මහින්ද රාජපක්‍ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වූයේම වැරදි ගණන් හැදීමක් සමගිනි. එනම්, පසුගිය ජනවාරි 8වැනිදා ජනාධිපතිවරණයේදී ඔහුට ලැබුණු ඡන්ද 57,68,090 (ලක්‍ෂ 58)ක ප‍්‍රමාණය මේ වන තෙක් ඔහු සමගම සිටිති’යි යන්නය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී ලබාගත් 62,17,162 (ලක්‍ෂ 62)ක ප‍්‍රමාණය විවිධ පක්‍ෂ එකතුවී ලබාගත් එකතුවක් නිසා, මේ මැතිවරණයේදී ඔවුන් එකිනෙකා බෙදී ඡන්දය ඉල්ලන නිසා විසිරී යෑමෙන්, නොබෙදුණු තමන්ගේ ඡන්ද ගොඩ ජයගනු ඇතැ’යි ඔවුහු සිතූහ. මේ අදහස තහවුරු කිරීම සඳහා මහින්ද පාර්ශ්වයේ ලොකු පොඩි නායකයෝ කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කළ බව පසුගිය කාලයේ මාධ්‍ය ඇසුරු කළ අය දනිති. ජනවාරි 8 වැනිදා රාජපක්‍ෂ මහතා ලබාගත් ලක්‍ෂ 58 මේ වන තෙක් එසේ නොපවතින්නට හේතු රාශියක් විවිධ නිරීක්‍ෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබුවත් ඒවා සැලකිල්ලට ගනු නොලැබිණි. දැන් ඒ බව තහවුරු වී තිබේ.
අගෝස්තු 17 වැනිදා මුළු රටෙන්ම මහින්ද පෙරටුකොට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ඇත්තේ ඡන්ද 47,66,150ක් (සන්ධානයේ 47,32,669ක සහ ඊපීඞීපීයේ 33,481ක එකතුව) පමණකි. එය, ජනවාරි 8 වැනිදා මහින්ද ගත් ප‍්‍රමාණයට වඩා 10,01,940 (ලක්‍ෂ 10)කින් අඩුවීමකි. එහෙත්, ජනවාරි 8 වැනිදා මහින්ද විරෝධී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය ලබාගත් ඡන්ද ප‍්‍රමාණය ඒ ආකාරයෙන්ම තවමත් පවතින බව පැහැදිලි වෙයි. අගෝස්තු 17 වැනිදා ඒ පාර්ශ්වයේ සියලූ කණ්ඩායම්, එනම්, එජාපය, ජවිපෙ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය පිළිවෙලින් ගත් ඡන්ද ප‍්‍රමාණ වන 50,98,927ත්, 5,43,944ත්, 5,15,963ත්, 44,193ත්, 28,587ත් එකතු කළ විට අගය වන්නේ ඡන්ද 62,31,614කි. එය ජනවාරි 8 වැනිදා ඔවුන් එකතුව ගත් ඡන්ද ප‍්‍රමාණයටත් වඩා 14,452ක වැඩිවීමකි. ඒ අනුව, මාස හතක කාලය තුළ පමණක් මහින්දගේ පිරිහී ඇති ඡන්ද ප‍්‍රමාණය ලක්‍ෂ 10කි.
ලක්‍ෂ 58 පිටුපෑම
ඔහු රටට කළ වැඩ නිසා ඔහු අගය කළ, එනිසාම ඔහුගේ වැරදි අමතක කළ දැනුවත්, මධ්‍යස්ථ පිරිසක් ජනවාරි 8, මහින්දගේ ලක්‍ෂ 58 තුළ සිටි බව අප අමතක නොකළ යුතුය. යුද්ධය අවසන් කිරීමත්, රටේ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමත් හා ඇහැට පෙනෙන සංවර්ධනයක් කිරීමට මහින්ද ගත් උත්සාහයත් නිසා මේ පාවෙන ඡන්දදායකයන් පිරිස මහින්දගේ කුමන වැරදි තිබුණත් ඒ වැරදි අමතක කර ඔහුට එදා ඡන්දය දෙන්නට ඇත. එහෙත්, ජනවාරි 8වැනිදායින් පසු මහින්ද ගැනත්, ඔහුගේ පවුල හා ගජමිතුරන් ගැනත් දැනගන්නට ලැබුණු අලූත් නරක දේවල් නිසා මහින්ද කෙරෙහි ඔවුන්ගේ තිබූ ඇල්ම නැතිවී යන්නට ඇත. ජනවාරි 8ට පෙර, තාජුදීන්ගේ ඝාතනය, සිරිලිය සවිය, එක්නැලිිගොඩ ඝාතනය, ශිරන්ති හා යෝෂිත රාජපක්‍ෂගේ හෙලිකොප්ටර් ගමන්, ගෝඨාභයගේ මෝරු ටැංකිය, නිශාන්ත වික‍්‍රමසිංහගේ ශ‍්‍රීලංකන්හි කුමාර ජීවිතය යනාදිය ගැන ඒ පිරිස දැනසිටියේ නැත. කෙටියෙන් කිවහොත්, ජනවාරි 8 වැනිදා ඔවුන් දන්නා මහින්දට වඩා 8ට පසු මහින්ද හුඟක් නරක, හුඟක් පුංචි චරිතයකි. අනෙක් හේතුවලට අමතරව මේ පිරිස මෙසේ අහක බලාගැනීමද මහින්දගේ ලක්‍ෂ 10ක ඡන්ද අඩුවීමට බලපා තිබෙන බව සිතිය හැකිය.
