අද කාලේ පොඩි උන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් අනූ දෙකේ .ඒත් මන් ළමාකාලය කියන එක සුපිරියටම වින්දා මචන් .
    තරුණ කාලේ තමා ටිකක් විතර අවුල් දැනට .ඒකත් වෙලා තියෙන්නේ ෆන් එකක් කියලා නියමාකාරව ගන්න සෙට් එකක් අද නැහැ බන් .ඔක්කොම සෝෂල් මිඩියාස් වල වෙන්ඩපොෂ් බයියෝ වෙලා .

    උඹලගේ වයස වගේ තමයි මම හිතන්නේ ඔය ළමා කාලය වින්ද සෙට් එකේ අවසාන පුරුක් කීපය. දැන් ඉන්න පොඩි උන්ට ළමා කාලයක් කියලා දෙයක් ඇත්තෙම නෑ. තනිකර වගකියන්න ඕනේ දෙමව්පියන් තමයි. ඉපදිච්ච දවසේ ඉඳන් උන්ව දක්කනවා ඉංග්‍රීසි පන්ති සහ ශිෂ්‍යයත්ව පන්ති. ඉස්සර අපි සතියට දවස් 5 ක් වත් ගෙවල් පාරේ ක්‍රිකට් ගහනවා. දැන් ආසාවට පාරක ක්‍රිකට් ගහන සෙට් එකක් දකින්න නැහැ. පිට්ටනියක ලොකු උන් ඔය ඉරිදා දවසේ වගේ ගහන එව්වා විතරයි දකින්නේ. විකට් එකට ලෑලි කෑල්ලක් තියලා පාරේ රතු ගඩොල් කැටේකින් ක්‍රීස් එක ඇඳලා. බෝලින් කරන එකාගේ පැත්තේ විකට් එකට ගඩොල් කෑල්ලක් තියලා ගහපු ක්‍රිකට් තමයි ජීවිතේ ගහපු හොඳම ක්‍රිකට්.
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ඇයි යකොර් රූං පෙත්ත .ගොක් කොළ මාලය .
    ටාසන්ගේ කඹේ ,
    ඇයි අර බිම දිගේ ඇදන් යන සින් එක .එකේ නම් නම් මතක නැහැ .කොහොම හරි පුවක් ගහෙන් වැටෙන කොටසකින් තමා ඒ වැඩේ නිර්මාණය කරගන්නේ .

    කොලපත
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    උඹලගේ වයස වගේ තමයි මම හිතන්නේ ඔය ළමා කාලය වින්ද සෙට් එකේ අවසාන පුරුක් කීපය. දැන් ඉන්න පොඩි උන්ට ළමා කාලයක් කියලා දෙයක් ඇත්තෙම නෑ. තනිකර වගකියන්න ඕනේ දෙමව්පියන් තමයි. ඉපදිච්ච දවසේ ඉඳන් උන්ව දක්කනවා ඉංග්‍රීසි පන්ති සහ ශිෂ්‍යයත්ව පන්ති. ඉස්සර අපි සතියට දවස් 5 ක් වත් ගෙවල් පාරේ ක්‍රිකට් ගහනවා. දැන් ආසාවට පාරක ක්‍රිකට් ගහන සෙට් එකක් දකින්න නැහැ. පිට්ටනියක ලොකු උන් ඔය ඉරිදා දවසේ වගේ ගහන එව්වා විතරයි දකින්නේ. විකට් එකට ලෑලි කෑල්ලක් තියලා පාරේ රතු ගඩොල් කැටේකින් ක්‍රීස් එක ඇඳලා. බෝලින් කරන එකාගේ පැත්තේ විකට් එකට ගඩොල් කෑල්ලක් තියලා ගහපු ක්‍රිකට් තමයි ජීවිතේ ගහපු හොඳම ක්‍රිකට්.

    උඹ කියපු ඔක්කොම කරල තියෙනව මේව ඇර.
    සූරිය කොළ නළාව, ගොක්කොළ පත්තෑයා
    අපි නලා හැදුවෙත් ගොක් කොල වලින්. තව ගස් උඩ හදපු අට්ටාල, හොරෙන් කඩන කුරුම්බා/ අඹ, ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට කැලේ පැනල කන කැලෑ ගෙඩි. :D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    DSC03582.JPG

    මේ අයිටම් එක හදලා තියන එවුං අත උස්සපල්ලා :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;18872645 said:
    DSC03582.JPG

    මේ අයිටම් එක හදලා තියන එවුං අත උස්සපල්ලා :D

    අඩෝ රබර් ඇට බඹරේ බං (හෝ රූම් පෙත්ත කියලත් කියනවා නේද) :yes::rofl:. හදලා තියේ. තෑන්ක්ස් මතක් කලාට. :D:D:D
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ කියපු ඔක්කොම කරල තියෙනව මේව ඇර.

