ඇමරිකානු ගුවන් පථයක්ත්‍ රිකුණාමලයට

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඇමරිකානු ගුවන් පථයක්ත්‍ රිකුණාමලයට

ඉරණවිල හෝ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ දෙකෙන් එකක ඇමරිකානු ආරක්ෂක අංශයට අයත් ගුවන් පථයක් සහිත කඳවුරක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට රහසිගත අන්දමින් කටයුතු සූදානම් කරමින් සිටී.
මෙයින් බලාපොරොත්තු වන්නේ දකුණු ආසියාව තුළ ඇමරිකානු යුධ බලය ව්‍යාප්ත කිරීමයි.
ත්‍රිකුණාමලය යනු ලෝකයේ ඇති හොඳම ස්වභාවික වරායයි. එහි ඇති විශේෂත්වයනම් එය තුළට නැවක් ඇතුල් කළ විට ත්‍රිකුණාමලය වරාය අවට ඇති කඳු පන්තිය හේතුවෙන් රේඩාර් වලට හසු නොවීමයි.
මෙම පින්තූරයේ ඇති සිතියම හොඳින් බලන්න. එහි ඇත්තේ ලොව පුරා විසිරී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ යුධ හමුදා කඳවුරු යි.
රුසියාව සහ චීනය තුළ ඇමරිකානු හමුදාවට ඉඩ නොලැබෙන අතර, වත්මන් ඉන්දීය රජය ඇමරිකන් මිතුරෙක් වුවත් ඉන්දියානු දේශප්‍රේමී ජනතාවගේ බලපෑම මත ඇමරිකානු සංග්‍රාමික කටයුතු සඳහා ඉන්දියාව තුළත් ඉඩ නොලැබේ.
ඉතින් දකුණු ආසියාවේ විශේෂයෙන්ම බටහිර සහ නැගෙනහිර මුහුදු මාර්ගය පාලනය කිරීම සඳහා ඇමරිකානු යුධ කඳවුරක් ඉදිකිරීමට ඇති එකම ස්ථානය ශ්‍රී ලංකාවයි.
ඊට එරෙහි වන්නේ රට ජාතිය ගැන හැඟීමක් ඇති අය විසින් නිසා ජාතිකත්වය විනාස කිරීමේ සියුම් වැඩපිළිවෙළක් දියත් කර ඇති අයුරු ඔබ පසුගිය කාලයේ දකින්නට ඇත.
ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රමාණය අති විශාල වීමත්, එමගින් ජාත්‍යන්තර නාවික කටයුතු වලට ඇමරිකානු හමුදා ආරක්ෂාව ලබා දී අති විශාල ධනස්කන්ධයක් ලබාගත හැකි වීමත්, අනෙක් අතට ශ්‍රී ලංකාව පහසුවෙන් යටත් කර තබාගත හැකි කුඩා දිවයිනක් වීමත් ඊට ප්‍රධාන වේ.
චීනය විසින් ශ්‍රී ලංකාවට මානුෂික මෙහෙයුම වෙනුවෙන් යුධ ආධාර, අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපොළ, පෝර්ට් සිටි ආදිය ලබා දී උපකාර කළ රාජ්‍යයකි. පසුගිය කාලයේ ඒවාට බැන්නත් දැන් වත්මන් රජයෙනුත් ඒවා ක්‍රියාත්මක කරයි. එහෙත් ඇමරිකාව මානුෂික මෙහෙයුම වෙනුවෙන් එක බුලට් එකක්වත් දුන්නේ නැත. අප රටට ලබා දුන් දෙයක් නැත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා කර ඇත. එහි ප්‍රථිපලයක් ලෙස අමරිකානු ජනපති බැරක් ඔබාමා ලංකාවේ සංචාරයක නිරත විමටද සුදානමින් සිටී. ඔහුගේ මූලික අරමුණ වන්නේ මෙම හමුදා කඳවුරු ගැන රාජ්‍යත්‍රාන්ත්‍රික ගිවිසුම් වලට එලඹීමයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ "Advancing U.S. Interests in a Troubled World: The FY 2016 Foreign Affairs Budget" නැමැති අයවැය ප්‍රකාශය ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අවසන් කරන්නේ මෙලෙසයි.
"I see more democracy in places where it was non-existent or troubled – big changes in Sri Lanka and other countries. We can run the list. But I hope you will sense that it is not all doom and gloom that we are looking at. Tough issues? Yes. But enormous opportunities for transformation if we will do our job and continue to be steady and put on the table the resources necessary to take advantage of this moment of transformation,”
source: http://www.state.gov/secretary/remarks/2015/02/237898.htm

ලෝක බලවතා තම විදේශ කටයුතු අයවැය ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රටක් ගැන සඳහන් කරමින් අවසන් කරන්නේ ආසාවට නොවේ.

