මෙතනදි කර්මය විදි දෙකක් නෙමේද ?

AnuradhaRa

Well-known member
  • මෙතනදි කර්මය විදි දෙකක් නෙමේද ?

    සමහරක් මිනිස්සු ඉන්නව තමන්ගෙ බල පුලුවංකාරකං හින්ද අනුන්ගෙ දේ පැහැර ගන්නව. මිනිමරනව.
    තව කට්ටියක් ඉන්නව තමන්ට වෙච්ච අසාධාරණේකට, පලිගැනීමේ චේතනාවෙන් මිනිමරනව..
    මෙතනදි දෙගොල්ලන්ටම කර්මය බලපාන්නෙ එකම විදියටද ?

    තව දෙයක්.. කැලෑවෙ ඉන්න සිංහයො කොටි තමන්ගෙ බඩගින්න නිවාගන්ඩ සත්තු මරං කනව.. එයාලට ඒක කොහොමත් කරන්ඩ වෙනව. නැත්තං බඩගින්නෙ මැරෙන්ඩයි වෙන්නෙ.. මේ සත්තුන්ට කර්මය බලපාන්නෙ කොහොමද ?

    උඹලගෙ අදහස් මොනාද මේ ගැන ?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Mama nam oka gena echchara kiyanna danne ne. Mul scene dekema karanne pawak. Chethanava thamai balapaanne
    Sinhayage case eka gena mata yaaluwek kivva. Aththa naththa nam danne ne. Eyaa kivve e wage sathek welaa ipadena eka pawak kiyala. Bosathanan wahanse eka serayak sinhayek welaa ipadunalu. Ithin saththu maran kanna neh wenne. Meka eka devi kenek dekkalu kavadaa hari Budu wena kenek kiyala. Passe e gena sinhayata kiyala passe sinhaya badaginne marunalu. Oka thamai kathaawa.
    Bt I hv doubts ban.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    චේතනා හං බික්ක වේ කම්මන් වදාමි...චේතනාව තමයි බලපාන්නේ..මොන අරමුණකින් කලත්.. සත්තුන්ට මේවා බලපාන්නේ නෑ කියලා දවසක් හාමුදුරු නමක් බණට කිව්වා..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සමහරක් මිනිස්සු ඉන්නව තමන්ගෙ බල පුලුවංකාරකං හින්ද අනුන්ගෙ දේ පැහැර ගන්නව. මිනිමරනව.
    තව කට්ටියක් ඉන්නව තමන්ට වෙච්ච අසාධාරණේකට, පලිගැනීමේ චේතනාවෙන් මිනිමරනව..
    මෙතනදි දෙගොල්ලන්ටම කර්මය බලපාන්නෙ එකම විදියටද ?

    තව දෙයක්.. කැලෑවෙ ඉන්න සිංහයො කොටි තමන්ගෙ බඩගින්න නිවාගන්ඩ සත්තු මරං කනව.. එයාලට ඒක කොහොමත් කරන්ඩ වෙනව. නැත්තං බඩගින්නෙ මැරෙන්ඩයි වෙන්නෙ.. මේ සත්තුන්ට කර්මය බලපාන්නෙ කොහොමද ?

    උඹලගෙ අදහස් මොනාද මේ ගැන ?

    මේක ටිකක් සංකීර්ණයි. මම පුළුවන් විදිහට සරලව කියන්න බලන්නම්.

    "සමහරක් මිනිස්සු ඉන්නව තමන්ගෙ බල පුලුවංකාරකං හින්ද අනුන්ගෙ දේ පැහැර ගන්නව. මිනිමරනව." - මේකෙදි මම හිතන්නෙ වැඩිපුර ඇති වෙන්නේ ලෝභමුලික සිත්.

    "තමන්ට වෙච්ච අසාධාරණේකට, පලිගැනීමේ චේතනාවෙන් මිනිමරනව" - මේකෙදි වැඩිපුර ඇතිවෙන්නේ ද්වේෂ මුලික සිත්.

