් රස කර කර කෑම පුදුමයකට කරුණක් නොවේ.
    යම් කෙනෙක් තමාගේ විවාහ මංගල උත්සවයට වියදම්කරන සෑම සතයක් ගානේම එකවරක්, දෙවරක් නොව තුන්වරක්ම සිතිය යුත්තේ තමා වියදම් කරන්නේ තමාගේ උවමනාවටද නැත්නම් වෙන අයගේ සිත් සතුටු කරන්නද කියන එක ගැනයි. තමා අන් අයගේ ඒ සිතුවිලිවල, අදහස් වල වහලෙක් වනවාද නැත්ද කියන කාරණය තමා තීරණය කල යුතුයි. තමාගේ ආශාව නිසාම පමණක් වියදම් කලත් ඒ වියදම් කරන ප්‍රමාණය සත්‍ය වශයෙන්ම තර්කානුකූලද කියන එක සිතා බැලිය යුතුයි.
    මෙවන් බොලඳ සිහින ඉටුකර ගැනීමට තම අසරණ දෙමව්පියන්ටවත්, පෙම්වතාටවත් බල කිරීම නොවෙයි සිදුකල යුත්තේ. බුද්ධිමත් තරුණයෙක්/තරුණියක් ලෙස අනාගතය ගැන සිතා වැඩ කිරීමයි. ජීවිතයේ යථාර්තය තේරුම් ගැනීමයි. හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් ලෙස වැඩ කටයුතු කලොත් ඔබට සතුටින් සැනසිල්ලේ ජීවිතය ගෙවීමට හැකියාව ලැබේවි.
    අනුන්ගේ ගෞරවය සිඟමන් යදින්නට ගොස් ලක්ෂ ගනන් වියදම් කොට ප්‍රශ්න දාහක් මවාගෙන ජීවිතයම අවුල් ජාලයක් කරගන්න්නවට වඩා ණය බරින් තොරව, අනාගත අවශ්‍යතා වලදී මෙන්ම බලාපොරොත්තු නොවන හදිසි අවශ්‍යතා වලදී භාවිතා කරන්න යම් මුදලක් තමා ඉතිරි කොට ඇති බව දැනගෙන නින්දට යාමේ ඇති සැනසිල්ල වටිනවා නොවේද?





    (අ)සම්මත සටහන්