නම් තියන්නේ කොහොමද? 1

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නම් තියන්නේ කොහොමද? 1

    ජ්‍යෝතිෂය විෂයක් ලෙස ඉගෙන ගන්නා හා එහි නිරත වන අයවලුන් හටයි, අන් අයට කාලය නාස්ති විමක් විය හැක.
    අපට නිතරම අවශ්‍ය නොවුනත් අපේ ජීවිතයට ඉතා සුවිශේෂී දෙයක් තමයි නාම කරණය කියන්නේ. අලුත උපන් දරුවාට එහෙමත් නැත්නම් අලුත් ව්‍යාපාරයට තමන්ගේ හිතේ හැටියට නමක් තියාගන්නත් ඒ නම තමන්ට වාසනාව ගෙනෙන ආකාරයට සකස් කරගන්නත් පුලුවන්නම් ඒක ඉතාම වටිනා දෙයක්. කොහොම නමුත් බොහෝ ජ්‍යෝතිර් වේදීන් අතින් නාම කරණයේදී සුළු අඩුපාඩුවක් වෙනබව පෙනෙන්න තියෙනවා.. වරදක්මය කියලා කියන්නට බැරි වුනත් තාර්කිකව හිතලා බලද්දී ඒක අඩුපාඩුවක්ම තමයි. අපි ඒ ගැන පස්සට කතා කරන්න තියලා මුලින්ම නමක් තියන එකේ වැදගත්කම ගැන හිතලා බලමු.

    පුද්ගලයෙක් ඉපදුනාට පස්සේ අපිට හිතාගන්න බැරිතරම් වාර ගානක් තමන්ගේ නම අන් අයගේ මුවින් තමන් වෙත පවසනවා අසන්නට ලැබෙනවා. ඉතින් මේ වචනයෙන් (නමෙන්) නිකුත් වෙන ශබ්දය අපිට හොඳට හෝ නරකට බලපාන්න පුළුවන්. ශබ්ධය කියන්නේ ශක්ති විශේෂයක්. අපි කාලයක් තිස්සේ යම් ශක්තියකට කිරනයකට නිරාවරණය වුනාම එකෙන් අපිට ශාරීරික හා මානසික වශයෙන් බලපෑමක් එල්ල වෙනවා. දැන් ඔබට සමහර විට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් එක්කෙනෙක්ට හොඳ වෙන නමක් තව කෙනෙක්ට නරක වෙන්නේ කොහොමද කියලා. ඒකට හේතුව අපි එකින් එක්කෙනාගේ ශාරීරික හා මානසික තත්වයන් සමාන නොවීම. එහෙනම් පිටරටවල මිනිස්සු නම් දාන්නේ උපන් වෙලාවල් බලලා නෙමෙයි නේද? මේක ඔබේ ඊළඟ ප්‍රශ්නය වෙන්න ඕන. ඔව් එක ඇත්ත සාමාන්‍යයෙන් අපි අහඹු ලෙස තෝරාගන්නා අකුරක් තමන්ට අවැඩක් නොවෙන ගැලපෙන අකුරක් වෙන්න තුනෙන් දෙකක සම්භාවිතාවක් තියනවා. ඒ කියන්නේ අහඹු ලෙස ගන්නා අකුර ගැලපෙන්න 66% ක අවස්තාවක් තියනවා. නමුත් ජ්‍යෝතිෂයේදී අපි උත්සහ කරන්නේ අර අනිත් අවාසනාවන්ත 33% පුළුවන් තරම් අවම අගයකට ගන්න.

    Liste_390.jpg


    ඔන්න එහෙනම් පාඩම පටන් ගමු.

    මුලින්ම නමක් දාන්න කලින් ඉස්සෙල්ලම දැනගන්න ඕන දේ තමයි දරුවා ඉපදුන නැකත. ඒක ජන්ම පත්‍රයේ සටහන් වෙලා තියනවා අසවල් නැකති උපන්නේය කියලා. ඊළඟට දැනගන්න ඕන ඒ ඒ නැකතට අදාළ අකුරු. මම මෙතැනදී ඔයාලට ලබා දෙන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන් විසින් ලබා දුන් අක්ෂර අනුපිලිවල. වසර ගණක පර්යේෂණ වලින් මට දකින්නට ලැබුන සාර්ථකම ක්‍රමයිමේ.