    ලෝභමුලික සිත් ජාති 8ක් තියනව. ද්වේෂ මුලික සිත් ජාති 2 ක් තියනව. ලොකු වෙනසක් නැති උනත්, ඔය 10යෙම අකුසල් ප්‍රභලතාව එකින් එකට වෙනස්. සාමාන්‍යයෙන් ද්වේෂ මුලික සිත් වල ප්‍රභාලතාවය වැඩියි. ඒ උනාට, ඒ සිත් ඇති වෙන වාර ගණන හා කාල සිමාව ගත්තොත්, එකතුවක් වශයෙන් පළවෙනි සිද්ධියේ කෙනා රැස් කරන කර්මය වැඩි වීමේ සම්භාවිතාවය වැඩියි කියලයි මම හිතන්නෙ. හැබැයි දෙන්නම එකම අවුරුදු ගානක්, එකම වැරදි ගානක් කලොත්, දෙවෙනි සිද්ධියේ කෙනා රැස් කරන කර්මය වැඩි වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    චේතනා හං බික්ක වේ කම්මන් වදාමි...චේතනාව තමයි බලපාන්නේ..මොන අරමුණකින් කලත්.. සත්තුන්ට මේවා බලපාන්නේ නෑ කියලා දවසක් හාමුදුරු නමක් බණට කිව්වා..

    මේකනම් මට පිළිගන්න ටිකක් අමාරුයි. ජාතක කතා කීයකනම් බෝසතාණන් වහන්සේ සතුන් විදිහට පෙරුම් පුරලා තියනවද? සත්තුන්ට බලපාන්නෙ නැත්නම් ජාතක කතා බොරු වෙනවනෙ.:nerd:
     
    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    balapuluwankara kamata paw karath wairayata paw karath e paw walata wipaka widdinna sidda wenawa.

    Saththu wela upadinne un kalin karapu paw walata.ithn un saththu marana marana warak pasa unta paw pirenawa.Buduhamuduruwo kiyala thiyenne saththu kiyanne "Akusal nidhi" kiyala.Eka nisa apiwa thirisan athmekata wetunoth eken goda enna godak amarui..ilaga aathma walath bohowita saththu welamai upadinne..eka nisa e updina hema athmema paw godak ekathu karagannawa.eka nisa puluwan tharam aduma washayen minis athmayak labaganna try karanna ona api
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    සමහරක් මිනිස්සු ඉන්නව තමන්ගෙ බල පුලුවංකාරකං හින්ද අනුන්ගෙ දේ පැහැර ගන්නව. මිනිමරනව.
    තව කට්ටියක් ඉන්නව තමන්ට වෙච්ච අසාධාරණේකට, පලිගැනීමේ චේතනාවෙන් මිනිමරනව..
    මෙතනදි දෙගොල්ලන්ටම කර්මය බලපාන්නෙ එකම විදියටද ?

    තව දෙයක්.. කැලෑවෙ ඉන්න සිංහයො කොටි තමන්ගෙ බඩගින්න නිවාගන්ඩ සත්තු මරං කනව.. එයාලට ඒක කොහොමත් කරන්ඩ වෙනව. නැත්තං බඩගින්නෙ මැරෙන්ඩයි වෙන්නෙ.. මේ සත්තුන්ට කර්මය බලපාන්නෙ කොහොමද ?

    උඹලගෙ අදහස් මොනාද මේ ගැන ?

    චේතනහන් භික්කවේ කම්මන් වදාමි
    ඔය කියල තියෙන අවස්ත තුනටම ප්‍රනඝාතයට අදාලව කර්මය සකස් වෙනවා
    මොකද තමන් කෙනෙක්ව මරනවා කියන සිතිවිල්ල එයාලට එතිවෙන නිසා
    සතෙක් බඩගින්නට තව සතෙක්ව මැරුවත් සතෙක් මරනවා කියන සිතිවිල්ල එයට එතිවෙනවා

    නමුත් කර්මය කියන දේ තමන් සිදු කල
    1කර්මයන්ගෙන් කෙරෙන කාර්ය අනුව
    ජනක,උපත්තම්බක, උපපීලක, උපඝාතක කර්ම

    2විපාක දෙන අනුපිලිවෙල
    ගරුක, ආසන්න, ආචින්න, කටත්තා කර්ම

    3විපාක දෙන කාල
    දිට්ටදම්මවෙදනිය, උපපජ්ජවෙදනිය, අපරාපරියවෙදනිය, අහෝසි කර්ම

    4විපාක දෙන ස්ථාන
    අකුශල, කාමාවචර, රූපවචර, අරූපාවචර කර්ම

    කියල කොටස් සහ අනු කොටස් වලට බෙදෙනවා

    උදාහරණයක් විදියට කෙනෙක් තමන්ගේ දෙමාපියන් මැරීම සහ සතෙක් මැරීම කියන දේ විපාක දෙන
    විදිය වෙනස්

