සුනිල් රත්නායගේ තීන්දුව

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සුනිල් රත්නායගේ තීන්දුව

    සුනිල් රත්නායක තීන්දුවට විරුද්ධ අය රොෂාන් ද සිල්වා තීන්දුවට නිහඬ ඇයි?​


    ‍යාපනයේ මිරුසුවිල්හීදි 2000 වසරේදි කුඩා දරුවන් දෙදෙනෙකු ඈතුලු පුද්ගලයින් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෑරදිකරු වු යුද හමුදාවේ හිටපු මාණ්ඩලික සෑරයන්වරයෙකු වන රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක නැමැත්තාට පසුගිය 25දා කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කෙරිනි.

    වසර 15 ක් පුරාවට විභාග කෙරුනු මෙම නඩුවේ පස් දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබු අතර මෙහිදි පළමු චුදිත සුනිල් රත්නයක හෑර සෙසු සෑම චුදිතයෙක්ම නිදොස්කොට නිදහස් කෙරුනි.

    නීතිවිරෝධි රැස්වීම හා පුද්ගලයින් අට දෙනෙකු සමූල ඝාතනය කිරීම සම්බන්දයෙන් මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබුනි.

    කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්දයෙන් පසුගිය කාලය පුරාවට සමාජ වෙබ් අඩවි හරහා විවිධ මතවාද ව්‍යාප්ත විය.

    පහත දැක්වෙන්නේ එම නඩු වාර්ථාවත් අවසානයේ දී එම නඩුවේ පැමිණිල්ලේ නීතීඥවරයා විසින් මාධ්‍ය අමතා සිදුකරන ලද ප්‍රකාශයත්, මහේෂ්වරන්ගේ සාක්ෂි සහ නඩුවාර්ථාවත් ඇසුරෙන්, මෙම සිද්ධියේ දී සත්‍යවශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න වටහාගැනීමට දරණ උත්සාහයකි.

    මිරුසුවිල් යනු යාපනය අර්ධද්වීපයේ පවතින ගමක් වන අතර මෙම සිද්ධිය සිදුවන සමයවන විට මෙම ප්‍රදේශය අධි ආරක්ෂත කලාප සඳහා පවරාගනු ලැබ තිබිණි. 2000 වසර වන විට මෙම ප්‍රදේශයේ ජීවත් වූ සියළුම පුද්ගලයන් ඉවත්කරනු ලැබ සිටි නමුත් මානුෂීය අවශ්‍යතා අනුව ඔවුන්ට දර අසුලාගැනීමට, ඔවුන්ගේ ඉඩම්වල තිබූ එළවළු, පලතුරු ආදිය නෙලාගැනීමට පිවිසීමට අවස්ථාව ලබාදී තිබුණි.

    2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා මහේෂ්වරන් ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් මිසුරුවිල් ප්‍රදේශයේ තමාට අයත්ව තිබූ ඉඩකඩම් වෙත පැමිණෙන්නේ තම ඉඩකඩම් වල ඇති භව භෝග නෙලාගැනීමේ සහ දර එකතුකරගැනීමේ අරමුණෙනි. මෙම 8 දෙනෙකුගෙන් යුත් පිරිස අතර වසර 5ක දරුවෙකු සහ වසර 15ක නව යෞවනයෙකු ද විය.

    මෙසේ අධි ආරක්ෂක කලාපය තුල දර එකතු කරමින් සිටින අතරතුර එදින සවස යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි කණ්ඩායමක් විසින් මොවුන් නවදෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම පිරිස විසින් මහේෂවරන් ඇතුළු සියළු දෙනාටම දැඩි ලෙස පහර දී ඇති අතර. ඉන් අනතුරුව ඔවුන් සියළු දෙනාගේම දෑස් ආවරණය වන ආකාරයට රෙදි පටි ගැටගසා. අනෙක් අට දෙනාම එකා බැගින් ඔවුන් රැඳී සිටි ස්ථානයෙන් රැගෙන යාමට යෙදිනි.