    BtNwH1O.jpg


    දැන් හරි ලේසියි උපන් නැකතට අදාළ අකුර තෝරාගන්නවා... එහෙම හිතුවනම් ඔබ වැරදියි. අකුරු තෝරාගන්නා විදිහ ඊළඟ දවසේ කියා දෙන්නම්. එතකන් ජය ශ්‍රී....



    ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
    වෛදික ජ්‍යොතිෂවේදී
    ධනුෂ්ක අබේරත්න
    blog link
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නම නරකට බලපානව කියල කියන්න රිසර්ච් එකක් කරල තියනවද බන් ?
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එල, උබ අනෙක් අය කියන ඒවා ගණන් ගන්න එපා, ජෝතිෂ්‍යය වැඩ දිගටම කරගෙන යන්න :D
    ගොඩක් එවුන් ඕක ගැන නොදැනයි එක එක බයිලා කියවන්නේ.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නක්ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්තො අත්ථස්ස නක්කත්ථං
    කිං කරිස්සන්ති තාරකා
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගයාන් ලක්මාල්;18504128 said:
    ස්තුතියි මචං

    එල

    එල, උබ අනෙක් අය කියන ඒවා ගණන් ගන්න එපා, ජෝතිෂ්‍යය වැඩ දිගටම කරගෙන යන්න :D
    ගොඩක් එවුන් ඕක ගැන නොදැනයි එක එක බයිලා කියවන්නේ.
    අනිවා මචං...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නම නරකට බලපානව කියල කියන්න රිසර්ච් එකක් කරල තියනවද බන් ?

    නක්ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්තො අත්ථස්ස නක්කත්ථං
    කිං කරිස්සන්ති තාරකා

    කර්‍මාර්ජිතං පූර්‍වභවේ සදාදි
    යත් තස්‍ය කර්‍මං සමභිව්‍ය නක්කති
    වෘහත් සම්හිතාව පෙරවදන(වරහමිහිර ආචාර්‍යයන් විසිනි.)

    නක්ෂත්‍රමතිපෘචඡනතං බාල මර්‍ථෙ 'තිවර්‍තතෙ
    අර්‍ථො භ්‍යර්‍ථස්‍ය නක්ෂත්‍රං කිං කරිෂ්‍යන්ති තරකාඃ
    කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය VII 97 (කෞටිල්‍ය බ්‍රාහ්මනාචාර්‍ය.)

    පොත පතෙහි දැනුම අල්ප ගාථා ධර්මයක් නිසිලෙස අර්ථය වටහා ගත නොහැකි මොඩයා මෙම ගාථා ධර්මය බුදුන් වහන්සේ කී දෙයක් ලෙස හුවා දක්වන අතර මෙම ගාථා ධර්මය ජාතකට්ට කථාවෙ එක් තැනක බොධිසත්වයන් වහන්සෙ කියු දෙයක් කියාවත් දන්නෙ නැත. අනෙක් කරුන නම් මා පෙර සඳහන් කර ඇති ශ්ලෝකයන් දෙකද බෝධිසත්වයන් සන්දහන් කල කරුනම විස්තර වන එවාය. මෙහි අරුත ජ්‍යොතිෂ බොරුවක් යන්න නම් එවා ජ්‍යොතිශ පොතපතෙහිද සඳහන්වෙන්නේ නැත. මෙම කරුන තේරුම් ගනීමට නොහැකි එමෙන්ම කවුරුන් හෝ කී පමනින් වචනයක් අල්ලන් ස්වයන් පර්යෙශනයකින් වගවිභාගයකින් තොරව කියන්නන් වාලේ කියා පොර වෙන්නට හදන තවමත් ජීවිතයේ වර්න දශකයෙ සිටින පොඩි කොල්ලන් කියන දෙවල් මා එතරම් මායිම් නොකරන්නෙද ඒ නිසාය. මෙහි අර්ථය හොඳම නකත එනතුරු වැඩ කල් දමන මොඩ මිනිසා නකත් තරු කෙරෙහි අන්තගාමි වන මිසාට නකත් තරු වලින් කිසිවක් නොකෙරෙන බවයි.

