අද කාලේ පොඩි උන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රබර් පටියට වයර් කෑලි දාලා විදලා තියෙද? කිස් කනවා වැදුනම :rofl::angry: . ඔය ලේන්සු සීන් එක හොඳම කරන්නේ අපිත් ඉස්කෝලේ වැස්ස දාට. වැස්සේ තෙමිලා ලේන්සුවෙන් ඔලුව පිහද ගත්තම ලේන්සුව හොඳ ගානට එනවා :P.

    දැන් කාලේ උන් කොහෙද බං ඔව්වා කරන්නේ. too busy with e items :dull:.

    අපි හැංගි මුත්තම් කරනකොට රබර් පටි වලින් විදිනවා මයියොක්කා නටු. ඒකත් රිදෙනවා හොඳට. ඒත් වයර් කෑලි තරම් නම් නෑ.

    දැන් කාලේ පොඩි එවුන් ලෝකය දකින්නේ screen වලින් බන්. උන් උදේ ඉඳන් රා වෙනකන් screens දිහා තමයි බලන් ඉන්නේ. Laptop, Smart Phones, TV, etc. අපිත් (මාත්) එහෙමයි බන් දැන් නම්. :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි හැංගි මුත්තම් කරනකොට රබර් පටි වලින් විදිනවා මයියොක්කා නටු. ඒකත් රිදෙනවා හොඳට. ඒත් වයර් කෑලි තරම් නම් නෑ.

    දැන් කාලේ පොඩි එවුන් ලෝකය දකින්නේ screen වලින් බන්. උන් උදේ ඉඳන් රා වෙනකන් screens දිහා තමයි බලන් ඉන්නේ. Laptop, Smart Phones, TV, etc. අපිත් (මාත්) එහෙමයි බන් දැන් නම්. :(

    same here. :lol::(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    ඔව් බන්. හම තුනී තැනකට තිබ්බම එලොව පේනවා ඒකෙ රස්නෙට. අතේ ඇතුල් පැත්තේ තියෙන තුනී හමට තමයි හොඳටම දැනෙන්නේ. තව මතකද රබර් පටිවලින් විද්දා? තව අපි කාලයක් ලේන්සු කරකවල ඒක චටාස් ගාල ගහනවා. ඒකත් කිස් කනවා පුපුරන්න. ඒ කාලේ නම් පට්ට බන්. දැන් ඔය වගේ දෙයක් ගැන කතා කරන්නවත් ඉන්නේ කිරියේ උඹලා විතරයි.

    ඇයො විලි ගේම්ස්, පැන් ගේම් .අපේ උන් ටිකක් ea පැන් ගේම් විලි ගේම් වලට අර රෙස්ලිං වල තියෙන හෙවිවේට් චැම්පියන් ෂිප් වගේ ටයිටල්ස් හදාගෙනත් සෙල්ලම් කළා .පන්තිය ඇතුලේ වැටිලා තියෙන විලි එහෙම හොය හොය එක්කහු කරේ .
    තව රෙස්ලිං බලලා ගහගත්තා එකා එක්ක .පන්තියේ දොර ලොක් කරන ඉබ්බයි දම් වැලයි අරගෙන කරේ දාගත්තා ජෝන් සීනා වගේ .
    තව පන්තියේ කම්මැලි වෙලාවට අර ඉස්සර වැද්දෝ කටින් පිඹලා විදින්නේ උල් .අන්න ඒ වගේ උල් කොළ වලින් හදාගෙන විද්දා එක එකාට .හැබැයි පන්තියේ මිස්ලා සාර්ලාට අහු නොවෙන්න .පන්තියේ අර ප්‍රායෝගික තාක්ෂණ කුසලතා කියලා එකක් තිබ්බා .එකේ අසයින්මන්ට් එකකට දවසක් බීම හදන්න සෙට් උනා .ආයි නැහැ මචං දුන්නා ලුණු ටොන් එකක් විතර .ෆනේ ෆන් බන් එව්වා මතක් වෙද්දි .ඉස්කොලේ සිල් ගද්දිත් එහෙමම තමා .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    අපි හැංගි මුත්තම් කරනකොට රබර් පටි වලින් විදිනවා මයියොක්කා නටු. ඒකත් රිදෙනවා හොඳට. ඒත් වයර් කෑලි තරම් නම් නෑ.