    අවසාන පුද්ගලයා වශයෙන් මහේෂ්වරන් රැගෙන යන අතර අතර මඟ ඇති බාධකයක් වූ වැටකින් ඔහුව ඔසවා අනෙක් පසට විසිකරන ලදී. එම අවස්ථාවේ දී ඔහුගේ දෑස් බැඳ දමා තිබුන රෙදි කැබැල්ල එම වැටේ පැටලීම නිසා ඉවත්වීම මත ඔහුට අවට පරිසරය දැකීමට හැකියාව ලැබුණි.

    ඔහුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් විසින් ඔහුව අසල තිබූ වැසිකිලි වලක් දෙසට රැගෙනයාමට කටයුතු කලහ.

    මහේෂ්වරන්ට එම වැසිකිලි වල අසල විශාල මන්නා පිහියක් අතින්ගත් පුද්ගලයෙකු සිටගෙන සිටින ආකරයට දැකිය හැකි වූ අතර, එමෙන්ම එම වැසිකිලි වල තුලින් යම්කිසි පිරිසක් දඟලන ශබ්ධයක්ද අසීමට ලැබී තිබේ. පුද්ගලයා අත තිබූ පිහියත් වැසිකිලි වල තුලින් පැමිණි ශබ්ධයත් නිසා මර බියටපත්වූ මහේෂ්වරන් ලද අස්වැසිල්ලකින් එතැනින් පැන දිවීමට කටයුතු කර ඇත.

    මහේෂ්වරන් මෙම ප්‍රදේශයේ කාලයක් ජීවත්වීම නිසා ප්‍රදේශය පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම හේතුවෙන් සහ ඇඳිරිවැටීම හේතුවෙන් තමා ලුහුබැඳ ආ පුද්ගලයන් මගහැරීමට වැඩි අපහසුවකින් තොරව තමාට හැකිවූ බව මහේෂ්වරන් පවසයි.

    එදින රාත්‍රියේ තම නෑදයින් හමුවන ඔහු පසු දිනයේ තම පියා හමුවන අතර, ඉන් අනතුරුව රොහල්ගත වීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව මහේෂ්වරන්ගේ නෑදෑයන් සහ ප්‍රදේශවාසීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී. සංවිධානයේ නියෝජිතයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධාන වලට දැනුම්දීමට කටයුතු කරන ලදී. ඔවුන් විසින් එවකට සිටි යුධහමුදාපති වරයා වෙත මෙම සිද්ධිය දැනුම්දීමට කටයුතු කරන අතර මේ සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස යුධහමුදාපතිවරයා යුධහමුදා පොලීසියට නියෝග කරන ලදී.

    මෙම සිද්ධිය නිසා සන්ත්‍රාසයට පත්ව සිටි මහේෂ්වරන් පළමුව යුධහමුදා පොලිසියේ නිලධාරීන් හමුවීමට පවා පැකිළුන අතර, ඥාතින්ගේ බලපෑම මත අවසානයේ යුධහමුදා පොලීසිය සමඟ එම සිද්ධිය සිදුවූ ස්ථානය පෙන්වීමට යාමට එකඟ කරගන්නා ලදී.

    ඒ වන විට සිද්ධිය සිදුවී දින 4ක් ගතව තිබිණි. එහිදී එම සිද්ධියට අදාල වැසිකිලි වල වසා තිබෙන කොන්ක්‍රීට් ලෑල්ල මත විශාල ප්‍රමාණයේ ලේ පැල්ලම් පැවති නමුත් එම වැසිකිලි වල පරික්ෂා කිරීමේ දී ඒ තුල තුල කිසිඳු මල සිරුරක් දක්නට නොතිබිනි. ඒ වෙනුවට ඒතුල එළුවෙකුගේ ඇටසැකිල්ලක් තිබී හුමුවිය. මීට අමතරව එම ස්ථානයේ එළුවෙකු හම ගැසූ බව පෙනෙන්නට තිබූ අතර, එළුවෙකුගේ මන්දක් ද එම ස්ථානයේ පිහිටි වැසිකිළියේ වහලේ එල්ලා තිබිණි.

    එම අවස්ථාවේ දී එම ස්ථානය අවට සැකකටයුතු ලෙස ගැවෙසෙමින් සිටිනා හමුදා ඛන්ඩයක් නිරීක්ෂනය කරන යුධ හමුදා පොලීසිය ඔවුන් මේ ස්ථානයට කැඳවීමට කටයුතු කරන ලද අවස්ථාවේ දී මෙම නඩුවේ පලමු සැකකරු වන සුනිල් රත්නායකව හඳුනාගැනීමට මහේෂ්වරන්ට හැකියාව ලැබුනි. එම අවස්ථාවේ මහේෂ්වරන් සුනිල් හඳුනාගන්නේ බියෙන් භ්‍රාන්තියට පත්ව යටිගිරියෙන් කෑගසමිනි.