මහින්දගේ පැමිණීම අඩුගණනේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයටවත් විශාල පිබිදීමක් ඇති නොකළේය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් 2010 මහ මැතිවරණයේදී නිදහස් සන්ධානය ලබාගත් මුළු ඡන්ද ප‍්‍රමාණය 4,29,316 කි. දිනාගත් ආසන ප‍්‍රමාණය 10කි. එම මැතිවරණයේදී එජාපය ඡන්ද 2,13,713ක් ලබාගත් අතර දිනාගත් ආසන ගණන 5කි. මහින්ද ආකර්ෂණීය චරිතයක් වී නම්, ඔහුගේ පැමිණීම කුරුණෑගල ජනතාව සාදරයෙන් පිළිගත්තේ නම් මේ ඡන්ද ප‍්‍රමාණයත් ආසන ප‍්‍රමාණයත් මෙවර විශාල ලෙස වැඩි විය යුතුව තිබුණි. ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා තනිවම ඡන්ද 5,56,868ක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ලබා ගත්තේය. එහෙත්, අගෝස්තු 17වැනිදා මහින්ද ප‍්‍රමුඛ සන්ධානයම කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ලබාගෙන ඇත්තේ 4,74,124ක් පමණකි. ආසන 8කි. එය සියයට 53.46ක සිට සියයට 43.26කට පසුබැසීමකි. එජාපය එහිදී ඡන්ද 4,41,275ක් ලබාගෙන ආසන 7ක් දිනාගත්තේය. 2010ට වඩා 2015දී සන්ධානය කුරුණෑගලින් ලබාගත් ඡන්ද වැඩිවී ඇත්තේ 44,808කින් පමණකි. එහෙම නම් මහින්ද නිසා කුරුණෑගල වැඩිවුණේ ඡන්ද 50,000කට අඩු ගණනක්ද? ඒ වාගේම, මහින්ද කුරුණෑගල සිටියදීත් එජාපය තම ඡුන්ද ප‍්‍රමාණය 2010ට වඩා මෙවර දෙගුණයක් කරගත්තේය. ඔවුන් වැඩිකරගත් ඡුන්ද ප‍්‍රමාණය 2,27,562කි. සන්ධානය දිස්ත‍්‍රික්කය දිනාගැනීම නිසා ලැබුණු ප‍්‍රසාද ආසනය අතහැර ගතහොත්, සන්ධානයත් එජාපයත් ලබා ඇති ආසන සංඛ්‍යාව (7ක් බැගින්) එක සමාන වෙයි.
මහින්ද මෙවර කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ලබාගත් මනාප ප‍්‍රමාණය 4,23,529කි. ජනවාරි 8වැනිදා ඔහු ඡුන්ද 5,56,868ක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ගත්තේය. ඒ ඡන්දද මාස හතක් තුළ මෙවර 1,33,339කින් අඩුවී තිබේ.