    මිනිසෙක් නම් ආනන්තරිය පාපකර්මයක් කරලා නෙත්නම් දර්ම මාර්ගයට යොමු වෙලා බලවත් කුසලයක් මගින් විපක් වෙනස් කරගන්න පුළුවන්

    හොදම උදාහරණය අංගුලිමාල කතාව මිනිස්සු දහස් ගානක් මරපු කෙනා අන්තිමේදී අම්මව මරල ආනන්තරිය පාපකර්මයක් කරගන්න එක බුදුරජාණන් වහන්සේ විසින් වලක්වාල නිවන් මාර්ගය කියාදෙනවා, නිවන් අවබෝධ කලත් අර මිනිස්සු මරපු අකුසල කර්ම විපාකය පිණිස ආව

    සතෙකුට දර්මය තේරුම් ගන්න බේරී නිසා එයා එම අකුසලයන්ට අදාලව තව තවත් සතර අපායෙන් සතර අපායටම වෙටෙනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මේක ටිකක් සංකීර්ණයි. මම පුළුවන් විදිහට සරලව කියන්න බලන්නම්.

    "සමහරක් මිනිස්සු ඉන්නව තමන්ගෙ බල පුලුවංකාරකං හින්ද අනුන්ගෙ දේ පැහැර ගන්නව. මිනිමරනව." - මේකෙදි මම හිතන්නෙ වැඩිපුර ඇති වෙන්නේ ලෝභමුලික සිත්.

    "තමන්ට වෙච්ච අසාධාරණේකට, පලිගැනීමේ චේතනාවෙන් මිනිමරනව" - මේකෙදි වැඩිපුර ඇතිවෙන්නේ ද්වේෂ මුලික සිත්.

    ලෝභමුලික සිත් ජාති 8ක් තියනව. ද්වේෂ මුලික සිත් ජාති 2 ක් තියනව. ලොකු වෙනසක් නැති උනත්, ඔය 10යෙම අකුසල් ප්‍රභලතාව එකින් එකට වෙනස්. සාමාන්‍යයෙන් ද්වේෂ මුලික සිත් වල ප්‍රභාලතාවය වැඩියි. ඒ උනාට, ඒ සිත් ඇති වෙන වාර ගණන හා කාල සිමාව ගත්තොත්, එකතුවක් වශයෙන් පළවෙනි සිද්ධියේ කෙනා රැස් කරන කර්මය වැඩි වීමේ සම්භාවිතාවය වැඩියි කියලයි මම හිතන්නෙ. හැබැයි දෙන්නම එකම අවුරුදු ගානක්, එකම වැරදි ගානක් කලොත්, දෙවෙනි සිද්ධියේ කෙනා රැස් කරන කර්මය වැඩි වෙන්න පුළුවන්.

    තැන්කියු මචං. උඹ මගේ ප්‍රශ්නෙ හරියට තේරුං අරං, හොඳ උත්තරයක් දීල තියෙනව... :)
     
    AnuradhaRa

    Well-known member
  • දෙන්නටම තියෙන්නෙ මිනිමැරීමේ උවමනාව..
    ඒත් ඒකට යොමුවුණේ වෙනස් කාරණා දෙකක් නිසා.. :yes: මේකට වෙනස් චේතනා දෙකක් කියලත් කියන්ඩ පුලුවන්ද ?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සමහරක් මිනිස්සු ඉන්නව තමන්ගෙ බල පුලුවංකාරකං හින්ද අනුන්ගෙ දේ පැහැර ගන්නව. මිනිමරනව.
    තව කට්ටියක් ඉන්නව තමන්ට වෙච්ච අසාධාරණේකට, පලිගැනීමේ චේතනාවෙන් මිනිමරනව..
    මෙතනදි දෙගොල්ලන්ටම කර්මය බලපාන්නෙ එකම විදියටද ?

    තව දෙයක්.. කැලෑවෙ ඉන්න සිංහයො කොටි තමන්ගෙ බඩගින්න නිවාගන්ඩ සත්තු මරං කනව.. එයාලට ඒක කොහොමත් කරන්ඩ වෙනව. නැත්තං බඩගින්නෙ මැරෙන්ඩයි වෙන්නෙ.. මේ සත්තුන්ට කර්මය බලපාන්නෙ කොහොමද ?

    උඹලගෙ අදහස් මොනාද මේ ගැන ?