    යුධහමුදා පොලීසිය විසින් එම අවස්ථාවේදීම ඔහුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනලද අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව ඔහු විසින් මෙසේ ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ සිරුරු මිහිදන්කර තිබූ සමූහ මිනීවල පෙන්වීමට යාමට කටයුතු කරන ලදී. එහිදී පොලීසිය විසින් මහේස්ත්‍රාත් වරයා ඉදිරීයේ එම සමූහ මිනීවලේ තිබී ඝාතනය කරන ලද මහේෂ්වරන්ගේ කණ්ඩායමට අයත් 8 දෙනාගේම සිරුරු සොයාගැනීමට හැකියාව ලැබේ. මීට අමතරව මොවුන් විසින් මහේෂ්වරන්ගේ දෑස් බැදීමට භාවිතා කරන ලද සරම ද එම ස්ථානයේ තිබී සොයාගැනීමට පොලීසියට හැකියාව ලැබුණි.

    මෙසේ ඝාතනයකර තිබූ වයස අවුරුදු 5ක් වන ළමයාද ඇතුළුව මෙම 8 දෙනාම ඝාතනයකර තිබුනේ තියුණු ආයුධයකින් ගෙල සිඳ දැමීමෙනි.

    තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම තුල මහේෂ්වරන් ඇතුළු පිරිස මෙම ප්‍රෙද්ශයට පැමිණිමට භාවිතා කරන ලද පා පැදි ප්‍රදේශයේ වැසිකිලි වලවල් වල දමා තිබියදී සොයාගැනීමට හැකියාව ලැබුණි. මීට අමතරව සිද්ධියට අදාල වැසිකිලි වලේ කොන්ක්‍රීට් ලෑල්ල මත තිබූ ලේ එළුවෙකුගේ ලේ නොවන බවත් ඒවා මිනිස් රුධිරය බවත් රස පරීක්ෂන වාර්ථා වලට අනුව සනාථ විය.

    කෙසේ වෙතත්, මේ වනවිට සමාජයේ මෙම සිදුවීම පිලිබඳව පෑතිරී යන සාවද්‍ය මතයක් වන්නේ මෙම කලාපය තුල විශේෂ ක්‍රියාන්විත සඳහා හඳුන්වාදෙන ලද දිඟු දුර විහිදුම් බලකාය හෙවත් මහසොහොන් බලකාය කළ ක්‍රීයන්විතයක් අතරතුර මෙය සිදුවු බවයි. එහෙත්, 2000 වසර වනවිට මරුසුවිල් යනු එල්.ටී.ටී.ඊ. යෙන් මුදාගත් කලාපයකි. එම හේතුව නිසා එල්.ටී.ටී.ඊ. බල ප්‍රෙද්ශ තුල විශේෂ ක්‍රියාන්විත සඳහා හඳුන්වාදෙන ලද දිඟු දුර විහිදුම් බලකාය හෙවත් මහසොහොන් බලකාය කිසිඳු අවස්ථාවක මුදාගත් ප්‍රදේශතුල ක්‍රියාන්විත සඳහා යොදාගන්නේ නැත. මේ අනුව ඔවුන් එම අවස්ථාවේ ක්‍රියාන්විතයක නිරතවී සිටි බව පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍යකි.

    මෙසේ ඝාතනයකරන ලද 8 දෙනාම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බව පැවසීම ද සම්පූර්ණ අසත්‍යක් වන්නේ ඒ අතර වයස අවුරුදු 5ක දරුවෙකු සිටීමත් එම දරුවාද ගෙල සිඳ දැමීමෙන් ඝාතනය කර තිබීමත් හේතුවෙනි. එමෙන්ම මෙම පුද්ගලයන් ආයුධ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නම් ඔවුන්ගේ ආයුධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට විත්තියට අවස්ථාව තිබූ නමුත් එසේ ඉදිරිපත් කර නොතිබිනි.

