පංචිකාවත්තේ 'යකඩ අශ්වයා' පිටුපස ඇති කතාව

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    පංචිකාවත්තේ 'යකඩ අශ්වයා' පිටුපස ඇති කතාව

    පංචිකාවත්තට යන එන අපගේ සිත් වසඟ කරන්නට පමණක් නොව විදේශිකයන්ගේ පවා අවධානය දිනා ඇති යකඩ අශ්වයා පිටුපස ඇත්තේ අපූරු කතාවකි.


    පංචිකාවත්ත වටරවුමේ සිට එක් අතකට පමණක් රථ ධාවනය වෙන වීදියක් ලෙස මෙය නම් කරද්දී මෙම වටරවුමට අලංකාර නිර්මාණයක් එක් කිරීමේ අවශ්‍යතාවයක් ඇති විය. එය පැවරී තිබුණේ එක්තරා සමාගමකටය. ඒ වන විටත් කෝටිපති වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෝ රැසක් මෙම වටරවුමේ ව්‍යාපෘතියට හිත යොමු කර තිබුණත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ යෝජනාවක් අනුව මෙම සමාගමට මෙම ව්‍යාපෘතිය පැවරුණි.


    ප්‍රථමයෙන් මෙම වටරවුම සඳහා කොළඹ නගර සභාව යෝජනා කර ඇත්තේ මල් වවා අලංකාර කිරීමටය. පසුව එය පැරණි වොක්ස්වැගන් හෝ බීට්ල් වර්ගයේ මෝටර් රථයක ආකෘතියක් ගන්නා ආකාරයෙන් මල් වගාව සිදු කළ යතු බවටද තීරණය කර තිබුණි.


    කෙසේනමුත් නිර්මාණය භාවර සිටි සමාගම ඊට එකඟ වී නොමැති නිසාත් ඔහුට ඊට වඩා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් මෙම වටරවුම තුළ ඉදිකරන්නට තිබූ අවශ්‍යතාවය නිසාත් එම කතාබහ තවත් දුර ඇදී ගියේය.


    වරක් නුවර පාරේ ගමන් කරමින් සිටි මෙම සමාගමේ හිමිකරුට අපූරු නිර්මාණ පෙළක් දකිනනට ලැබුණි. ඒ වාහනවලින් ඉවත් කරන අමතර කොටස්වලින් නිර්මාණය කරන ලද අලියෙකු සහ මී හරකෙකුගේ රූප ය. එහිදී ඔහු එකවරම තීරණය කර ඇත්තේ පංචිකාවත්තේ මෙම වටරවුමට සුදුසු ඒ ආකාරයේ අශ්වයෙකු බවය.


    පසුව එම නිර්මාණකරු ගෙන්වා අඳින ලද දළ සටහනේ ඇති යකඩ අශ්වයාගේ උස අඩි 10 ක් විය. අඩි 13 කින් දිගු වූ මෙම ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම ඉවතලන මෝටර් රථ අමතර කොටස්වලින් නිර්මාණය වූ විට එහි බර කිලෝ 1000 ක් විය. ග්‍රීස් සහ ඩීසල් එකට මිශ්‍ර කර, එම ද්‍රාවණය පමණක් මෙහි ආලේප කර ඇත.


    එහි තිබූ අලංකාරභාවය නිසාවෙන් අදාළ වටරවුමේ සවි කිරීමට ක්ෂණිකව ආරක්ෂක ලේකම්වරයාගේත් කොළඹ නගර සභාවේත් අවසරය හිමි වී ඇත.


    මෙම යකඩ අශ්වයාගේ ප්‍රතිමාව දැක මවිතයට පත් වූ රියදුරන් තිදෙනෙකු එකවර එම ස්ථානයේදී අනතුරුවලට ලක්වුණේ මෙය පංචිකානත්ත වටරවුමේ සවිකර හෝරා කිහිපයක් යන්නටත් මත්තෙනි. මෙහි ඇති අලංකාරභාවය දකින්නට රියදුරන් වටරවුම ආසන්නයෙන් යද්දී සිය රථ නවතා නැරඹීමට පුරුදු විය. ඒ හේතුවෙන් පොලීසියට එම ස්ථානයට රථවාහන පොලිස් නිලධාරීන් 06 දෙනෙකු යෙදවීමට පවා සිදුවිය.


    28rhzch.jpg

    sllbuh.jpg

    14e0tux.jpg


    Source: http://offair.nethfm.com/article/22297
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපේ උන්ට අපේ උන්ගේ අගයක් නැති උනාට පේනවනේ ලංකාවේ ඉන්න වැඩකාරයන්ගේ තරම.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආසියා පැසිෆික් කලාපයේ හොඳම පොස්ටරය අපේ රටෙන්


    ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ 70 වැනි වාර්ෂික සමුළුව වෙනුවෙන් පවත්වන ලද පෝස්ටර් තරඟයට ඉදිරිපත් වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ක‍්‍රියාකාරිකයකු වූ රෝහණ කුමාර මහතා ආසියා පැසිෆික් කලාපයේ ප‍්‍රථම ස්ථානය දිනාගෙන ඇත.

    මෙම පෝස්ටර් තරඟය සඳහා ලෝකය පුරා සියළුම මහද්වීප නියෝජනය කරමින් විවෘත තරඟයක් ලෙස පැවති අතර අති විශාල තරඟකරුවන් සංඛ්‍යාවක් සහභාගී වී ඇත. සමස්ත පෝස්ටර් තරඟයේ ප‍්‍රථම ජයග‍්‍රහණය කියුබාවේ තරඟකරුවකු විසින් ලබාගෙන ඇති අතර මෙම තරඟය සඳහා ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ක‍්‍රියාකාරිකයකු වූ රෝහණ කුමාර මහතා එම කලාපයේ සියළුම තරඟකරුවන් පරදවා ප‍්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

    මෙහි තේමා පාඨය වූයේ ‘‘70 වසරක විප්ලවවාදී හා සහෝදරාත්මක භාවිතය’’ යි.
    - See more at: http://offair.nethfm.com/article/22295#sthash.YQ0EsmYa.dpuf



    001.jpg


    002.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹක හැදුවේ බැලුම්මර හන්දිය ටිකක් පහු කරාම හම්බෙන වෙල ඉස්සරහා ගෙදර එතන ඹය වගේ එවා හදනවා පාර අයිනේ දාලා තියෙනවා තව හදපුවා
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    ඹක හැදුවේ බැලුම්මර හන්දිය ටිකක් පහු කරාම හම්බෙන වෙල ඉස්සරහා ගෙදර එතන ඹය වගේ එවා හදනවා පාර අයිනේ දාලා තියෙනවා තව හදපුවා

    මාත් ඕක දැකපු දවසෙම හිතුව එතන හදපු එකක් තමයි කියල :):):) එතන උන් මාර creative :)