me wage langadi unu athal siddi share here lol

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Paksha paata bedayakin thorawa mewan athal clips daanna.....:baffled::rofl::P:dull::nerd::frown:



    https://www.facebook.com/UNPGreenBlood/videos/973503886047012/

    මෙතන තිබ්බ පට්ටම කොමෙන්ට් එක..

    මන්ත්‍රී කෙනෙකු වී, ඇමති කෙනෙකු වී, විපක්ෂ නායක වී, දෙවතාවක් ජනාධිපති වී පැරදුනු මහින්ද රාජපක්ෂ මැතිතුමාට, තුනෙන් දෙකක බලයක් හා ජනාධිපති බලතල තිබියදීත් බැරිවුන දෙය, නැවතත් මන්ත්‍රී කෙනෙකු ලෙස කල හැකිද? අවුරුදු 20ක්‍ රට පාලනය කර තව අවුරුදු 5කට චන්ද පොරොන්දු දීමට ලැජ්ජාවක් නැද්ද?ගිය වරත් රැළි වලට රට වටේ බස් වලින් සෙනග ගෙන්වා ලොකුවට පෙන්වා, ඒත් අන්ත පරාජයක් ලබා, මෙවරත් ඒ දේම කරයි.ලොකුවට සංවර්ධනය ගැන කතාකරයි, තවමත් රෝහල් වල ලෙඩ්ඩු බිම. කුඩා ළමයි 4 දෙනෙකු එක ඇදේ ප්‍රතිකාර ලබයි. විස පොහොර ගෙන්වා, අහිංසක මිනිසුන් වකුගඩු රෝගීන් කර, බාල ඉන්දන ගෙන්වා, ඒවායේ කොමිස් වලින් ලොක්කන් රජ සැප වින්දේය. CASINO, CAR RACE දුප්පත් ජනතාව ඉල්ලුවේ නැත. ඉල්ලුවේ කන්න බත් වේලකි. ඉන්න ගෙයකි. බෙහෙත් ටිකකි.දෙමව්පියන්ගේ කන මාළු කෑල්ල පවා ළමයට දී ඔවුන් නිකන් බත් කෑවේය. තුන් වේල දෙවේල විය. මෙයද සංවර්දනය? නෙලුම් පොකුණු, නෙලුම් කුළුණු, අරව මේවා කොලඹ වටේට ඇත. බේබිලා සහ ලොක්කන් හොදින් සංවර්ධනය වී ඇත. මෙය සංවර්දනය කියා ඔවුන් සිතුවේය.
    මොවුන් මිනිසුන්ට මෛත්රී සහ මහින්ද සුසංයෝගය ගැන කීවේ පැලවෙන බොරු. ඉස්සරහටත් කරන්නේ බොරුවම තමා. මෛත්‍රී ජනාධිපති තුමා මහින්දට අගමැති කම දෙන්නැ කිව්වට පස්සේ කුමන කතාද? බැරිවෙලාවත් මහින්දට මහින්ද දිනුවොත් ,මෛත්‍රී ජනාධිපතිතුමා සමග වැඩ කිරීමට හිරිකිතයි නේද? දෙදෙනා එකිනෙකාට විරුද්ධ උනොත් රට අස්ථාවර වෙනවා නේද අවුරුදු 5ක්?මේ බොරුකාර රංචුව ප්‍රතික්ෂේප කරමු.
    පොලිසිය, හාමුදුරුවන්, කුඩා ලමයි දහස් ගණනක් මැරූ කරුණා සහ කේ.පීට රජ සැප දී LTTE සැගවුණු මුදල් ලබාගෙන, හමුදා සෙබළුන් කුණු කාණු සුද්දයේ යෙදෙව්වේය.ලෝකයෙන් අපේ රට කොන් කර, ජාත්‍යන්තරය තරහ කරගෙන, සුදු වෑන් සංස්කෘතිය ගෙනාවා. හැම තැනම රාජපක්ෂ නම ගහගත්තා. සුනාමි සල්ලි ටික කෑවේය.සමුර්ධි ලාභීන් කඩේ යවා බලහත්කාරයෙන් චන්දය ගෙන, අහිංසක ජනතාවගේ සල්ලි වලින්ම කටවුට්, පෝස්ටර්, සෑම ලයිට් කණුවකම ගසා, අධ්‍යාපනය කප්පාදු කර ලංකාවේ මිනිසුන් නුගතුන් පිරිසක් කර ඔවුන්ට කුඩු පොවා අනාථ කළේය. රටේ හොරුන් මංකොල්ල කරුවන් මිනීමරුවන් ඇති කලේය. මාධ්‍ය කරුවන් මරා, බෝම්බ ගසා, සියලුම රජයේ මාධ්‍ය අවභාවිතා කළේය. ක්‍රිස් නෝනිස් වැනි උගත් රාජ්‍ය තානාපති වරුන්ට කනේ පහරවල් ගසා, තානාපති කාර්යාල මගින් ලංකාව ගැන ලොවට කියන්නට හිටපු උගත් මිනිසුන් ඉවත් කර නුගත් රාජපක්ෂවරුන් ඒවාට දමා, ලොව පුර) LTTE හිතවත් ඩයස්පෝරාව පෝෂණය කළේය. කාන්තාවන් ගැන ඉහළින් කතාකරයි, නමුත් ජාතික ලැයිස්තුවේ කිසිම කාන්තාවකගේ නමක් නැත. අහිංසක ගැහැණු දරුවන් නම් දුෂණය කර PARTY දැමුවේය. ජාතිවාදය වපුරා රට අස්ථාවර කළේය. "අපිට අනතුරක් වෙලා ලේ දුන්නොත් අපි සිංහල, දෙමල, මුස්ලිම් ලේද යන්න අසන්නේ නැත." කළ පුරිද්දක් පළපුරුද්දක් ඇති UNP යට හා සාධාරණ විවේචනයක් මෙතෙක් කලක් රට වෙනුවෙන් එල්ලකළ JVP යට අවුරුදු 5ක් රට කරන්න දෙමු. ඔවුන්ද රටට අයහපතක් කලොත් ඔවුන්ද එලවමු. එකා මෙන් නැගිටිමු.ඒකීය, දියුණු, ස්වයන්පොශිත, බුද්ධිමත් සාරධර්ම වලින් පිරිපුන් රටක්, අනාගත පරපුර වෙනුවෙන් නිර්මාණය කරමු.ජාතිවාද අමතක කර ශ්‍රී ලාංකිකයන් ලෙස එකට නැගිටිමු. මොවුන් ඊළඟ ආත්මයේදී බල්ලන් හා කපුටන් වී උපදින බැවින්, අනුකම්පා කර ඡන්දය නොදී බල්ලන් කපුටන් වී ඉපදීමෙන් මුදවා ගමු.
    Note: මෙය කියවූ පසු ඔලුවක් නැති බය්යෙකු නම්,
    *අසභ්‍ය වචනයෙන් COMMENT කරයි.
    *නොගැලපෙන තර්ක ඉදිරිපත් කරයි.
    *අසභ්‍ය පොස්ට් දමයි.
    *රටේ නායකයන්ගේ ලිංගික අවයව ගැන දැඩි අවදානයෙන් කටයුතු කරයි.
    *සිහි බුද්ධියෙන් තොරව, මන්ද මානසිකත්වයෙන් කටයුතු කරයි.
    *වෙනත් මිනිහෙක්ට "අප්පච්චි" කියා තමාගේම අම්මාට අපහස කරගයි.
    *ජාතිවාධි මෝඩ කතා කියයි.