අහසින් ගිය කාර්

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93



    මිනිසා පියැඹීමට සිහින දකින්නේ අද ඊයේ නොව ඈත අතීතයේ සිටය. පියැඹීමේ සිහිනය සාක්ෂාත් කරගත් පසු එය තම එදිනෙදා භාවිතා කරන මෝටර් රථවලටත් ආදේශකිරීමට ඔහු උත්සාහගත්තේය. මේ එවන් උත්සාහයන් පිළිබදවයි.

    Convair Model 118

    ඉහත ජායරූපයේ පෙන්වන මෝටර් රථය මෙයයි. Convair සමාගමවිසින් 1947 වර්ෂයේදී පැයට කිලෝමීටර් දෙසීයක සාමාන්‍ය පියාසර වේගයක් ලබාගනිමින් සාර්ථකව ගුවන්ගතකල මෙය prototype රථයකි. Ted Hall මහතා විසින් සැලසුම් කොට Convair සමාගම විසින් නිෂ්පාදනය කල මෙහි පියාපත් ගළවා වෙන් කල හැකි අයුරින් නිපදවා ඇත. එක්රියදුරෙක්/නියමුවෙක් හා මගීන් තිදෙනෙක් හට ගමන්ගත හැකි අයුරින් නිපදවා ඇති මෙය හිස්ව ඇති විට බර ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් සියයක් හා පිරවූ විට කිලෝ ග්‍රෑම් එක්දහස් දෙසීයක් පමණ වන අතර අඩු බර ලියිට්වේට් කාණ්ඩයෙන් ගණන්ගැනේ. Engine යුගලයකින් සමන්විතවූ අතර ඉන් පළමුවැන්න වූ අශ්වබල එකසිය අසූවක Lycoming O-435 එන්ජිම පියාපත් හා ගුවන් යානා කොටසට බලය සැපයූ අතර දෙවැන්න වූ අශ්වබල විසිපහක Crosley එන්ජිම මෝටර් රථ කොටසට බලය සැපයීය. Prototype යුගලයක් නිපදවන ලද අතර ඉන් පළමුවැන්න පැයක ගුවන්කාලයකින් පසු ඉන්ධන අඩුවීම නිසා හදිසි ගොඩබැසීමක් සිදුකිරීමටවූ අතර එම හේතුවෙන් මෝටර් රථයේ බද කොටසත් එක් පියාපතකුත් විනාශවිය. ඉන් අනතුරුව හානියටපත් පියාපත අලුත්වැඩියා කොට නව මෝටර් රථයක් සවිකොට දෙවන prototype රථය නිපදවන ලදී. එයත් සාර්කථව ගුවන්ගත කරන ලදී. මෙය, The Aviator චිත්‍රපටියේ දැක්වෙන සමකාලීන Hughes H4 Hercules හට සාපේක්ෂව උන්නතාංශය (altitude) ලබාගත් බැව් කියවේ. Hughes H4 Hercules උන්නතාංශය ලබාගැනීමට සැලසුම් කර නොතිබුණු අතර ජල මට්ටමෙන් ඉහළට ගොස් නැවත පැමිණීම පමණක් එහි අරමුණුවූ බැව් කියැවේ. Convair Model 118 ඒකක එක් ලක්ෂ හැට දහසක් නිෂ්පාදනය කිරීමට හා එකක් ඇමරිකන් ඩොලර් එක් දහස් පන්සියයකට අලෙවි කිරීමට සමාගම සැලසුම් කොට තිබූ නමුත් පසුකාලීනව මෙම ව්‍යාපෘතිය සදහා වූ ළැදිකම අඩුවීම නිසා සමාගම විසින් මෙය නවතා දමන ලදී.

    Convair Model 116




    Ted Hall මහතා සැලසුම් කොට Convair සමාගම විසින් වර්ෂ 1946දී මෙය නිෂ්පාදනය කොට ඇත. එක් ඒකකයක් පමණක් නිපදවූ මෙය ගළවා වෙන් කල හැකි පියාපත් වලින් සමන්විත වන අතර අශ්ව බල අනූවක Franklin 4A4 එන්ජිමක් මගින් පනගැන්වන ලෙස අවරපෙත්තක්ද සමග නිෂ්පාදනය කොට ඇත. ද්විත්ව ආසන වලින් යුත් කාර් රථය අශ්ව බල විසි පහක Crosley එන්ජිමක් මගින් බලගැන්වේ. එන්ජිම මගින් රථය මහාමාර්ගයේ ධාවනය කොට ගුවන් ගත කිරීමට අවැසි වූ විට පියාපත් සවි කොට පියාසර කල හැකි අයුරින් මෙය නිමවා ඇත.

    AVE Mizar




    Henry Smolinski මහතා විසින් සැලසුම් කොට 1973 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ Advanced Vehicle Engineers (AVE) සමාගම විසින් මෙය නිෂ්පාදනය කොට ඇත. Ford Pinto මෝටර් රථයකට Cessna Skymaster ගුවන් යානයක පිටුපස කොටස් සවිකොට පියාපත් ගළවා වෙන් කල හැකි වන ලෙස මෙය නිර්මාණය කොට ඇත. අශ්ව බල දෙසියයක මෙය Continental IO-360-C එන්ජිමක් මගින් ගුවනේ පියාසර කරන අතර Ford Pinto රථයේ එන්ජිම මගින් මහාමාර්ගයේ ධාවනය වේ. ගුවන් ගත වීම සදහා මෝටර් රථයේ එන්ජිමත් ගුවන් යානයේ එන්ජිමත් යොදාගන්නා අතර ගුවන් ගත වීමෙන් අනතුරුව මෝටර් රථයේ එන්ජිම නවතා දමයි. අවශ්‍ය විට මෝටර් රථය ගුවන් යානා බදින් ඉතා ඉක්මනින් ගලවා ඉවත් කල හැකි ලෙස මෙය නිර්මාණය කොට ඇත. ඩොලර් 20,000-30,000 අතර මුදලකට මෙය වෙළදපොලට ඉදිරිපත් කිරීමට බලපොරොත්තුව සිට ඇති නමුත් අවාසනාවන්ත ලෙස ඇතිවූ කාර්මික දෝෂයකින් පසු නිෂ්පාදනය අත්හිටුවා ඇත.

    Rotabuggy

    Willys MB ජීප් රථයක් පියාසර කල හැකි ලෙස 1943 වර්ෂයේදී නිර්මාණය කර ඇත.


    XPeng HT Aero




    මෙය 2025 දී වෙළදපොලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන චීන සමාගමක නිෂ්පාදයකි.

    ඉහත දක්වා ඇත්තේ මෙවැනි නිර්මාණය කල හා වෙමින් පවතින නිමවුම් අතරින් ඉතා කීපයකි.

    විස්තර - අන්තර්ජාලය
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    (y)

    අහසින් යන්න හදපු සෝවියට් යුද ටැංකියකුත් තිබ්බා.හැබැයි prototype විතරයි
     
    • Like
    Reactions: Bowman