පළාත් 5ක් දකින්න පුළුවන් ලංකාවේ එකම තැන

chootid

Member
Jun 4, 2013
178
84
0
පළාත් 5ක් දකින්න පුළුවන් ලංකාවේ එකම තැන

lipton-seat04.jpg


ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ සුන්දරම තැන් වලින් එකක්. ලංකාවේ තේ ලෝකය හදුනන්නේ ‘ලිප්ටන් තේ’ කියලයි. ලිප්ටන් ගේ තේ වත්ත තියෙන්නේ හපුතලේ දඹේතැන්න – බණ්ඩාරවෙල පූනාගල අතර කදු ඉස්මත්තාවේ.
lipton-seat12.jpg


ස්වභාවික සුන්දරත්වය විතරක් නොවෙයි, එදා ලංකාවේ වැවිලි රාජ්‍යයේ හැඩ රුව කියන ජනප්‍රවාදයන් නිසා ම මේ තැන බලන්නට එන පිරිස විශාලයි.
lipton-seat11.jpg


ලෝකයේ රසම තේ විදිහට එදා එංගලන්තයේ බොහෝ දෙනෙක් සැලකුවේ ලිප්ටන් ගේ තේ වත්තේ තේ කොලයි. අදටත් ලිප්ටන් නාමය තේ ලොවේ ඉහළම තැනක වැජබෙනවා. අද අපි මේ විස්තරය කියන්නේ ලිප්ටන් ගේ තේ වත්තේ තියෙන ‘ලිප්ටන් සීට්’ ගැනයි.

lipton-seat10.jpg


lipton-seat13.jpg


ඉස්සෙල්ලම අපි ලිප්ටන් සීට් යන්නේ කොහොමද කියලා බලමු. පාරවල් දෙකක් තියෙනවා. එකක් හපුතලේ සිට දඹේතැන්න හරහා වැටී තිබෙන අතිශයින් සුන්දර, කදු වැටි අතරින් දිවෙන නමුත් ඉතාමත් මනාවට අදත් නඩත්තුවෙන පාර. ‍එහෙම නැත්තම් බණ්ඩාරවෙල පූනාගල පාරේ නායබැද්ද වත්ත මැදින් වැටී තිබෙන කිලෝ මීටර 6 ක් දුර පාර. පාරවල් දෙකෙන් වැඩිය ලස්සන කුමක්ද කියන එක නම් මීදුම් වලා මැද ඉන්න සුරංගනාවියන් වත් දන්නේ නැතිව ඇති.

ලිප්ටන් සීට් කියන්නේ කඳු නිම්න තුනක් එකිනෙක හමුවෙන ඉතාම පටු කදු මුදුනක්. තෝමස් ලිප්ටන් දඹේතැන්න වත්ත මිලදී ගෙන එහි සුන්දරත්වය විදිමින් ගත කළ ස්ථානයට මෙතැන යැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. ලංකාවේ ජීවත් වූ සෑම කාල වකවානු වල දී බොහෝ සැදෑ සමයන් හි ඔහු මෙම ස්ථනායට පැමිණි විනෝද වූ බවත් තමන්ගේ විදේශීය මිතුරන් තමන්ගේ තේ වත්තේ අතිශයින්ම සුන්දර ස්ථානය වෙත රැගෙන විත් සාද පැවැත්වූ බවත් කියවෙනවා. එදා යුරෝපයේ ලිප්ටන් තේ ගැන කියන කොට ඒ තේ නිපදවෙන අතිශයින් සුන්දර වටපිටාව ගැනත් සදහන් කරන්නට එයත් එක් හේතුවක් වෙලා තිබුණා.

