.
.
.
.
.
.
.
.
.
.
.
මෙම හුය පල කිරීමට මුල පිරුවේ දේශපාලන අදහසක් පැතිරවීමට හෝ ජාති භේදය ඇවිස්සීමේ අභිප්‍රායකින් වත් නොවන බව පළමුවෙන්ම සිහි තබා ගත මැනවි.
මාතෘකාව හෙවත් හෙඩිම ගැන සරලවම කියනවානම් මෙය ඉතා කාලීන (දැනට දශක කිහිපයක සිටම කාලීන වූ සහ අනාගතයේදීද කාලීන වන) නොහොත් කාලත්‍රයේම පැවති/පවතින ගැටළුවකි.
වත්මන් ශ්‍රී ලංකාව යනු ස්වයංපෝෂී අර්ථ ක්‍රමයක් ඇති රටක් නොවන බවට අටුවා ටීකා ටිප්පණි ඇවැසි නොවේ. ලංකාව ස්වයංපෝෂී අර්ථ ක්‍රමයක් කරා ළඟාවීම සිහිනයක් පමණක් බැව් බොහෝ උගතුන්(බුද්ධිමත් නොවන)හා පඬියන් විසින් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කියා සිටින බවද නොරහසකි.
කෙසේ වතුදු මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ලංකාව ස්වයංපෝෂී කිරීමේ ක්‍රමවේදයක් ගැන නොවේ. එසේ නොවීම නිසාවෙන් පැන නැගී ඇති තවත් එක් ඛේදාන්තයක් ගැනයි.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය පැමිණෙන ප්‍රධාන මාර්ගයක් ලෙස මැදපෙරදිග රැකියා හඳුනාගත හැක.
බොහෝවිට දුප්පත්කම නිසාවෙන් ශ්‍රී ලාංකික තරුණියන් සහ කාන්තාවන් බොහෝදෙනා මැදපෙරදිග රැකියා සඳහා යොමුවීමට ප්‍රවණතාවයක් දක්වනු ලබයි.
පඳුරකට පයින් ගැසූ කලෙක විදේශ රැකියා ඒජන්සි කරුවන් හතර පස් දෙනෙක් විසිවන තරමටම දිවයින පුරා විදේශ රැකියා ඒජන්සි වැසි වැස තිබේ. මේවයින් කීයෙන් කීයක් නීත්‍යානුකූල දැයි සොයා බැලීම වටනේය.(නමුත් එවැනි දෙයක් සිදුවන්නේ එහෙමත් කලකින්ය.)
මෙම හොර ඒජන්සි කරුවන් තමන් ලඟට පැමිණෙන අයවලුන් ගෙන් කිසිදු මුදලක් අය නොකරයි. එමෙන්ම සියලු හොර සහතික ඔවුන් විසින් සපයනු ලබයි.
ඊට අමතරව රු. ලක්ෂ දෙකහමාරක පමණ උපරිමයකට යටත්ව එම කතුන් හට ගමන් වියදම් ලබා දීමටද මෙම ඒජන්සි කරුවන් නොපැකිලෙත්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නොමැති මොවුන් මෙසේ කරන්නේ කෙසේදැයි හා ඇයිදැයි යන්න ඕනෑම කෙනෙකුගේ සිතේ පැන නැගෙනා සාධාරණ සැකයකි. මෙසේ හොර ඒජන්සි හරහා ඕනෑ තරම් අඩු වයස් දැරියන්ද මැද පෙරදිග පැටවෙනු ලබයි. මීට වසර කලකට පෙර සෞදියේදී , මිනිසුන් හට නොව කුණු බුදිනා ඌරන් හට වත් නොසරිලන අන්දමේ පහත් ෂරියා නීතියේ බිල්ලක්ව ගෙල සිඳලා මරා දැමුණු අපේ රිසානා සොයුරිය ගැන නැවත මතක් කරදෙනු කැමැත්තෙමි.(දැන් බොහෝ දෙනාට මේ සිදුවීම අමතකව ගොස් ඇති බව අරුමයක් නොවේ.) මැද පෙරදිග සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් අතුරුදහන් වීම හා අභිරහස් ලෙස මරණයට පත්වීම සබැඳි පුවත් නිතර පාහේ පුවත් පත් වල දැකිය හැක. ඒ මෙරටට වාර්තා වන සිදුවීම් පමණකි. අප නොදන්නා විදුවීම් කීයෙන් කීයක් ඇත්දැයි සිතාගැනීම පවා උගහටය. මැදපෙරදිග සේවය සඳහා යන කාන්තාවන් සාම 4 දෙනෙක් ගෙන්ම එක් අයෙක් හිංසාවට ලක් වන බව වසර 2013 දී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. දිනකට පැය 18ක් පමණ නොකඩවා සේවය කරන මොවුන් හට සමහර විටෙක ගෙහිමියන් විසින් ආහාර පවා දීම ප්‍රතික්ෂේප කරනු ලබයි.
ආර්ථිකය සවිමත් කරගනු වස් මැදපෙරදිග බලා පියාසලන අපගේ කිරිල්ලියන් හට, වාලුකාවේ කාමාග්නියෙන් දැවෙනා සිය හාම්පුතුන්ගේ තිරිසන්, පහත් ආශාවන් සපුරාලීමට සිදුවන අවස්ථාවන්ද එමටය.එසේ ගෙහිමියාගේ ලිංගික අතවර වලට ලක්වන ඈ, එපවත හාම්පුතාගේ බිරියට ආරංචි වූ විටෙක ඇයගෙන්ද ගුටිබැට ලැබීමට තරම් අවාසනාවන්ත වෙයි. කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව අසරණ වන ඇය ගැන අඩුම තරමේ ඇය එහි සිට හා දුක් විඳ මෙරටට එවනා මුදලින් සුර සැප විඳිනා, රට කරවන ඇත්තන් වත් කතා නොකිරීම ඇත්තෙන්ම ලැජ්ජාවට කරුණකි. විදේශ සහයෝගීතාව බිඳේ යැයි බියෙන් මෙවන් නරුම පාහර ක්‍රියාවන්ට එරෙහිව එදා මෙදා තුර පැවති කිසිදු පාලන තන්ත්රයක් වදනක් හෝ ප්‍රකාශ නොකරන ලදී.
