Murad Osmann කියන්නෙ රුසියානු ජාතික ඡායාරූප ශිල්පියෙක්. Nataly Zokharova එයාගෙ ආදරණිය පෙම්වතිය. මේ දෙන්නා ලෝකේ බෝහෝ තැන්වල සංචාරය කරලා ඒ ඡායාරූප FB එකට සහ ඔවුන්ගේ Instagram Account එකට යොමු කරන්න කටයුතු කළා. ඒත් ඒ හැමෝම ගන්න විදියෙ ඡායාරූප නෙමෙයි එතැන දකින්න ලැබුණෙ. වෙනමම විදියෙ Concept එකක් ඇතුළෙ ඉඳලා තමයි මේ අය සිහලු කටයුතු සිදුකලේ. සංචාරක ඡායාරූප ශිල්පියෙක් විදියට Murad තමන්ගෙ ඡායාරූප ස්වභාවික වැදගත්කමකින් වගේම සංස්කෘතිමය වශයෙන් වැදගත්, එහෙමත් නැත්නම් සෞන්දර්යාත්මක අගයක් ගන්නා ස්ථානවලදී ලබා ගන්නත් හැකි තරම් උත්සාහ අරගෙන තියෙන බව ඡායාරූප දිහා බලද්දි හොඳට පේන්න තියෙන කාරණාවක්.
ඒත් ඒ කිසිම මොහොතක ඔහු තමන්ගෙ පෙම්වතියව නම් අමතක කළේ නෑ. ඡායාරූප සියල්ලන්ගෙම නිර්මාණ අයිතිය ඔහු සතු වුණාට ඒ සෑම ඡායාරූපයකම නිර්මාණය වුණේ Murad ගෙ පෙම්වතිය වුණු Nataly. Follow Me කියන මේ නිර්මාණාත්මක ඡායාරූප දැන් ලෝකය පුරා ජනප්රිය වෙමින් පවතිනවා. සමහර විට තවත් නොබෝ දිනකින් තව තව අය මේ විදියට ඡායාරූප අරගෙන FB එකට Upload කරන්න බැරිකමක් නෑ.. ඒත් හිතන්න ඕන එක දෙයක් තමයි කවුරුවත් තව කෙනෙක් කරන දෙයක් කළාට කෙනෙක්ට තවත් කෙනෙක් වෙන්න බෑ කියන එක..
ඔක්කෝම ඡායාරූප මෙතනින් ගිහින් බලන්න..
https://instagram.com/muradosmann/