    අපි නලා හැදුවෙත් ගොක් කොල වලින්. තව ගස් උඩ හදපු අට්ටාල, හොරෙන් කඩන කුරුම්බා/ අඹ, ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට කැලේ පැනල කන කැලෑ ගෙඩි. :D:D:D

    ගොක් කොළ පත්තෑයා බං ගොක් කොළයක් අරගෙන උඩ කෙලවර වෙනකන් ඉරට්ට අයින් කරලා දෙපැත්ත නම නම එක උඩ එක මාරු කර කර යටට වෙනකන් හදාගෙන එනවා. ලොකු දෙයක් නෑ බං. සූරිය කොළ නලාවත් නිකන් කොළේ අරගෙන රෝල් කරලා පිඹින පැත්ත කුඩාවට සහ අනික් පැත්ත ලොකු වෙන්න කොනක ඉඳන් ඔතනවා. :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    උඹ කියපු ඔක්කොම කරල තියෙනව මේව ඇර.

    අපි නලා හැදුවෙත් ගොක් කොල වලින්. තව ගස් උඩ හදපු අට්ටාල, හොරෙන් කඩන කුරුම්බා/ අඹ, ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට කැලේ පැනල කන කැලෑ ගෙඩි. :D:D:D

    මමත් ඔය සූරිය කොළ කියන සිද්ධිය අහලා නැහැ ගං සූරිය කියලා නම් කොළ ජාතියක් අහලා තියෙනවා .බුලත් කොළේ ,ගම්මිරිස් කොළේ වගේමයි .
    …නළා හැඩුවේ අර බීම බොන ට්‍රොක් බටේ කපලා .
    කුරුම්බා ,තැඹිලි හොරෙන් කඩලා තියෙනවා .කඩන එවුන්ට ඔත්තු බලලා තියෙනවා අයිතිකාරයා එනවද කියලා ,ගොයම් පාගලා තියේනවා ,වක්කඩෙන් නාලා තියෙනවා .මහා වැස්සකට පස්සේ දවස තමා ආතල්ම .වෙලදෙපැත්තේ වතුර පිරිලා පාරයි වෙලයි හොයන්න බැහැ .ඉතිං නානවා පැන පැන .ගස් උඩ අට්ටාල ගහන්න ට්‍රයි කලා ,එච්චර සාර්ථක ව්‍යාපෘථියක් උනේ නැහැ .අහ් තව ජම්බෝල හොරෙන් කැඩුවා .සරුංගල් යවපුවා .

    තව රබර් පටි වලින් විදගන්නේ බන්දෙපැත්තට වෙලා .සම්බෝල කඩනවා කියලා බොලෙන් ගහන්නේ අහුවෙන එකාට පැලෙන්න .

    …
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    අඩෝ රබර් ඇට බඹරේ බං (හෝ රූම් පෙත්ත කියලත් කියනවා නේද) :yes::rofl:. හදලා තියේ. තෑන්ක්ස් මතක් කලාට. :D:D:D

    රබර් ඇට මම දාහකට එහා එක්කහු කලා බන් .ඔව්වා ඉස්කොලේ ගෙනිහිල්ලා අපේ එවුන් කලේ මොකක්ක්ද දන්නවද රබර් ඇටේ බිම උරච්චි කරලා එක එකාගේ කකුල් අත පය වල තියන එක .මොකද ඒක රත්වෙනවා පට්ටෙට උරච්චි කරද්දි .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රබර් ඇට මම දාහකට එහා එක්කහු කලා බන් .ඔව්වා ඉස්කොලේ ගෙනිහිල්ලා අපේ එවුන් කලේ මොකක්ක්ද දන්නවද රබර් ඇටේ බිම උරච්චි කරලා එක එකාගේ කකුල් අත පය වල තියන එක .මොකද ඒක රත්වෙනවා පට්ටෙට උරච්චි කරද්දි .

    ඔය වැඩේ අපිත් කරලා තියෙනවා බන්. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් ඔය සූරිය කොළ කියන සිද්ධිය අහලා නැහැ ගං සූරිය කියලා නම් කොළ ජාතියක් අහලා තියෙනවා .බුලත් කොළේ ,ගම්මිරිස් කොළේ වගේමයි .
    …නළා හැඩුවේ අර බීම බොන ට්‍රොක් බටේ කපලා .
    කුරුම්බා ,තැඹිලි හොරෙන් කඩලා තියෙනවා .කඩන එවුන්ට ඔත්තු බලලා තියෙනවා අයිතිකාරයා එනවද කියලා ,ගොයම් පාගලා තියේනවා ,වක්කඩෙන් නාලා තියෙනවා .මහා වැස්සකට පස්සේ දවස තමා ආතල්ම .වෙලදෙපැත්තේ වතුර පිරිලා පාරයි වෙලයි හොයන්න බැහැ .ඉතිං නානවා පැන පැන .ගස් උඩ අට්ටාල ගහන්න ට්‍රයි කලා ,එච්චර සාර්ථක ව්‍යාපෘථියක් උනේ නැහැ .අහ් තව ජම්බෝල හොරෙන් කැඩුවා .සරුංගල් යවපුවා .