    මෙම නඩුව වසර 13ක පමන කාලයක් තිස්සේ විභාගයට ගැනුන අතර ඉදිරපත් කරන ලද සෘජු සහ වක්‍ර සාක්ෂි මගින් සුනිල් රත්නායක නැමති සෙබලා විසින් මෙම කියන සිවිල් වැසියන් 8 දෙනා චේතනාන්විතව අමානුෂික ලෙස ඝාතනයකර ඇති බවට සාධාරණ සැකයකින් ඔබ්බට විනිසුරුවරුන් තිදෙනෙකු හමුවේ සනාථවීම නිසා මනුෂ්‍ය ඝාතනය සඳහා දණ්ඩනීති සංග්‍රහයේ දක්වා ඇති දඬුවම් වලට අනුකූලවය.

    මෙම සියලු කාරණා පිලිබඳ අවභෝධයකින් තොරව පසුගිය කාලය පුරාවට සමාජ වෙබ් අඩවි ජාලා හරහා නෑවතත් ජාතිවාදය පිළිබිඹු වෙමින් පවති.

    සමාජ වෙබ් අඩවි හරහා ඈති කරන ලද මෙම ජාතිවාදි ව්‍යාකූලතවය සමනයට හොඳම නිදසුන වන්නේ පසුගියදා (ජූනි 18) පනදුර මහාධිකරණය විසින් දෙනලද නඩු තීන්දුවයි. මීට වසර 25 කට පෙර හොරණ ප්‍රදේශයේ වයස අවුරුදු 16 ක තරුණයෙකු ගේ මරණය සම්බඳයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් අධිකාරි රොෂාන්ද සිල්වා ඈතුලු තවත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු හට බරපතල වෑඩ ඈතිව වසර අටක සිරදඬුව්ම් නියම කෙරිනි.

    සුනිල් රත්නායක නඩුතීන්දුවට facebook ජාති මාමකයන් හැසිරෙන අයුරින්, 1990දී ත්‍රස්තවාදී ලේබලය අලවා තරුණයකු මරා දැමූ පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් ක්‍රියාත්මක නොවන්නේ මන්ද? ඔහු ඇතුළු පිරිස රණවිරුවන් නොවේද? ඔවුන් අතින් මරා දැමුනේ දෙමළෙකු නම් ඔවුන්ද රණවිරුවකු කරන්නට facebook ජාති මාමකයන් දෙවරක් නොසිතනු ඇත.​

    Source
    http://offair.nethfm.com/article/22453

    පලකරන්න හිතුනේ,

    1. මේ ලිපිය මිට කලිනුත් කියවලා තියනවා. එත් වගකිවයුතු මාද්‍යක ගිය නිසා.
    2. මෙයා දිගුදුර මෙහෙයුම් බලකායේ හිටියා කියලා ගොඩක් තැන් වල කියල තිබ්බත් ඒ බහුතරයක් වියාජ ඒවා වීම. (ලංකාදීප බැනර් එක දාලා හදපු ඒවා.)
    3. දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩකරන එවුන් ඔහේ අත අරින බේගල් වලින් මිනිස්සුන්ගේ තියන අති සංවේදී ජාති ආලය කැත විදිහට තමන්ගේ දේශපාලන යටි අරමුණු වලට යොදා ගන්න නිසා.
     
    Last edited:
    • Like
    Reactions: waca and isurueka

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකට මට ආයේ ආයේ කියන්න තියෙන්නේ මහින්දගේ කට්ටියට කරුණාකර බොරදියේ මාළු බාන්න ඒපා කියලා. සුනිල් රත්නායක කියන්නේ අමුම අමු කාල කන්නි සිංහල ජාතියට අවමන් කල තුප්පහි මිනිහෙක් කියලයි. මට ඔහු යම් දිනක මුණ ගැහුනොත් කාරා කෙල පිඩක් ගාසා යනවා. මූ රණ විරුවෙක් කියන උන්ගේ මානසික මට්ටම කොතෙක් ද කියලා හිතා ගන්න පුළුවන්.

    හමුදාවේ 10 % විතර තිරිසන් කොට්ටාශයක් ඉන්නවා. උන් ගැහැණු දුෂණය කරනවා , බාල අපචාර කරනවා, සිවිල් මිනිස්සු ගාතනය කරනවා , මත්ද්‍රවය ජාවාරමේ යෙදෙනවා.