එය සමාන වන්නේ සිය අසල්වැසියෙකු හිත අමනාප කරගනී යැයි බියෙන් හෝ උගේ මුදල් වලට කෑදර කමින් සිය සොයුරිය, දියණිය උන්ගේ බැලමෙහෙවරට යැවීම වැනි ක්‍රියාවකටය.
රටේ සාමාන්‍ය ජනතාවගේ මුදලින් සිය කුස පුරවාගන්නා, එම මුදල් වලින් සුර සැප විඳිනා, සුවපහසු යාන වාහන වල නැගී සත් පිරිවර මැද වැජඹෙන අපගේ ජනතා සේවකයින් මේ ගැන කතා කරන්නේ ඔවුන් විරුද්ධ පක්ෂයේ සිටිනා තාක් කල් පමණකි. නමුත් කිසිවෙකු මේ වෙනුවෙන් තමුන් බලයේ සිටිනා විටෙක ක්‍රියාකාරී වනු අප දැක ඇත්දැයි සැකයක් පවතී. රිසානා යනු මේ ඛිෙදවාචකයේ එක පැතිකඩක් පමණි. තවදුරටත් කාන්තා ශ්‍රමය මගින් මුදල් සෙවීමට සිතන ආණ්ඩුවක් පවතින තුරු රිසානාලා මියයාම, ආරියවතීලාට ඇණ ගැසීම, සුරේඛලාගේ මිනිය මෙරටට ඒම සිදුවීම වැලැක්වීම උගහටය. 2012 වර්ෂයේදී පමණක් මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටි කාන්තා මළ සිරුරු 436ක් මෙරටට ගෙන එන ලදී. විදේශගත වන කාන්තාවගේ වයස අවුරුදු 25ට වැඩිවිය යුතුයි කී පමණින් ආණ්ඩුවට ඇඟ බේරාගැනීමට නොහැක. අවුරුදු 25ට වැඩි කාන්තාව සෞදි ගියත් කාන්තාවන් ලක්වන පීඩාවන්වල වෙනසක් සිදුවනවා යයි සිතීම හුදෙක් හිතළුවක් පමණි.
කාන්තාවන් විදේශගත වන්නේ ඇයි කියන ප්රශ්නය අපි අපෙන්ම අසාගත යුතුය.එමෙන්ම කාන්තාවන් විදේශගත වන්නේ ඇයි යන හේතුව සොයා බලා විසඳුම් ලබාදිය යුතුය. තවදුරටත් කාන්තා ශ්‍රමයෙන් ජීවත් නොවී මිනිසුන්ගේ ජීවිත සාර්ථක කරන වැඩපිළිවෙළක් අවශ්‍ය බව රට කරවන ඇත්තන්ට නොපෙනෙන්නේ ඇයිදැයි මලිත්තා පුදුම වෙයි. සමහරවිටෙක ඔවුන් හට ඒ ගැන ඒ හැටි දැනුමක් නොමැති නිසාවෙන් විය හැකිය. එසේ නම් එහෙව් දැනුමක් ඇති මිනිසුන් එම තැන් වලට නොපැමිණෙන්නේ කිමද යන පැනය මතු වෙයි. නමුත් මෙවර අපට කිසිවෙකු හට ඇඟිල්ලක් දික් කළ නොහැක්කේ ඔවුන්ව පත් කරගන්නේ අප විසින්ම වන බැවිනි.....
ඔබහට සිතන්නට යමක් ඉතිරි කොට මලිත්තා දැනට සමුගනිමි.............

දරු පවුල රකිනු වස්
දිවි උගසට තබා
ඩිනාරය ඉදිරියේ
දණ නැමූ
සුල්තාන්ගේ වහළිය.............................
තෙරක් නොපෙනෙන වාලුකාවේ
රන් රුවන් නෙක සොයන අටියෙන්
පැමිණියේ නුඹ නික්ම නිවසින්
රුදුරු සපුනගෙ විෂ දළ පහරින්
සියුමැළි පියුමුපුල පෙති එකිනෙක
සිදී ගියහැටි....
හීනයක් මෙන් සියලු සිතිවිලි
දෑස් ඉදිරියේ බොඳව යත්දී
හෙට දවස වත් එළි කරනු වස්
මෑණියන් ගැන සිහින් දකිනා
කිරට හඬනා පුංචි උන්ගේ ....
ඉවසමියි මේ නේක වධ හැම
ගලක් මෙන් සිත එඩි වඩාගෙන
මුහුණ දුන්නී වැලි කුණාටුව
හමා යත්දී ගත දවාගෙන..........
රජ මැදුරු වල සීත කාමර
පිරී ඇත වදනින් ළයාදර
දෙසබිමන යයි දෝර ගලමින
සේවෙ කොරමුය මහ දනට අපි
අපෙ පොකැට්ටුව හිස් කරන් හරි
මහා සභාවන් නිති පැවැත්වෙති
රටේ හෙට ගැන තීරණද ගති
අනේ සොයුරිය ඒ උනත් මෙහි
උන්ට නුඹ ගැන කිසි වගක් නැති.......

) 