11539597_10153458173821934_2780760255532035227_n.jpg
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියන් පක්කුන්ට නම් දෙන්න බෑ

    ඔව් බන් මටනම් පේන්න බැරි වෙෂිගේ පුතාල ටිකක්..ඕකුන් හමා අපේ රට කෑවේ..කොටින්ට යටින් ඉදන් උදව් කරේ උන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලොල් කොයි කාලෙ ඉඳන්ද ලන්කාවෙ ඇමෙරිකන් බේස් එකක් තිබ්බෙ.යුද්දෙ ඉවර වෙච්ච කාලෙදිම තමයි උන් ඕක හදල ඉවර කලේ. අමුතු දෙයක් නෙවෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මොකක්ද එකේ තියෙන හොඳේ???:no::no::no:

    දැන් තියෙන තත්වේ අනුව ඉන්දියන් පක්කුන්ටත් බය නොවී ලංකාව බැලන්ස් කරන්න පුළුවන් හොඳම විදිහ තමයි පොර්ට් සිටි ඒක පටන් අරං ට්‍රින්කෝ us වලට දෙන එක. two most powerful nations each side of us.

    මහලොකු විශේෂයන් නෑ කොරියාවේ, ජපානේ, ගුවාම්, හවායි, සව්දි මේ හැම රටකම උන් ඉන්නවා.
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    එහෙම හිතන්න එපා බන්. පොඩ්ඩක් හොයල බලපන් ඇමෙරිකානු කදවුරු තියෙන රටවල් වල වෙන්නෙ මොනාද කියලා. අනික ඔය කඳවුරු ඒ රටේ නීතියෙන් නිදහස්. ඒ නියයි ජපානෙ අරිකන් කාරයෝ ගෑනු දූශනය කරලා, මිනිමරලත් හොදට ඉන්නෙ. පාලනය කරන්න අමාරු වෙනවා. අනික එහෙම කරාම රටේ තියෙන ස්වයිරීය බව හානි වෙනවා. මොකො එතකොට රට ඇතුලෙ අපේ පාලනයෙන් තොර ප්‍රදේශයක් ඇති වෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    එහෙම හිතන්න එපා බන්. පොඩ්ඩක් හොයල බලපන් ඇමෙරිකානු කදවුරු තියෙන රටවල් වල වෙන්නෙ මොනාද කියලා. අනික ඔය කඳවුරු ඒ රටේ නීතියෙන් නිදහස්. ඒ නියයි ජපානෙ අරිකන් කාරයෝ ගෑනු දූශනය කරලා, මිනිමරලත් හොදට ඉන්නෙ. පාලනය කරන්න අමාරු වෙනවා. අනික එහෙම කරාම රටේ තියෙන ස්වයිරීය බව හානි වෙනවා. මොකො එතකොට රට ඇතුලෙ අපේ පාලනයෙන් තොර ප්‍රදේශයක් ඇති වෙනවා

    දැන් ඕක පොර්ට් සිටි ඒක හදන්න ගන්නකොට කිව්වේ නැත්තේ ඇයි ?
    මම නං කියන්නේ හම්බයෝ නටන ඒක පාලනය කරන්න ඇමරිකන් කාරයෝ නගනහිරට ගේන්න ඕනා. චන්ද්‍රිකා කාලේ යුදෙව්වෝ ගේන්න හැදුව හම්බයෝ විරුද්ද උන නිසා නැවැත්තුව. ඒ වැරැද්ද ආයේ කරන්න එපා.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මූකලන් බයියො ඔක දැනුත් තියෙනව.කොහෙද රටේ ලොකෙ වෙන දෙයක් දන්නෙ නැහැ.
    අර මහින්දගෙ ඡන්ද කඩන්න හදපු සින්හල බුඩිස්ට් පේජ් එකේ පොස්ට් විතරයි ඔලුවෙ.
    ආරක්ශක ගිවිසුම ගැහුවෙ ගොත.යුද්දෙ ඉවර උන ගමන් ඔක හැදුවෙ.
    ඊටත් කලින් ඉදන් බේස් එක තියෙනව​
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් ඕක පොර්ට් සිටි ඒක හදන්න ගන්නකොට කිව්වේ නැත්තේ ඇයි ?
    මම නං කියන්නේ හම්බයෝ නටන ඒක පාලනය කරන්න ඇමරිකන් කාරයෝ නගනහිරට ගේන්න ඕනා. චන්ද්‍රිකා කාලේ යුදෙව්වෝ ගේන්න හැදුව හම්බයෝ විරුද්ද උන නිසා නැවැත්තුව. ඒ වැරැද්ද ආයේ කරන්න එපා.
    ප්‍රශ්නයක් විසදන්න තව ප්‍රශ්නයක් දාගන්න එක අනුමත කරන්න බෑ බන්. පෝට් සිටි එකේ චීන මිලිටරි බේක් එකක් තියෙනවද? ඒක දන්නෙ නෑ නේ:shocked:. ඒත් ඒ ප්‍රොජෙක්ට් එකත් නවත්වන්නෙ නෑනේ:no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ප්‍රශ්නයක් විසදන්න තව ප්‍රශ්නයක් දාගන්න එක අනුමත කරන්න බෑ බන්. පෝට් සිටි එකේ චීන මිලිටරි බේක් එකක් තියෙනවද? ඒක දන්නෙ නෑ නේ:shocked:. ඒත් ඒ ප්‍රොජෙක්ට් එකත් නවත්වන්නෙ නෑනේ:no:

