මහින්ද Stage නොනඟින හේතුව මෙන්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් 21 වැනිදා වනතුරු ප්රසිද්ධ වේදිකාවට එක් නොවන බව වාර්තා වේ. ඒ සුප්රසිද්ධ ජ්යෝතීර්වේදියෙකුගේ උපදෙස් මතය. එම ජ්යෝතීර්වේදියාට අනුව එම දිනයට පෙර ප්රසිද්ධ වේදිකාවට නැගීම මහින්ද රාජපක්ෂට බරපතල අනතුරු ඇතිවීමට සහ මහජනයා අතර තවදුරටත් පිරිහීමට හේතුවක් වේ.
මාස කිහිපයක සිට විමල්-වාසු-දිනේෂ්-ගම්මන්පිල දේශපාලන අනාථ කල්ලිය සහ ශ්රීලනිපයේ මහින්ද හිතවාදීන් සංවිධානය කරන රැස්වීම්වල වේදිකාවට ගොඩ නොවන්නේ මේ හේතුව නිසාය. එම රැස්වීම් සංවිධායකයන් සෑම රැස්වීමකදීම මහින්ද සහභාගි වන බව ප්රකාශ කළද කිසිදු රැස්වීමක වෙදිකාවට මහින්ද නොපැමිණියේය. මාතර පැවති රැස්විමේදීද සංවිධායකයන් ජනතාව රැස්කර ගැනීම සඳහා මහින්ද වේදිකාවට ගොඩවන බව පැවසුවද මහින්ද ජනතාව අතර සුළු වේලාවක් රැඳී සිට නික්ම ගියේය.
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද පරාජයට පත්වන බව ප්රකාශ කර ඇති මෙම ප්රකට ජ්යොතීර්වේදියා මහින්ද රාජපක්ෂගේ අපලය වෙනුවෙන් සිදුකළ යුතු යාතුකර්ම සම්බන්ධයෙන් උපදෙස් දී ඇති අතර හිටපු ජනාධිපතිවරයා මේ දිනවල පසුවන්නේ එම කටයුතු සිදු කරමිනි. අදාල ජ්යොතීර්වේදියාගේ උපදෙස් මත මේ වනවිට විශේෂ සුරයක් ජප කිරීමේ කටයුතු සිදුකරමින් සිටී. එසේම අදාල ජ්යොතීර්වේදියා ප්රකාශ කර ඇත්තේ පංසල් ගානේ යමින් සිදුකර බෝධිපූජා කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙසයි.
මෙම සුප්රසිද්ධ ජ්යෝතීර්වේදියාට අනුව මහින්දට නැවත බලයට පැමිණිය හැකි වන්නේ තවත් වසර 21 කට පසුවයි. ඒ වනවිට මහින්දට වයස අනූවද ඉක්මවනු ඇත. එතෙක් තමාගේ උපදෙස් මත කටයුතු කරන්නේ නම් ජනතාවගේ පිළිකුලට භාජනය නොවී සිටිය හැකි බවට ඔහු උපදෙස් දී තිබේ.
මේ අනුව ජ්යෝතීර්වේදය හිස මුදුණින් පිළිගන්නා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීමේ තම සිහිනය අත්හැර ඇති අතර දැන් ඔහුගේ බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ තම පුත් නාමල් රාජපක්ෂගේ අනාගත දේශපාලනය සුරක්ෂිත කොට ඔහුව බලයට පත්කිරීමයි.

ane mehemath mithyadrushtikayek..moota kade yana unuth mehema wenna athi..