    අපිට අවශ්‍ය වන්නේ මෙන්න මේ 10 % නම්වූ කුණු ගොඩ අතු ගාල දන්නා එක විතරයි. මුන්ට දඩුවන් පමුනවල අපේ හමුදාවේ කිර්තිනාමය රැකගන්න ඕනේ.තව දෙයක් උසාවි තීන්දුව දුන්නේ ශ්‍රී ලංකාවේ රජය නොවන බවත් එය උසාවිය මගින් ලබා දුන් මධ්‍යස්ථ තීන්දුවක් බව මහින්දගේ බැලයන් මතකතබා ගත්තොත් හොඳයි.

     
    Last edited:
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේකට මට ආයේ ආයේ කියන්න තියෙන්නේ මහින්දගේ කට්ටියට කරුණාකර බොරදියේ මාළු බාන්න ඒපා කියලා. සුනිල් රත්නායක කියන්නේ අමුම අමු කාල කන්නි සිංහල ජාතියට අවමන් කල තුප්පහි මිනිහෙක් කියලයි. මට ඔහු යම් දිනක මුණ ගැහුනොත් කාරා කෙල පිඩක් ගාසා යනවා. මූ රණ විරුවෙක් කියන උන්ගේ මානසික මට්ටම කොතෙක් ද කියලා හිතා ගන්න පුළුවන්.

    හමුදාවේ 10 % විතර තිරිසන් කොට්ටාශයක් ඉන්නවා. උන් ගැහැණු දුෂණය කරනවා , බාල අපචාර කරනවා, සිවිල් මිනිස්සු ගාතනය කරනවා , මත්ද්‍රවය ජාවාරමේ යෙදෙනවා.

    අපිට අවශ්‍ය වන්නේ මෙන්න මේ 10 % නම්වූ කුණු ගොඩ අතු ගාල දන්නා එක විතරයි. මුන්ට දඩුවන් පමුනවල අපේ හමුදාවේ කිර්තිනාමය රැකගන්න ඕනේ.තව දෙයක් උසාවි තීන්දුව දුන්නේ ශ්‍රී ලංකාවේ රජය නොවන බවත් එය උසාවිය මගින් ලබා දුන් මධ්‍යස්ථ තීන්දුවක් බව මහින්දගේ බැලයන් මතකතබා ගත්තොත් හොඳයි.


    දෙයක් දැක්ක පලියට ඉවක් බවක් නැතුව හොයන්නේ බලන්නේ නැතුව 100% විශ්වාස කරලා නොදැනුවත්ව කඩේ යන්නේ බලේට පෙරේත දේශපලුවොන්ට කියල ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මචන්.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දෙයක් දැක්ක පලියට ඉවක් බවක් නැතුව හොයන්නේ බලන්නේ නැතුව 100% විශ්වාස කරලා නොදැනුවත්ව කඩේ යන්නේ බලේට පෙරේත දේශපලුවොන්ට කියල ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මචන්.

    sirawatama machan
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    ලංකාවේ මින්ස්සු ගොඩක් ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැක්ක ගමන් ශෙයාර් කරනව (මන් පක්ෂ භේදයකින් තොරව කියන්නෙ). ඇත්ත නැත්ත මොකක්ද කියල හොයන්නෙ නෑ. අර සමහරු තමන්ගෙ සැම්සුන් ෆෝන එකේ NFC ඇන්ටනාව ගැලෙව්වේ ඔය විදියට වීඩියෝ එකක් බලල.

    ගොඩක් අය හෙව්වෙ නෑ මිරුසුවිල් සමූල ඝාතනය කියන්නෙ මොකක්ද කියල, අර සාමාන්‍ය වැසියො වෙපන්ස් තියාගෙන ඉන්න ෆොටෝ එකක් පෙන්නල මේ අයත් ඒ විදියට වෙපන්ස් තියාගෙන හිටියයි කියල සාධාරණිකරණය කරන්න හැදුවෙ (ආයුධ සන්නද්ධව හිටිය නං බොල්ල කපල මැරුවෙ මොකෝ) තවත් අය කොටි ළමා සොල්දාදුවන්ගෙ ෆොටෝ පෙන්නල අර තවක්කුවක් වත් උස්සන්න බැරි අවුරුදු 5 පොඩි එකත් කොටියෙක් කරල.

