ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා
වැඩූ බව ලොව මට කීවා
දැනගත් දා පටන්ම අනුන්ගෙ බස් නිසා
ඔබෙන්ම අහන්න හිතුනා
මා ඔබෙ පුතු නොවේද හැදූ වැඩුවා පමණද
කියන්න මගෙ සුදු අම්මා
ලෝකය බොරුයි නේද කොච්චර ඔබ ආදරේද
ඔබමයි මා වැදු අම්මා
දෑසේ කඳුළු පෙනේ වේදනාව මටද දැනේ
ආයෙත් නොඅසමි අම්මේ
වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද
අම්මා ඔබයි සංසාරේ
වදලා කුණු බක්කියෙ දමලා යන අම්මලාට
කියලා දෙන්නද අම්මේ
වදනා අම්මලාද හදනා අම්මලාද
පැහැදුවෙ අම්මා අරුතේ
කුස තුළ බිළිඳු මරා මව්කමට දෙන්නෙ නිගා
හදන්න බය හින්දානේ
වදන්න පින් මදි මුත් හදනා පිනෙන්ම ඔබ
මතු බුදු වෙනවා අම්මේ

ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා
වැඩූ බව ලොව මට කීවා
දැනගත් දා පටන්ම අනුන්ගෙ බස් නිසා
ඔබෙන්ම අහන්න හිතුනා
මා ඔබෙ පුතු නොවේද හැදූ වැඩුවා පමණද
කියන්න මගෙ සුදු අම්මා
ලෝකය බොරුයි නේද කොච්චර ඔබ ආදරේද
ඔබමයි මා වැදු අම්මා
දෑසේ කඳුළු පෙනේ වේදනාව මටද දැනේ
ආයෙත් නොඅසමි අම්මේ
වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද
අම්මා ඔබයි සංසාරේ
වදලා කුණු බක්කියෙ දමලා යන අම්මලාට
කියලා දෙන්නද අම්මේ
වදනා අම්මලාද හදනා අම්මලාද
පැහැදුවෙ අම්මා අරුතේ
කුස තුළ බිළිඳු මරා මව්කමට දෙන්නෙ නිගා
හදන්න බය හින්දානේ
වදන්න පින් මදි මුත් හදනා පිනෙන්ම ඔබ
මතු බුදු වෙනවා අම්මේ


