ඔව් උඹ හරි ඇටැක් කරනවා කියලා එන හැම බෝලයකටම නෙලන්න යන්න බෑ ටෙස්ට් ක්‍රිකට් වලදි අල්ලන්න ඕනා අපි ගොඩක් වේලාවට අනාගන්නේ අනවශ්‍ය විදියට ආරක්ෂාකාරි වෙන්න ගිහින් දැන් බලන්න කෞෂල්‍ය සිල්වා දිගු වේලාවක් කඩුල්ලේ ඉන්න පුලූවන් ක්‍රිඩකයෙක් සැහෙන පන්දු ප්‍රමාණයක් ලකුණු නොගෙන ඉන්නවා සමහර අවස්ථා වලදි ඒක අපිටම අවාසි වෙන වෙලාවල් තියෙනවා අන්තිමේදි ලකුණු මදි විකට් ගිහින් හොඳම දේ තමයි ආරක්ෂාකාරි වෙන ගමන් ලකූණු ලබාගන්න එක
ටෙස්ට් තරඟයකදි එක දිගට ඕවර 8-10 දාන්න පුලූවන් වේග පන්දු යවන්නෙක් අපිට කවදා හදාගන්න පුලූවන් වෙයිද දන්නේ නෑ ටෙස්ට් තරඟයකදි වේග පන්දු යවනවා කියන්නේ සැහෙන ශක්තියක් වැයවෙන දෙයක් ඒ වගේම හොඳ දරාගැනිමේ හැකියාවක් තියෙන්න ඕනා. අපේ වේගපන්දු යවන්නන්ට එක දිගට ඕවර 5 වගේ තමයි කරන්න පුලූවන් වෙන්නේ ඒක කියන තරම් ලේසි නෑ නමුත් අපේ වේග පන්දු යවන්නන්ගේ ශාරිරික යෝග්‍යතාවය මානසිකත්වය හදලා එක දිගට ඕවර 8-10 දාන්න පුලූවන් නම් හොඳ බෝලින් ඇටැක් එකක් දෙන්න පුලූවන්