තරුණියකගේ පස්සෙන් ඇවිත් කරදර කළ ලේනෙක් අත
ජර්මනියේ තරුණියකට හිරිහැරයක් ලෙස හැසිරුණු ලේනෙක් පොලිස් අත්අඩංගුවට පත්වීමේ පුවතක් මේ. හැබැයි පොලිසියට වැඩේ මාට්ටුවුනේ නැහැ. ලේනා මේ අසමජ්ජාති වැඩේ කළේ පොලිසිය අහළකවත් නැති තැනක.
ලේනා මුලින්ම තනි පංගලමේ ගමන්ගත් කත පසුපස පැමිණ තිබෙනවා. එතනින් වැඩේ නැවැත්තුවේ නැතිලු. ඇයට ලේනා පරාළ ඇණයක් වෙලා. මොන අහිංසකයෙක් වුණත් කරදරයක් නම් බලාගෙන ඉන්නේ නැහැනේ. මෙතන බරපතලකම 'කාන්තා හිංසනය'.
ලේනාගෙන් මිදීමට කෙතරම් උත්සහ කළත් එය ව්යර්ථවෙලා. ඉතිරිව තිබුණේ විශ්වාසවන්ත පොලිසියම පමණයි. තවත් ප්රමාද වීමෙන් අනතුරේ බව දැනගත් ඇය පොලිස් හදිසි ඇමතුම දැනුවත් කළා.
පැය ගණනක් පරක්කු නොවී එසැණ ක්රියාත්මක වූ පොලිසිය - තරුණිය මුදවාගෙන.. ලේනා 'අත්අඩංගුවට' අරගෙන.