බැස්ටියන් මාවත - පෞද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී සොයාගත් කාන්තා මළ සිරුර පිළිබඳ මහේස්ත්රාත් පරීක්ෂණය මීට ටික වේලාවකට පෙර සිදු කෙරුණා. එහිදී මළ සිරුරේ නාසයෙන් රුධිරය වහනය වී තිබූ අයුරු නිරීක්ෂණය වූ බවයි පොලීසිය ප්රකාශ කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