ලංකාවට තේ වගාව හදුන්වලා දුන්න ජේම්ස් ටේලර් සමග එක්වෙලා පසුකාලයක “සර් ‍තෝමස් ජේ. ලිප්ටන්” ලංකාවේ තේ යුරෝපයට රැගෙන ගියා. ඒ අතර ඔහු දඹේතැන්නට පැමිණ එහි දැවැන්ත වතු යායක් සංවර්ධනය කළා. ලිප්ටන් සීට් වටේටම තියෙන්නේ ඒ තෝමස් ජේ ලිප්ටන් ගේ තේ වත්ත තමයි. හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වාම මේ තේ වත්තත් එයට අනුබද්ධ තේ වගාවත් පැතිර තිබෙනවා. දඹේතැන්න තමයි, ලංකාවේ ලොකුම තේ කම්හල පිහිටලා තියෙන්නෙත්. කාලයක් ලෝකයේ හොඳම කළු තේ නිශ්පාදන කම්හල කියලයි හඳුන්වන්නේ.

lipton-seat03.jpg


මේ දඹතැන්න වතුයාය අක්කර 925 ක් වෙනවා. කිසිම විවාදයක් නෑ. වත්තේ තියෙන සුන්දරම ස්ථානය තමයි, අංශක 360 ක දර්ශනයක් බලාගන්න පුඵවන් වත්තේ උසම ස්ථානය.

lipton-seat23.jpg


lipton-seat16.jpg


lipton-seat01.jpg


මීදුම නැති දවසක ලිප්ටන් සීට් හි සිට ඌව, සබරගමුව, දකුණ, නැගෙනහිර, සහ මධ්‍යම පළාත් එක වර බලන්නට පුඵවන්. හැබැයි ඒකට වාසනාවක් තියෙන්න ඕනි. මීදුම නැති දවසක් මෙතැනට ගියොත් විතරයි ඒ වාසනාව උදා වෙන්නේ. සාමාන්‍යයෙන් ජනවාරි සිට මාර්තු දක්වා දවල් සහ සවස ලිප්ටන් සීටි හි සිට දෙව්ලොවට ඇත්තේ අත දිගු කරන දුරක් විතරයි.

සවස හා අලුයම් කාලයේ මීදුම නැති වෙලාවට දෙවිනුවර ප‍්‍රදීපාගාරයේ එළිය මෙන්ම ත‍්‍රිකුණාමලයේ හා කිරින්දේ ප‍්‍රදීපාගාර යන්හි එළිය ද මෙතෙනට පෙනෙනවා.

ඒ වෙලාවට ඇවිල්ලා මීදුම නොතිබුනොත් මධ්‍යම පළාතේ නුවරඑළිය පැත්තත්, සබරගමුවේ ශ්‍රී පාදය ඒ වගේම ඇහැළියගොඩ පැත්තත්, නැගෙනහිර පළාතේ මඩකලපුව පැත්තත්, දකුනේ අළුතින් හදපු වරාය හරියත් බදුල්ල පැත්තත් හුඟාක් ලස්සනට බලන්න පුළුවන්.

lipton-seat08.jpg


lipton-seat02.jpg


ලිප්ටන් සවසට මෙතතනට ඇවිත් තමන්ගේ වත්තේ නව යොවුන් තරුණියන් සමග විනෝද වූ බවත් කි‍යවෙනවා. එදා වතු සංස්කෘතියේ අංගයක් වුන ඉඩම්, දේපළ පමණක් නොව එහි ජීවත් වු සතා සිව්පාද, ඉන්දියාවෙන් ගෙන්වා ගනු ලැබූ ‘කම්කරුවන්ද’ තමන්ගේ දේපලක් ලෙස ලිප්ටන් විසින් පාලනය කළ බව කියවෙනවා.

මෙහි තවත් පැත්තක් තිබෙනවා. ලිප්ටන් සීට් එකෙන් හැතපුම් හතරක් විතර දුරින් කැතරින් සීට් නමින් තවත් මෙවැනිම සුන්දර ස්ථානයක් පවතිනවා. කැතරින් කියන්නේ ලිප්ටන් ගේ විවාහක බිරිද. තමන්ගේ ස්වාමියා ලිප්ටන් ස්ථානයේ නව යොවුන් තරුණියන් එක්ක විනෝද වන විට කැතරින් ‘කැතරින් සීට්’ වෙත ගොස් දුකින් කල් ගෙව්වා කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. කැතරීන් සීට් ගැන පස්සේ ලියන්නම්. ඒ අතර තුර දඹේතැන්නට යනවා නම් ලිප්ටන් ගේ අසුන විතරක් නොවෙයි, කැතරින් ගේ අසුනත් බලාගෙනම එන්න අමතක කරන්න එපා. සීත කබායකුත්, හොද සුව පහසු සපත්තු දෙකකුත් ඇත්නම් මේ දුර පයින් ගිහින් ජීවිතේ සුන්දරම ඇවිදීමක් කර ගන්නටත් පුඵවන්.

