Muscle කාර් අතරින් සුපිරිම කාර් 10ක්

retroarc

Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    Muscle කාර් අතරින් සුපිරිම කාර් 10ක්

    1960 සිට 1970 වේ මැද කාලය දක්වා ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු මේ මෝටර් රථ ඉතා ශක්තිමත් , බලසම්පන්න සහ ඒ වගේම ශබ්දයෙන් ද පිරිපුන් මෝටර් රථ වුනා. මේ මෝටර් රථ ඒ කාලයේ සුපිරි මෝටර් රථ ලෙස සලකුණත් එම මෝටර් රථ වල ඉන්ධන පරිභෝජනය ඉහල වූ බැවින් සාමාන්‍ය පවුල් වලට මෙවැනි මෝටර් රථ නඩත්තු කිරීම තරමක් අපහසු කටයුත්තක් වුනා.
    Muscle කාර් (මසල්) එකක් කියන්නේ මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් ඒ ගැන හරියටම විස්තරයක් කරන්න නම් අමාරුයි. ඒ වුනාට මේ ජාතියේ කාර් එකක් දැක්කම අඳුරගන්න නම් පුළුවන්. මේ නමින් හඳුන්වන්නේ මොන කාර් ද කියල දල අදහසක් ගන්න අපිට මේ විදියට විස්තර කරන්න පුළුවන්. ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු ජවසම්පන්න දොර දෙකේ අධි ක්‍රියාකාරිත්වයක් සහිත මෝටර් රථ පෙළක් කිව්වොත් නිවැරදියි.

    #10 Pontiac Firebird Trans Am


    shutterstock_167009246.jpg


    අශ්වබල 345ක එන්ජිමක් සහිත මෙම මෝටර් රථයට පැයට 100Km වේගයක් ගැනීමට ගතවන්නේ තත්පර 5.6 ක්.



    #9 Dodge Challenger


    shutterstock_125135147.jpg


    මේ මෝටර් රථය අශ්වබල 425ක එන්ජිමකින් යුක්තයි.



    #8 Buick GSX Stage 1


    attachment.php


    මේ අලංකාර මෝටර් රථයේත් අශ්වබල 425ක එන්ජිමක් තියනවා.



    #7 Plymouth Hemi ‘Cuda


    112658_Side_Profile_Web.jpg


    මේ මෝටර් රථයේ විශේෂත්වය වන්නේ එය අශ්වබල ප්‍රමාණ දෙකක් යටතේ නිකුත් වීමයි. (300 සහ 425). හොඳ තත්වයේ පවතින මේ වර්ගයේ මෝටර් රථයක් වර්තමානයේ ඩොලර් 110,000කට පමණ අලෙවි කරන්න පුළුවන්.




    #6 ZL1 Camaro


    ku-xlarge.jpg


    මේ මෝටර් රථ මාදිලියේ සුළු වෙනස්කම් ඇති මෝටර් රථ කිහිපයක්ම නිර්මාණය වී තිබෙනවා. අශ්වබල 430සිට 550ක් දක්වා බලයක් ලබාගැනීමේ හැකියාව මේ මෝටර් රථය සතුයි. 0-60 mph වේගයක් ලබාගැනීමට ගතවන්නේ තත්පර 5.3ක කාලයක්. 2012 වසරේදී මේ මෝටර් රථයේ නව මාදිලියක් නිකුත් කෙරුනා.




    #5 Ford Mustang Boss 429


    shutterstock_199654160.jpg

    මෙය සීමිත මෝටර් රථ සංඛ්‍යාවක් නිකුත් කෙරුණු මාදිලියක්. මෝටර් රථ 859ක් හදල තියනවා. මෙහි එන්ජිමේ බලය අශ්වබල 500 සිට 375දක්වා පහත හෙලා ඇත්තේ රක්ෂණ සමාගම් ගාස්තු අවම මට්ටමක පවත්වාගැනිමටයි.






    #4 chevrolet chevelle copo 427


    shutterstock_77561650.jpg

    මේ මෝටර් රථය සතු 427 Cid එන්ජිමේ 425ක අශ්වබලයෙන් තත්පර 5.1කදී පැයට කිලෝමීටර 100ක වේගයට ලඟාවෙන්න පුළුවන්.



    #3 Dodge Charger (B Body)


    shutterstock_85879435.jpg

    අශ්වබල 425හේ එන්ජිමෙන් පැයට කිලෝමීටර 100ක වේගය ලබාගන්න තත්පර 5.7ක් ගතවුනා.


    #2 Ponitac GTO


    1967-Pontiac-GTO-Gold-fa-lr.jpg

    ඉතාමත් ප්‍රසිද්ධ Muscle කාර් එකක්. අශ්වබල 350හේ එන්ජිමට මේ කාර් රථයේ වේගය 100 කරා ගෙනයාමට ගතවුනේ තත්පර 5.2ක් පමණයි. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වුන muslce කාර් අතරට අයත් වෙනවා.


    #1 Shelby Mustang


    shutterstock_38311696.jpg

    Shelby Mustang GT-500 මෝටර් රථය තමයි ලයිස්තුවේ උඩම ඉන්නේ. 7.0 L V8 එන්ජිම අශ්වබල 355ක් නිපදවමින් මෝටර් රථය තත්පර 4.8කින් පැයට කිලෝමීටර 100 දක්වා ගෙන ගියා.




    උපුටාගැනීම