~ජයග්‍රහණයේ රහස් වට්ටෝරුව~
ඔබව සෙසු අයගෙන් වෙන් කොට හදුනා ගැනීමට හේතු වන ඔබගේ චරිත ලක්ෂණ සියල්ලේම එකතුව පෞරුෂය නම් වේ.ඔබගේ පෞරුෂයෙහි වැදගත්ම කොටස ඔබගේ චරිතයෙන් නියෝජනය වන කොටසයි.එනම් පිටට නොපෙනෙන කොටසයි.එබැවින් ඔබ වෙනත් මිනිසුන්ගේ අගය කරන ගුණාංග ඔබගේ චරිතයට මුසුකර ගන්නට උත්සාහ ගන්න.
ජයග්‍රහණයේ රහස් වට්ටෝරුව
නිශ්චිත ප්‍රධාන අරමුණ
තමා මුදුන් පමුණුවා ගත යුතු ප්‍රධාන අරමුණු මොනවාදැයි නොදැන ජිවිත කාලයම නිකරුනේ ගෙවා දමන්නන් අප රටේ සුලභය.ඉදිරි වසර 5 තුළදී,ඉදිරි මාසය තුළදී ,හෙට දිනයේදී ලෙස එක් එක් කාල සීමාවේදී තමා විසින් මුදුන් පමුණුවා ගත යුතු ප්‍රධාන ඉලක්ක අනුපිලිවෙලක් අප විසින් මුලින්ම සකසා ගත යුතුයි.එක් එක් අරමුණ මුදුන් පමුණුවා ගැනීම සදහා යෙදිය යුතු ක්‍රමවේද සිතා බැලිය යුතුය.ලොව සාර්ථක ව්‍යාපාරිකයන් සියල්ලන්ම එක් විශිෂ්ට අපේක්ෂාවක් තමාගේ ප්‍රධාන අරමුණ සේ තබාගෙන ක්‍රියා කළ අය බව,ඔවුන්ගේ චරිත කතා අධයනයෙන් හෙළි වී ඇත.පළමුව මුදුන් පමුණුවා ගැනුමට අදාළ දෙය කෙරෙහි දැවෙන ආශාවක් තමා තුළ පැවතිය යුතුයි.එවිට එම ආශාව නිශ්චිත අරමුණක් බවට පත් වේ.නිශ්චිත අරමුණ පිළිබද ලිඛිතව සවිස්තර වාර්තාවක් සකසා සෑම උදයකම අවදි වන විටත් ,සෑම රාත්‍රියකම නින්දට යන විටත් ,ඉඩ ලැබෙන සෑම අවස්ථාවක දී මත් එය ඔබට පෙනෙන තැනක තබාගෙන කියවන්න.මෙම සිරිත් රජ කරන සිතිවිල්ල ඔබ වෙත ඉටු කර දීමේ වගකීම එවිට යටි සිත භාර ගනී.අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් නව අදහස් යෝජනා සිත තුලට ගලා ඒමට පටන් ගනී.
ආත්ම විශ්වාසය
තමා ආරම්භ කරන කාර්යය සාර්ථකව නිම කළ හැකිය යන ආත්ම විශ්වාසය සෑම අවස්ථාවකදීම සිතේ රදවා ගත යුතුයි.ඔබ තුළ ඇති බිය තුරන් කරගත් විට ආත්ම විශ්වාසය ගොඩනැගේ.ඔබ තුළ දන්නා දෙය හොදින්ම දන්නා විට ආත්ම විශ්වාසය ඇති වේ.කරන්නට ඇති දේ පැහැදිලිව දන්නා විට ද ආත්ම විශ්වාසය ඇති වේ.ආත්ම විශ්වාසය යන්න දැනුමේ ප්‍රතිපලයකි.මෙහි දී දැනුම ලෙස අදහස් කරන්නේ ඔබ,ඔබ ගැන කොතරම් දනී ද යන්නයි.ඔබ තුළ කෙරෙහි විශ්වාසයක් ඇත්නම් අවට සිටින අයද ඔබ කෙරෙහි විශ්වාසය තබති.ඉක්මණින් හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතන මිනිසාය.
