බිරිඳ_දම්වැලකින් බැඳ පාරේ ගෙන යන කෝටිපති&#3514

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බිරිඳ_දම්වැලකින් බැඳ පාරේ ගෙන යන කෝටිපති&#3514

    ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කෝස්ට්හි සුප‍්‍රකට දුම්කොළ ව්‍යාපාරිකයකු වන ට‍්‍රැවර්ස් බේනන් ලොව පුරා ප‍්‍රකටව සිටින්නේ අධික ලෙස වියදම් කරන, සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන පුද්ගලයකු ලෙසය. කැන්ඩිමෑන් සහ දුම්කොළ රජු යන අන්වර්ථ නාමයෙන් තමා හ`දුන්වාගන්නා ඔහු ෆෙරාරි, ලැම්බොගිනි, රොල්ස් රොයිස් වැනි වාහන එකතුකිරීම තම විනෝදාංශය බවට පත්කරගෙන තිබෙනවා. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විටින් විට තමා ගෙවන සුඛෝපභෝගී ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කෙරෙන ඡුායාරූප හා ප‍්‍රකාශ නිකුත් කරන ඔහු සමාජයට විහිළු සපයන්නකු ලෙස විවේචනයට ලක්වෙනවා.

    99.jpg


    පසුගිය දිනවල ඔහු පිළිබ`ද කථාබහක් ඇතිවූයේ සමාජ වෙබ් අඩවි හරහා ඔහු පළකළ ඡුායාරූපයක් හේතුවෙන්. තම බිරිය වන ටාෂියා සහ ඔහුගේ තවත් පෙම්වතියක සුනඛයන් ලෙස බැ`දගෙන සහභාගීවූ අශිෂ්ට සාදයක ගන්නා ලද ඡුායාරූප ඔහු සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රකාශයට පත් කර තිබූ අතර එය දැඩි විවේචනයට ලක් වුණා. බේනන් එම කි‍්‍රයාවේ නිරත වූයේ තමාගේ හා ටාෂියාගේ දරුවන් ඉදිරියේ වීම ඔහුට විවේචන වැඩියෙන් එල්ල වීමට බලපෑවා.

    fgi.jpg


    කලකට ඉහත සුපිරි නිරූපන ශිල්පියකු ලෙස ප‍්‍රකටව සිටි බේනන් මේ වන විට කෝටිපති දුම්කොළ ව්‍යාපාරිකයෙක්. බේනන් කලින් විවාහ වී සිටියේ ලෝක රූ රැුජනක වූ නිනිබෙත් සමඟයි. ඔහුට ඇය හමුවූයේ නිරූපන චාරිකාවක් ස`දහා විදේශගතවූ අවස්ථාවකය.

    5656.jpg


    එවක බේනන්ද නිරූපන ශිල්පියකු වූ අතර දෙදෙනා නිරූපන කලාව තුළින් හ`දුනාගෙන තිබුණා. බේනන්ගේ පියා දුම්කොළ ව්‍යාපාරිකයකු වූ අතර බේනන් තම පියාගේ අඩිපාරේ යමින් දුම්කොළ ව්‍යාපාරයට එක්වුණා. හියු හෙෆ්නර්, ඩැන් බිල්සරියන් මෙන් බේනන්ද ලොව පුරා ප‍්‍රකටව ඇත්තේ සෙල්ලක්කාරයකු ලෙසයි. කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් සමඟ සෙල්ලක්කාර දිවියක් ගතකරන ඔහු ඒ ස`දහා විශාල මන්දිරයක්ද නිර්මාණය කොට තිබෙනවා. එය නම් කොට ඇත්තේ කැන්ඩිෂොප් මන්දිරය ලෙසින්. එහි වටිනාකම ඩොලර් මිලියන 3.7ක්. ඔස්ටේ‍්‍රලියාවේ දැනට කි‍්‍රයාත්මක දුම්කොළ සම්බන්ධ නීති දැඩි ලෙස විවේචනයට ලක් කරන බේනන් තම කැන්ඩිෂොප් මන්දිරයේදී නෙත් කොණින් බලන අඩ නිරුවත් ල`දුන්ගේ පහස සහ දුම්කොළ නිෂ්පාදනවල රසය බැලීමටත් අවස්ථාව උදා කර ඇතැයි කියා සිටියා.

