නුඹේ ලොවට මල් පිපියන්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුඹේ ලොවට මල් පිපියන්..


    සදා දිලෙන හිරු දුන්නා...
    ආලෝකය මට....
    සදකැන් අහසේ දිලුනා...
    මේ ගනදුර පිට........
    මටත් ආලයක් තිබුනා...
    මේ ඉර හද යට.........
    බිදුනු මතක පාරනවා....
    නෙතේ කදුළු කැට....

    දුටුව මුල්ම දින ඉදලා...
    සිහින ලොවක් දැක....
    හිතක පැතුම් පොදි බැන්දා..
    අනාගතේ වෙත.....
    නිහඩ ලොවක් මිහිරි උනේ...
    ඔබ දැකුමෙනි මට....
    මිහිර හොරෙන් ගෙන යන්නේ...
    ඔබම තමා අද......

    සැහැසි නොවී මදෙස බලන්..
    එක මොහොතක් අද....
    සොදුරු පෙමින් එකළු පහන්..
    අදින් නිවෙනු ඇත...
    කැදලි පුරා සතුට දරා...
    ඉසුරින් පිරෙනට.....
    නුඹේ ලොවට මල් පිපියන්..
    අහිමි උනත් මට.....

    නුඹේ ලොවට මල් පිපියන්..
    අහිමි උනත් මට.....!

    large.jpg

     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නුඹේ ලොවට මල් පිපියන්.. අහිමි උනත් මට.....
    නුඹේ ලොවට මල් පිපියන්.. අහිමි උනත් මට.....!:yes::yes::(:(