


පියවරුන්ගේ දිනයේ ලෝකයම කැළඹු ලංකාවේ තිසරපට දැන්වීම
පසුගිය 21 වනදාට යෙදී තිබූ ලෝක පියවරුන්ගේ දිනය විවිධ ව්යාපාරික ආයතන ඔවුන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට අවස්තාවක් කරගත් හැටි දක්නට ලැබුණි. බොහෝ ආයතන පියවරුන්ට තෑගී ලබාදිය හැකි භාණ්ඩ වට්ටම් සහිතව විකිණීම හෝ තරඟ ඉසව් සංවිධානය කර තිබුණු අයුරු දක්නට ලැබුණි. නමුත් පියවරුන්ගේ දිනය නිමිත්තෙන් පසුගිය 21 වනදා "සිලෝන් ටුඩේ" පුවත්පතේ Triumph International සමාගම විසින් පලකළ දැන්වීමක් මේවනවිට ලෝකය පුරා කතාබහට ලක්වී තිබේ.
පියවරුන්ගේ දිනයේ දියණියන්ට තිසරපට මිලදීගැනීමට වට්ටම් ලබාදීම සඳහා Triumph International පලකළ ඉහත දැන්වීමට බොහෝ දෙනා අප්රසාදය පළකොට තිබුණි. මෙම දැන්වීම සම්බන්ධව මේවනවිට ඉන්දියාවේ රිශි කපුර්, ඩිනෝ මොරියා, ෆර්හාන් අක්තාර් වැනි නළු නිලියන් පවා ඔවුන්ගේ අප්රසාදය පළකොට තිබුනේ මෙලෙසිනි.
ලොව පුරා ලංකාවේ පළවූ මෙම දැන්වීමට අප්රසාදය පලවීම නිසාවෙන් Triumph International සමාගම විසින් එම දැන්වීම සම්බන්ධව සමාව ඉල්ලමින් නිවේදනයක් නිකුත් කොට තිබේ.
Last edited:




...