    තම ප‍්‍රථම බිරියගෙන් වෙන්වූ බේනන් දෙවන වරට ටාෂියා සමඟ විවාහ වුණා. දරුවන් සිව් දෙනකු සිටින බේනන්ගේ දවස වැඩිවශයෙන් ගෙවෙන්නේ ඔහුගේ කැන්ඩිෂොප් සුරඟනන් සමඟයි. කැන්ඩිෂොප් මන්දිරයේ සිටින බොහෝ කාන්තාවන් ඉතා ලාබාල නිරූපිකාවන්. වරින්වර ඔහුට හමුවන සුරූපිනියන් තම කැන්ඩිෂොප් මන්දිරයට බ`දවා ගන්නා බේනන් ඔවුන් කැන්ඩිෂොප් දේවතාවියන් ලෙස කිරුළු පළ`දනවා.‘‘මගේ අරමුණ වන්නේ ඩිස්නිලන්තයට සමාන අයුරින් වැඩිහිටියන්ට සතුට ගෙන එන පි‍්‍රය සම්භාෂණ වැඩි වැඩියෙන් පැවැත්වීමයි. මගේ සතුට මේ මන්දිරයට පැමිණෙන පිරිස උපරිමයෙන් සතුටු වනු දැකීමයිි.’’ යනුවෙන් බේනන් පවසනවා.

    67.jpg


    ඔහුගේ කැන්ඩි ෂොප් මන්දිරයේ ආරක්ෂකයන් කුරු මිනිසුන් වන අතර ඔවුන්ගේ නිළ ඇ`දුම රෝමන් සොල්දාදුවන්ගේ නිළ ඇ`දුමට සමාන ආකාරයට සකස් කළ එකක්. නාන තටාක සම්භාෂණ පැවැත්වීම ඔහුගේ විනෝදාංශයක් වන අතර ඒ ස`දහා සුරූපි කාන්තාවන් විශාල පිරිසක් සම්බන්ධ කරගැනීමට ඔහු පසුබට වන්නේ නැහැ. ඔවුන් ලවා තම සිරුරේ විවිධ ආලේපන තවරා ගැනීම, බියර්වලින් දෝවනය කර ගැනීම වැනි විවිධ කි‍්‍රයාවල නිරත වීමට ඔහු කැමතියි. පසුගියදා ඔහු පැවැත්වූ එවන් සාදයක් ස`දහා ඩොලර් මිලියන දෙකක් වැය කොට තිබුණා. වරක් එක් කාන්තාවක සමඟ ඡුායාරූපයක් ගැනීම ස`දහා ඔහු මල් 30,000ක් ඇනැවුම් කර සිටියා. එකවර කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ යහන්ගතවීමද ඔහුගේ තවත් විනෝදාංශයක්. එවැනි සම්භාෂණවල හා කාන්තාවන් සමඟ සිටින දර්ශන ඡුායාරූප ගතකොට ඒවා සමාජ වෙබ් අඩවිවල පළකිරීම මගින් මේ පුද්ගලයා විශාල තෘප්තියක් ලබන බව පෙනී යනවා. බොහෝ විට මෙය උන්මාදයක් විය හැකියි. තමන් සතු ධනය වියදම් කළ යුත්තේ කුමක් ස`දහාදැයි යන්න පිළිබ`ද අවබෝධයක් ඇතැම් ධන කුවේරයන්ට නැහැ. පිරිසක් එදා වේල සොයාගත නොහැකිව සිටිද්දී තවත් පිරිසක් දිනකට මිලියන ගණනින් නිකරුණේ වැය කරමින් තම සිරුරට උපරිම සතුට ලබා දෙනවා. බේනන්ගේ චරිතයෙන්ද ප‍්‍රකට වන්නේ එවැන්නක්.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කොයි තරම් සල්ලි තිබ්බත් වැඩක් තියේද බන් මානසික ලෙඩෙක් නම්........
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    Dan Bil thama kariya muta wada..:D

    ow ban uta Guns and weapons walata permission thiyanawa, eth Australiawen muta permission nane.
    Dan vegan casino poker walin thamai wadiyen hamba karanne.
    eth mu muge company walin ne.
    patta ithin munge jiwitha