හිත නාබර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලේට සිතිවිලි කිතිකැවුනා
එකපාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහස නගා ඇ හොරැහින් වගේ බැලුවා //
පලු අම්බරයේ දේදුන්නක් ඇඳිලා...
පාට ගැවිගසේ පාළුව සැඟව ගිය //
සීතලෙන් මිරිකී උදා උන මේ ඇරුනේ
පාළුවූ මහදේ කව්රුද තනි මැකුවේ
හිත නාබර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලේට සිතිවිලි කිතිකැවුනා
එකපාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහස නගා ඇ හොරැහින් වගේ බැලුවා
පාට සමනලයන් ආදර ගී මුමුණා...
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා //
සීතලෙන් මිරිකී උදා උන මේ ඇරුනේ
පාළුවූ මහදේ කව්රුද තනි මැකුවේ
හිත නාබර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලේට සිතිවිලි කිතිකැවුනා
එකපාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහස නගා ඇ හොරැහින් වගේ බැලුවා