    තව රබර් පටි වලින් විදගන්නේ බන්දෙපැත්තට වෙලා .සම්බෝල කඩනවා කියලා බොලෙන් ගහන්නේ අහුවෙන එකාට පැලෙන්න .

    ගං සූරිය තමා බං. කහපාට ටිකක් ලොකු මලක් පිපෙන්නේ මතකේ හැටියට. මතක ඇති කාලෙක සූරිය ගහක් දැක්කේ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රබර් ඇට මම දාහකට එහා එක්කහු කලා බන් .ඔව්වා ඉස්කොලේ ගෙනිහිල්ලා අපේ එවුන් කලේ මොකක්ක්ද දන්නවද රබර් ඇටේ බිම උරච්චි කරලා එක එකාගේ කකුල් අත පය වල තියන එක .මොකද ඒක රත්වෙනවා පට්ටෙට උරච්චි කරද්දි .

    ඔය වැඩේ අපිත් කරලා තියෙනවා :rofl::rofl::rofl:. තිබ්බ ගමන් අනික් එකා කුණුහරුපෙන් බැන බැන පස්සෙන් එලෝනවා ගහන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය වැඩේ අපිත් කරලා තියෙනවා :rofl::rofl::rofl:. තිබ්බ ගමන් අනික් එකා කුණුහරුපෙන් බැන බැන පස්සෙන් එලෝනවා ගහන්න.

    ඔව් බන්. හම තුනී තැනකට තිබ්බම එලොව පේනවා ඒකෙ රස්නෙට. අතේ ඇතුල් පැත්තේ තියෙන තුනී හමට තමයි හොඳටම දැනෙන්නේ. තව මතකද රබර් පටිවලින් විද්දා? තව අපි කාලයක් ලේන්සු කරකවල ඒක චටාස් ගාල ගහනවා. ඒකත් කිස් කනවා පුපුරන්න. ඒ කාලේ නම් පට්ට බන්. දැන් ඔය වගේ දෙයක් ගැන කතා කරන්නවත් ඉන්නේ කිරියේ උඹලා විතරයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන්. හම තුනී තැනකට තිබ්බම එලොව පේනවා ඒකෙ රස්නෙට. අතේ ඇතුල් පැත්තේ තියෙන තුනී හමට තමයි හොඳටම දැනෙන්නේ. තව මතකද රබර් පටිවලින් විද්දා? තව අපි කාලයක් ලේන්සු කරකවල ඒක චටාස් ගාල ගහනවා. ඒකත් කිස් කනවා පුපුරන්න. ඒ කාලේ නම් පට්ට බන්. දැන් ඔය වගේ දෙයක් ගැන කතා කරන්නවත් ඉන්නේ කිරියේ උඹලා විතරයි.

    රබර් පටියට වයර් කෑලි දාලා විදලා තියෙද? කිස් කනවා වැදුනම :rofl::angry: . ඔය ලේන්සු සීන් එක හොඳම කරන්නේ අපිත් ඉස්කෝලේ වැස්ස දාට. වැස්සේ තෙමිලා ලේන්සුවෙන් ඔලුව පිහද ගත්තම ලේන්සුව හොඳ ගානට එනවා :P.

    දැන් කාලේ උන් කොහෙද බං ඔව්වා කරන්නේ. too busy with e items :dull:.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    මම නං දන්නවා .. පොඩි කාලේ තාත්ත ගමේ ගියාම හදල දීල තියෙනවා ..
    ඒ උනාට මම හදන්න දන්නේ නෑ ..
    අපි පොඩි කාලේ හැදුනේ නගරේ නිසා මෙහෙ කුරුම්බැට්ටි තියා ගහක් වත් හොයාගන්න නෑ ..
    එකේ ඉතින් දැන් ඉන්න පොඩි ළමයින්ගේ වරද නෙවෙයි නේද :)
    ඔයාල උනත් ඔය වගේ පරිසරයක හැදිලා , බලන්නේ දියුණු වෙලා නගරෙට එන්න ..
    කාලය ගමන් කරනකොට සමාජය වෙනස් වෙනවා ..
    ඉතින් ඕකට කම්පා වෙලා වැඩක් නෑ තමන්ගේ ඒ ගැන තියෙන මතකය විඳිනවා ඇරෙන්න :)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,070
    12,024
    113
    Ohio, USA
    කෝච්චියට සත කාසි තියනවා චප්ප වෙන්න, බෝතල් මූඩි තියනවා.. බන්ටි ටොපිකොල දෙපැත්තෙන් අඩියක් විතර දිගට අදිනවා.. යෝගට් කප් ටෙලිෆෝන්