පිළිගැනීමක් නෑ
මේ ප‍්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ, එක් පැත්තකින් මහින්ද නැවත දේශපාලනයට එන්නට ගත් තීන්දුව වැරදි බවයි. අනෙක් පැත්තෙන් ඔහු කළ ගණන් හැදීම සපුරා වැරදි බවයි. එසේම, කුරුණෑගල ජනතාව, විශේෂයෙන්ම සන්ධාන පාක්‍ෂිකයන් වුවද ඔහු ජාතියේ මහා වීරයා ලෙස මහ ඉහළින් පිළිනොගෙන ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවයි. කුරුණෑගල දිස්ත‍්‍රික්කය තෝරාගැනීම ගැන මහින්ද කීවේ, වැඩි පන්සල් ගණනක් එහි තිබෙන නිසා හා වැඩිම රණවිරුවන් පිරිසක් එහි ඉන්නා නිසා තමා එහි පැමිණි බවයි. ඒ අයට ගැළපේය සිතා මහින්ද හැම තැනදීම කීවේ ජාතිවාදයට, ආගම්වාදයට බර කතාය. දෙමළ ජාතියට හා රට බෙදීමේ කුමන්ත‍්‍රණයක යෙදී සිටිනවායැ’යි කියන බටහිර ජාතීන්ට ගරහන කතාය. දැන් පෙනෙන්නේ ඒ සියල්ල කළද, ඒ පන්සල්වලින් හා රණවිරුවන් වෙතින්ද මහින්දට සැලකිය යුතු පිළිගැනීමක් ලැබී නැති බවයි.
මහින්දගේ පැමිණීම හඳුන්වන ලද්දේ මහින්ද සුළඟ ලෙසිනි. ජනාධිපතිවරණයෙන් පැරදී මැදමුලනට ගිය පසුදාම මහජනතාව වැල නොකැඞී තමා හමුවන්නට පැමිණ නැවත දේශපාලනයට පැමිණෙන ලෙස කළ බලවත් ආරාධනාව නිසා තමා නැවත පැමිණිය බවත්, ඔවුන් එසේ තමාට ආරාධනා කළේ යහපාලන ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය ගැන කලකිරී බවත් මහින්ද පසුගිය කාලයේ කීවේය. එහෙත්, ජනවාරි 8 වැනිදාට යන්තම් දින දෙක තුනකට පසු යහපාලන ආණ්ඩුව ගැන මේ මිනිසුන් කලකිරුණේ කෙසේදැයි මහින්ද කීවේ නැත. ඇත්ත නම්, ජනාධිපතිවරණයෙන් නොසිතූ පරාජයක් ලද මහින්ද ශාරීරිකව හා මානසිකව ඇදවැටීම වළක්වාගන්නට ඔහුගේ ගජමිතුරන් විසින් ‘මහින්ද වන්දනාවක්’ සංවිධානය කිරීමයි. එවැන්නක් නොකළේ නම්, බලය අහිමිවීමෙන් දැඩි ලෙස මානසිකව ඇදවැටෙන මහින්දට ඉසුරුමත් ජනාධිපතිධුර කාලයේදී යටපත්වී තිබුණු ශාරීරික රෝගපීඩාදියද නැවත මතුවී දැඩි ලෙස හානිකරන්නට ඉඩ තිබිණි. එය වළක්වාගැනීමට තිබුණු එකම ක‍්‍රමය මිනිසුන් අතර ඔහු රැුඳවීමයි. සන්ධාන ආසන සංවිධායකයන් තමන්ගේ අතින් මුදල් වියදම් කරමින් බස් සූදානම් කොට කාල්ටන් නිවසට මිනිසුන් පෝලිමේ එව්වේ ඒ අරමුණෙනි. ඒ අතර, අරලියගහ මන්දිරයේ සිටියදී කළාක් මෙන් මාසික පෝදා බණ දේශනාවද පෙර තිබූ පුහු සැරසිලිවන්තකමෙන්ම කාල්ටන් නිවසේද සිදුකෙරිණි. එනිසා, ඒ ජනතාව මහින්ද බලන්නට ගියේ ‘අයියෝ මහින්ද’ කියා ඔහුගේ මුහුණ බලා, අත අල්ලා දුක්වී එන්නටය. මහින්ද හිතුවේ මේ පිරිස එන්නේ තමන් නැවත දේශපාලනයට කැඳවාගෙන යන්නට බවය. ජනවාරි 8වැනිදා තමා පැරදුණේ මේ අය ඔක්කොම ඡුන්දය දී තිබෙද්දීත් බව මහින්දට කල්පනා නොවුණේය. ඒ වැරදි ගණන් බැලීමට ලක්‍ෂ 58 ගැන වැරදි තක්සේරුවද එකතු වූ විට මහින්දට හොඳටම වැරදුණේය.
මහමැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදීද සිදුවුණේ පරණ දේමය. සංවිධායකයන් තමන්ගේ බලප‍්‍රදේශවලින් සෙනඟ ගෙන්වා අතිවිශාල ජනතාවක් ලෙස මහින්දට රැස්වීම්වලදී පෙන්නුවේය. ඔහු පරණ විදියටම ජනතාව දැක ගිනිකන වැටුණේය. ආසන 117ක් ගන්නා බවට වහසිබස් දෙඩුවේය. එහෙත් දැන් ප‍්‍රතිඵලය පැහැදිලිය. 2010 මැතිවරණයේදී ආසන 144ක් දිනා සිටි සන්ධානය මෙවර 95කට බරපතළ ලෙස පසුබැස්සේය.
එක්සත් ජාතික පක්‍ෂය
පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරයක් අත්කර නොගත්තද, එජාපය මේ මැතිවරණයේදී 2010ට වඩා දෙගුණයක ඉදිරි පිම්මක් පැන ඇත. 2010දී සියයට 29.34 තිබූ තමන්ගේ ඡන්ද පදනම අගෝස්තු 17වැනිදා වන විට සියයට 42.38ක් දක්වා වැඩිකර ගෙන ඇත. කොළඹ, මහනුවර, ගම්පහ වැනි නාගරික පසුබිමක් ඇති ඡන්ද කොට්ඨාසවලදී සාර්ථක වන එජාපය පොළොන්නරුව, කෑගල්ල, මාතලේ වැනි සාපේක්‍ෂව සිංහල බෞද්ධ බහුතරයක් සහිත ඡන්ද කොට්ඨාසද තමන්ගේ බලයට යටත්කරගැනීමෙන් පෙනෙන්නේ එජාප ආණ්ඩුවක් ගැන රට පුරා විහිදුණු බලාපොරොත්තුවක් දැල්වී තිබුණු බවයි. කුමන සන්ධානයකට ඇතුළු වුවද, පක්‍ෂයේ ලකුණ වන අලියා යටතේ මැතිවරණයට ඉදිරිපත් විය යුතුයැ’යි රනිල් වික‍්‍රමසිංහ මහතා සිටි දැඩි ස්ථාවරය, මේ ජයග‍්‍රහණයට විශාල වැඩ කොටසක් කර ඇති බව පෙනෙයි. අවුරුදු 20ක් පමණ ආණ්ඩු බලයක් නැතිව තැවෙමින් සිටි පැරණි එජා පාක්‍ෂිකයන් තමන්ගේම චිරාත්කාලීන පක්‍ෂ සලකුණ වන අලියාට ඡන්දය දීමට ලැබීම සැලකුවේ උද්දාමයෙනි. ඒ තත්ත්වය ඔවුන් සියල්ලන්ම ඡන්දපොළට යැවීමට පෙළඹවූයේය. පාවිච්චි කළ ඡන්ද ප‍්‍රතිශතය ඉහළ අගයක් ගැනීමට ඒ කාරණය තදින් බලපෑ බව සිතිය හැකිය.
එජාපය මේ ජයග‍්‍රහණය ලබන්නේ පසුගිය මාස හතකට ආසන්න කාලය තුළ ඔවුන් රට පාලනය කළ ආකාරය ගැන සමහර මැසිවිලි ජනතාව අතරින් පැනනැගී ඇති පසුබිමක් යටතේ ද බව අමතක නොකළ යුතුය. කෙටියෙන් කිවහොත් එජාපයේ පසුගිය මාස හයේ පාලනය යහපාලනය පිළිබඳ හැම අතින්ම යහපත් මොඩලයක් නොවේ. මහබැංකු බැඳුම්කර සිදුවීමේදී එජාප ආණ්ඩුව කටයුතු කළ උද්දච්ච ආකාරය, අයවැයෙන් පොරොන්දුවූ සමහර සහන ඒ ආකාරයෙන්ම ජනතාවට නොලැබී ඇති තත්ත්වය, කරුංකා ප‍්‍රතිඅපනයන ජාවාරම, රේගු අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලා අස්වීම වැනි දේ ජනවාරි 8ට වඩා කිසියම් ආකාරයක නොපහන්කමක් එජාපය කෙරෙහි වර්ධනය කරන්නට හේතු වී තිබුණි. හුදෙක් බැඳුම්කර සිදුවීම නිසාම එජාපයට ඡන්දය නොදුන් සැලකිය යුතු මධ්‍යම පාන්තික ඡන්දදායකයන් පිරිසක්ද සිටි බව සමාජයේ ප‍්‍රසිද්ධ රහසක් විය.