ඉතිරි කිරීමේ පුරුද්ද
මෙය කුඩා කල සිටම වර්ධනය කරගත යුතු පුරුද්දකි.අප කෙතරම් මුදල් ඉපැයීම සිදු කළද ඉතිරි කිරීමේ පුරුද්දක් නොමැති නම් ජීවිතය අසාර්ථක වෙයි.තමා උපයන මුදලින් 10% ක් වත් ඉතිරි කිරීමට උත්සහ ගත යුතුයි.ආදායම ක්‍රමානුකුලව වැය කිරීමටත් මුදල් විනයක් ඇතිව විය පැහැදම් කිරීමටත් ඉතිරි කිරීමේ පුරුද්ද ඉවහල් වෙයි.තැන්පත් මුදලක් සහිත පුද්ගලයා සෑම අවස්ථාවකදීම බලවත් කෙනෙකි.මුදල් දෙගුණ ,තෙගුණ කර ගැනීමේ ආයෝජන අවස්ථා පවා උදා වන්නේ එවැනි අයෙකුටයි.තමාගේ දවසේ අය වැය මෙන්ම මාසයේ අය වැය ද පොතක සටහන් කිරීමෙන් මුදල් අපතේ යන අවස්ථා පහසුවෙන්ද හදුනාගත හැකිය.
නායකත්වය
තමා තෝරාගත් ක්ෂේත්රයේ දී අනුගාමිකයෙකු වීම වෙනුවට ,නායකයකු වීමට උත්සාහ කළ යුතුයි.මේ සදහා අදාළ ක්ෂේත්රය පිළිබද දැනුම හා පළපුරුද්ද ඉවහල් වෙයි.දැනුම හා හැකියාව වර්ධනය කර ගත් විට නායකත්වය නිරායාසයෙන්ම තමා වෙත ළගා වෙයි.ඔබ බිය මර්ධනය කරගෙන සිටින්නෙකු නම් ආත්ම විශ්වාසයක් තිබේ නම් ,ඉක්මණින් තීරණ ගැනීමේ හැකියාව ඇත්නම් ,වැඩකට මුල පිරීමේ හැකියාව තිබේ නම් ,ආත්ම සංයමය හා නිවැරදිව සිතීමේ හැකියාව පවතී නම් ,සෙසු අය සමග සහයෝගයෙන් වැඩ කළ හැකි නම් ,පරාජයේදී පසුබට නොවේ නම් ඔබට නිතැනින්ම නායකත්වය හිමි වේ.
පරිකල්පන ශක්තිය
ඔබගේ නිශ්චිත ප්‍රධාන අරමුණ මුදුන් පමුණුවා ගැනීම සදහා නව අදහස් ,නව ක්‍රම ශිල්ප ,නව මාවත් විවර කර දෙන්නේ පරිකල්පන ශක්තිය මගිනි.මෙතෙක් ලබාගෙන ඇති දැනුම හා අත්දැකීම් සංකලනය කොට නව සිතිවිලි ජනනය කිරීමේ හැකියාව පරිකල්පනයයි.අරමුණ නිතර සිහියේ රදවා තබා ගෙන සිටින කෙනෙකුට පරිකල්පන ශක්තිය වර්ධනය වී නව අදහස් පහල වේ.එම නව අදහස් ක්‍රියාත්මක කළ විට අරමුණ ඉටු වේ.කිකිළියකු බිජු රකින්නාක් මෙන් අරමුණ සිත තුළ රදවා රැකගෙන යම් කාලයක් සිටින විට නව අදහස් පහළ වේ.ලොවට දායාද වී ඇති සෑම නිර්මානයක්ම පරිකල්පන ශක්තියේ දායාදයන්ය.