    තවත් කීමට දෙයක් ඇත එනම්

    ඔවා දෙනු පර හට - තමා සම්මතෙහි පිහිටා සිට
    දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් දෙසන බන මෙන

    පන්සිල් රකින්න බැරි කාඩ්බෝඩ් බෞද්ධයො බණ කියනකොට ඒකෙත් අමුතු ලල් එකක් තියනවා...
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි මචං. හැමදාම වගේ දෙයක් ඉගෙන ගන්න පුලුවන් ත්‍රෙඩ් එකක් දැම්මට ස්තූතී.
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නියමයි මචං. හැමදාම වගේ දෙයක් ඉගෙන ගන්න පුලුවන් ත්‍රෙඩ් එකක් දැම්මට ස්තූතී.
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    එල මචං ස්තුතියි
     
    • Like
    Reactions: 121314

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මාත් ආසම විශයක් බං. ඒත් සම්පූර්ණ අවධානය යොදවන්ඩ වෙලාව මදි. එහෙන් මෙහෙන් බලා ගත්තත් මතකෙ හිටින්නෙ නෑ. ඒකටත් පිහිටීමක් තියෙන්ඩ ඔ්නෙ ඇති.
    බොහොම ස්තුතියි වෙලාව අරන් මෙව කියල දෙනවට.
    වැඩ සාර්ථක වේවා !!!
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    machan upan welawa dunnama lagna nakatha wage wisthara ena site thibeda? thiyanawanam pm karahanko. (sinhalen nm hugak hodai.)

    rep +
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ආසම විශයක් බං. ඒත් සම්පූර්ණ අවධානය යොදවන්ඩ වෙලාව මදි. එහෙන් මෙහෙන් බලා ගත්තත් මතකෙ හිටින්නෙ නෑ. ඒකටත් පිහිටීමක් තියෙන්ඩ ඔ්නෙ ඇති.
    බොහොම ස්තුතියි වෙලාව අරන් මෙව කියල දෙනවට.
    වැඩ සාර්ථක වේවා !!!

    :yes: මටත් එහෙමයි. ආසයි තමයි ඒත් සම්පූර්ණ අවධානය යොදවන්ඩ වෙලාව මදි. අපේ නැකතා දාන ත්‍රෙඩ් බලලම පොඩි දැනුමක් තියනවා. ඒත් ඉතිං මටත් මේ දේ පිහිටන්නේ නෑ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාත් ආසම විශයක් බං. ඒත් සම්පූර්ණ අවධානය යොදවන්ඩ වෙලාව මදි. එහෙන් මෙහෙන් බලා ගත්තත් මතකෙ හිටින්නෙ නෑ. ඒකටත් පිහිටීමක් තියෙන්ඩ ඔ්නෙ ඇති.
    බොහොම ස්තුතියි වෙලාව අරන් මෙව කියල දෙනවට.
    වැඩ සාර්ථක වේවා !!!

    එල මචං අහන්නත් සන්තෝසයි..ඔව් ඔය කියන එක ඇත්ත මේකත් පිහිටන්න ඕන දෙයක්.. නමුත් මචං මහා පරිමානෙට බතත් සුළු දැනුමක් ගන්න නම් එහෙම ඕනේ නැ.. කාටවත් රට්ට්න්න බැරි වෙන්න අදහසක් තියෙන එක වටිනවානේ,,
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Jaya wewa Ayya

    Thank youuuuuuuuuuuuuuuuuu

    Matath namak hada ganna oniii Me tike wada wadi nisa hitiyeeeee

    හොඳයි අපි හදමු

    :yes: මටත් එහෙමයි. ආසයි තමයි ඒත් සම්පූර්ණ අවධානය යොදවන්ඩ වෙලාව මදි. අපේ නැකතා දාන ත්‍රෙඩ් බලලම පොඩි දැනුමක් තියනවා. ඒත් ඉතිං මටත් මේ දේ පිහිටන්නේ නෑ.

    ඒ වුනාට සරල අදහසක් හරි තියන එක වටිනවා..