    දැන් කාලේ පොඩි එවුන් ලෝකය දකින්නේ screen වලින් බන්. උන් උදේ ඉඳන් රා වෙනකන් screens දිහා තමයි බලන් ඉන්නේ. Laptop, Smart Phones, TV, etc. අපිත් (මාත්) එහෙමයි බන් දැන් නම්. :(

    ඔව් බන් දැන් කාලේ එවුන් විතරක් නෙමේ .අපිත් දැන් තිරයෙන් එහා ලොකයක් දකින්නේ නැහැ .
    අපි සොභාවික උනාට බැහැ බන් .අපිට සෙට් වෙන සෙට් එකෙත් එහෙම උන් ඉන්න ඕනේ .අද කාලේ කැම්පස් එකකට ගියත් ,ටියුෂන් ක්ලාස් එකකට ගියත් ඉන්නේ ප්ලාස්ටික් ලොක වල ජීවත් වෙන උන් බන් .උන්ට කන බොන රෙන එකේ ඉඳන්ම සෙල්ෆියක් ගහල ෆේස්බුක් දැම්මොත් ඊට වඩා දෙයක් නැහැ .දැන්නම් තිත්තයි මේ සමාජෙ නම් බං
    .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රබර් ඇට හොයන් ඇවිත් රත් කරලා තිබ්බම මරු නේ :D
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පැටියා;18872645 said:
    DSC03582.JPG

    මේ අයිටම් එක හදලා තියන එවුං අත උස්සපල්ලා :D

    අපි මේ වගේ ක් හැදුව බන් එරබදු කරල් වේලුනම ඒ පොතු වලින්.හදාගෙ ගේ වටේ දුවනවා ඒක කැරකෙන්න
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    කුරුම්බැට්ටි මැෂිම විතරක් නෙමෙයි බං, ගස්ලබු දඬු නලාව, පොල් කොළ බඹරේ, සූරිය කොළ නළාව, බට තුවක්කුවට කොහුකිරිල්ල ගෙඩි දාලා වෙඩි තියන තුවක්කුව, ගොක්කොළ පත්තෑයා, කඩදාසී බෝට්‍ටුව, කඩදාසි හුලං බඹරේ, සරුංගලේ. ඔය එකී නොකී එකක්වත් දැන් ඉන්න උන් දන්නේ නෑ.

    ඇත්ත කතාව . දැන් ඔක්කොම ප්ලාස්ටික් වලින් හදලා එන නිසා එකක් ගෙන වත් දන්නේ නැ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඇත්ත කතාව . දැන් ඔක්කොම ප්ලාස්ටික් වලින් හදලා එන නිසා එකක් ගෙන වත් දන්නේ නැ

    ඕව් බන් සරුංගල් .වෙසක් කුඩු ඔක්කොම රටින් එනවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කුරුම්බැට්ටි මැෂිම විතරක් නෙමෙයි බං, ගස්ලබු දඬු නලාව, පොල් කොළ බඹරේ, සූරිය කොළ නළාව, බට තුවක්කුවට කොහුකිරිල්ල ගෙඩි දාලා වෙඩි තියන තුවක්කුව, ගොක්කොළ පත්තෑයා, කඩදාසී බෝට්‍ටුව, කඩදාසි හුලං බඹරේ, සරුංගලේ. ඔය එකී නොකී එකක්වත් දැන් ඉන්න උන් දන්නේ නෑ.

    ඔය ඔක්කොම මම දන්නවා..මට තාම අවුරුදු 12යි :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;18872645 said:
    DSC03582.JPG

    මේ අයිටම් එක හදලා තියන එවුං අත උස්සපල්ලා :D

    :D :D :D අඩේ...මතකයි බන්...රබර් ඇට..අපේ ගෙවල් පැත්තේ නැහැ බන් රබර් ගස්...ඉස්සර අපි රාගම පල්ලි ගියාම කරන්නේ රබර් ඇට එකතු කරන් එනවා බෑග් පිටින් :D ඔව්ව තමයි කරන්නේ ඉතින් Lol :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    ඕව් බන් සරුංගල් .වෙසක් කුඩු ඔක්කොම රටින් එනවා.

    දැන් කාලේ වෙසක් කූඩුවක් හදන්න දන්න එකෙක් ඉන්නවද ? කියලා වැඩක් නැහැ බන් .නන්නත්තාරයි සමාජ ක්‍රමේ .ඊනියා සාර්ථක ජීවිතයක්නේ හැමෝම හොයන්නේ .කට්ටකාලා ගොඩ ගිය අයගේ ශ්‍රේෂඨ ජිවිත කතා නම් එමටයි .එත් ජීවිත කතාවෙන් සාර්ථක උනට හිත ඇතුලෙන් ලොකු අඩුවක් තියෙනවා ගොඩක් උන්ගේ .ඉතිං ඔය කියන ඊනියා සාර්ථකත්වය ලඟාකරගන දරුවන්ව අර කිව්ව සොභාවික විනෝදයෙන් අයින් කරලා කෘතීම ප්ලාස්ටික් තාක්ෂණික මෙවලම් පාවිච්චි කරහම හැමදේම හරි කියලා හිතන් ඉන්නේ
     
    ඔව් බන් මොකක් හරි ලොකු වැරද්දක් වෙලා තියෙනවා අපේ ජිවිත වලට.පොඩි කාලේ අපි කරපූ දේවල් හිතන්න වත් වෙලාවක් නැහැ දැන්.අපි මැශින් වගේ වෙලා.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඇයි bicycle රීම් එකත් එක්ක දුවන එක, bike රෝදෙත් එක්ක දුවන් එක මතකද?

    matak karanna epa ban.rode atulata niviti kola podi karala dala lii walin tallu karanakota bijje anunu eka matak wenakota anga hiri wetenawa.