දෙමළ ජාතික සන්ධානය
2010 මැතිවරණයේදී ආසන 14ක් දිනාගත් දෙමළ ජාතික සන්ධානය මෙවර ආසන 16ක් දිනාගත්තේය. 2010ට වඩා සිය ඡන්ද ප‍්‍රතිශතය හැම ආසනයකදීම පාහේ වර්ධනය කරගැනීමට ඔවුන් සමත්වී තිබේ. මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙනෙන්නේ උතුරෙහි හා නැගෙනහිර ජනතාව දෙමළ සන්ධානයේ සාපේක්‍ෂ මැදුම් පිළිවෙත ගැන බලවත් විශ්වාසයක් තබා ඇති බවයි. පසුගිය කාලය පුරාම සිංහල දකුණ සමගත්, මෛත‍්‍රීපාල-රනිල් රජය සමගත් හොඳහිත වර්ධනය කරගන්නට එම සන්ධානය දැනුවත් පියවර ගත්තේය. පුනරුත්ථාපිත එල්ටීටීඊ සාමාජිකයන් ඔවුන් සමග එක්ව ඡන්දය ඉල්ලන්නට සූදානම් වූ විට දෙමළ සන්ධානය ඊට කැමති වූයේ නැත. වෙනම ඉල්ලූ ඒ පිරිස පරාජය කිරීමෙන් හා සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් වැනි
සන්ධානයේ දැඩි මතධාරීන් ඡන්දදායකයා විසින් කපාහැරීමෙන්ද පැහැදිලි වන සත්‍යය නම් දෙමළ සන්ධානයේ මැදුම් පිළිවෙත ගැන දෙමළ ජනතාව විශ්වාසය තබා ඇති බවයි. 2010දී ඡන්ද 2,33,190ක් ලබාගත් දෙමළ සන්ධානය, මෙවර දෙගුණයකටත් වඩා එනම්, ඡන්ද 5,15,963ක් දක්වා වූ වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. එය සමස්ත ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 2.90ක සිට සියයට 4.62ක් දක්වා වූ වැඩිවීමකි. විශේෂයෙන්, දෙමළ සන්ධානයේ ක‍්‍රියාකාරී මුහුණත ලෙස සැලකිය හැකි උතුරු පළාත් සභාවේ වැඩපිළිවෙළ ගැනද තමන්ගේ වූ ප‍්‍රසාදය මේ ප‍්‍රතිඵලයෙන් දෙමළ ජනතාව පෙන්වා ඇතැ’යි සිතිය හැකිය.
ශක්තිමත් විපක්‍ෂයක්
ජවිපෙ සටන්පාඨය මෙවර වැරදුණේය. ‘ශක්තිමත් විපක්‍ෂයක්’ සඳහා ජවිපෙ දිනවන ලෙස කළ ආයාචනය ඡන්දදායකයන් නොසලකාම ඉවත දැමූ බව පෙනෙයි. ශක්තිමත් විපක්‍ෂයක් සඳහා ජවිපෙට ඡන්දය දෙන ලෙස රටේ බුද්ධිමතුන්, කලාකරුවන් හා නාමධාරීන් විශාල පිරිසක් එක්කරගෙන ගෙන ගිය ප‍්‍රචාරක ව්‍යාපාරය අනුව සමහරුන්ගේ තක්සේරුව වූයේ ජවිපෙ ආසන 16ක් පමණ අත්පත් කරගනු ඇති බවය. එහෙත් ඡන්දදායකයා, ශක්තිමත් විපක්‍ෂයකට පෙර ‘ශක්තිමත් ආණ්ඩුවක්’ හදන්නට තීරණය කර ඇති බව පෙනෙයි. අතරමැදි ඡන්දදායකයන් විශාල ප‍්‍රමාණයක් කඩාගන්නට ජවිපෙ ගත් උත්සාහය සාර්ථක වන්නට තිබුණේ, මුහුදේ වතුර නොකැළඹී තිබෙන සාමාන්‍ය තත්ත්වයක් යටතේ එජාපය හා සන්ධානය තරග වදින අවස්ථාවකය. එහෙත් අගෝස්තු 17 තිබුණේ එවැනි සටනක් නොවේ. කැළඹුණු මුහුදක මහින්ද රාජපක්‍ෂට කිසිසේත් ඉඩ නොදීමේ වෑයමකි. එහිදී, ප‍්‍රතිරෝධයේ ශක්තිය දුර්වල වන්නට හෝ විසිර යන්නට ඉඩ නොදී, ඒ ඉලක්කය ජයගත හැකියැ’යි ප‍්‍රායෝගිකව පැහැදිලිවන පාර්ශ්වය තෝරාගැනීමට ඡුන්දදායකයා දෙවරක් සිතීම ගැන පුදුම වන්නට