උද්යෝගය
ඔබ සමග කටයුතු කරන සියලු දෙනාගේම සිත් වල ඔබ කෙරෙහිත් ඔබගේ අදහස් කෙරෙහිත් උනන්දුවක් ජනිත කරන්නට උද්යෝගයට හැකියාව ඇත.ඔබ උද්යෝගිමත්ව කටයුතු කරන්නෙකු නම් ඔබ වටා සිටින්නන්ටද උද්යෝගය බෝ වෙයි.උද්යෝගය ඇති විට කරන කටයුත්ත දුෂ්කර හෝ ඒකාකාරී නොවේ.උද්යෝගය නමැති කුළු ගෙඩිය ඔබ සතුව ඇත්නම් නිශ්චිත අරමුණ කරා ළගා කර ගැනීමට යෙදෙන ගමනේදී හමුවන බාධක සුනු විසුනු කර දැමීමට ඔබට හැකිය.ඔබ තුළ උද්යෝගය ඇති වීමට බලපාන සාධක කිහිපයකි.
තමා ප්‍රියකරන කටයුත්තක යෙදීම.
සර්ව සුබවාදී අය ඇසුරු කිරීම.
ශක්තිමත් ආර්ථිකයක් පැවතීම.
නිරෝගී අයෙකු වීම.
අනුන් වෙනුවෙන් යමක් කර සතුට ලැබීමට ඇති කැමැත්ත.
තැනට ඔබින ඇදුම් පැලදුම්.
තමා ප්‍රියකරන කටයුත්තක යෙදීම.
සර්ව සුබවාදී අය ඇසුරු කිරීම.
ශක්තිමත් ආර්ථිකයක් පැවතීම.
නිරෝගී අයෙකු වීම.
අනුන් වෙනුවෙන් යමක් කර සතුට ලැබීමට ඇති කැමැත්ත.
තැනට ඔබින ඇදුම් පැලදුම්.
ආත්ම දමනය
තමා තුළ පවතින ශක්තීන්ගෙන් වැඩ ගැනීමට නම් පුද්ගලයා තුළ ආත්ම දමනය අනිවාර්යෙන්ම පැවතිය යුතුයි.ආත්ම දමනයෙන් යුක්ත පුද්ගලයා වෛරයට,ඊර්ෂියාවට,භීතියට,අන් මත නොඉවසිමට,පළිගැනීමට,අනුන්ගේ වැරදි සෙවීමට පෙලබෙන්නේ නැත.ආත්ම දමනය මැනවින් පුහුණු කළ කෙනෙක් මොනම කරුණක් නිසාවත් යමෙකුට අපවාද නගන්නට හෝ පළිගන්නට නොයති.ආත්ම දමනයෙන් යුතු පුද්ගලයා නිතරම සැහැල්ලු සිතින් සතුටින් කල් ගෙවන්නෙකි.ඔබ ඇසුරු කරන්නන් ගැන අධයනයක් යෙදුන හොත් ඔබට පෙනී යන දෙය පිළිබද අනාවැකියක් පළ කළ හැකිය.එනම් සාර්ථකත්වයට පත් සියල්ලන්ම ආත්ම දමනයෙහි යෙදෙන බවක් පරාජිතයන් තම අදහස් වලට ,වචන වලට හා ක්‍රියාවන්ට ඉබාගාතේ යන්නට ඉඩ හරින බවත්ය.