    පොරt සිටි එකේ මිලිටරි බේස් එකක් නෑ. ඒ උනාට ඒ කාලේ ලංකාවේ චීන මිලිටරි ප්‍රසන්ස් එකක් තිබ්බ. චීන සබ්මැරින් හිටං ආව. පොර්ට් සිටි ඒක වෙනම කලාපයක්. උන්ගේ නීති. දැන් ඕක නවත්තන්න බෑ මන් හිතන්නේ. diplomatic issue එකක් වෙනව එහෙම උනොත්.

    දැනටමත් ලංකාවේ වරායන් ඇමරිකාවට පාවිච්චි කරන්න පුළුවන්. උන් මුළු ලෝකෙම ඉන්නව. කියන තරන් යකා කළු නෑ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔප්පු කල හැකි සාධක එක්ක වරෙන්. හැබැයි කිසි අවුලක් නැහැ ඇමරිකන් බේස් එකක් දානවනම්. මොකද උන් හම්බයට ගහනවා නේ. උන් සිංහලයට ගහන්නේ නැහැ. තෙපේ මහින්දය මැරුවේ තමන්ගේම උන්ව. උබලගේ මහින්දය වගේ අපේ ආණ්ඩුව අර ගෝත්‍රික ස්වර්සිලන්ත රජාව ආශ්‍රය කරනේ නැහැ බන්.

    ඇමරිකන් කාරය ඇවිත් පට්ටම පට්ට. උන් හම්බයට ගහනවා නේ. පව් දිල්වාලේ ෆේක් අනාතයක්. මන් මේ කියන්නේ ටොයියා අනතයාට.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පොරt සිටි එකේ මිලිටරි බේස් එකක් නෑ. ඒ උනාට ඒ කාලේ ලංකාවේ චීන මිලිටරි ප්‍රසන්ස් එකක් තිබ්බ. චීන සබ්මැරින් හිටං ආව. පොර්ට් සිටි ඒක වෙනම කලාපයක්. උන්ගේ නීති. දැන් ඕක නවත්තන්න බෑ මන් හිතන්නේ. diplomatic issue එකක් වෙනව එහෙම උනොත්.

    දැනටමත් ලංකාවේ වරායන් ඇමරිකාවට පාවිච්චි කරන්න පුළුවන්. උන් මුළු ලෝකෙම ඉන්නව. කියන තරන් යකා කළු නෑ.
    මොකා ආවත් කමක් නෑ බන් රටට හොදක්නම් වෙන්නෙ.ඒත් වැඩේ තියෙන්නෙ ඇමරිකන් කාරයා අත තියන තියන රටවල් විනාස වෙලා යන එකනෙ. බලන්නකෝ මෑත කාලෙ ඇමරිකන් උන් නිසා ඇති උන ප්‍රශ්න

    අනික ඇමරිකාවට ඉඩ දුන්නම් වෙන්නෙ උන් කීයන විදියට නටන්න වෙන එකයි, ඉන්දියාව, කොරියාව, ජපානෙ, එන්ගලන්තෙ, සවුදිය, ඊස්‍රාලෙ වගේ රටවල් ඇමෙරිකාව කියන දේට පිටින් යන්නෙ නෑ.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    බැරැක් ඔබාමා සුද්දෙක්ද? ඒකට කියන්නෙ සමූහාණ්ඩු දේශපාලණය කියල, චීනෙ කොලනියක් උනත්, ඇමරිකාවෙ කොලනියක් උනත් එකයිනෙ මචං
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පට්ට

    :D :D :D :D
    ඔව් :D :D :D
    අපිට වැඩක් ගන්න හැකියාවක් නැති දෙයින් පිදුරු ගොඩේ බුදියං ඉන්න බල්ල වගේ නැතුව කන්න පුළුවන් එකාට දෙන්න ඕනෙ :D :D :D
    ඔයිට වඩා වටින්නෙ ත්‍රිකුණාමලේ පැත්තෙන් නියුක්ලියර් වෝහෙඩ්ස් සෙට් කල රොකට් යවන්නත් තැනක් හදන්න දුන්නනං තමා :D :D :D
    යකෝ යහපාලනේට ඡන්දෙ දෙද්දි මෙහෙම වෙයි කියල හිතුවෙ නෑනෙ :D :D :D
    අපි නොඉල්ලපු දේවලුත් දෙනව හරිම ශෝක් :baffled: :baffled: :baffled:
    isis උන් ඉන්ඩියාවට වගේ ගහන්න ගත්තාම මාර විදිහට වටිනව :D :D :D