    ඒ මදිවට සමහර අය කියල තිබුන මොනව කරත් ඌ අපේ එකෙක් කියල. ඇත්ත ඌ අපේ එකෙක්, රණවිරුවෙක් කියල නිදහස් කරන්න පුලුවන් හැබැයි එතකොට ඒකෙන් වාසි වෙන්නෙ ලංකාවට විරුද්ධ බලවේග වලටම විතරයි, උන්ට කියන්න පුලුවන් අන්න අවුරුදු 5 දෙමළ ළමයෙක් මරපු එකට වත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ දෙමළ ජනතාවට ලංකාවෙන් අසාධාරණයක් වෙනව, ලංකාවට ජාත්‍යන්තර මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි කියල
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලංකාවේ මින්ස්සු ගොඩක් ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැක්ක ගමන් ශෙයාර් කරනව (මන් පක්ෂ භේදයකින් තොරව කියන්නෙ). ඇත්ත නැත්ත මොකක්ද කියල හොයන්නෙ නෑ. අර සමහරු තමන්ගෙ සැම්සුන් ෆෝන එකේ NFC ඇන්ටනාව ගැලෙව්වේ ඔය විදියට වීඩියෝ එකක් බලල.

    ගොඩක් අය හෙව්වෙ නෑ මිරුසුවිල් සමූල ඝාතනය කියන්නෙ මොකක්ද කියල, අර සාමාන්‍ය වැසියො වෙපන්ස් තියාගෙන ඉන්න ෆොටෝ එකක් පෙන්නල මේ අයත් ඒ විදියට වෙපන්ස් තියාගෙන හිටියයි කියල සාධාරණිකරණය කරන්න හැදුවෙ (ආයුධ සන්නද්ධව හිටිය නං බොල්ල කපල මැරුවෙ මොකෝ) තවත් අය කොටි ළමා සොල්දාදුවන්ගෙ ෆොටෝ පෙන්නල අර තවක්කුවක් වත් උස්සන්න බැරි අවුරුදු 5 පොඩි එකත් කොටියෙක් කරල.

    ඒ මදිවට සමහර අය කියල තිබුන මොනව කරත් ඌ අපේ එකෙක් කියල. ඇත්ත ඌ අපේ එකෙක්, රණවිරුවෙක් කියල නිදහස් කරන්න පුලුවන් හැබැයි එතකොට ඒකෙන් වාසි වෙන්නෙ ලංකාවට විරුද්ධ බලවේග වලටම විතරයි, උන්ට කියන්න පුලුවන් අන්න අවුරුදු 5 දෙමළ ළමයෙක් මරපු එකට වත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ දෙමළ ජනතාවට ලංකාවෙන් අසාධාරණයක් වෙනව, ලංකාවට ජාත්‍යන්තර මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි කියල

    මම හිතන්නේ මචන් බහුතරයක් මිනිස්සුන්ට දෙයක් ගබුරට හොයන්න තරම් වෙලාවක් සහ නිරවුල් මනසක් නැහැ. හිතන්න දවසේ පැය 8 - 9 වැඩ කරලා එන මනුස්සයෙක් උඩින් පෙන දෙයක් හරි කනට ආහුන දෙයක් හරි මිසක් බහුතරයක් කලාතුරකින් තමා ගබුරට දෙයක් හොයන්නේ. අනික ලංකාවේ දේශපාලනයේ දුෂණයක් රැවටීමක් නැතුව ගිය ස්වර්ණමය කාලයක් මෑත ඉතිහාසේ නැහැනේ මචන්. ඉතින් මිනිස්සුන්ට තියෙන්නේ බලාපොරොත්තුවක් විතරයි මුන් හොදට වැඩ කරයි කියල. ඒ නිසා උන් කියන ඕනේ දෙයක් දැන දැන උනත් උන් බොරු කියන්නේ කියලා පිලිගන්නවා. දේශපලකයෝන්ට කඩේ යන උනුත් උන්ගේ වාසිය තක විතරයි කඩේ යන්නේ. කොහෙන් ගියත් මිනිස්සු රැවටෙනවා. මේ සිද්දියත් ඒ වගේ තම මචන්.​