ගෙවන වැටුපට වැඩියෙන් වැඩ කිරීම
ගෙවනු ලබන වැටුපට වැඩියෙන් හොද සේවයක් කරන බවට කීර්තියක් ඇති කර ගැනීමෙන් එබදු සේවයක් නොකරන බවට සිටින්නන් සමග සංසන්දනයට භාජනය වීමෙන් ඔබට යහපතක් සිදු වෙයි.ගෙවනු ලබන වැටුපට වැඩියෙන් වැඩ කරන්නෙකු බව පිළිගැනුණු සැණින් ඔබගේ අගය වැඩි වී වැඩි වැටුපක් ඉල්ලීමට ඔබට හැකි වෙයි.ගෙවන වැටුපට වැඩියෙන් වැඩ කරන අය අන් අයට වඩා ඉහළ තනතුරු වලට නිරන්තරයෙන්ම තේරී පත් වන අතර ඉහළ වැටුපකට ද හිමි කම් දරති.
ප්‍රිය කරන වැඩක යෙදීම
තමා ප්‍රිය කරන,තමා ඇලුම් කරන වැඩක මිනිසෙකු යෙදෙන විට ඔහු විඩාවට පත් නොවී, විශ්වාස නොකළ හැකි තරම් දිගු වෙලාවක් එහි නිරත වීමට හැකි නමුත්, තමා අකැමැති,පිළිකුල් කරන වැඩක යෙදෙන විට ඔහු ඉක්මණින් විඩාවට පත් වෙයි.යම් පුද්ගලයෙකු ගේ නොනැසී පවත්නා උනන්දුව බොහෝ දුරකට රැදී පවතින්නේ ඔහු කරන කාර්යය කෙරෙහි තිබෙන කැමැත්ත මතය.
ප්‍රියශීලි පෞරුෂය
ඔබව සෙසු අයගෙන් වෙන් කොට හදුනා ගැනීමට හේතු වන ඔබගේ චරිත ලක්ෂණ සියල්ලේම එකතුව පෞරුෂය නම් වේ.ඔබගේ පෞරුෂයෙහි වැදගත්ම කොටස ඔබගේ චරිතයෙන් නියෝජනය වන කොටසයි.එනම් පිටට නොපෙනෙන කොටසයි.එබැවින් ඔබ වෙනත් මිනිසුන්ගේ අගය කරන ගුණාංග ඔබගේ චරිතයට මුසුකර ගන්නට උත්සාහ ගන්න.
නිරවද්‍ය චින්තනය
මිනිසුන්ගේ ජයග්‍රහණ සියල්ලෙහිම අත්තිවාරම නිරවද්‍ය චින්තනයයි.තොරතුරු කරුණු කාරනා අදහස් රාශියක් අතුරින් අදාළ දෙය වෙන්කර ගැනීමට හැක්කේ නිරවද්‍ය චින්තනය ඇත්තෙකුට පමණි.නිවැරිදිව සිතන්නට නම් සත්‍ය කරුණු හුදු තොරතුරු වලින් වෙන් කර ගත යුතුයි.සත්‍ය කරුණු ද වැදගත් හා නොවැදගත් යනුවෙන් කොටස් දෙකකට වෙන්කර ගත යුතුයි.ඔබට නිවැරදිව සිතිය හැක්කේ එවිට පමණි.
චිත්ත ඒකාග්‍රතාව
යම් කිසි නිශ්චිත අරමුණක් මුදුන් පමුණුවා ගැනීමේ විධි විධාන සලසා එය සාර්ථකව ක්‍රියාත්මක වන තත්වයට පැමිණෙන තුරු ඒ අරමුණු කෙරෙහි සිත යොමු කරගෙන සිටීමේ ක්‍රියාව, චිත්ත ඒකාග්‍රතාවයයි.යහපත් පුරුදු හා නිරන්තරයෙන්ම කෙරෙන ස්වයං යෝජනා මගින් අරමුණු ඉටු කර ගැනීමට අදාළ චිත්ත ඒකාග්‍රතාව පවත්වා ගැනීමට හැකියි.අවධානය එක අරමුණක රදවාගෙන සිටීම ලෙසද චිත්ත ඒකාග්‍රතාවය අර්ථ දැක්විය හැකියි.
