මහින්ද Stage නොනඟින හේතුව මෙන්න

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මහින්ද Stage නොනඟින හේතුව මෙන්න

    z_p10-may1.jpg


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් 21 වැනිදා වනතුරු ප්‍රසිද්ධ වේදිකාවට එක් නොවන බව වාර්තා වේ. ඒ සුප්‍රසිද්ධ ජ්‍යෝතීර්වේදියෙකුගේ උපදෙස් මතය. එම ජ්‍යෝතීර්වේදියාට අනුව එම දිනයට පෙර ප්‍රසිද්ධ වේදිකාවට නැගීම මහින්ද රාජපක්ෂට බරපතල අනතුරු ඇතිවීමට සහ මහජනයා අතර තවදුරටත් පිරිහීමට හේතුවක් වේ.

    මාස කිහිපයක සිට විමල්-වාසු-දිනේෂ්-ගම්මන්පිල දේශපාලන අනාථ කල්ලිය සහ ශ්‍රීලනිපයේ මහින්ද හිතවාදීන් සංවිධානය කරන රැස්වීම්වල වේදිකාවට ගොඩ නොවන්නේ මේ හේතුව නිසාය. එම රැස්වීම් සංවිධායකයන් සෑම රැස්වීමකදීම මහින්ද සහභාගි වන බව ප්‍රකාශ කළද කිසිදු රැස්වීමක වෙදිකාවට මහින්ද නොපැමිණියේය. මාතර පැවති රැස්විමේදීද සංවිධායකයන් ජනතාව රැස්කර ගැනීම සඳහා මහින්ද වේදිකාවට ගොඩවන බව පැවසුවද මහින්ද ජනතාව අතර සුළු වේලාවක් රැඳී සිට නික්ම ගියේය.

    පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද පරාජයට පත්වන බව ප්‍රකාශ කර ඇති මෙම ප්‍රකට ජ්‍යොතීර්වේදියා මහින්ද රාජපක්ෂගේ අපලය වෙනුවෙන් සිදුකළ යුතු යාතුකර්ම සම්බන්ධයෙන් උපදෙස් දී ඇති අතර හිටපු ජනාධිපතිවරයා මේ දිනවල පසුවන්නේ එම කටයුතු සිදු කරමිනි. අදාල ජ්‍යොතීර්වේදියාගේ උපදෙස් මත මේ වනවිට විශේෂ සුරයක් ජප කිරීමේ කටයුතු සිදුකරමින් සිටී. එසේම අදාල ජ්‍යොතීර්වේදියා ප්‍රකාශ කර ඇත්තේ පංසල් ගානේ යමින් සිදුකර බෝධිපූජා කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙසයි.

    මෙම සුප්‍රසිද්ධ ජ්‍යෝතීර්වේදියාට අනුව මහින්දට නැවත බලයට පැමිණිය හැකි වන්නේ තවත් වසර 21 කට පසුවයි. ඒ වනවිට මහින්දට වයස අනූවද ඉක්මවනු ඇත. එතෙක් තමාගේ උපදෙස් මත කටයුතු කරන්නේ නම් ජනතාවගේ පිළිකුලට භාජනය නොවී සිටිය හැකි බවට ඔහු උපදෙස් දී තිබේ.


    මේ අනුව ජ්‍යෝතීර්වේදය හිස මුදුණින් පිළිගන්නා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීමේ තම සිහිනය අත්හැර ඇති අතර දැන් ඔහුගේ බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ තම පුත් නාමල් රාජපක්ෂගේ අනාගත දේශපාලනය සුරක්ෂිත කොට ඔහුව බලයට පත්කිරීමයි.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මහින්දට නැවත බලයට පැමිණිය හැකි වන්නේ තවත් වසර 21 කට පසුවයි. ඒ වනවිට මහින්දට වයස 90ද ඉක්මවනු ඇත

    :lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මහින්දට නැවත බලයට පැමිණිය හැකි වන්නේ තවත් වසර 21 කට පසුවයි

    නාකියට එලොව තමයි රජකමට පත් වෙන්න පුළුවන්.
    අනේ මෙහෙමත් මිත්යදුෂ්ටික බලපෙරේත වේස බල්ලෙක්
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්දයව කකුල් දෙකෙන් එල්ලලා පොල්ලකින් තඩි බාන්න ඕනේ. තඩි බාන්න දෙන්න ඕනේ අර ගාතනය කරන ලද දරුවන්ගේ දෙමවුපියන්ට.
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මහින්දට නැවත බලයට පැමිණිය හැකි වන්නේ තවත් වසර 21 කට පසුවයි

    නාකියට එලොව තමයි රජකමට පත් වෙන්න පුළුවන්.
    අනේ මෙහෙමත් මිත්යදුෂ්ටික බලපෙරේත වේස බල්ලෙක්

    :lol: :lol: :lol: :lol: :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,641
    113
    ඇද්ද මහ රජෝ උඹට? හූ....... හූ ................හූ............. ආව මෙතන අවුරුදු 10ක් කාලා කාලා, අයෙත් කන්න. දැන් ඉතින් නැකැත් කාරයා කියන දෙයක් අහගෙන මැද මුලන වලව්වට වෙලා කුරහන් තලප ගිල ගිල මායියාට උක උක ඉඳපන් ගොනා!!!!!
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් 21 වැනිදා වනතුරු ප්‍රසිද්ධ වේදිකාවට එක් නොවන බව වාර්තා වේ. ඒ සුප්‍රසිද්ධ ජ්‍යෝතීර්වේදියෙකුගේ උපදෙස් මතය.:lol::lol::lol: