BMW Akka 28 kalin release wela

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    kaduwela1.jpg


    පසුගිය 13 වන දා රාත්‍රියේ මාලබේ, පිට්ටුගල ප්‍රදේශයේදී රථ වාහන පොලීසියේ නිලධාරීන් ඉදිරියේ කලබලකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තාව අද ඇප මත නිදහස් කෙරිණ.

    ඒ ඊට අදාළ නඩුව අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.

    එහි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, අදාළ කාන්තාව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙස ය.

    මේ අතර කාන්තාවගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවට අනුව ඇයට කිසිදු ආකාරයේ මානසික රෝගී තත්ත්වයකින් නොමැති බව හෙළි වූ බව ද විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසී ය.

    පසුගිය 13 වන දා රථවාහන පොලීසියේ නිලධාරීන් විසින් අදාළ කාන්තාව පදවමින් සිටි මෝටර් රථය නතර කරනු ලැබූමෙන් පසුව රථයෙන් බැස පැමිණෙන අදාළ කාන්තාව පොලීසිය සමග් උණුසුම් කතාබහක පැටලී තිබිණ.

    පසුව එහි සිටි එක් නිලධාරියෙකුගේ හෙල්මටය ද රැගෙන යළි සිය රථයේ නැග ඇය එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබිණ.

    කිසියම් පුද්ගලයෙකු විසින් මෙම සිද්ධිය ජංගම දුරකතනයකින් රූගත කරනු ලැබ ඇති අතර පසුව එම වීඩියෝව සමාජ ජාල වෙඩ් අඩවිවලට මුදා හැර තිබිණ.

    කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 38 හැවිරිදි අදාළ කාන්තාව අවුරුදු 2 1/2 පමණ වන ඇයගේ දියණියට මව් කිරි දෙමින් මෝටර් රථය ධාවනය කරමින් සිටි බව ත් ඒ හේතුවෙන් ඇයගේ මෝටර් රථය නතර කළ බව ත් පොලීසිය පැවසී ය.

    මෙම සිද්ධියට අදාළව එම කාන්තාවගේ සැමියා ද අත්අඩංගුවට ගත් අතර ඔහු එදින ම ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේ ය.

    කාන්තාවගේ සැමියාට එල්ල වී ඇති චෝදනාව වූයේ, ඊට මාසයකට පමණ පෙර කිසියම් මානසික ව්‍යාකූලතාවකට ප්‍රතිකාර ලබා ගෙන ඇති සිය බිරිඳට මෝටර් රථය ධාවනය කිරීමට ඉඩ දීම ය.

    අදාළ කාන්තාවගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් අංගොඩ රෝහලෙන් මානසික වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එදින පොලීසියට නියෝග කළේ ය.
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ශ්‍රී;18702222 said:
    dan athi bang. oya joduwata paaduwe inna damu. kawru unath minissune bang.

    :):):)

    meka lankawaneh ban. podi podi weradi kaarainta thamai ohoma karanne.