තවත් දෙයක්, ලිප්ටන් සීටී ආසන්නටම ජීප්, වෑන් විතරක් නොවෙයි කාර් එකකින් වුනත් යන්නට පුඵවන්. කලු තේ බොන්නට පුංචි අවන්හලක් ද මෙතන තියෙනවා.


කීර්ති තෙන්නකෝන්
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට ත්‍රෙඩ් එක
    අපි ගිය දවසේ මීදුම බන් මෙලෝ දෙයක් පෙනුනේ නෑ

    :(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යන්ට ඕනි බන්.. ඒ පැත්තේ ගොඩක් ගිහින් තිබුනට, මේක අහල තිබ්බට, මේ වගේ සීන් එකක් කියල දන්නෙ නැහැ. විස්තර දැනුයි දැනගත්තේ.. යන්න ඕනි ඊළග පාර අනිවා...

    එලස් +13
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩක් නෑ කතා කරලා නම් මෙතුවක් කල් ජිවිතේ ගියපු ලස්සනම තැන් වලින් එකක් තමා මේ...... අපි ගියා ගිය මැයි 30 වෙනිදා උදේ වරුවේ..... ගියේ බණ්ඩාරවෙල පූනාගල පාරේ නායබැද්ද වත්ත පාරේ & ආයේ ආවේ හපුතලේට වැටෙන පාරේ..... යන්න යන්න දැනුනේ දිව්‍යලොකේට යනවා වාගෙයි & උඩට ගියාම මේ දිව්‍යලෝකේද කියලත් හිතෙනවා.... ;) එතරමටම ලස්සනයි......

    දැන් තේ වතු ටික කරන්නේ නම් ලංකෙම් එකෙන් ඔය දාලා තියෙනවා වගේම.......

    මම දැනගෙන හිටියෙනම් නෑ මෙතනට පළාත් 5 ක් පේනවා කියලා....... 5 ක් තියා එකක්වත් හරිහැටි පෙනුනේ නෑ වලාකුළු හින්දා.......:sorry: මේ පෙන්වා පල්ලෙහා තප්පරෙන් ආයේ වැහිලා යනවා....

    ඔතන තියෙන කඩෙන් රොටි, පැටිස් කාලා තේ බිව්වා...... හම්මා එව්වත් සුපිරි..... මම නම් රොටි 4 ක් ම කෑවා රසටම....... පරාටා රොටි වගේ ටිකක් තුනී රොටි & එකටම කැපෙන ලුණුමිරිස ලොවෙත් නෑ..... කඩේට Tripadvisor එකෙන් සහතිකයක් පවා හම්බෙලා තියෙනවා......

    කට්ටියම එකතු වෙලා ගෘප් ෆොටෝ එකක් ගන්න ගිහින් තමා අමාරුම වැඩේ උනේ...... අව්වක් ආවා ආයේ ඔලුව උස්සලා බලන්න බෑ ඇස් පිච්චෙනවා වගේ අව්ව සැරට.......


    IMG_0407.jpg

    IMG_0408.jpg

    IMG_0445.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යන්ට ඕනි බන්.. ඒ පැත්තේ ගොඩක් ගිහින් තිබුනට, මේක අහල තිබ්බට, මේ වගේ සීන් එකක් කියල දන්නෙ නැහැ. විස්තර දැනුයි දැනගත්තේ.. යන්න ඕනි ඊළග පාර අනිවා...

    එලස් +13

    පැනපිය ලිඳේ........ තෝ මට ට්‍රිප යන්න කලින් අඩ්වයිස් දුන්නේ මේ පළාත කාලා වතුර බිලා දිරවගන්න බැරුව ඉන්න එකා වගේනේ........ :lol::lol: