ලෝකයේ විශාලතම ගුවන් යානය කටුනායකට බස්සවයි
by Admin D · June 15, 2015
9
ලෝකයේ විශාලතම ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩබස්වා තිබෙනවා. යානයේ සිටි මඟියෙකු හදීසියේ අසනීප වීම හේතුවෙන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති බව වාර්තාවෙනවා.
මෙලෙස ගොඩබස්වා ඇත්තේ එමිරේට් සමාගමට අයත් ‘ඒ380 එයාර් බස් ‘ වර්ගයේ ගුවන් යානයක් වන අතර එය ගොඩබස්වන අවස්ථාවේ මඟීන් 300ක් සිට ඇති බව සඳහන් වෙනවා. ගුවන් යානය ඩුබායි හි සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් බලා පියාසර කරමින් සිට ඇති අතර අදාළ රෝගී මඟියා කටුනායක ගුවන්තොටුපල වෙත බාරදී නැවත ගමන් ඇරඹූ බව වාර්තා වෙනවා.