දෙයක් නැත. කුරුණෑගල, ගාල්ල, මාතර, අනුරාධපුර වැනි දිස්ත‍්‍රික්කවලින් පවා එක් ආසනයක්වත් ජවිපෙට නොලැබීමෙන් පෙනෙන්නේ ඒ තත්ත්වයයි. අවසානයේ ජවිපෙට වූයේ ආසන 6කින් සෑහීමට පත්වන්නටය. ඒ තත්ත්වය මත පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයැ’යි සාමාන්‍ය ජනතාව වුවද සිතන ජවිපෙ ඉදිරිපෙළ ක‍්‍රියාකාරීන් කිහිප දෙනකුටම ආසන අහිමිවීම සිදුවිය. ජාතික ලැයිස්තුවෙන් ජවිපෙට ලැබී තිබෙන ආසන දෙකට සුනිල් හඳුන්නෙත්ති හා හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මේ වන විට නම්කොට ඇතත්, එම ආසන බෙදාදීම පක්‍ෂයට කිසියම් ආකාරයක ගැටලූවක් වන්නට ඇත. ජාතික ලැයිස්තුවේ සිටියේ අත්‍යවශ්‍යයෙන්ම ජවිපෙ සාමාජිකයන් නොවන සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෝ පිරිසකි. මැතිවරණයේදී මුහුණ දුන් පසුබිම යටතේ පාක්‍ෂිකයන් නොවන ඔවුන්ගෙන් ආසන දෙක පුරවනවාද නැතිනම් ජවිපෙ ඉදිරිපෙළ ක‍්‍රියාකාරීන්ව සිට පැරදුණු දෙදෙනකුගෙන් එය පුරවනවාද යන සාධාරණ ප‍්‍රශ්නයට ජවිපෙ මුහුණ දෙන්නට ඇත. එහෙත්, එය බලවත් ප‍්‍රශ්නයක් නොවන ලෙස විසඳාගන්නට ජවිපෙ සමත්වන්නට ඇත්තේ ජාතික ලැයිස්තුවේ සිටින්නන් මෙන්ම ජවිපෙ ඉදිරිපෙළ ක‍්‍රියාකාරිකයන්ද බදාගැනීමට නොව අතහැරීමට ළැදියාවක් හා හුරුවක් දක්වන පිරිසක් වීම නිසාය.
ෆොන්සේකාගේ ඉරණම
මැතිවරණයේදී වඩාත් අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දුන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාය. එජාපයට එක්වී කුරුණෑගල වැනි ප‍්‍රදේශයකින් තරග කරන ලෙස ආරාධනා ලැබී තිබියදීත් ඔහු හිතුමනාපේ තනිවම තරග වැදුණේය. දිස්ත‍්‍රික් ආසනයක් නොලැබුණත් රට පුරා ලැබෙන ඡුන්ද එකතුවී ජාතික ලැයිස්තුවේ ආසනයක්වත් අත්පත් කරගන්නට හැකිවෙතැ’යි ඔහු සිතන්නට ඇත. එහෙත්, එය සිදුනොවීය. ඔහුට ලබාගත හැකි වූයේ මුළු රටෙන්ම ඡුන්ද 28,587ක් පමණකි. 2010 මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණත් සමග එක්ව ඉදිරිපත්වී ඡන්ද 4,41,251ක් හා ආසන හතක් දිනාගැනීමට ෆොන්සේකා මහතා සමත් විය. එවර සමස්ත ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට 5.49ක් දිනාගත් ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය, මෙවර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය නමින් තනිව ලබා ඇත්තේ සියයට 0.26ක ප‍්‍රතිශතයක් පමණකි. රටේ දේශපාලන රැලි ගමන් කරන්නේ කොයි ආකාරයටද යන්න නොසලකා, හුදෙක් මමත්වය මත අදේශපාලනික තීරණ ගැනීමට ගොස් අසමත් වන්නන් ගොඩට වැටෙන එක් චරිතයක් වන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාය.
- http://ravaya.lk/?p=9621