සහයෝගය
අප විසින් තෝරා ගත් කටයුත්ත සාර්ථක කර ගැනීමට නම් දෙවැදෑරුම් සහයෝගයක් අවශයයි.එනම් කටයුත්තකට සම්බන්ධ වී සිටින අයගේ සහයෝගය හා තමාගේම උඩු සිත හා යටි සිත අතර ඇති සහයෝගයයි.සහයෝගය ලබා ගත හැකි ක්‍රම පිළිබද අවධානය යොමු කළ විට නව ක්රමෝපායක් සිත තුලට පිවිසෙයි.දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු නිශ්චිත අරමුණක් මුදුන් පමුණුවා ගනු පිණිස යෙදෙන සාමුහික ප්රයත්නය තනි පුද්ගලයෙකුගේ ප්රයත්නයට වඩා බලවත් වෙයි.පාපන්දු, ක්‍රිකට් වැනි ක්‍රිඩා නැරඹීමේදී සාමුහික ප්රයත්නයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට අපට හැකි වේ.
පරාජයෙන් ප්‍රයෝජන ගැනීම
අතීත වැරදි යළි යළි සිදු නොකොට ඒවායින් පන්නරය ලබා නිවැරදි මාවතකට අවතීර්ණ වීම මෙහිදී බලාපොරොත්තු වේ.අසාර්ථකත්වය යනු තාවකාලික පරාජයකි.එය වෙස්වළාගෙන එන ආශිර්වාදයකි.ශක්තිමත් චරිතයක් යනු බාධක,අඩුපාඩු,තාවකාලික පරාජය යනාදියේ ප්රථිපලයකි.පරාජය විනාශකාරී බලවේගයක් වන්නේ එය අසාර්ථකත්වයක් සේ බාරගත් විට පමණි.ඇවැසි යම් පාඩමක් ඉගැන්වීමක් සේ බාර ගනු ලැබූ විට එය නිරන්තරයෙන්ම ආශිර්වාදයකි.
අන් මත ඉවසීම
අන් මත ඉවසන්නට පුරුදු නොවී යම් පුද්ගලයෙකුට නිරවද්‍ය චින්තනයකට හිමිකම් ලබා ගත නොහැකිය.අන් මත නොඉවසීම යනු තමා දැනුම ලබා ගැනීම නවතා දැමීමකි.අන් මත නොඉවසිමෙන් අවස්ථා අපතේ යයි.මිතුරන් වෙනුවට සතුරන් ඇති වේ.යමෙකුට තරවටු කරන්නට හෝ බැන වදින්නට ගත වන්නේ තත්පර කිහිපයක් වුවද එයට භාජනය වූ තැනැත්තාට එය අමතක කර දමන්නට ජිවිත කාලයක් ගත විය හැකිය.
ස්වර්ණමය නිතිය
“මිනිසා වපුරන්නේ කවර දෙයක් වුවත් ඔහු නෙළා ගත යුත්තේ එයමය.” යන්න පැරණි කියමනකි.ස්වර්ණමය නිතිය යනු මෙම මුල ධර්මයයි.අන් අය ඔබට කරනු දකින්නට ඔබ රිසි දෙය ඔබ ඔවුනට ද කරන්න.අන් අය ඔබට කරනු දකින්නට අකැමැති දෙය ඔබ ඔවුනට නොකරන්න.
ජිවිතයේ ජයග්‍රාහී පුද්ගලයකු වීමට ඔබට මේ කරුණු කිහිපයක් හෝ පිළිපදින්නට,ජිවිතයට ලං කරගැනීමට ඔබට හැකියාවක්,උනන්දුවක් ඇත්නම් ඔබ ජිවිතයේ අනෙක් පුද්ගලයන්ට වඩා සාර්ථක පුද්ගලයෙකු වනවා නොඅනුමානයි.
bump එකකින් වත් සහයෝගයක් දෙන්න සහෝදරවරුනි. !!!(This is not a copied post.)
Last edited:

REP++++