    කර්මය කියල දෙයක් නෑ, මහින්ද පැරදුනේ කර්මය හින්දද? මහින්දගෙ අනුගාමිකයන්ට මහින්දගෙ කර්මය බලපාන්නෙ කොහොමද? මහින්ද උපදිනකොට ආශ්චර්ය පහල උනාද? මහින්ද රජෙක් නන් විලි ලැජ්ජ නැතුව ඉන්නෙ කොහොමද?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    චේතනා හං බික්ක වේ කම්මන් වදාමි...චේතනාව තමයි බලපාන්නේ..මොන අරමුණකින් කලත්.. සත්තුන්ට මේවා බලපාන්නේ නෑ කියලා දවසක් හාමුදුරු නමක් බණට කිව්වා..

    සතුන්ටත් මේකේ වෙනසක් නෑ.... මොකද සත්තුන්ගේ සක්කාය දිට්ඨිය ප්‍රහානය වෙලා නෑ. උන් දන්නෙ නෑ කිවුවට බෑ... එහෙම නම් ධර්මයක් ගැන කිසිම දෙයක් නොදන්නා මුස්ලිම්, ක්‍රිස්තියානි වගේ ආගමක් අදහන කෙනෙක් කරන කියන කිසිම දේකින් පවු රැස් නොවෙන්න ඕනේ... භාග්‍යවතුන් වහන්සේ කියල දුන්නේ ලෝක ධර්මතාව මිසක් උන් වහන්සේගේ ශ්‍රවකයින්ට විතරක් බලපාන දෙයක් නෙමෙයි....
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    කර්මය කියල දෙයක් නෑ, මහින්ද පැරදුනේ කර්මය හින්දද? මහින්දගෙ අනුගාමිකයන්ට මහින්දගෙ කර්මය බලපාන්නෙ කොහොමද? මහින්ද උපදිනකොට ආශ්චර්ය පහල උනාද? මහින්ද රජෙක් නන් විලි ලැජ්ජ නැතුව ඉන්නෙ කොහොමද?

    මේ වගේ ත්‍රෙඩ් එකකටවත් ඔය කුණු දේශපාලනේ ගාවගන්නෙ නැතුව ඉන්නවද?:angry:
    මම මේක report කලා.

    -rep 15(පලවෙනි වතාවට එකෙක්ගෙ rep කැපුවෙ:()
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • සතුන්ටත් මේකේ වෙනසක් නෑ.... මොකද සත්තුන්ගේ සක්කාය දිට්ඨිය ප්‍රහානය වෙලා නෑ. උන් දන්නෙ නෑ කිවුවට බෑ... එහෙම නම් ධර්මයක් ගැන කිසිම දෙයක් නොදන්නා මුස්ලිම්, ක්‍රිස්තියානි වගේ ආගමක් අදහන කෙනෙක් කරන කියන කිසිම දේකින් පවු රැස් නොවෙන්න ඕනේ... භාග්‍යවතුන් වහන්සේ කියල දුන්නේ ලෝක ධර්මතාව මිසක් උන් වහන්සේගේ ශ්‍රවකයින්ට විතරක් බලපාන දෙයක් නෙමෙයි....

    :)
     
    AnuradhaRa

    Well-known member
  • මේ වගේ ත්‍රෙඩ් එකකටවත් ඔය කුණු දේශපාලනේ ගාවගන්නෙ නැතුව ඉන්නවද?:angry:
    මම මේක report කලා.

    -rep 15(පලවෙනි වතාවට එකෙක්ගෙ rep කැපුවෙ:()

    ඕක ගණන් ගන්ඩ එපා :)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සතුන්ටත් මේකේ වෙනසක් නෑ.... මොකද සත්තුන්ගේ සක්කාය දිට්ඨිය ප්‍රහානය වෙලා නෑ. උන් දන්නෙ නෑ කිවුවට බෑ... එහෙම නම් ධර්මයක් ගැන කිසිම දෙයක් නොදන්නා මුස්ලිම්, ක්‍රිස්තියානි වගේ ආගමක් අදහන කෙනෙක් කරන කියන කිසිම දේකින් පවු රැස් නොවෙන්න ඕනේ... භාග්‍යවතුන් වහන්සේ කියල දුන්නේ ලෝක ධර්මතාව මිසක් උන් වහන්සේගේ ශ්‍රවකයින්ට විතරක් බලපාන දෙයක් නෙමෙයි....

    සිරාවට, හාමුදුරු නමක් ඇත්තටම බණකට අර කතාව කිව්වනම් සෑහෙන්න වැරදියිනේ.:baffled: